වසර 25 කට පෙර ප්‍රතිකාර සදහා රෝහලට පැමිණි කුඩා දරුවන් දෙදෙනා එම රෝහලේදීම විවාහ වූ අපූරු කතාව.

පිළිකාවක් කියන්නේ අපේ ජිවිතය එක තැන නවත්වන්න පුළුවන් තරම් බලයක් තියෙන අවාසනාවන්ත රෝගයක්.පිළිකාව කියන වචනය පවා බොහෝ දෙනෙක් කතා කරන්න අකැමති මෙන්න මේ කාරණය හේතුවෙන්.නමුත් අපි හැමෝම දන්නා කාරණයක් තමයි මුල් අවස්ථාවේදී හදුනා ගත හොත් ඕනෑම පිළිකාවක් පහසුවෙන් සුව කරන්න පුළුවන් කියන කාරණය.මේ සුවවීම සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සාර්ථක කර ගන්න නම් රෝගියා ගේ මනසේද ලොකු  නිර්භීත කමක් තියෙන්න ඕන. අප අද කියන්න යන මේ කතාව පාදක වෙන්නේ කුඩා කාලයේදී පිළිකා රෝගයකින් පිඩා විද පසුව එම රෝගය සම්පුර්ණයෙන්ම සුවපත් කරගෙන විවාහ දිවියට ඇතුල් වූ යුවලක් පිලිබවදයි.ඔවුන් දෙදෙනා කුඩා කල රෝහලේදී ප්‍රතිකාර ලබා ඇත්තේ එකටයි.ඉන් පසු කාලයක් යනතුරු ඔවුන් දෙදෙනාගේ මිතුරු කම පැවතියත් උසස් අධ්‍යාපනය ලබන විට ඔවුන් දෙදෙනා මාර්ග දෙකක් තෝරා ගැනීම නිසා ඔවුන් දෙදෙනාට වෙන් වීමට සිදු වුනා.

ජොයෙල් සහ ලින්ඩ්සේ ඉන් පසුව මුණ ගැහෙන්නේ වසර 14 කට පසුවයි.කුඩා කල ජොයෙල් ලේ පිළිකාවකින් පිඩා විද ඇති අතර ලින්ඩ්සේ අස්ථි ආශ්‍රිත පිළිකා රෝගයකින් පිඩා විද තිබෙනවා.ඒ 1993 වර්ෂයේදීයි.උසස් අධ්‍යාපනය ලබා පාසලෙන් ඉවත් වී ටික කාලයකට පසු ලින්ඩ්සේ විවාහ දිවියට ඇතුල් වුවත් ඇයට තම විවාහ දිවිය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ.ඇය පවසා තිබෙන්නේ තමා කුඩා කල තමාගේ සිතේ  ජොයෙල් පිළිබද හැගීමක් ඇති වී තිබුනත් ඔහු එය කෙසේ භාර ගනීද යන චකිතය නිසා එය කිසි දිනෙක එය  ඔහුට නොපැවසූ බවයි. තම පළමු විවාහයෙන් වෙන් වූ ලින්ඩ්සේ ඉන් පසු තීරනය කර ඇත්තේ තමා කුඩා කල පිඩා විදි දරුණු රෝගය සුව කල සාන්ත ජූඩ් රෝහලේ සේවය කිරීමටයි. ඇය මෙසේ සේවය කරන අතරතුර එක්තරා අවස්ථාවක රෝහල විසින් සංවිධානය කරනු ලැබූ සමාජ සත්කාරක වැඩසටහන කදී ඇයට හුරු පුරුදු දෑසක් හමු වී තිබෙනවා.ඒ ජොයෙල් බව හදුනා ගැනීමට ඇයට වැඩි කාලයක් ගත වුයේ නැහැ.

ලින්ඩ්සේ නැවත හමු වීම පිළිබවද තමාද අතිශයින් සතුටට පත් වූ බව ජොයෙල් වරක් පවසා තිබුනා.ඉන්පසුව ඔවුන් දෙදෙනා සහ ලින්ඩ්සේ ගේ කුඩා දියණිය එක්ව කාලය ගත කිරීමට පටන් ගත් අතරම ඔවුන් දෙදෙනා ඉතා හොදින් ගැලපෙන යුවලක් බව ඔවුන් දෙදෙනාටම සුළු කාලයක් තුල අවබෝධ වී තිබුනා. මෙසේ ටික කාලයක් ගත වීමෙන් පසු ඔවුන් දෙදෙනා විවාහ වීමට තීරණය කර තිබුනා.ලින්ඩ්සේ නිව් යෝක් ටයිම්ස් වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශාන්ත ජූඩ් රෝහලට පින් සිදු වන්නට තමා හොදින් අවබෝධ කර ගත් තමාගේ හොදම යහළුවා විවාහ කර ගැනීමට තමාට හැකියාව ලැබුණු බවයි. එසේම මෙහි විශේෂ සිදු වීම වන්නේ ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනා මුල් වරට හමු වූ රෝහල් භුමිය තුලදීම විවාහ දිවියට ඇතුල් වීමයි.මේ වන විට ඔවුන් දෙදෙනාම පිළිකා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා ඇතත් පිළිකා වලින් පිඩා විදින මිනිසුන් ගේ හිතසුව පිණිස ඔවුන් මෙසේ සිදු කල බව සමාජ ජාලා වල සදහන් කර තිබුනා.

එසේම ඔවුන් දෙදෙනාම පිළිකා රෝගයෙන් පිඩා විදින මිනිසුන්ගේ මානසිකත්වය වර්ධනය කිරීම සදහා වන වැඩසටහන් රාශියකට සම්බන්ධ වෙමින් මිනිසුන් දැනුවත් කරමින් සමාජ සත්කාර රාශියක නිරත වන බව සදහන් වෙනවා.ඔවුන් දෙදෙනාගේ විවාහයට මෙන්ම සමාජ සත්කාර වලට සුබ පතමින් ලොව නන් දෙසින් සුබ පැතුම් පණිවිඩ ද පැමිණි බව ඔවුන් සදහන් කර තිබුනා. කෙසේ වෙතත් පිළිකාව පවා ජයගෙන තම ජිවිතයට නොබියව මුහුණ දුන් මෙම යුවල ලොව පුරා රෝගී මිනිසුන් දහස් ගණනකට සවියක් වූ  බව බොහෝ දෙනාගේ අදහස බවට පත් වී තිබෙනවා.