Sat. Feb 29th, 2020

Lanka Online

Sri Lanka Online News

ගුවන්තොටුපොළෙන්ම දුම්රිය ටිකට් ගන්න

කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාසන්න දුම්රිය ලබන මස දෙවනි (2020.02.02) දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පවසනවා රාජ්‍යය අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා (18) දින ධාවනය වු දෙනුවර මැණිකේ දුම්රිය අඩුපාඩුකම් සොයා බැලිම සදහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියේ හපුතලේ දුම්රිය ස්ථානය දක්වා නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කල අවස්තාවේ මාධ්‍යයට අදහස් දක්වමින්

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා කියා සිටියේ දුම්රිය සේවය ගුණාත්මක ප්‍රවාහන සේවයක් බවට පත් කිරිමට සදහා අවශ්‍යය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි දුම්රිය ප්‍රවාහන සේවයට නව තාක්ෂණය යොදා ගනිමින් කටුනායක ගුවන් තොටුපලේ සිට දුම්රිය ප්‍රවේශපත්‍රයක් දෙස් විදෙස් සංචාරකයන්ට නිකුත් කිරිමට තමන් බලාපොරොත්තු වන බවයි සි.බි රත්නායක රාජ්‍යය අමාත්‍යය වරයා කියා සිටියේ සමාන්‍යය මගියෙකු මෙන් කිසිවෙකුටත් නොදන්වා තමන් මෙම නිරික්ෂණ චාරිකාවට එක් වු බවත් අමාත්‍යයවරයා කියා සිටියා නොර්වුඩ් නිටා පත්ම කුමාරි