අවාසනාව වාසනාව කරගත් ලෝකය වෙනස් කර ස්ටීවන් හෝකින්

ස්ටීවන් හෝකින් ගැන විස්තර ටිකක්, ෆේස්බුක් එන්න නොලැබෙන අය, ස්ටීපන් හෝවිකින්ග් ගැන අද දැනගත්තු අය, ටිකක් දන්න අය වෙනුවෙන් මෙසේ ලියා තබමි.. Lou Gehrig’s Disease (Amyotrophic Lateral Sclerosis or ALS) නම් දරුණු ස්නායු ආබාධයකින් ඔහු පෙලුණු අතර සායනිකව තමන්ට ජීවත්විය හැක්කේ අවුරුදු තව 3 ක් පමණක් බව තමන්ට වැළඳී ඇති රෝගය හඳුනාගත් අවදියේ වෛද්‍යවරුන් තීරණය කරන ලදි. නමුත් ඔහු අවුරුදු 50ක් ජීවත්විය. මෙම රෝගය මගින් ශරීරයේ මාංශපේශි හැකිලෙන අතර ස්නායු ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්මපාහේ අඩපණ වේ.. ස්ටීපන් හෝකින්ස් ට ක්‍රියාත්ම කිරීමට හැකිවූයේ ඇඟිලි කීපයක් පමණි.

  • උපන්දිනය – 1942 ජනවාරි 8
  • උපන් ස්ථානය – ඔක්ස්ෆර්ඩ්, මහ බ්‍රිතාන්‍ය (හැදී වැඩුණේ ලන්ඩන් වලදීය)
  • මුළු නම – ස්ටීපන් විලියම් හෝ(ව්)කින්ග්
  • මව – ඉසබෙල් හෝව්කින්ග්
  • පවුල් ජීවිතය – ජේන් වයිල්ඩ් සමග 1965 දී විවාහා වූ අතර 1991දී දික්කසාද විය.. ඉන් පසු නැවතත්
    ඉලේයින් මේසන් සමග 1995 දී විවාහා වුණු අතර නැවත 2006 දී දික්කසාද විය.
  • දරුවන් – ජේන් වයිල්ඩ් හා විවාහයෙන් දරුවන් තිදෙනෙකු සිටී. (ටිමෝති, ලූසි, රොබට්)
  • අධ්‍යපානය – ඔක්ස්ෆර්ඩ් සරසවිය 1962 (BA උපාධිය සම්පූර්ණ කරන ලදි )
    කේම්බ්‍රිඩ්ජ් සරසවිය 1966 (Phd සම්පූර්ණ කරන ලදි)

එතකොට ස්ටීපන් හෝකින්ග් තමයි 17 වෙනියට කේම්බ්‍රිඩ්ජ් සරසවියෙ ගණිතය පිලිබඳ ප්‍රධාන මහචාර්‍ය (Lucasian Professor) වුණේ 1669 ඉඳන් 1702 වෙනකම් ඒ තැන දැරුවෙ සර් අයිසැක් නිව්ටන්. ස්ටීපන් හෝකින්ගෙ දේශණ නරඹලා තියනවනම් ස්ටීපන් හෝව්කින්ග්ගෙ රෝද පුටුව දැකලා ඇති. ඉන්ටෙල් සමාගමේ විද්‍යාර්ථයෝ නිර්මාණය කරනවා Algorithm එකක් ස්ටීපන් හෝකින්ගෙ භාෂාව හසුරවන විදිහටම වචන හසුරවන්න කතා කරන්න.. මේ කම්පියුටර් එකේදි ස්ටීපන් ලියන වචන ඒ විදිහට ප්‍රෙඩික්ට් කරන්න හැකියාවත් තියනවා.. ඒ කිව්වෙ වචනයක් ලිව්වම ඊලඟ වචනෙ මොකක්ද කියලා සජෙශන්ස් දෙන්න.

  • 1966 – තමන්ගෙ ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කරගන්න අතර තෙසිස් එකට ලිව්වෙ අභ්‍යවාකෂයේ කළුකුහර ගැන.. (කළුකුහර ගැන අහලා ඇති කියලා හිතනවා )
  • 1977 – සාපේක්ශතාවාදයයි, ක්වන්ටම් විද්‍යාවයි සහසම්බන්ධකරලා කළුකුහර මගින් විකිරණ විමෝචනය වෙනවා කියලා මතයක් පළකරනවා..
  • 1979 – කේම්බ්‍රිඩ්ජ් විශ්ව විද්‍යලයේ ගණිතය පිලිබඳ ප්‍රධාන මහචාර්‍ය වරයා හැටියට පත්වෙනවා..
  • 1982 – CBE ගරු පදවියට එංගලන්ත රජය විසින් පාත්‍ර කරනවා, මේ පදවිය පිරිනමන්නෙ කලාව, විද්‍යාව වගේ විශයන් වල මෙහෙවර කරපු විශේෂ වගේම දක්ෂ පුද්ගලයන්ට (Commander of the Order of the British Empire)
  • 1985 – නිව්මෝනියාව රෝගතත්වය උත්සන්න වෙනවා.. ඉන් පස්සෙ ස්වාරලයට වෙන හානි නිසා කතා කිරීමට අපහසු වෙනව.. ඉන් පස්සෙ එතුමගෙ රෝදපුටුවට සම්බන්ධකරනවා කටහඬ උත්පාදනය කරන්න පුලුවන් උපකරණයක් කීබෝඩ් එකක් ඔබලා මේක හදන්නෙ පස්සෙ කාලෙදි ස්ටීපන් විවාහ කරගත්තු ඉලේන්ගෙ ස්වාමි පුර්ශයා උනු ඩේවිඩ් මේසන් විසින්.
  • 1988 – A brief history of time : From the bigbang to black holes (කාලයේ ඉතිහාසය හැඳින්වීම : මහා පිපිරුමෙන් කළුකුහර වෙත) පොත පළවෙනවා
  • 2004 – නැවත කළුකුහර පිලිබඳ මතය අලුත්කරමින් මතයක් පළකරනවා සියල්ලක්ම පාහේ තමන් දෙසට එන ඕනෑම දෙයක් කළුකුහර මගින් ගිලගන්නාබව..
  • 2007 අප්‍රේල් 26 – ප්‍රථමවතාවට ශූණ්‍ය ගුරුත්වය අත්විඳින අත්පා පණනොමැති පුද්ගලා බවට පත්වෙනවා..
  • 2007 ඔක්තෝබර් – තමන්ගෙ දියණියක් වන ලූසි විසින් George’s Secret Key to the Universe (විශ්වයට ජෝර්ජ්ගේ රහසිගත යතුර) නම් විශ්වය පිලිබඳ දැනුම රැගත් කුඩාළමුන් සඳහා පොතක් ලියනවා
  • 2008 නොවැම්බර් 30 – කැනඩාවේ ඔන්ටේරියෝ වල වෝටලූ හී පිහිටි විද්‍යායතනයක් වන Perimeter Institute for Theoretical Physics වෙත ආරාධනයක් ලැබෙනවා එහි මුලසුන දරන්න.
  • 2009 මැයි 19 – ලූසිගෙ දෙවනි පොත පළවෙනවා ( George’s Cosmic Treasure Hunt)
  • 2009 ජූලි 30 – ජනාධිපති ගෞරව සාම සම්මානය ඇමරිකානු හිටපු ජනපති විසින් පලන්දනවා.
  • 2009 සෙප්තෙම්බර් 30 – අවුරුදු 30ක සේවාකාලයකින් පස්සෙ ප්‍රධාන ගණිතය විෂය පිලිබඳ මහචාර්‍ය මුලසුනෙන් ඉවත්වෙනවා.. ඒත් කේම්බ්‍රිඩ්ජ් සරසවියට පස්සෙ කාලෙත් තමන්ගෙ සේවය ලබාදෙනවා.
  • 2009 – වත්මන් කාලය වන තෙක් සේවය කරේ කේම්බ්‍රිජ්ඩ් සරසවියෙ Institute for Theoretical Cosmology ආයතනයෙ අධ්‍යක්ශක හැටියට.. මේ ආයතනය සම්බන්ධවෙලා කටයුතු කරේ එම සරසවියෙ සංයුක්ත ගණිත අංශයට..
  • 2010 සෙප්තෙම්බර් 7 – The grand design කියන පොත ඇමරිකන් භෞතික විද්‍යාඤයෙක් වෙන Leonard Mlodinow එක්ක හවුලෙ ලියලා ප්‍රකාශණය කරනවා..
  • 2012 දෙසැම්බර් 12 – Fundamental Physics prize සම්මානය දිනාගන්නවා ඩොලර් මිලියන 30කුත් එක්ක. (කළුකුහර මගින් ශක්තිය විමෝචනය වෙනවා කියන තියරියට)
  • 2013 සෙප්තෙම්බර් 30 – ස්වයං චරිතාපදානයක් ලියනවා My brief History කියලා (ස්ටීපන් තාරුකා අතර දිදුලන්න!)

උපුටා ගැනීම – ධනංජය රණවක..

අසාමාන්‍ය මොළයක් හිමි ඇල්බට්‍ අයින්ස්ටයින්

ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ – ශක්ති තුල්‍යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ.

ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය. ඇල්බට්‍ අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ.

භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්‍” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින් ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 වැනිදා, ජර්මානු අධිරාජ්යය තුල වෙටම්බර්ක් රාජධානියේ උපත ලැබීය. ඔහුගේ පියා වන හර්මන් අයින්ස්ටයින් වෙළෙන්දෙකු සහ ඉංජිනේරුවෙකු විය. ඔහුගේ මව පවුලින් අයින්ස්ටයින් විය. ඔවුන් වෙත පැමිණි පසු ඔහුගේ පියා සහ මාමා එක්ව Elektrotechnische Fabrik J. Einstein & Cie නමින් විදුලි උපකරණ නිෂ්පාදනය කරන සමාගම ආරම්භ කරන ලදී.

“ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ” ලූයිපෝල් විද්‍යාලයේ ප‍්‍රාථමික පංතිභාර ගුරුවරයා හැම තිස්සේම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොලු ගැටයෙකුට කේන්තියෙන් සැර කළා.ගුරුවරයාගේ ගෝරණාඩුවෙන් කල්පනා ලෝකයෙන් මිදුණු කොලු පැංචා ආයිමත් පාඩමට හිත යොදවන්න උත්සාහ ගත්තා.කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැයි කියලා එදා ඒ ගුරුතුමා එහෙම අනාවැකියක් පළ කළාට ඊට වසර ගණනාවකට පස්සේ 20 වැනි සියවසේ පහළ වුණු මහා ප‍්‍රාඥායා බවට පත් වන්නට මොහුට පුළුවන් වුණා. ඒ අන් කවරකුවත් නොව ඇල්බට් අයින්ස්ටයින්ය.

ඉගෙනීමට දස්කම් නොපෙන් වූ ළමා විය ජර්මනියේ මියුනික් නුවරට කිට්ටුව උල්මා නගරයේ යුදෙව් පවුලක් ජීවත් වුණා. ඒ අය බොහෝම අල්පේච්ච ජීවිතයක් ගත කළ ඇත්තන්. ඒ පවුලේ ප‍්‍රධානියාගේ රැකියාව වුණේ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමයි. 1879 මාර්තු 14 වැනි දා මේ මව්පිය දෙදෙනාට පුංචි පුතෙක් උපන්නා. තාත්තා මේ පුතාට ඇල්බට් කියලා නම තිබ්බා.ඇල්බට් කුඩා කල සිටම දුර්වල ළමයෙක්. අවුරුදු තුනක් පමණ ගතවනතුරු ඔහු කතා කළේ නැහැ. මව්පියන් හිතුවේ තමන්ගේ පුත‍්‍රයා උපන් ගෙයි ගොළුවෙක් කියලයි.ඒත් එහෙම වුණේ නැහැ. අවුරුදු තුනෙන් පස්සේ ඇල්බට් කතා කරන්න පටන් ගත්තා. කල වයස හරියන කොට මව්පියන් ඔහුව ලූයිපෝල් පාසලට ඇතුළත් කළා. ඒ කාලේ ඉගැන්නුවේ කටපාඩම් කරන්නටයි. ළමයින් ගිරව් වගේ කට පාඩම් කළා. මේ ක‍්‍රමය බොහෝ දරුවන්ගේ හිත් ගත්තේ නැහැ. ඇල්බට් අයින්ස්ටයින්ටන් මේ ඉගැන්වීමේ ක‍්‍රමය හිත් ගත්තේ නැහැ. ඒ නිසා ඔහුට ඉස්කෝලේ එපා වුණා. හැමදාම උදේට ඉස්කෝලේ යන්න බැහැ කියලා පෙරළි කරන්න ගත්තා. ඇල්බට්ගේ දෙමව්පියන් මේ ගැන වද වුණා. තමන්ගේ පුතා ඉගෙන ගත්තේ නැත්නම් ඔහුගේ අනාගතය අඳුරු වන බව ඔවුන්ට අවබොධ වුණා. ඒ නිසා මහත් පෙරැත්ත කරමින් ඇල්බට්ව පාසලට රැගෙන යන්න ඔවුන් උත්සාහ ගත්තා.

