Wed. Jul 15th, 2020

Lanka Online

Sri Lanka Online News

රියදුරු බලපතට අදාල වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කෙරේ

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනතාව මුහුණදෙන ගැටළු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු අතර ඊට විසදුමක් ලෙස මෙම වැඩපිළිවෙල කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසා සිටියේ .

වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී සිදුවන ඇතැම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණ කෙරුණා. එම සිද්ධීන් අනාවරණ කිරීමෙන් පසුවයි ජනාධිපතිවරයා ද මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු

වේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණේ.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ ජනතාව මුහුණ දෙන ගැටලූවලට සතියක් තුළ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස්කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව SMS මාර්ගයෙන් දැනුම්දීමේ වැඩපිළිවෙල පිළිබද එහි වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මෙලෙස අදහස් පළ කළා.

මේ සම්බන්දයෙන් සති දෙකක් ඇතුලත වැඩපිළිවෙලක් සකස් කිරීමට අවදානය යොමුවී ඇත . ඉදිරියේදී මෙවැනිම රජයේ ආයතනවලට පැමිණ මහජනතාවගේ පහසුව සඳහා සෑම ආයතනයකටම වැඩපිළිවෙලවල් නිර්මාණය කිරීමට අවදානය යොමුවී ඇති බව වාර්තා වෙනවා .