ජපානයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ගැටලුව දැඩි වේ – බීමත්ව රිය නොපදවන්නැයි ජපානයේ සිංහලෙන් දැන්වීම් දැමේ!

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පසුගිය සමයේ වාර්තා කර සිටියා. ජපානයේ සාම්ප්‍රදායික ජන ජීවිතයට සහ සංස්කෘතියට බාධා වන අයුරින් ජපානයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් හැසිරීම එයට හේතුවයි. මේ හේතුව නිසාම ජපානයේ ප්‍රකට ස්ථානයන්හී බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ භාෂාව වන සිංහල භාෂාවෙන්ද දැන්වීම් දැමීමට ජපාන රජයට සිදුව තිබේ. 2020 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරය. විදේශීය සංක්‍රමණිකයන්ගෙන් එම ඔලිම්පික් උළෙලට සිදු විය හැකි බලපෑම අවම කිරීමේ අරමුණින් ජපන් රජය මෙලෙසින් විදෙස් සංක්‍රමණිකයන් දැඩි ලෙසින් පාලනය කිරීම අරඹා තිබේ.

ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණෙන ක්‍රීඩකයන් සහ එය නැරඹීමට පැමිණෙන ලොව පුරා රසිකයන් ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ජපන් බලධාරීන්ගේ මතය වී තිබේ. මේ අනුව ඔලිම්පික් කාල සීමාවේදි ජපානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදෙස් ශ්‍රමිකයන් එරට ප්‍රධාන නගර සහ හෝටල ආශ්‍රිතව ගැවසීම සීමා කරමින් විදෙස් ශ්‍රමිකයන් ඔහුන්ගේ පාසල්, රැකියා ස්ථාන වල සහ නවාතැන් ස්ථානයන්ට පමණක් සීමා කරවීමටද ජපන් පොලීසිය කටයුතු කරනු ඇත. පහත දැක්වෙන්නේ ජපානයේ ඉබරකී ප්‍රාන්ත පොලිසිය විසින් සිංහල භාෂාවෙන් පළකර තිබු එවැනි නිවේදනයකි.

අයවැය පරාදයි සන්ධානය ජවිපෙ (107) විරුද්දයි

මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ද වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණද දැනටමත් අයවැයට විරුද්දව ඡන්දය දෙන බව පවසා ඇත. අයවැයට විරුද්ද විය යුතු බවට දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් දැඩිව ප‍්‍රකාශ කරද්දී අයවැයට පක්‍ෂ විය යුතු යයි එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුනට දැඩිව බලපෑම් කරමින් සිටින බවද වාර්තා වෙයි. දැනට තිබෙන තත්වය මත දෙමල සන්ධානයේ මන්ත‍්‍රිවරුන් 15 දෙනාගෙන් වැඩි පිරිසක් අයවැයට විරුද්ද වීමට හෝ වර්ජනය කිරීමට ඉඩ ඇත. විජේදාස රාජපක්‍ෂ, ආනන්ද අලුත්ගමගේ සහ දෙමල සන්ධානයේ එක් මන්ත‍්‍රීවරයෙක්ද තව දුරටත් විපක්‍ෂය සමග කටයුතු කරමින් සිටී. මේ අතර වාර්තා වන්නේ පසුගියදා ආණ්ඩුවට එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස අයවැයට විරුද්ද වී නැවතත් විපක්‍ෂයට පැමිණ ශ‍්‍රීලනිපයට එක්වනු ඇති බවයි. එවන් තත්වයකදී සන්ධානය හා ජවිපෙ ඡන්ද එකතුව එජාප එකතුවට වඩා වැඩි නිසා අයවැය පරාජයට පත්වන ලකුණු පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට ඡන්දය විමසන අවස්ථාවේ ඊට කිසිදු සන්ධාන මන්ත‍්‍රීවරයෙක් විරෝධය පල නොකර සිටිනු ඇති බවද වාර්තා වෙයි.

ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නිසා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්..!

පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. එහිදී මෙම වසර මැතිවරණ වසරක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර සිය ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. එසේම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බවද සඳහන් කළ ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද සඳහන් කළා. ඒ අනුව පොලිස් නිලධාරීන් පැය 8ක සේවා කාලයක නිරත වීම ඉතා විරළ බවත්, ඔවුන් ඇතැම් විට ආහාර හෝ ජලය නොමැතිව පැය 12කට වඩා වැඩි කාලයක් සේවය කරන බවත් ප්‍රකාශ කළා. මේ හේතුවෙන් තමන් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කර නිලධාරිනියන්ගේ දුක් ගැනවිලි වෙනමම සොයා බලන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

2019 අය වැයෙන් වාහන සහ ත්‍රිරෝද රථ නිෂ්පාදන බද්ද ඉහළට

මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්ට්‍රල්, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සහ විදුලි මෝටර් රථ මත වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට යෝජනා කර ඇත. සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින් හා සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත. සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර් ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කෙරේ. කිලෝ වෝට් 70 ක් විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු. 175,000 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම සිලින්ඩර් ධාරිතාව 200ක් වන ත්‍රිරෝද රථ මත නිෂ්පාදන බද්ද රු. 60,000කින් වැඩි කෙරේ. කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද අඩු කරනමුද්ල අමාත්‍ය මංගල සමරවීර පවසයි. එමෙන්ම ගම්පෙරළිය වැඩසටහව සඳහා රුපියල් මිලියන 48,000ක් වෙන්කරන බවත් ආගමික ස්ථාන සංවර්ධනය සඳහා ලක්ෂ 10ක් වෙන් කරන බවත් සඳහන් කළේය. එලෙස සිදුකරන ලද යෝජනාවන් පහත දැක්වේ.

මෙවර අයවැයෙන් ඉහළ යන බවට වාර්තා වෙන අංශ මෙන්න

මෙවර අයවැයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් රුපියල් 2,500කින් ඉහළ යනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එමෙන්ම මෝටර් රථ මිල ගණන් ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් ගමන් බලපත‍්‍ර ගාස්තු ද මෙවර අයවැයෙන් ඉහළ යනු ඇති. දුම්වැටි සහ මත්පැන් මිලද මෙවර අයවැයෙන් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ. කාර්යයබහුල වේලාවන්හිදී අධිවේගී මාර්ග ගාස්තු සඳහා ද රුපියල් 100ක බද්දක් පැනවෙනු ඇති. වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලුවට ද මෙවර අයවැයෙන් ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් අද (05) ප‍්‍රකාශ කළේ. මේ අතර 2019 අයවැය යෝජනාවට අද (05) පෙරවරුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද රැස්වූ අවස්ථාවේදීයි. 2019 අයවැය යෝජනාව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද පස්වරු 02.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද රාතී‍්‍ර 07.00ට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න විසින් අයවැය යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අද හෙටම එන යහපාලන අය වැයෙන් වාහන හා මත්පැන් මිල ඩබල් ත්‍රිබල් වන හැටි මෙන්න

හෙට (05) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මැතිසබයට ඉදිරිපත් කරන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 3000/-කට නොඅඩු වැටුප් වර්ධනයක් ලබාදීමට යෝජිත යැයි රජයේ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධන ලබන අගෝස්තුවෙන් පසු රජයෙ ‍සේවකයන්ට ලබාදීමට තීන්දු කරඇතිබවද සඳහන්වේ. එසේම විශ්‍රාමිකයන්ට ද රුපියල් 1500/-කට නොඅඩු වැටුප් වර්ධකයක් හිමිවීමට ඉඩ ඇත. මේ හැර අලුතෙන් 10,000කට පමණ සමෘද්ධි සහනාධාර ලබාදීමට යෝජනා කරන බවද සඳහන් වෙයි. මෙරටට විශාල විදේශ විනිමය ආදායමක් උපයා දෙන විදේශ ගෘහ සේවයේ නියුතු ගෘහ සේවක සේවිකාවන් සිය සේවා කාලය නිමවා මෙරටට පැමිණි පසු ඔවුන්ට ව්‍යාපාරයක් ඇරඹීමට හෝ නිවාසයක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 25/-කට නොඅඩු ණය මුදලක් ලබාදීමේ යෝජනාවක් ද ඇතැයි කියැවේ. මෙය දිගු කාලයකින් නැවත පියවිය යුතු සුළු පොලියකට ලබාදෙන ණය මුදලකි. එසේම ත්‍රිරෝද රථ හිමියන්ට ද වාහනයක් මිලදී ගැනීමට සහන පොලියට ණය මුදලක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මේ හැර වාහන ආනයනයේදී මෙතෙක් අය නොකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බවද ආනයනික භාණ්ඩ සඳහා පැනවෙන රේගු බද්ද 5% ඉහළ දැමීමට ඉඩ ඇති වගද දැනගන්නට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුව රුපියල් බිලියන 115ක පමණ නව ආදායම් සපයා ගැනීමට අවශ්‍ය බැවින් මෙම බදු පැනවේ. ඒ අනුව වාහන හා සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑමට ඉඩ තිබේ. සිගරැට් හා මත්පැන්ද අයවැයෙන් මිල නැංවෙනු ඇතැයි කියැවේ.