උපාධිය ලබා ගනියිදවසක් ඇල්බට්ගේ තාත්තා පුතාට කොම්පාසුවක් ගෙනැවිත් දුන්නා. කොයි අතට හැරෙව්වත් එහි කටුව යොමුවුණේ උතුරටයි. ඇල්බට්ට මෙය මහත් ප‍්‍රහේළිකාවක් වුණා. ඔහු මේ ගැන කල්පනා කරන්න ගත්තා. ඇල්බට්ගේ හිස ඉලක්කම් වලින් පිරෙන්න ගත්තා. ඉගෙනීම කෙරෙහි ක‍්‍රමයෙන් ඔහුගේ හිත ඇදී යන්නට වුණා.මේ අතරතුරේ දී ඇල්බට්ගේ පියාගේ ව්‍යාපාර බංකොළොත් වුණා. ව්‍යාපාර ආරම්භ කරන්නට ඔහුට වෙනත් ප‍්‍රදේශයකට යන්න සිද්ධ වුණා. මේ නිසා ලූයිපෝල් පාසලින් අස්වෙන්න ඇල්බට්ට සිද්ධ වුණා. මේ ගැන ඔහු එතරම් දුක් වුණේ නම් නැහැ. ඒ වන විටත් ඒ පාසල ඇල්බට්ට එපා වී තිබීම ඊට හේතුවයි.ඉගෙනීම කෙරෙහි ඇල්මෙන් සිටි ඇල්බට් ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්‍ෂණික ආයතනයට ඇතුළු වී අධ්‍යාපනය ලබන්නට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ. මින් අධෛර්යමත් නොවුණු අයින්ස්ටයින් වෙනත් විද්‍යාලයකට ඇතුළු වන්නට උත්සාහ ගත්තා. මහන්සි වී ඉගෙන ගත් හෙතෙම එවර ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වුණා. වයස 26 දී භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නට අයින්ස්ටයින් සමත් වුණා.1909 සිට 1911 දක්වා සූරිච් සරසවියේ ද 1911 සිට 1913 දක්වා පැරගුවේ සරසවියේ ද භෞතික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඇල්බට් අයින්ස්ටයින් 1913 දී ජර්මනියේ කයිසර්විල් හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂවරයා ලෙසින් ද කටයුතු කළා.

ඔබ නොදත් කරුණු සංස්කරණය – මෙන්න එතුමගැන ගොඩක් අය නොදන්නා කරුණු ටිකක්…

  1. ඔහුට පොඩි කාලේදී කතාකිරීමේ අපහසුතාවයක් තිබිල තියෙනවා. එක නිසා එයා අනිත් අයත් එක්ක කතා කරලා තියෙන්නේ කැඩි කැඩීලු..
  2. අසාමාන්‍ය බුද්ධියක් තිබුනට ඔහුගේ මතකය ඉතාම දුර්වලයිලු. බිරිඳගේ සහ පුතාගේ උපන්දිනවත් ඔහුට මතක තියෙන්නේ නැතිලු. කොටින්ම කිව්වොත් ගෙදරට යන පාරත් බොහොම අමරුවෙන්ලු මතක තියගන්නෙ.
  3. විශ්ව විද්‍යාලෙදි ඔහු භූගෝල විද්‍යාව, ඉතිහාසය සහ භාෂා විෂයන්ට දුර්වල කෙනෙක් වෙලා තියෙනවා.
  4. ඉංග්‍රීසි වචන ලිවීමට ඔහු අකමැති වූ අතර එමනිසාම ඔහුට ඉංග්‍රීසියෙන් කතා කිරීමට නොහැකි වී තිබෙනවා.
  5. ඔහුගේ පාදයේ එක ඇඟිල්ලක් විශාලව වැඩි තිබු අතර ඒ නිසා මේස පළඳින සෑම වෙලාවකදීම ඒවායේ හිල් ඇතිවී තියෙනවා.
  6. අයින්ස්ටයින් විද්‍යා ප්‍රබන්ධ හෙලා දැකපු කෙනෙක්.. ජීවත්ව ඉන්න කලේ එයා කාලතරණ යන්ත්‍ර, පියාඹන පිරිසි වැනි දේවල් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරාලු.
  7. අයින්ස්ටයින් මියගියපසු පවුලේ අයටවත් නොදන්ව ඔහුගේ මොලය සිරුරෙන් ඉවත් කර පරීක්ෂණ සඳහා තබා ගැනීමට මරණ පරීක්ෂකයා කටයුතු කරපු බැවින් අන්තිමට ඔහුට තමන්ගේ අසාමාන්‍ය මොලය නොමැතිවයි සමු ගන්න වෙලා තියෙන්නේ..
  8. මරණය – අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයා‍ට පවසා ඇත්තේ “මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා” යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි ‍මරණයට පත්විය.

ගුප්ත දොරින් වැසී තිබෙන පිදුරංගල

පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්. සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල. සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජතුමා කියලා පිලිගත්තට, සීගිරිය කියන්නේ ඊට වසර දහස් ගානකට කලින් ඉදලා යක්ශ ( රාවනා පරපුරේ ) ගෝත්‍රිකයන්ගේ වාසස්ථානයක් කියලා පිලිගැනීමකුත් තියෙනවා.

පිදුරංගල ඉතිහාසය හුගක් පැරණි වෙන්න පුළුවන් කියලා කියන්න හේතුවක් තමයි; සීගිරි චිත්‍ර වල ඉන්නේ පිදුරංගල විහාරය වදින්න මල් අරන් යන කශ්‍යප රජතුමාගේ අන්තංපුරයේ කුමාරිකාවන් කියන එක. ඊට අමතරව භික්ෂුන්ට වාසස්ථාන වුන ගල් ලෙන් රාශියක් තිබීම හා ඒවායේ කොටන ලද කටාරම් වලින් ( බ්‍රාහ්මීය අක්ශර වලින් ) මේ පුදබිම ක්‍රි.පූ 3 – 1 සියවස් දක්වා පැරණි ඉතිහාසයකට උරුම කියන බවට ලිඛිත සාක්ෂි සපයනවා. පිදුරංගල Google map එකේ බැලුවොත් ත්‍රිකෝණාකාර විදිහකට තමයි පෙනෙන්නේ. ඊට අමතරව පිදුරංගල Google map එකෙන් බලන්න බැරි වුනත් සීගිරියෙන් පිටට ආසන්න වශයෙන් ඒකම අගයක් තියෙන කෝණයකින් ( අංශක 21 ක විතර ) ආනතියක් තියෙනවා.

මේක මුළු පෘෂ්ඨය පුරාම ඒකාකාරී වෙනවා. නමුත් බෑවුමේ උඩ කොටසට වෙන්න ටොන් 5,000ක විතර අඩමානයේ, ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා. මේ ආනතියටම සමාන වුන නවීන දෙයක් ගැන හොයල බැලුවොත් අභ්‍යවකාශ වස්තු වලින් එන තරංග ග්‍රහණය කරන්න පාවිච්චි කරන රෙඩියෝ දුරදක්න ගැන සොයාගන්න ලැබෙනවා. ඔය ස්ථානයේ මේ ආකාරයේ තරංග ග්‍රාහකයක් / සම්ප්‍රෙශකයක් සවිකලා නම් ඒකෙන් සම්ප්‍රෙශණය / ග්‍රහණය කරන්න පුළුවන් පරාසය සොයන්න ඊට ලම්භකව අපි රේඛාවක් පෘතුවි පෘශ්ඨය දිගේ බොහෝදුරක් අදින්න පුළුවන්. මේ රේඛාව දිගේ ගියොත් අපිට හරි විශ්මිත දෙයක් බලාගන්න පුලුවන්..

මේ රෙඛාව ඊජිප්තුවේ ගීසා වල ‘පිරමීඩ’ අසලිනුත් , ඊට පස්සේ ක්‍රි.පූ යුගයේ ඉතා දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණා වගේම ස්භාවික ව්‍යයසනයක් නිසා එක් රැයකින් මුහුදුබත් වුනා කියලා විශ්වාස කරන “ඇට්ලාන්ටික්” නගරය තිබුණායි කියා විශවාස කරන අත්ලාන්තික් සාගරයේ මුහුදු කලාපයෙනුත්, ඉන් අනතුරුව ලතින් ඇමරිකාවේ එම යුගයේම දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණ ‘මායාවරුන්ගේ ශිෂඨාචරය’ ගොඩනැගුණ ප්‍රදේෂයෙනුත් ගමන් කරනවා. සමහර විටකදී සමකාලීන ශිෂ්ඨාචාර වුන මේ සියල්ලම සන්නිවේදනය කරන්න මේවගේ උපක්‍රමයක් පාවිච්චි කලාද කියන සැකයත් අපට මතුවෙනවා ආගමික හා සංස්කෘතික විශ්වාසයන් වලට එහා ගිය ගැඹරු තාක්ෂණයක් විද්‍යාමාන වෙන නමුත් ඉතිහාසයේ ගුප්ත දොරින් වැසී තිබෙන, දැනුත් විවාදයට ගත් හැකි ‘පිදුරංගල’ ගැන සාකච්ඡාවට නැගේවා!!!!!

හාස්කම් පිරි දෙවොල් දෙවියන් වැඩ ඉන්න සීනිගම දෙවොල

සීනිගම සිරිමත් හාස්කම්… දරු ඵල ප‍්‍රමාද මව්වරුන්ට දරුවන්…  සුනාමියෙන්වත් දෙවොල් දේවාලයට හානියක් වුණේ නෑ…  සීනිගම දේවාලය හරි කබලබය. වැරැදිකරුවන්ට පලි ගැසීමට මෙන්ම ජීවිතවලට ශාන්තිය ප‍්‍රාර්ථනා කරගෙන පැමිණි මිනිසුන්ගෙන් සීනිගම ශ‍්‍රී දෙවොල් මහා දේවාලය පිරී ගොස්ය. දකුණු පළාතේ ප‍්‍රධාන මාර්ගයට සහ මුහුදට මායිම්ව පුංචි බිම් කඩක පිහිටා ඇති දෙවොල් දේවාලය ද හාස්කම් පිරුණු සිද්ධස්ථානයක් බව ප‍්‍රසිද්ධය. මෙපමණ ජනකායක් ගලා එන්නේ ද එම හාස්කම්වල ආනුභාවයෙන් විය යුතුය. එහෙයින් සීනිගම දේවාලයේ ‘නොඇසූ හාස්කම්. ගැන කතා කිරීමට අපට අදහසක් පහළ විය. පසුගිය දිනක අපි සීනිගම දේවාලයට ගොස් දේවාල භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා සහ දෙවොල් දෙවියන් ඉදිරියේ වූ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වූ පුද්ගලයන් කිහිපදෙනකු සමඟ සාකච්ඡුා කළෙමු. එම කතා මාලාව පෙළගැසීමට පෙර අනුහස් පිරි සීනිගම දේවාලයේ ඉතිහාසය පිරික්සීම අපගේ අදහස විය. එහෙයින් ප‍්‍රථමයෙන් අපි සීනිගම දෙවොලේ ඉතිහාසය ගැන කතා කර සිටිමු…

සමන්” කතරගම” පත්තිනි දෙවි දේවතාවුන් තරමට ප‍්‍රචලිත නොවූවද” දෙවොල් දෙවියන්ගේ පුරාවෘතය රසවත් එකකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවකයකු ලෙස සිටි බි‍්‍රතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ පුස්කොළ පොත් එකතුවේ ඇති” දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුස්කොළ පොත්වල සඳහන් පරිදි දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩබටුයේ දකුණු වෙරළ තීරයේ සීනිගම ප‍්‍රදේශයටය. පසුකාලීනව එම ස්ථානයේ දෙවොල් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදිකෙරිණි. එම දේවාලය ගොඩබිමින් එපිට අඩි තුන්සීයක් පමණ ඈතින් මුහුද මැද කුඩා දූපතක පිහිටා තිබේ.

මුහුද මැද ගල් කන්දක් මත පිහිටි දියඹ දේවාලය දෙසට මගේ දෙනෙත් පාවී ගියේය. පුංචි දූපතකි. ගමන බෝට්ටුවෙනි. දෙවොල් දෙවියන් වන්දනා කිරීමට ගිය බැතිමතුන්ගෙන් එකී දේවාල භූමිය පිරී තිබෙන බව ඈතින් දිස් විය. දෑස් දියඹ දේවාලයේ සක්මන් කරන අතරේ සීනිගම පුරාවෘතය මගේ මනසේ නැවත පෙරළෙන්නට විය.

දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත කිහිපයකි. දෙවොල් දෙවියන්ගේ ඉපදීම සහ ලංකා ගමනය ගැන ජනප‍්‍රවාදයේ කියැවෙන්නේ මෙසේය. දඹදිව කුදුප්පර දේශයේ රාමසිංහ රජුට දාව උපන් මහා සාමි කුමරු පුංචි සන්දියේ සිට සෙල්ලක්කාරය. රාමසිංහ රජුට දාව බිසෝවරු සත්දෙනාටම උපන් කුමාරවරු මහා සාමි කුමරු මෙන්ම සෙල්ලක්කාරය. ළමා විය පසු කර තරුණ වියට පැමිණි කුමාරවරු සත් දෙනා එම දේශයේ ජනතාවට නොයෙක් අයුරින් හිංසා” පීඩා කළහ. කුමාරවරුන්ගේ දාමරික ක‍්‍රියා පිළිවෙත අනුමත නොකළ පිය රජතුමා ඔවුන් සියලූ දෙනාම රටින් පිටුවහල් කළේය. දොළුවර” කණ්ණඩි” කාවිසි” සෙන්පුර” පුලසුරු” අරමන” මෙරුවරු” මුක්කරු” පිල්ලි” කුරුම්බර” වඩිග” කල්ලූ” දෙමළ” සෙට්ටි” ගුජ්ජර” වඩක්කර” දිල්ලි” මලල යනාදී ජාතීන් කිහිපයක මහ පිරිසක් සහිත නැව් සතක නැඟී පිරිස මහ මුහුද කළඹමින් යාත‍්‍රා කළහ. සුළි සුළං හමාවිත් මහ මුහුද රළු වී කුමාරවරු රැගත් නැව් කැඞී බිඳී ගොස් ඔවුහු මුහුද මැද අතරමං වූහ. මහා සාමි කුමරුන් ඇතුළු පිරිසගේ අසරණභාවය දැක මුහුදු මණිමේඛලාව විසින් ඒ බව සක් සුරිඳුට පැවසූ විට විශ්ම කර්ම දිව්‍ය පුත‍්‍රයා වූ සක් සුරිඳු විසින් මහා සාමී කුමරුට ශෛලමය යාත‍්‍රාවක් මවා දී ඇත.

දින” සති ගෙවී පාවී පැමිණි කුමාරවරු ලක්දිව වෙරළට සමීපවත්ම එතෙක් ලක්දිව දේව බලයට අධිපතිව සිටි පත්තිනි මෑණියන් ගිනි කඳු සතක් මවමින් මහා සාමි කුමරුන්ගේ ගොඩ බැසීම වළක්වාලීය. එහෙත් ගිනි දැල්වලින්ම සළුවක් හා සුම්බරයක් මවා ගෙන ගිනි වළලූ ජයගෙන” කරදියෙන් පහන් පත්තු කර පූජා කර” වැලි සහල් කර” සීනි කර ගිනි මැල පාගා ගෙන ලංකාවට ගොඩ බට මහා සාමි දෙවොල් දෙවියන් ලෙස දේවත්වයට පත් වූ බව සීනිගම දේව පුරාණයේ සඳහන් වේ. අද ගිනි පෑගීමෙන් සංකේතවත් වන්නේ එදා දෙවොල් දෙවියන් ගිනි වළලූ ජයගත් සිද්ධිය බව ද ජනප‍්‍රවාදයේ පවතී. එමෙන්ම බි‍්‍රතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ පුස්කොළ පොත්වල සඳහන් පරිදි දෙවොල් දෙවියන් සමඟ පැමිණි පිරිවර පස්බාගෙ” කෙහෙල්ගමුව” කොත්මලේ” බුලත්ගම” පටුන සහ නුවරඑළිය යන ප‍්‍රදේශවල වන්දනා ස්ථාන පිහිටුවාගෙන ජනාවාස ඇති කරගෙන තිබේ. ගිනි මැල ජයගෙන ගොඩ බට දෙවොල් දෙවියන්ට පූජෝපහාර පවත්වමින් තම රෝග සුවපත් කරගත් සීනිගම මැතිඳු කෙනෙකු දෙවොල් දෙවියන් වෙනුවෙන් සීනිගම දෙවොලක් ඉදිකර දී ඇති බව ද නෙවිල්ගේ පුස්කොළ පිටපත්වල සඳහන්ව ඇත.

එමෙන්ම ශ‍්‍රී දෙවොල් මහ දෙව්රදු අරක්ගත් සීනිගම දේවාලයේ ඉතිහාසය විජය කුමරුගේ ආගමනයටත් ඔබ්බට දිවෙන බව ද ජනප‍්‍රවාදයේ කියැවේ. දෙවොල්හු මෙරට රාවණා පෙළපතින් පැවතෙන්නෝ ලෙසට ද සලකන්නෝ වෙති. පෙර භවයකදී පත්තිනි දෙවොල්හුගේ වැඩිමහල් සහෝදරියක් වී ඇති බවත්” එහෙයින්ම පත්තිනියගේ තොටට පිවිසීමේ වරම සක් සුරිඳු දෙවොල්හුට දුන් බවත් ජනප‍්‍රවාදයේ කියැවේ. කකුසඳ” කෝනාගම” කාශ්‍යප” ගෞතම යන සතර බුදු රදුන්ට කඨින ආදී කොටැති විවිධ දාන මාන පිංකම් සිදු කිරීම හේතුකොට ගෙන දෙවොල්හු දේවත්වයට පත්ව වැඳුම් පිදුම් ලබන බව ද පැළිගැනේ. එසේ දේවත්වයට පත් දෙවොල් දෙවියන් මෙරට සීනිගම ප‍්‍රදේශයට පැමිණ දෙවොලක් තනවමින් රන්සළු ඈ කොඩි දද නංවා බැබළෙන අයුරින් කටයුතු කරමින් පුද සත්කාර ලබන්නට වූහ.

එමෙන්ම නක්‍ෂස්ත‍්‍රය දත් දක්‍ෂ වෙදැදුරකු වූ දෙවොල් දෙවියන් රෝගී මිනිසුන් උදෙසා සෙත් ශාන්ති කර රෝග සුවපත් කර” අපරාධ කරනවුන් දැන ඔවුන්ට දඬුවම් ලබාදෙන දෙවි කෙනෙකු බවට ජන සමාජයේ ප‍්‍රසිද්ධ විය. ඒ සමඟ විවිධ රෝගීන් සහ බඩු භාණ්ඩ සොරාගැනීමේ නඩු හබ අරගෙන පැමිණිලිකරුවන් දෙවොල් දෙවියන් ඉදිරියේ පෙළගැසිණි. සොර සතුරන්ට එරෙහිව පලි ගසමින් මිරිස්” ගම්මිරිස් ඇඹරූහ. කසාද හැර ගිය ගෑහැනු” මිනිස්සු පැමිණ පලි දැරූහ. අසරණ රෝගීහු පැමිණ සුවය ප‍්‍රර්ථනා කර දෙවොල් දෙවියන්ගේ පිහිට අයැද සිටියහ. වෙදැදුරන්ට සුවපත් කිරීමට නොහැකි වූ රෝගීන් දෙවොල් දෙවියන් සුවපත් කළ බවත්” එකල රජවරුන්ට විසඳීමට නොහැකි වූ නඩු හබ විසඳමින් වැරැදිකරුවන්ට දඬුවම් ලබා දුන් බවත් ජනප‍්‍රවාදයේ පැවත එන්නකි.

දියඹ දේවාලයේ එදා මිරිස් ඇඹරූ ගල අදට ද ජීවමානය. රෝගීන් සුවපත් කිරීමට පැන් ලබාගත් ළිඳ අදට ද සුපැහැදිළිය. මුහුදින් වට වූ ගල් කන්ද මැද මහා පෑවිල්ලකට හෝ නොසිඳෙන ළිඳේ වතුරවල කිවුල් රසක් නැති වීමද මහා ප‍්‍රාතිහාර්යයකි. දියඹ දේවාලයේ ඇති අනුහස් මහිමයේ බලයෙන් වසභ රජු දවස සීනිගම දෙවොල සත් මහල් ප‍්‍රාසාදයක් කර වූ බවත්” පසුව දප්පුල රජු විසින් නැවත ප‍්‍රතිසංස්කරණය කර දෙවොල දියුණු කර ඇති බවත් සඳහන් වේ. පසු කාලෙක මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීසි” ලන්දේසි විසින් වරින් වර සීනිගම දේවාලය කඩා බිඳ විනාශ කර දමා එහි තිබූ පූජාර්හ වස්තු පැහැරගෙන ගොස් ඇත. අනතුරුව සීනිගම හා අවට ගම්වාසීන් එකතුව ඔවුන්ගේ වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා මුහුදේ ගල් කන්ද මත ගම් උළු සෙවිලි කළ සිව් පියැසි දෙව් මැඳුරු තුනක් ගොඩනඟාගෙන ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් කාලයත් සමඟ එම දෙව් මැඳුරු එකක් කැඞී බිඳී ගොස් දැනට ශේෂව ඇත්තේ දෙව් මැඳුරු දෙකක් පමණි.

විදේශීය ආක‍්‍රමණිකයන් විසින් විනාශ කර දැමූ මෙගොඩ දේවාලය නැවත ප‍්‍රතිසංස්කරණය කරමින්” බැතිමතුන්ට වන්දනා මාන කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ඇත්තේ 1964 වර්ෂයේදී ය. පසුව 1968 වර්ෂයේදී දක්‍ෂිණ ලංකා තරුණ ලේඛක සංගමය සීනිගම දේවාලයේ උන්නතිය තකා ශාස්ත‍්‍රාචාර්ය තිත්තගල්ලේ සුදස්සි හිමියන්ගේ සභාපතිත්වයෙන් ‘ශ‍්‍රී දෙවොල් මහා දේවාලය භාරකාර මණ්ඩලය. පිහිටුවා ගත්හ. අනතුරුව 1986 වර්ෂයේදී සීනිගම දේවාලය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පවරා ගනිමින්” පුද්ගල භාරකාරත්වය යටතට පත් කර ඇත. දේවාල සම්ප‍්‍රදායට අනුව වසර පහකට වතාවක් සීනිගම දේවාලයේ භාරකාරත්වය තීරණය කරනු ලැබේ. කිසිදු ඡුන්ද විමසීමකින් තොරව සුදුසුකම් මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නිර්දේශයෙන් භාරකරුවන් පත්කරගනු ලැබේ. මේ වන විට සීනිගම ශ‍්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකරු හැටියට කටයුතු කරනු ලබන්නේ සරත් දිසෙන්තුවාහන්දි මහතාය. දැන් අපි සීනිගම දේවාලයේ භාරකරුගේ කතාවට සවන් දී සිටිමු.

‘‘මම මේ දේවාලයේ භාරකාරත්වයට පත් වුණේ 2013 අවුරුද්දේ. 2018 අවුරුද්දේ ජුලි මාසෙ 11 වැනිදා දෙවැනි වරටත් මම දේවාල භාරකරු විදිහට පත් වුණා. තව වසර පහක් මම සීනිගම දේවාලයේ භාරකරු විදිහට වැඩ බලනවා. මට මේ වගකීම පරම්පරාවෙන් ලැබුණු දායාදයක් නෙමෙයි. මගේ සුදුසුකම් මත බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ලබා දීපු පත්වීමක්. මට ලැබුණු ඒ වගකීම දේවත්වයෙන් සලකනවා. මම නිතරම උත්සාහ කළේ දෙවොල් දෙවියන්ගෙන් ශාන්තියක් ප‍්‍රාර්ථනා කරගෙන එන මිනිසුන්ට එකී ප‍්‍රාර්ථනා ඉටුකරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. මගේ කාලය තුළ මේ දේවාලයේ විශාල සංවර්ධන වැඩ කොටසක් කෙරුණා කියලා මට විශ්වාසයි….. සීනීගම දෙවොලේ භාරකාරතුමාගේ කතාව අතරේම දියඹ දේවාලයට ගමන් කිරීමට අපි බෝට්ටුවට ගොඩ වීමු. ගල් පර මැදින් යන මුහුදු ගමන සුන්දරය. එහෙත් ගමන විනාඩි කිහිපයකට සීමා කර අප රැගත් බෝට්ටුව ගල් පරයක් අසල නතර විය. ගල් පඩි නැඟ ඉහළට ගිය අපට ඇසුණේ කපු මහතෙකු විසින් පලි දරන හඬය. කුඩා බංකුවක් මතට බර දී යාච්ක්‍දා කරන කපු මහතෙකු අසලම ඇන තියාගත් කාන්තාවක් ගල් පොත්තක මිරිස් අඹරන්නීය. ගල් පඩි බසිමින් අපි මිරිස් අඹරන ස්ථානයේ නතර වීමු. පළි දැරීමට පැමිණි තවත් බොහෝ පිරිසක් තමන්ගේ අවස්ථාව පැමිණෙන තෙක් බලා සිටිති. පළි දරන කාන්තාව කපු මහතා කියන වැකි මුමුණමින් ඇඹරුම්ගල අඹරමින් උස්සාවිත් නැවත ඉහළටම අඹරති. මම දේවාල භාරකරු දෙසට හැරුණෙමි. මගේ ප‍්‍රශ්නය තේරුම් ගත් භාරකාර සරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

‘‘මෙතැන මිරිස් අඹරන එක ගෙදර මිරිස් අඹරනවට වඩා වෙනස්. ඇඹරුම් ගල ඉහළට අඹරගෙන ගිහින් නැවත පහළට අඹරන්නෙ නෑ. එහෙම වුණොත් පළිගැසීම් ආපිට එනවා කියලා විශ්වාසයක් තියෙනවා. පළි ගසන කෙනාගේ ප‍්‍රාර්ථනාවට අනුව වැරැදිකරුවන්ට දඬුවම් ලැබෙනවා. දියඹ දේවාලයට ඇවිත් පළි ගහලා සතියෙන් දෙකෙන් ඒ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වෙච්ච මිනිස්සු මෙතැනට ඇවිත් බාර ඔප්පු කරලා යනවා….. සිනාවත් සමඟ වචන මුමුණන සරත් මහතා ආපිට හැරී ගල් පඩියක් නැග්ගේය. එතැන ගල් ළිඳය. නිල් කැටයට දිළිසෙන පිරිසිදු වතුර අව් කූටයේ ද සීතලය. දිය දෝත විසි කර” බාර හාර සඳහා මෙන්ම දේවාලය වන්දනා කිරීමට පැමිණ සිටි බැතිමතුන් අතරින් අපි දේවාල භූමිය පුරා ඇවිද ගියෙමු. අවට මුහුදේ චමත්කාරයට මෙන්ම ඒ භූමියේ ඇති ශක්තියට කාලය ගතවනවා නොදැනිණි.

‘‘මෙතැන පුදුමාකාර විදිහට හාස්කම් තියෙන තැනක්. සුනාමියට මුළු සීනිගමම හෝදගෙන ගියා. ඒත් දේවාලයට මොනවත් වුණේ නෑ. ඒ දේවල් තිබුණු විදිහටම තිබුණා. මේ ස්ථානයේ තියෙන ශක්තිය ගැන කතා කරන්න ඕන දෙවියන්ට බාර වෙලා ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වෙච්ච අයත් එක්ක. ඒ අය හරි අපූරුවට ඒ දේවල් විස්තර කරනවා. පහුගිය කාලේ රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක් ඇවිත් දෙවොල් දෙවියන්ට බාරයක් වෙලා ගිහින් ලංකාවේ මිල කරන්න බැරි මැණිකක් ලැබිලා තිබුණා. ඒ සිද්ධිය ගැන පත්තරවල ලිපි කිහිපයක්ම පළ වෙලත් තිබුණා. පියන්ගල රජමහා විහාරයේ රත්තරං බුදු පිළිමය නැති වෙච්ච අවස්ථාවේ නායක හාමුදුරුවො ඇවිත් දියඹ දේවාලයේ පළි දරලා පන්සලට යනකොට පිළිමේ හොරකම් කරපු පුද්ගලයන් ගැන ආරංචිය ලැබිලා තිබුණා. ඒ වගේ සිද්ධි ඕන තරම් තියෙනවා….. සීනිගම දේවාල භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා මොහොතකට නිහඬ විය. ඒ ඇසිල්ලෙන් සීනිගම දේවාලයේ ‘නොඇසූ හාස්කම්. ගැන එකිනෙකට විස්තර කිරීමේ බලාපොරොත්තුවෙන් මේ සතියට අපි නතර වීමු…

ගැස්ට‍්‍රයිටීස් සදහා ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පැවසු දිව්‍යමය සත්කාරය මෙන්න

බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පටාචාරා වැනි අසරණ බවට පත් කාන්තාවන් බුදුන් වහන්සේගෙන් පිහිට පිළිසරණ පතා පැමිණි ආකාරය මෙම අවස්ථාවේ මගේ සිහියට පත්වූයේ නිරායාසයෙනි. නා හිමියෝ ඇය දෙස මහත් වූ කරුණාවෙන් බලා සිට මෙසේ ඇසූහ. යි මේ ඇත්ති නිදාගන්න යන කොට බුදු ගුණ සිහි කරල නෙවෙයිද නින්දට යන්නේ ?  නින්දට යන්න ඉස්සර වෙලා නිදි පැදුරේ ඉදගෙනම ඉතිපිසෝ ගාථාව සිහිපත් කරල නිදා ගත්තම මේ වගේ ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නෑ.

නිදි පැදුරේදීම මෛත‍්‍රී භාවනාව කරනවා නං හු`ගාක් හොදයි .හොදට නින්ද යනවා. වෙලාවට ඇහැරෙනවා’ තවත් බොහෝම ගුණ ලැබෙනවා’ නරක හීන මොකුත් පේන්නේ නෑ .අනෙක් ඇත්තන්ගේ දැනගැනීමට මං තවත් විස්තරයක් කියනන්නං .අපේ පිරිත් පොතේ තියෙනව ධජග්ග සූත‍්‍රය කියල පිරිතක්’ මේ පිරිතෙන් බුදු හාමුදුරුවෝ වනගතව භාවනා කිරීමට වඩින හාමුදුරුවරුන්ට දේශනා කරල තියෙන්නේ කෙනෙක් බයට පත් වුණාම ගන්න ඕනෑ ක‍්‍රියා කරන්න ඕනෑ පිළිවෙල’ කෙටියෙන් කියනව නං එවැනි අවස්ථාවකදී බුදු ගුණ දහම් ගුණ ස`ග ගුණ සිහිපත් කරන්න කියලයි වනගත වන භික්ෂුන් වහන්සේලාට බුදු හාමුදුරුවෝ උපදෙස් දුන්නේ.

මේ ගැන මේ ඇත්තන්ගේ පන්සලේ වැඩිහිටි නායක හාමුදුරුවන්ගෙන් ඇහුවම උන්වහන්සේ පෝය දිනවලදී මේ සූත‍්‍රය ගැන ධර්ම දේශනාවක් සූදානම් කරල විස්තර කියල දේවි .තවත් කාරණයක් මං මේ ඇත්තන්ට කියන්නං .භාවනා කරන්න වනගත වන භික්ෂුන් වහන්සේලා බොහොම වෙලාවට තෝරාගන්නේ විශාල ගස්වල පාමුලයි .මේ ගස්වලට අරක්ගත් දෙව්වරු ඉන්නවා .තමන්ගේ වාසභවන යට සිල්වත් පිරිසක් වැඩ ඉන්න කොට මෙම දෙවිවරුන්ට ඊට ඉහළින් වැඩ ඉන්න බැහැ . එම නිසා එම දෙවිවරු නොයෙකුත් බයවෙන දේවල කරල ශබ්ද ඇති කරලා රූප මවලා මෙම සිල්වත් භික්‍ෂුන් වහන්සේලා එලවා දමන්න උත්සාහ කරනවා’ එවැනි අවස්ථාවල පිහිට ගැනීම සදහායි බුදුන් වහන්සේ කරණීය මෙත්ත සූත‍්‍රය දේශනා කෙරුවේ.

මෙම කරණීය මෙත්ත සූත‍්‍රය වනගත ස්වාමීන් වහන්සේලා සජ්ඣායනා කරන අවස්ථාවේ දෙවිවරු ගස් වලින් බැස සාධුකාර දෙමින් පිරිත අසා සතුටට පත්වෙලා වස් කාලය අවසන් වන තුරුම ඒ ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරල මහත් පිනක් කර ගත්තා කියලා අපේ බණ පොත්වල සදහන් වෙනවා . මේ නිසා සවසට බුදුන් වැ`දලා පුටු පුටු ගාන්නේ නැතුව හොදට ශබ්ද නඟලා ගේ හතර කොනටම ඇහෙන්න කරණීය මෙත්ත සූත‍්‍රය කියවන්න ඕනෑ . එතකොට ඒ ගේ අවට සිටින දෙවි දේවතාවුන්ගේ ආකර්ෂණය ඒ ගෙවල්වලට ලැබෙනවා’ ගෙවල්වල ජීවත්වන අයගේ දුක්ඛ දෝමනස්සයන් දුරු වී නිවසෙහි යහපත් තත්ත්වයක් පරිසරයක් ඇතිවෙනවා.

අපේ ගෙවල්වල මළගිය ප‍්‍රාණකාරයෝ ගෙවල්වල අහුමු`ඵවල බාල්කවල රැදිලා ඉන්නවා’ මේ පිරිත අහපුවම ඒ ඇත්තන්ගේ හිත් සතුටු වෙලා ගෙවල්වලින් ඉවත්වෙලා යනවා ඉතාම සංතෝෂයෙන් .වෙන වෙන ක‍්‍රමවලින් ඒ ඇත්තෝ එළෙව්වොත් ඒ ඇත්තෝ ගේ අත් ඇරල යන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන්’ එහෙම හිරිහැර කරල යැව්වම ඒ ඇත්තෝ වෙනත් ක‍්‍රමවලින් පළිගන්න බලනවා . මෛත‍්‍රී සහගතව කරණීය මෙත්ත සූත‍්‍රය කීවාම ඒ ඇත්තෝ ගේ ඇරල යන්නේ ගෙදර ඉන්න ඇත්තන්ට ආශිර්වාද කරල ආයිත් කිසි දිනෙක එන්නේ නෑ කියල හිතාගෙනයි පිටවෙන්නේ . මං මේ අතිරේක දේවල් කීවේ ඒ තරම් වටිනා දේශනාවක් තමයි කරණීය මෙත්ත සූත‍්‍රය කියන්නේ’

එම දේශනාව බුදුන් වහන්සේ තමන් වහන්සේගේම ශ‍්‍රී මුඛයෙන්ම දේශනා කරපු පරම පවිත‍්‍ර වූ වටිනා දේශනාවක් බව මේ ඇත්තන්ට වටහලා දෙන්නයි . කෙනෙක් බියට පත් වුණාම බුද්ධ” ධම්ම” සංඝ ගුණ සිහිපත් කරන්න කියලායි බුදු හාමුදුරුවෝ හැම විටම දේශනා කරල තියෙන්නේ. හොදම දේ තමයි තමන් ‘බුදු සරණයි’ නැත්තං ”නමෝ බුද්ධාය” කියලා හිතේ නිතරම තියාගන්න එක’ මෙනෙහි කරන එක’ නමෝ බුද්ධාය කියල යක්ෂයන්ගෙන් ජීවිතය බේරාගත් ළමයි දෙදෙනෙක් ගැන අපේ බණ පොත්වල කතාවක් තියෙනවා’ පස්සෙ වේලාවක ඒ කතාව මේ ඇත්තන්ට මං කියන්නං’. ඉස්සර අපට අලූත් පොතක් ලැබුණාම පොතට කවරයක් දාල ඉස්සෙල්ලාම ලියන්නේ ”නමෝ බුද්ධාය” කියලා’ පොත අතට ගන්න හැම වෙලාවෙම බුදු ගුණ සිහිපත් වෙනවා’ ළමයින්ගේ හිත තුළ ඉබේම භාවනා සිතිවිලි පිහිටනවා’ පුංචි සන්දියේ එහෙම තැන්පත් වෙන දේවල් මුළු ජීවිත කාලය පුරාම මතකයේ තියෙනවා’ සිහිපත් වෙනවා’ දැන් නං අපේ ළමයින්ට එහෙම පුරුද්දක් නෑ මං හිතන්නේ’

අපේ රටේ බොහෝ දෙනෙක් පිහිට පතන ගරුකරන දෙවි කෙනෙක් තමයි කතරගම දෙවියෝ’ ගුණ ගරුක ඇත්තන්ට යහපත් ජීවිත ගෙවන ඇත්තන්ට මෙම දෙවියන්ගේ පිහිට නිතරම ලැබෙනවා’ බියට පත්වුණාම කතරගම දෙවියන් ගැන සිහිපත් කළත් තමන්ගේ සිතට ආපු බය දුරුකරගන්න පුළුවන්. කතරගම දෙවියන්ට පුදපූජා කරන කොට කිවයුතු ශ්ලෝකයක් තියෙනවා’ කැමති අය පස්සේ මං හම්බවෙලා ලියාගන්න පුළුවන්’ (පසුව නාහිමියන් හමු වී මෙම ශ්ලෝකය උන්වහන්සේගේම අත් අකුරින් ලියාගත් අතර උන්වහන්සේගේ අත්සන ද ලබාගත්තේ සිහිවටනයක් වශයෙන් තබාගැනීම සදහාය. එම ශ්ලෝකය මෙසේය”

ඕං ශී‍්‍රං වම් සරවන භවාය නම:  (මෙම ශ්ලෝකය හත් වතාවක් විසිඑක් වතාවක් එකසිය අට වතාවක් කියවන්න පුළුවන් නං හොදයි’ වඩාත් ප‍්‍රතිපල දායකයි) උන්වහන්සේ පැවසූහ.

ආපසු එන අතරම`ගදී ජපන් කාන්තාවගෙන් ඇය තුෂ්නිම්භූතව සිටීමට හේතුව ඇසුවෙමු’ එවිට ඇය කීවේ සොකෝ අසාහාර වැනි මිනීමරුවකුගෙන් මෙවන් ලෝක පූජිත නාහිමි නමක් ආධාර උපකාර ලබාගෙන ආරාමයක් ඉදිකරවා ගෙන තිබීම පිළිබදව තමන් මහත් සේ කම්පාවට පත් වූ බවයි. ඒ පිළිබදව අප දත් සියලූ තොරතුරු ඇයට කීවෙමු (මේ පිළිබදව වූ දීර්ඝ විස්තරයක් (ඉසිවරුන් දුටු මගේ බව ගමන (2) ග‍්‍රන්ථයේ දැක්වෙයි)

මහ නාහිමියන් වෙතින් මා ලබාගත් කතරගම දෙවියන්ට කිව යුතු ශ්ලෝක සටහනෙහි පිටපතක් ජපන් ජාතික කාන්තාවට ද ලබාදීම ස`දහා අතර මග නතර කළ විට ඇය කීවේ තමන්ට එවන් දෙයක් අවශ්‍ය නැති බවයි. හේතුව ඊට වඩා වටිනා දැනුම් සම්භාරයක් තමා නාහිමියන්ගෙන් ලබාගත් හෙයින් මෙවැනි සටහනක කිසිදු වටිනාකමක් ඇයට නොමැති බවයි .මෙපමණ දුරක් ගෙවාගෙන පැමිණි ඇය නාහිමියන්ගෙන් කිසිදු ප‍්‍රශ්නයක් නොඇසුවේ මන්දැයි මම ඇයගෙන් විමසුවෙමි. ඇය කී දේ මට නං අදහාගත නොහැකි තරම්ය. එනම් නාහිමියන් සෙසු අය හා පිළිසදරේ යෙදෙන අතරතුර තමා නාහිමියන් සමඟ ටෙලිපති ක‍්‍රමයට ධර්මය පිළිබදව දීර්ඝ සාකච්ඡුාවක් කළ බව ඇය කීවාය’ තමන් නාහිමියන් දුටු මොහොතේම තමන්ගේ සිතේ තිබූ ප‍්‍රශ්නවලට නාහිමියන් ටෙලිපති ක‍්‍රමයට පිළිතුරු ලබාදුන් බව ද ඇය කීවාය.

ටෙලිපති ක‍්‍රමයට ප‍්‍රශ්න ඇසීමට ද පිළිතුරු ලබා ගැනීමට ද ගතවන්නේ තත්පර කීපයක සුළු කාලයක් බව ද ඇය තවදුරටත් කීවාය. එවන් ශක්තියක් ඇයට ඇති බව ඒ වනතුරුත් මා දැන සිටියේ නැත’ දීර්ඝ කාලයක් භාවනාවන්හි නිරත වන තැනැත්තියක හෙයින් මෙබ`දු ශක්තියක් ඇයට ලැබෙන්නට ඇතැයි මම සිතමි. අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය ගරු බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නාහිමියන් විසින් තමන් හමුවේ සිටි එක්තරා වියපත් උපාසක මහතකු විසින් තමන්ගේ අසනීපයක් සදහා නාහිමියන්ගෙන් අසන ලද පැනය ඔබට මතක ඇතැයි සිතමි . ඒ උපාසක මහතා විමසා සිටියේ තමන්ට කෙටි දුරක් හෝ ගමන් කරන විට දෙපා රිදෙන බව ද ඊට ප‍්‍රතිකාරයක් කියන ලෙසයි’

ඒ අනුව මහ නාහිමියෝ තමන් වහන්සේ ඉන්දියානු භාවනා ක‍්‍රමය ඉගෙනීම සදහා ඍෂිකේෂි අසපුවේ සිටින අවස්ථාවේදී හිමාලය තරණය කිරීම සදහා යන විදේශීය සංචාරකයන්ගේ සියලූ බඩුබාහිරාදිය ගෙනයන ටිබෙට් ජාතිකයන් දුටු බව ද ඒ අනුව මෙම ටිබෙට් ජාතික කුලීකරුවන් හමු වී විමසූ අවස්ථාවේ තමන් කෝමාරිකා පැලෑටි පාවිච්චියට ගන්නා අන්දම පසුගිය සතියේ නාහිමියන් කළ ප‍්‍රකාශය ඔබ ද කියවන්නට ඇත. මෙම විස්තරය පසුගිය සතියේ සියදෙස සතිඅන්ත පුවත්පතෙහි පළ වීමෙන් පසු ඒ පිළිබ`දව විස්තර විමසමින් දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබීම නිසා නාහිමියන් හෙළිකළ මෙම කෝමාරිකා පැළෑටියේ ඖෂධීය ගුණය පිළිබදව පාඨකයන් දැනුවත් කිරීම වගකිව යුතු පුවත්පතක යුතුකම හා වගකීම බැවින් දේශීය ඖෂධීය පැළෑටි පිළිබද විශේෂඥ දැනුමක් හා ඒ පිළිබදව පර්යේෂණ කරන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවා හැරපත්දෙණිය මහත්මියගෙන් විමසුවෙමු’

ඇය දුන් පිළිතුර ඇයගේම වචනවලින් සදහන් කිරීම පාඨක ඔබට සෙතක් වන හෙයින් මෙසේ සටහන් කළෙමු, කෝමාරිකා කියන්නේ අපේ දේශීය ඖෂධ අතුරෙන් ඉතාම වටිනා ඖෂධ පැළෑටියක්’ කෝමාරිකා පැළෑටියේ විද්‍යාත්මක නම ALOEVERA ඇලොවියා’ සංස්කෘත භාෂාවෙන් නම් රාශියක් තියෙනවා ”ගෘත කුමාරි” ගෘහ කන්‍යා කුමාරිකා” කුමාරි කියල’ සිංහලෙන් අපි කවුරුත් දන්නේ කෝමාරිකා කියලයි’ අපේ රටේ බොහෝ විට තරුණියන් කෝමාරිකා ඖෂධය වෙළෙදපොළෙන් අරගෙන පාවිච්චි කරනවා’ වෙළෙදපොළේ තියෙන්නේ වෙනත් රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කරල හදපු ඖෂධ’ ඊට වඩා හො`දයි අපේ රටේ බහුලව පහසුවෙන් ලබාගන්න පුඵවන් කෝමාරිකා ඖෂධ පැළෑටිය අමුවෙන්ම පාවිච්චි කරනව නං’ කෝමාරිකා ඖෂධ පැළෑටිය ලෙඩ රෝග බොහොමයකට ප‍්‍රත්‍යක්ෂ දිව්‍යමය ඖෂධයක්’ විශේෂයෙන් අම්ල පිත්ත රොගයෙන් පෙළෙන (ගැස්ට‍්‍රයිට්ස්් රෝගය) අය සදහා විශිෂ්ට ගුණදායක ඖෂධයක් වශයෙන් මම හදුන්වන්න කැමතියි’

විශේෂයෙන් කාන්තාවන්ගේ විවිධ රෝග සඳහා ද මෙම කෝමාරික පැළෑටිය ඉතාම ප‍්‍රත්‍යක්ෂ ඖෂධයකි’ බලන්ගොඩ නායක හාමුදුරුවෝ කියල තිබුණු කරුණ සම්පූර්ණ ඇත්ත’ හන්දිපත් රුදාව තියෙන රෝගීන් මෙම කෝමාරික පැළෑටිය පාවිච්චි කරන එක වඩාත් ප‍්‍රතිඵලදායකයි’ නායක හාමුදුරුවෝ කිවා වගේ මේ කෝමාරික ඖෂධය ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ’ හේතුව මෙම කෝමාරික පැළෑටිය විකෘති නොකරන ස්වභාවික ලෙසින්ම පාවිච්චියට ගන්න නිසා’ කෝමාරිකා ගස පිළිබදව අපේ ගම්වල ජනතාව හොඳින්ම දන්නවා’ ශරීරයේ පිළිස්සුමක් ඇතිවුණාම ඒ ක්ෂණයෙන් තුවාලයේ දැවිල්ල පහව යනවා’ තවත් විශේෂ දෙයක් මම ඔබට කියන්න කැමතියි’ මුත‍්‍රා ගල්වලට ප‍්‍රත්‍යක්ෂ ඖෂධයක් මෙම කෝමාරික ඖෂධය’ මම බෙහෙත සාදාගන්න පිළිවෙලත් ඔබේ පාඨකයන්ට සෙතක් වේවි.

කෝමාරිකා ගසේ අත්තක් කපාගෙන එහි මදයට මුංඇට ටිකක් දමා උණු පල්ලේ තබා පසුව එම මුංඇට ටික කෝමාරිකා මදය සමඟ ගෙන කැද වශයෙන් සකස් කර ගැනීම ඉතාම හොදයි’ අපේ කාන්තාවන්” තරුණියන් මෙම ඖෂධය ගැනීමෙන් ඇගේ හම පැහැපත් වෙනවා’ ඇඟ රන්වන් පාටක් වෙනවා’ එම වර්ණය දීර්ඝ කාලයක් පවතිනවා’ හිස්හොරි හැදෙන්නෙ නෑ’ කාන්තාවන්ට මං කියන්න කැමතියි මෙම කෝමාරික ඖෂධය ගැනීමෙන් කාන්තාවන්ට හැදෙන ලෙඩ රෝග විශාල සංඛ්‍යාවකට සෙත සැලසෙන බව. තවත් කාරණයක් මම ඔබට කියන්න කැමතියි කැඩුම් බිඳුම් වෙදකමට පාවිච්චි කරන තිත්ත අබිං නිපදවා ගැනීමටත් මෙම කෝමාරිකා ශාකය ගන්නවා’ ඒ වගේම කාන්තා රෝග සදහා පාවිච්චි කරන කුමාරි ආසවය නිපදවීමටත් කෝමාරික ශාකය අපි භාවිත කරනවා’

තවත් මෙම කෝමාරික පැළෑටියේ තියෙනවා විෂබීජ නසන ගුණයක්’ අපේ තරුණ දියණියන් අපේ කාන්තාවන් විවිධ කෘතිම ඖෂධ නොගෙන මෙම කෝමාරිකා බඬේ ඇති කොටය සූරාගෙන සතියකට තුන්වතාවක් තේ හැන්ඳ බැගින් ගත්තොත් ස්වභාවික ඖෂධ පැළෑටිවල ඇති විස්මිත බව ඔබටම අවබෝධ වේවි. අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නාහිමියන් විසින් කෝමාරිකා පැළෑටිය ගැන සදහන් කරන මෙම මෙහොතේ මා ලද පෞද්ගලික අත්දැකීමක් ද සදහන් කරනු වටනේ යැයි සිතමි’ (කතුවරයාගේ අත්දැකීමකි) ඒ ජනාධිපති පේ‍්‍රමදාස මහතාගේ සමයේ සිදු වූ සිද්ධියකි’ ජනාධිපති පේ‍්‍රමදාස මහතා හම්බන්තොට ජනාධිපති ජංගම සේවය සදහා සූදානම් වන අවස්ථාවේ හම්බන්තොට ජනතාව දැනුවත් කරන ලෙසට රූපවාහිනී චිත‍්‍රපටයක් නිපදවන ලෙසට ජනාධිපතිතුමා පෞද්ගලිකවම මා වෙත දන්වන ලදී .

ඒ අනුව හම්බන්තොට පළාතේ රූපගත කරන අතරතුර හම්බන්තොට පිළිබදව අතීත තොරතුරු දන්නා ඉතා වයස්ගත කෙනකු මම සෙව්වෙමි’ එක්තරා ගමක ගම් වැසියන් පිරිසක් මට දන්වා සිටියේ එම ගමේ සිට සැතපුම් හතරක් ඈතින් පිහිටි කැලෑවේ ගල් ලෙනක වයස්ගත ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටින බවත් උන්වහන්සේගෙන් මා අපේක්ෂා කරන තොරතුරු ලබාගත හැකි බවයි’ ඒ අනුව අප රූපවාහිනී කණ්ඩායම කැමරා ආම්පන්න ද රැගෙන වනගත වීමු. වයස අසූවක පමණ පෙනුමක් ඇති එම ස්වාමින් වහන්සේ නිරෝගීව පැහැපත් සමකින් යුතු දැකීමට ඉතා ප‍්‍රසන්න ස්වාමින් වහන්සේ නමක් වූහ. අපි රූපගත කිරීම් ඇරඔුවෙමු කිසි දිනෙක රූපවාහිනියක් ඒ වනවිටත් උන්වහන්සේ දැක නොතිිබිණ.උන් වහන්සේගෙන් ප‍්‍රශ්න ඇසුවේ මවිසිනි

මම පළමුව උන්වහන්සේගෙන් මෙසේ විමසීමි. ”දැන් ඔබවහන්සේගේ වයස කීයද අපේ හාමුදුරුවනේ? මං දැන් එකසිය හතෙන් යන්නේ.උන්වහන්සේගේ පිළිතුර මට ගැටලූවක් වූ හෙයින් ද මගේ ප‍්‍රශ්නය උන්වහන්සේට අවබෝධ නොවූ බවක් හැ`ගී ගිය හෙයින් ද මම එම ප‍්‍රශ්නය නැවතත් මෙසේ ඇසුවෙමි. මං ඇහැව්වෙ ඔබවහන්සේගේ වයස කීයද කියල අපේ හාමුදුරුවනේ” මම නැවතත් ඇසුවෙමි මට හොදට කන් ඇහෙනවා ඇස් පේනව මේ මහත්තයා මගේ වයස නෙව ඇහැව්වේ මගේ වයස දැන් අවුරුදු එකසිය හතයි . උන්වහන්සේගේ ප‍්‍රකාශයෙන් අපි විස්මිත වීමු’ එම පටිගත කිරීමෙන් අනතුරුව අප පටිගත කළ දෑ උන්වහන්සේට පෙන්වීමූ’ අවුරුදු එකසිය හතක් ගෙවුණු තැන උන්වහන්සේ තමන් වහන්සේගේ රූපකාය තමන්ගේ දෑසින්ම දුටුහ’

දානය පිරිනමන වේලාවේ අසපුවේ කැපකරුවාගෙන් උන්වහන්සේ දානය සදහා ගන්නේ මොනවාදැයි ඇසුවෙමු’ ඔහු කියා සිටියේ කිසිදු දිනෙක මස්” මාඵ නොවළඳන උන්වහන්සේ එවන් ගෙදරකින් ගෙන එනු ලබන දානය ද භාර නොගන්නා බවයි’ කිසියම් ගෙදරකින් ඊට පෙර දින කිසියම් මස් හෝ මාංශයක් පිළියෙළ කළ විට උන්වහන්සේට ඒ බව දැනෙන බව ද එවන් අයෙක් පසු දින දානය ගෙනා විට උන්වහන්සේ අවස්ථා ගණනාවකදීම දානය ආපසු හරවා යැවූ බව ද කැපකරුවා කීය. ඒ වනවිටත් කැපකරුවා කෝමාරිකා දඬු දෙකක් කපාගෙන සිටින අයුරු අපි දුටුවෙමු’ ඒ පිළිබ`දව අපි විමසීමු’ ඔහු කීවේ හාමුදුරුවන් සෑම දිනකම උදේ සහ දහවල් දානයට කෝමාරිකා දඩු දෙකක් මිරිකා එය බතට කලවම් කොට වළදන බවයි’

මෛත‍්‍රී රත්නායක

කිරි කෝප්ප 80 ට වඩා මුරුංගා කොළ යුෂ කෝප්පයක ගුණ තිබෙනවා

මුරුංගා වල විශ්මිත ගුණ… බටහිර රටවල කුඩු කරන ලද වියලි පත්‍ර වලින් කැප්සුල් නිපදවා ගැනිම සිදු කෙරේ.ලංකාවෙත්‍ දැන් කැප්සුල් ගන්න තියනවා කියලා දැන ගත්තා අනෙක් කොල වර්ග වලට සාපේක්ෂව විටමින් සී බහුල වශනේ අඩංගු වේ.Moringa වල අධික ලෙස ඇන්ටිඹක්සිජන් අඩංගු වේ.මෙහි විවිධ මුක්ත ඛන්ඩ විශාල වශයෙන් ඇත. මේ නිසා හදවත් රෝග දියවැඩියාව වැනි රෝග වලට ක්‍රියා කිරීමේ හැකියාව ඇත. Quercetin – රැධිර පීඩනය අඩු කරන ප්‍රබල ඇන්ටිඹක්සිජනයක් වේ. Chlorogenic acid -ආහාර ගැනීමෙන්පසු රැධිර සීනී පාලනයට වැදගත් වේ. මෙය කෝපි වලද බහුලව අඩංගු වේ.

මුරුංගා 50 g දිනපතා ආහාරයට එකතු කර ගැනීමෙන් මාස 03 ක් පමණ වන විට රැධිර ගත සීනී ප්‍රමාණය 21%කින් පමණ අඩු කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. අධික ලෙස ඇන්ටිඹක්සිජන් ඇති නිසා ආසාදන වලට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ඇත. හදවත් රෝග පිලිකා රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.මුරුංගා වලින් රැධිරගක ක්ලොස්ටරෝල් මට්ටම පහත හෙලීමට උපකාරී වේ. බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය

සමන්විත වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා, ඒ අතර කිහිපයකි. ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය වීමේ හැකියාවක් මෙම ශාකයට ඇත. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මුරුංගා ශාකය බහුලව දැක ගත හැක. ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද තුනකි. එහිදී මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සදහා යොදා ගනී.

මුරුංගා විෂ නාෂක ඖෂධයකි. දැල්ලෝ, ඉස්සෝ වැනි ආහාර පිසින විටදී එයට මුරුංගා කොළ ටිකක් එකතු කිරීමත් එසේම මඤ්ඤොක්කා තම්බන විට එහි විෂ සහිත බවක් වේ නම් එය නැති කිරීම සදහා මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේ එයට එක් කර ගත හැකිය. ඒවාගේම අච්චාරු සෑදීමේදී එය ඉක්මනින් පැසවීම සදහා මුරුංගා පොත්තක් එයට එකතු කර ගත හැකිය. මුරුංගා පොතු වියලා කුළුබඩුවක් ලෙස දිනපතා වෑංජනවලට එකතුකර ගත හැකිනම් රෝග රැසකින් අත්මිදින්නට හැකිය. පණුරෝග, බඩේ ගල්, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, අස්ථි ආබාධ, හෘදය ආශ්‍රිත රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට, කැස්ස, ඇදුම ආදී රෝග රැසක් සුව කර ගැනීමටත් ඉන් වැලකීමටත් ඉහත ක්‍රමවේදය පිටිවහලක් වේ.

ආයුර්වේදයේදී මුරුංගා හදුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙසයි. මුරුංගා කොළ වනාහී රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධීය ගුණයක් මුරුංගාවල පවතී. මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී කැරොටී, කැල්සියම්, මැග්නිසියම්,කොපර්, යකඩ, පොස්පරස්, ඛණිජලවන වැනි ගුණ රාශියක් පවතී.

මුරැංගා කොළ අමුවෙන් අරගෙන හොදින් කොටා මිරිකා මීපැණි තේ හන්දක් එක්කර එයට තැඹිලි ගෙඩියක වතුර එක්කර උදේ, දවල්, සවස ලෙස දිනකට තෙවරක් පානය කිරීම ආහාර ජීරණයට ඉතාමත් ගුණදායක වේ. මුරුංගා කොළ මිටක් හොදින් අඹරා ඊට මුදවපු කිරිමේසහැදි 5ක් එකතුකර දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් අත්මිදිය හැක. ශල්‍යකරමයකට ලක් නොකර මුත්‍රාගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් කසායක් සාදා ගත හැක. තරමක් වියලි මුරුංගා පොතු මිටක් පමණ ගෙන වතුර පත හතර එකට සිදුවා උදේ හා සවස සති දෙකක් පමණ දිනපතා පානය කිරීමෙන් මුත්‍රා ගල් අංශු බවට පත්වී දියවේ. මෙය හොදින් මුත්‍රා පිටවිමටත්, මුත්‍රා දැවිල්ල සමනය වීමටත් ගුණදායකය.

මුරුංගාවලට දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඖෂධයක් මෙන්ම සැරව ගලන තුවාල පිරිසිදු කර ඉක්මනින් සුව කර ගැනීමේ විශ්මිත හැකියාවක් ඇත. මෙවැනි කී නොකී ගුණයන් රාශියක් ඇති මුරුංගා එළවළුවක් ලෙස බොහෝ දෙනා ආහාරයට නොගැනීම කණගාටුවට කරුණකි. නවීන පර්යේෂණවලින් හෙලවී තිබෙන කරුණක් නම් ශරීරයේ කොලෙස්ටරෝල් හා සීනි ප්‍රමාණය අඩුවීමට මුරුංගා නිරන්තරයෙන් ආහාරයට ගැනීම යෝග්‍ය බවයි.

තවද සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම සදහා මුරුංගා කරලේ ඇති ඇට භාවිතයට ගනී. මින් හෙළිවන්නේ මෙම ශාකයෙහි පවතින අද්විතීය ගුණයයි. එම නිසා අපගේ ආහාර රටාවට මුරුංගා එළවළුවක්, මැල්ලුමක් ලෙස එක්කර ගැනීමෙන් මනා සමබර නිරෝගිමත් ජීවන පැවැත්මක් පවත්වාගත හැකි වේ. මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.

මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය. නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම් සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු කැල්සියම් සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම් සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.

පෝෂක මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ දිනක අවශ්‍යතාවයෙන්  ලෙස

  • β කැරොටින් 192µg 2400 120%
  • විටමින් C 6.6 mg 30 330%
  • යකඩ 0.26mg 9 8.7%
  • කැල්සියම් 22.4 mg 500 13.4%
  • පොස්පොරස් 6.3 mg 800 2.4%
  • මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1

මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½ බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.

ඉතාම රසවත් ගුණවත් ආහාරයක් සේම ඊටත් ඉහළ ඖෂධීය විටිනාකමකින් යුත් මුරුංගාවලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් අන්තර්ගත වේ. වර්තමානයේදී ජලයෙහි අඩංගු බොහෝ ලෝහ කොටස් හේතුවෙන් මිනිසාගේ මුත්‍රා පද්ධතියේ සහ වකුගඩුවල විවිධ ගැටලු ඇතිවී ඇත. නමුත් අතීතයෙන් අපේ ගැමියෝ ආහාරය වගේම ජලය පිරිසුදු කිරීම සඳහා මුරුංගා ඇට භාවිත කළහ. මේ අනුව මෙය ඉහළ වටිනාකමකින් යුත් ඖෂධයකි. ඉස්සන්, මඤ්ඤොක්කා, වැලි කොටස්ඇට වැනි දේ තම්බන විට මුරැංගා කොළද එම ව්‍යාංජනයට යොදනු ලැබේ.

එබැවින් එහි තිබිය හැකි විස තත්ත්වය අඩුවේ.අසාත්මිකතාවයක් ඇතිකරනු ලබන ආහාරවලට මුරුංගා එක් කරනුයේ එහි ඇති විස තත්ත්වය අඩුකර අසාත්මිකතාවය දුරු කිරීමටයි. අච්චාරු සහ තැම්බුම් හොදි සඳහා මුරුංගා පොතු යොදනු ලැබේ. එමඟින් විශේෂයෙන් ආහාර ජීර්ණ තත්ත්වය මෙන්ම රසකාරක ගුණයද ලැබේ. බොහෝවිට තැම්බුම් හොදි දෙනු ලබන්නේ රෝගීන් සහ දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ටය. ඔවුන්ට ඉතා ඉක්මණින් ආහාර දිරවීම වැදගත් වේ. තැම්බුම් හොදිවලට මුරුංගා පොතු එක් කිරීමෙන් ආහාර් ජීර්ණ ශක්තිය වැඩිවේ. අච්චාරුවලට මුරුංගා පොතු කැබැල්ලක් එක් කිරීමෙන් රසය වැඩිවන අතර විනාකිරි වැනි දෙයින් ඇතිවන්නට ඇති අසාත්මිකතාවය වළක්වා ගත හැකිවේ.

පරිප්පු ව්‍යංජනය සඳහා කරපිංචා වෙනුවට මුරුංගා කොළ එකතු කරගත හැක. ආයුර්වේදයේදී සර්ප විෂ සඳහා මුරුංගා කොළ ආලේපනයක් ලෙසින් යොදා ගැනේ. මුරුංගාවල කොළ, පොතු, ඇට, මල් යන මේ සියල්ල ඖෂධ ලෙසින් එදා සිට අද දක්වා භාවිත කෙරේ. විශේෂයෙන් මුරුංගා කොළ මඳ පවනේ අඩු උෂ්ණත්වයක් යටතේ වේලා එය කුඩුකර ගැනීමෙන් පසුව ඖෂධීය පානය ලෙසින්ද බීමට හැක. මෙය තේ වෙනුවට පානය කළ හැකි ඖෂධීය පානයකි. ඖෂධීය ගුණයෙන් ඉහළම පානයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය හැඳින්විය හැක. වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට ඇතිවන රක්තහීනතාවය දුරු කරලීමට මෙම පානය උපයෝගී වේ.

නොයෙක් රෝග තත්ත්වයන් නිසා ශරීරයේ හිමොග්ලොබින් අඩුවන්නේ නම්, යකඩ ප්‍රමාණය අඩුවන්නේ නම් එවැනි රෝගීන්ට කිසිදු අතුරු ආබාධයකින් තොරව ස්වභාවිකව ගත හැකි ඖෂධයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය නිර්දේශ කෙරේ. මෙය මඳ පවනේ වේලා කුඩුකර මෙන්ම පානය කිරීමට සූදානම් වන විටම මුරුංගා කොළ කිනිත්තක් කඩා උතුරන ජලයට එක්කොට ටික වේලාවක් වසා තබා පසුව පානයද කළ හැක.

උණ වැනි රෝගයක් සෑදීමෙන් ප්‍රතිශක්තිය අඩු වූ විට රෝගියා දුර්වල වේ. එවැනි රෝගයක් සුව වූ වහාම මුරුංගා කරල් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. එමෙන්ම ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් ලබාගත හැකි ආහාරයක් ලෙසින් මුරුංගා හැඳින්විය හැක. එකම ආහාරයකින් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි ආහාර ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. මුරුංගා එයින් ප්‍රධාන වේ.

මුරුංගා ව්‍යංජනයක් ලෙසින්ද මුරුංගා කොළ වලින් කොළ කැඳක් ලෙසින්ද මුරැංගා මද, මුරුංගා ඇට, මුරුංගා කොළ ගෙන සුප් එකක් ලෙසින්ද සාදා ආහාරයට ගත හැක. ආයුර්වේදයේ විවිධ සන්ධි රෝගවලදී වේදනා නාශකයන් ලෙසින්ද හැඳින්වේ. ඉදිමුම අඩුකිරීමට යොදාගන්නා පත්තු බැඳීමේදී මුරුංගා කොළ, මුරැංගා පොතු සහ මුරුංගා මුල් භාවිත කෙරේ.එෙමන්ම මාසික ඔසප් වීම නිසියාකාරව සිදුෙනාවන අයට මුරුංගා අහාරයට ගැනීෙමන් ඔසප් ප්‍රශ්න මඟහරවා ගත හැකි බව වෛද්‍යවරු පවසති. එෙමන්ම ලිංගික ශක්තියත් වැඩිකිරීමටත් මරුංගා අාහාරයට ගැනීම බෙහෙවින් ඉවහල් වේ. මළබද්ධය සමඟ ඇතිවන බඩ පුරෝදැමීම, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයදී මුරුංගා ඉතා ගුණදායක වේ. මුරැංගා “කෙඳි ආහාරයක්” ලෙසින්ද හැඳින්වේ. හොඳින් මළ පිටකිරීමට ගුණදායක ඖෂධයක් ලෙසින්ද මෙය හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවන පණු රෝග වළක්වා ගත හැකිය.

මුරුංගා ඇට, ග්‍රීන් පීස් වෙනුවට බතට එක්කරගත හැක. දියර ලෙසින් වැඩිපුර මළ පිටවීමේදී මුරුංගා ව්‍යාංජනය ආහාරයට ගැනීම ඉතා ගුණදායක වේ.මුරුංගාවල පෝෂ්‍ය පදාර්ථ ඇස්වලට ඉතා හිතකර වේ. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයටත්, පිළිකා නාශකයක් ලෙසින්ද ඉතා වැදගත්වේ. කුරුලෑ නැති කිරීමට, සමේ රැලි වැටීම වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝග, වකුගඩු ගල් සහ මුත්‍රා පද්ධතියේ බොහෝ රෝගවලට මුරුංගා ඉතා ගුණදායක වේ. සමට, හිසකෙස්වලට මෙන්ම අස්ථිවලට වැදගත් ඖෂධයකි. සියලුම බෝ නොවන රෝග සඳහා, විශේෂයෙන් පිළිකා රෝග සඳහා දියවැඩියාව, අධික රුධිර පීඩනයටද ඉතා ගුණදෙන බාල මහලු කොයි කාටත් ගුණදායක ආහාරයක් ලෙසින්ද ඖෂධයක් ලෙසින්ද මුරුංගා හැඳින්විය හැක.

මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ. මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වු ගසකි. මුරුංගා යනුවෙන් සිංහලයෙන් භාවිතා කරන නමද මුරිංගා යන දෙමළ වචනයෙන් බිදී ආවකි. ඉන්දියාවේ ජනතාව අතර වෑංජනයට ගන්නා කරල් වලින් යුත් ශාකයක් ලෙස මුරුංගා නොසැලකේ. මුරුංගා ගසේ ඵලය එහි කරලයි. මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකසා ගැනීම කා අතරත් ප්‍රචලිත දෙයකි. එහෙත් මුරුංගා කොළ ඉතා වටිනා ගුණයකින් යුක්ත බව පර්යේෂණ වලින් ද ඔප්පු වී ඇති අතර අතීතයේ සිටම ඉන්දිය ජනතාව විවිධ ක්‍රම අනුව මුරුංගා කොළ ආහාරයට ගත්හ.

විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වන බවත්, මුරුංගා කොළ යුෂ කෝප්පයක් බීමෙන් සිරුරට ලැබෙන ශක්තිය කිරි කෝප්ප 80කි. දොඩම් ගෙඩි 06කි. කෙසෙල් ගෙඩි 08ක් සහ අඹ කිලෝ 8 2/1ක් තුළින් ලැබෙන ශක්තියට සමාන බව කියති. මුරුංගා කොළ යුෂ බාල, තරුණ, මහලු කාටත් ගුණදායක බීමකි. කොළ මැල්ලුමද ජනප්‍රිය කෑමකි. මුරුංගා කොළ කොටා මිරිකා ගත් යුෂ කෝප්පයකට කිරි මිශ්‍ර කළ විට රසවත් බීමක් සැකසෙන බවත් එය සෙඛ්‍යයට බෙහෙවින් හිතකර බවත් කියති.

මේ හැර අස්ථිවල වැඩීමටත්, ලේ පිරිසිදු කිරිමටත් ප්‍රතිශක්තිකරණ ගුණය සිරුර තුළ පවත්වා ගැනිමටත් ඒවා උපකාරි වෙයි.ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග ලැබේ. එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කර දරුවෙකු බිහි කිරිමට මග පාදන බව ද කියති. ඉන්දීය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුරුංගා ඖෂධයක් ලෙසින් සැකසීමට ඔවුහු පුරුදු වී සිටිති. ඊලග ලිපියෙන් මුරුංගා කොළවලින් කෑම බිම හදමු

අත්යවශ්‍යම කරුණු අන්තර්ජාලයෙනි

  අපල දුරු කරගන්න නිවැරදිව බෝධි පූජාක් පවත්වන විදිය

බෝධිය’ යන්නෙහි අර්ථය අවබෝධය යන්නයි. සිදුහත් මහ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් ‍පෝ දිනයේ ඇසතු වෘක්ෂ මූලයේදි චතුරාර්්‍ය සත්‍යය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. බුදුරජාණන් වහන්සේට එම උතුම් අවබෝධය ලබා ගැනීමට උපකාරි වූ ඇසතු වෘක්ෂය පසුව බෝධි වෘක්ෂය නමින් හැඳින්විණි. එසේම එම බෝධි වෘක්ෂය අනිමිස ලෝචන පූජාවෙන්ද පිදුම් ලැබිය. බෝධිය යනු බුදුරාජණන් වහන්සේගේ සර්වඥතා ඥානය නිරූපණය කරනු ලබන එක් සංකේතයකි. එබැවින් බෝධියට උපහාර දැක්වීම සම්බුද්ධ පූජාවක් මිස වෘක්ෂ වන්දනාවක් නොවේ.

තමන් වහන්සේ වෙනුවට වන්දනාමාන කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් අනුදත් පූජනීය වස්තු අතර බෝධීන් වහන්සේට ප්‍රමුඛස්ථානයක් ලැබේ. ඒ එය බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධය සඳහා ප්‍රමුඛස්ථානය ලබා ගත් පාරිභෝගික වස්තුවක් නිසාය. නමුත් බෝධි පූජා වශයෙන් වර්තමානයේ බොහෝ බෞද්ධයන් කරනු ලබන්නේ සම්මා සම්බුද්ධත්වයට උපහාර දැක්වීමක් නොවේ. බෝධි වෘක්ෂයෙහි බල සම්පන්න දෙවි කෙනෙක් වාසය කරන්නේය යන අදහසින් එම දෙවියන්ගෙන් පිහිට ඉල්ලීමය. බෝධියට උපහාර දැක්වීමෙන් දෙවියන්ගේ දේවානුකම්පාව ලබාගෙන අපල දුරු කරගෙන සියලු පැතුම් ඉටුකර ගැනීම ඒ අයගේ අපේක්ෂාවයි.

අපල යනු අප මේ භවයේදී හෝ මීට පෙර භවයන්හි සිදු කරන ලද අකුසල කර්ම විපාක දෙන කාල සීමාවය. තව දුරටත් කිවහොත් පින් පල නොදෙන කාල සීිමාවය. එම කාලයේදී බොහෝ ‍ජ්‍යොතිශාස්ත්‍රඥයන් පවසන්නේ පින් දහම් සිදුකොට වැඩි වැඩියෙන් හොඳ කර්ම රැස් කර ගන්නා ලෙසය. එලෙස කුසලකර්ම සිදු කිරීමෙන් නරක කර්ම, විපාක දීමට ඇති ඉඩකඩ තුනී වීම හෝ වෙනස් වීම හෝ විපාක දෙන කාල සීිමාව පමා වීම හෝ අහෝසි වීම සිදුවිය හැකිය.

ඒ අනුව සැබැවින්ම නිසි පරිදි පවත්වනු ලබන බෝධි පූජාවෙන් ග්‍රහ අපල දුරු කර ගත හැකිය.
අපි මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා නිදසුනක් ගනිමු.කුඩා දිය බඳුනකට ඔබ සෙන්ටි මීටරයක තරම් ප්‍රමාණයේ ලුණු කැටයක් දැමුවොත් බඳුනේ ජලය ලුණු රස වෙයි. නමුත් ඒ ප්‍රමාණයේම ලුණු කැටයක් ලොකු ‍පොකුණකට දැමුවොත් එහි ලුණු රසයක් නොදැනෙනු ඇත. ඒ කුඩා බඳුනේ මෙන් නොව ලොකු ‍පොකුණේ විශාල ජල ප්‍රමාණයක් තිබෙන නිසාය.

මෙහිදී ලුණු කැටයෙන් උපමා කළේ අප කරන ලද පාප කර්මයන්ය. ජලයෙන් උපමා කළේ කරන ලද පුණ්‍ය කර්මයන් වේ. පුණ්‍ය කර්ම හෙවත් පින්කම් අඩු වන්නට අඩුවන්නට පව්වලට විපාක දීමට තිබෙන ඉඩකඩ වැඩිය. පින්කම් වැඩිවන තරමට පව්වලට විපාක දීමට තියෙන අවකාශ අඩු වී යයි. බෝධි පූජාවද පින් කමකි. එබඳු පින්කම් නිතර නිතර කිරීමෙන් කරන ලද අකුසල කර්මවල විපාක ලෙස ඇති වී තිබෙන අපල දුරු කර ගත හැකිය. බෝධි පූජාව යනු සිත, කය, වචනය යන තුන්දොරම මෙහෙයවා සිදු කළ හැකි උතුම් පින්කමකි. එබැවින් අවබෝධයෙන් යුතුව නිසි පිළිවෙළට අනුව බෝධි පූජා පැවැත්වීමෙන් අපල උවදුරු මග හරවා ගන්නට සේම නිවන් මගට දොරටු විවර කර ගන්නටද ඉඩකඩක් සැලසෙනු ඇත.

පූජ්‍ය තලල්‍ලේ චන්දකිත්ති – හිමිපාණෝ අවධාරණය කරති.

හෘද රෝගය හැදීගෙන එනවනම් නිතර නිතර පපුව හිරවෙන ගතියක් ඇතිවෙනවා

හෘදයාබාධ ගැන කතා බහ කිරීමේදී අද බොහෝදෙනා හෘදයාබාධ නිසාවෙන් පීඩා විඳින බව පෙනේ. හෘදයාබාධයක්‌ නොවේ යෑයි නිශ්චිතව ම දැනගත් පසු පපුවේ ඇතිවන හිරවීම වැනි තත්ත්වයන් පිළිබඳ සමාජය තුළින් නැඟෙන මැසිවිල්ලක්‌ තිබේ. වෛද්‍යවරුන් විසින් පපුවේ වේදනාවකදී පළමුව පරීක්‍ෂාවට ලක්‌ කරන්නේ හෘදයාබාධයක්‌ දැයි කියාය. එසේ නොවන කළ ගැස්‌ට්‍රයිටීස්‌ (අම්ල පිත්ත) රෝගය ලෙස අනුමාන කරනු ලැබේ. එහෙත් එය අම්ල පිත්ත රෝග තත්ත්වය ද නොවන අවස්‌ථාවන්හිදී වැරදි වෛද්‍ය නිගමන නිසාවෙන් රෝගීන් මෙම වේදනාකාරී තත්ත්වයෙන් දිගින් දිගටම පීඩා විඳීමක්‌ අද සමාජය තුළ දක්‌නට ලැබේ.

හෘදයාබාධ හෝ අම්ල පිත්ත රෝගය නොමැති අවස්‌ථාවලදී තුන්වන රෝග අවස්‌ථාවක්‌ ලෙසට කොඳුඇට පෙළ පරීක්‍ෂා කිරීමක්‌ සාමාන්‍යයෙන් සිදු නොකිරීම මෙසේ රෝගීන් පීඩා විඳීමට හේතුවයි. කොඳුඇට පෙළෙහි උරස්‌ ප්‍රදේශයේ කශේරුකා හෝ අන්තර් කශේරුකා මඬල වෙනස්‌වීම මගින් ස්‌නායු තෙරපීම නිසා අන්තර් පර්ශුක පේශීන්ගේ (ඉළ ඇට අතර පේශි) හා උරස්‌ පේශි තදවීමක්‌ වේ. මේ හේතුවෙන් රෝගියා ගැඹුරු හුස්‌ම ගැනීමට යන අවස්‌ථාවේදී හෝ අන්තර් පර්ශුක පේශි ඇදෙන සුලු ක්‍රියාවන්හි නිරතවන අවස්‌ථාවන්හිදී එම අන්තර් පර්ශුක පේශිවල ඇදෙන සුලු බව අඩුවීම නිසා පපුව හිරවන්නාක්‌ මෙන් දැනීමට පටන් ගනී. මෙවැනි තත්ත්වයක්‌ ඇති වූ විට එම පේශි දිගින් දිගටම තද වී පැවතීම නිසා (ස්‌ථවේද) මෙම තත්ත්වයෙන් රෝගියා දිගටම පීඩාවට පත් වේ.

එවැනි රෝගීන්ගේ මැසිවිල්ල වන්නේ වරින් වර පපුවේ අමාරුව ඇති වෙනවා යන්නයි. මෙය පපුවේ අමාරුවක්‌ හා පටලවා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ ද මහන්සි වීමකදී පපුවේ අමාරුව රෝගීන්ට වැඩි වැඩියෙන් දැනීම නිසාය. මහන්සි වීමකදී අවශ්‍ය රුධිර සැපයුම ලබාදීමට හෘදය අසමත් වනවා යෑයි වැරදි වැටහීමක්‌ රෝගීන් හා වෛද්‍යවරුන් තුළ පවා මෙම අවස්‌ථාවේදී ජනිත විය හැකිය. නමුදු මෙවැනි උරස්‌ ප්‍රදේශයේ ඇතිවන ස්‌නායු තෙරපීමකදී සිදුවන්නේ අන්තර් පර්ශුක පේශි තද බවට පැමිණීම නිසා ගැඹුරු හුස්‌ම ගැනීමකදී උරස්‌ ප්‍රදේශය ඇදීමකට ලක්‌වීමේදී තද වූ අන්තර් පර්ශුක පේශිවල වේදනාකාරී තත්ත්වයක්‌ ඇතිවීමය. මෙම සිදුවීම උරස්‌ කූඩුවේ එක්‌ පසෙක හෝ දෙපසම එකවර ඇති විය හැකිය.

මෙමගින් පපුව හිරවන්නාක්‌ මෙන් දැනෙන නිසා වෛද්‍ය පර්යේෂණවලට ප්‍රථම හෘදයාබාධයක්‌ යෑයි වැරදි වැටහීමකට වෛද්‍යවරුන් එළැඹීම සුලභව දක්‌නට හැකි අතර වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව කිසිදු රෝගයක්‌ නොමැති බව ඇසීමට ලැබීමද අද සමාජයේ සුලභව දැකිය හැකිය. මෙවැනි අවස්‌ථාවකදී මුලදී මෙවැනි රෝගීන්ට වෛද්‍යවරුන් වේදනා නාශක ලබාදෙන අතර වේදනා නාශකවලින්ද ඇතැම් විට වේදනාව අඩු නොවන අවස්‌ථාවලදී මෙවැනි රෝගීන් මානසික රෝග ප්‍රතිකාරවලට පවා යොමු කිරීම කනගාටුදායක තත්ත්වයකි. පරීක්‍ෂා කරන වෛද්‍යවරයාගේ අසමත්කම නිසා මෙවැනි රෝගීහු එලෙස වැරදි ප්‍රතිකර්ම ක්‍රම සඳහා යොමු කරනු ලබයි.

සිංහල වෛද්‍ය ක්‍රමය තුළින් කොඳුඇට පෙළ රෝග පිළිබඳ හසළ දැනීමක්‌ ඇති වෛද්‍යවරයකුට මෙම රෝගී තත්ත්වය, කොඳුඇට පෙළ ස්‌පර්ශ කිරීමෙන් පමණක්‌ සරලව අවබෝධ කර ගත හැකි රෝගී අවස්‌ථාවකි. බොහෝවිට වෛද්‍යවරුන්ගේ අවධානයට ලක්‌ නොවූ මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී අනිකුත් වෛද්‍ය ක්‍රමවල සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ දක්‌නට නොලැබෙන තත්ත්වයක්‌ තිබේ.

සිංහල වෛද්‍ය ක්‍රමයේ කොඳුඇට පෙළ සඳහා වූ චිකිත්සා ක්‍රමයේ මෙම රෝගී තත්ත්වයේදී එසේ වෙනස්‌ වූ කශේරුකා හා අන්තර් කශේරුකා මඩල නියමිත ලෙස නැවත සැකසීම සිදු කරන අතර එමගින් ස්‌නායු තෙරපීම වළක්‌වාලීම සිදු කරයි. එමෙන්ම තද බවට පැමිණි අන්තර් පර්ශුක පේශි සහ උරස්‌ පේශි ලිහිල් කිරීමේ ප්‍රතිකාර මගින් එම ප්‍රදේශවල තද ගතිය නැති කිරීම තුළ රෝගියාට පූර්ණ සුවය ළඟා කර දීමේ විශ්මිත හැකියාවක්‌ සිංහල වෛද්‍ය ක්‍රමය තුළ ඇත. ඒ කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය හඳුනාගත හැකි කොඳුඇට පෙළ රෝග සඳහා චිකිත්සාව ප්‍රගුණ කළ වෛද්‍යවරුන් ප්‍රමාණය අල්ප බැවින් කෙනකුට පපුවේ වේදනාවක්‌ වරින්වර ඇතිවේ නම් මුලින්ම හෘද රෝග සඳහා වූ වෛද්‍යවරයෙක්‌ ලවා එය පරීක්‍ෂා කර ගැනීම නුවණට හුරු වේ.

අද සමාජයේ පපුවෙහි හිරවීම සහ වේදනාව ඇති කරන හඳුනා නොගත් සුලභම රෝගී තත්ත්වය මෙම උරහිස්‌ ප්‍රදේශයේ ස්‌නායු තෙරපීම වන අතර මේ සඳහා හෘද රෝග විශේෂඥයකුගෙන් පරීක්‍ෂා කර ගැනීමෙන් අනතුරුව එය හෘද රෝගයක්‌ නොවේ නම් කොඳුඇට පෙළ සම්බන්ධ ප්‍රතිකාර කරන සිංහල වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතාමත්ම නුවණට හුරු වේ. එසේ නැතහොත් බොහෝ විට වන්නේ වැරදි රෝග නිගමනයන්ට පැමිණෙන වෛද්‍යවරුන්ගෙන් වැරදි ප්‍රතිකාර ලබා ගැනීම නිසා අනවශ්‍ය අතුරු රෝගාබාධ ප්‍රමාණයක්‌ ද එයට එක්‌වීමය.

හෘද රෝගයක්‌ නොමැති බව ස්‌ථිරව දැනගත්ත ද ඔබටත් වරින්වර පපුව හිරවෙනවා මෙන් දැනීමක්‌ හෝ පපුවේ වේදනාවක්‌ දැනේ නම් ඒ පිළිබඳ වැඩිදුර විස්‌තර නොමිලේ දැන ගැනීමට 0711142000 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.

බුදු රජාණන් වහන්සේගේ වැඩිම ධාතූන් වහන්සේ වැඩ ඉන්නේ මේ පින් බිමේ

භාග්‍යවතුන් වහන්සේට ලක්ෂ කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා.. !  පින්වත් යාළුවනේ ඇත්තටම අපි ගොඩක් ම වාසනාවන්ත යි. අපිට මේ ලැබිල තියෙන්නේ ගොඩක් දුර්ලභ අවස්ථාවක්. මේ ලෝකයේ අත පය හොදින් තියන , අංගවිකල නැතුව උපදින්න පිනක් අපිට තිබුණා. ඒ විතරක් ම නෙවෙයි අපිට කලාතුරකින් මේ විශ්වයේ පහළ වන දුර්ලභ වූ උත්තම වූ ශ්‍රෙෂ්ඨතම මනුෂ්‍ය රත්නය සරණ යන්ට ලැබීම කොච්චර නම් භාග්‍යක්ද. ? ඉතින් බලන්න හිතලා අපේ පින..මේ අවස්ථාව ලැබිලත් ගොඩක් අය මේ අවස්ථාව මගහැරගෙන ආයෙමත් සුපුරුදු සසරටම යනවා.නිරයටම යනවා…නිරයම මහ ගෙදර කරගන්නවා..ඉතින් බලන්න අද වෙද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ නොසිටියත් උන් වහන්සේගේ වැඩිම ධාතූන් වහන්සේ වැඩ ඉන්නේ මේ පුංචි රටේ…ඒකම අපිට කොච්චර නම් භාග්‍යයක් ද. ? කොච්චර පිනක් ද. ? ⁣ඒ උත්තම ධාතූන් වහන්සේ වන්දනා කරලා පුද පූජා පවත්වලා කී දෙනෙක් නම් සුගතියේ යනවද. ? මේ පුංචි රටේ අපි ආදරයෙන් , ගෞරවයෙන් සරණ ගිය ඒ ශාස්තෘන් වහන්සේගේ……………

  1. ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ ඉරියව්වෙන්ම භාග්‍යවතුන් වහන්සේ බඳු අති උතුම් ස්වර්ණමාලී මහ සෑ රජුන් තුන් ලොවටම සෙත සලසා වැඩ සිටිනවා….
  2. අසිරිමත් සුන්දර වූ සමනොළ කඳු මුදුනේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම වූ ශ්‍රී පාද පද්මය ආනුභාවය පතුරවා වැඩ සිටිනවා…
  3. අසිරිමත් වූ සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාළිගාවේ අපේ ශාස්තෘන් වහන්සේගේ උත්තම වූ වාම ශ්‍රී ධන්ත ධාතූන් වහන්සේ මහත් වූ අානුභාවය පතුරවා වැඩ සිටිනවා…..
  4. අසිරිමත් වූ මහියංගණය මහ සෑ රජුන් ගේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම වූ ග්‍රීවා ධාතූන් වහන්සේ , කේශ ධාතූන් වහන්සේ වැඩ සිටිනවා…..
  5. ඓතිහාසික ථූපාරාම මහ සෑ රජුන් ගේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් සහ දකුණු අකු ධාතූන් වහන්සේ වැඩ සිටිනවා……
  6. ඓතිහාසික මිහින්තලයේ අපේ ශාස්තෘන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ වැඩ සිටිනවා….
  7. රශ්මි ධාරාවන් විහිදුවමින් භාග්‍යවතුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සෝමාවතී මහා සෑ රජුන් තුළ ආනුභාවය පතුරවමින් වැඩ සිටිනවා……
  8. ඓතිහාසික දීඝවාපිය සෑ රජුන් තුළ අප භාග්‍යවතුන් වහන්සේගේ නිය ධාතූන් වහන්සේ ද කේශ ධාතූන් වහන්සේ ද වැඩ සිටිනවා…
  9. උතුම් වූ සේරුවාවිල මහා සෑ රජුන්ගේ අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ලලාට ධාතූන් වහන්සේ මහා ආනුභාවය පතුරවමින් වැඩ සිටිනවා….
  10. ඓතිහාසික මිරිසවැටිය සෑ රජුන්ගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේ ලා වැඩ සිටිනවා..
  11. තවද අප භාග්‍යවතුන් වහන්සේ සම්බුදු බවට පත් වෙන්නට කලින් කෙස් කැපූ මඟුල් කඩුව කතරගම කිරිවෙහෙර චෛත්‍ය රජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා…
  12. නාගදීපයේ මිණි පළඟ වැඩ සිටිනවා.ජේතවන චෛත්‍ය රජාණන් තුළ බඳ පටිය ද , කැළණි මහා සෑ රජුන් තුළ දිය අඳනය සහ මිණි පළඟ ද මරදන්කඩවල වම් නිය ධාතූන් වහන්සේ ද වැඩ සිටිනවා…

සාදූ සාදූ සාදූ අසිරිමත් මයි..අපේ මේ පුංචි රට ඇත්තටම අසිරිමත් මයි…අපේ මේ පුංචි රට ධාතු කරඬුවක් වගේ කියන්න තවත් නම් උපමා කුමටද.. ? 

මිලියනයකටත් වඩා වටින ලොව මිල අධිකම මල් වර්ග 5ක්

අලංකාර මල් සඳහා ලොව පුරාම ඉතා ඉහල ඉල්ලුමක් තිබෙන බව මෙය කියවන ඔබ දන්නවා. ඒ අතරින් ඇතැම් මල් මිලෙන් ඉතාම අධිකයි. මල්වල රුව, පිපීමට ගත වන කාලය, නව ප්‍රභේදයක් වීම ආදී සාධක මත එම මිල තීරණය වනවා. පහත දැක්වෙන්නේ දැනට මිල ගණන් අතින් ඉහලම තලයක තිබෙන මල් වර්ග 5යි

කඩුපුල් මල් – කඩුපුල් මල් ගැන ලංකාවේ අපි හොඳින් දන්නවා. මේවා ඉතාම දුර්ලභ මල් වනවා පමණක් නොවෙයි මේවා කිසිම තැනකින් මිලට ගැනීමට හැකියාවක්ද නැහැ. එසේ වන්නේ මධ්‍යම රාත්රිය් පිපෙන මල පැය කිහියක් ගතවූ පසු හිරු උදාවත් සමඟම පෙති හැකිලී යන නිසායි. ඒ නිසා කපා කිසිම තැනකට මේ මල් ප්‍රවාහනය කිරීමට නොහැකියි.

ජුලියට් රෝස –  ජුලියට් ලෙසින් නම් කර ඇති එමම රෝස වර්ගය මුල් වරට ලොවට හඳුන්වාදුන්නේ 2006 වසරේදී පැවැත්වුණ චෙල්සියා මල් සැණකෙළියෙහිදීයි. මෙම මලේ ඇති සුන්දරත්වය නිසාම මෙයට හිමිවන්නේ ඉතා ඉහල වටිනාකමක්. මලේ නිර්මාතෘ ඩේවිඩ් ඔස්ටින්ට මෙය නිර්මාණය කිරීමට වසර 15ක් පර්යේෂණ කරන්නට සිදු වී තිබෙනවා. මෙහි වටිනාකම යුරෝ මිලියන 3ක් එනම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15.8ක් ලෙස සැලකෙනවා.

Shenzhen Nongke ඔර්කිඩ් – මෙම මල නිර්මාණය කිරීමට Shenzhen Nongke පර්යේෂක කණ්ඩායමට වසර 8ක පමණ කාලයක් ගත වී තිබෙනවා. මෙය දුර්ලභ මෙන්ම ඉතාම පියකරු මල් වර්ගයක්. මලක් පිපෙන්නට වසර 4-5 දක්වා කාලයක් ගත වනවා. මෙහි මිල ඇමරිකන් ඩොලර් 200,000ක් පමණ වනවා. එය යුවාන් වලින් නම් මිලියන 1.68ක පමණ අගයක්.

The Gold of Kinabalu ඔර්කිඩ් – දුර්ලභ මර වර්ගයක් වන මෙය දැකගත හැකිවන්නේ මැලේසියාවේ කින්බාලු ජාතික උද්‍යානයේදී පමණයි. මල පිපීම ආරම්භ වන්නේ අප්‍රේල්, මැයි මාසවලදී පමණක් වන අතර පිපී අවසන් වීමට වසර කිහිපයක් ගත වනවා. මිල සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 6000ක් පමණ වනවා.

සැෆ්රොන් ක්‍රෝකස් – සැෆ්රන් කුළු බඩුවක් ලෙසද යොදා ගැනුනත් මෙහි මලටද ඉතාම ඉහල ඉල්ලුමක් ලොව පුරා දක්නට ලැබෙනවා. සැෆ්රන් කුඩු ග්‍රෑම් 500ක් ලබා ගැනීමට මල් 80,000ක් පමණ අවශ්‍ය වනවා. මිල ඇමරිකන් ඩොලර් 1200 -1500 අතර වනවා.