මැල්කම් කාදිනල්රංජිත්

රටේ සංස්කෘතිය කෙරෙහි බුද්ධාගම බෙහෙවින් බලපා ඇති බැවින් ඒ මඟ පෙන්වීම මත ඉස්ලාම්, කතෝලික ජනතාව කටයුතු කිරීමෙන් ආගමික සහජීවනය ගොඩනැගෙන බව මැල්කම් කාදිනල්රං ජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

බේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන් කැපවිය යුතුව ඇතැයිද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කළ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදය පරදවන පංචවිධ සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ පදනම් ආයතනයේ දී අද (10) එක් වෙමින්අ ගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.

‘‘බටහිර බලවතුන් රටවල් තුළ ආරවුල් ඇති කළ යුතුමයි. එසේ නොමැතිව ඔවුන්ට ආයුධ විකුණගන්න බැහැ. මේ ආරවුල් ඇති කිරීමට ජාතීන් ආගමිකයන් කෙටවීමේ වැඩපිලිවෙළකට ඔවුන්යනවා.

අපේ රටේ ජාතීන් දෙකක් අතර අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ශතවර්ශ ගණනාවක් එකට සහෝදරයන් ලෙස ජීවත් වු ජාතීන් දෙකක් එකිනෙකා මරා ගත්තා. අපි සිංහල දෙමළ මිනිස්සු ඇන කොටා ගෙන ඒ අයව පෝසත් කළා. ලෝක බැංකුවෙන් ණයට සල්ලි අරගෙන අපි ආයුධ අරගන්නවා. අපි හිඟන්නො බවට පත්වෙනවා. ඒ අය ධනය උපයා ගන්නවා.

මේ අයි. එස්. අයි. එස් සංවිධානය කියන්නෙත් ඒ වැඩපිලිවෙලේ කොටසක්, මේකට ඉස්ලාම්ජා තිකයන් සම්බන්ධ කිරීම වැරදියි. ඉස්ලාම් ආගම තුළ මෙවැනි දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. කුරානයේ ටිකක් ප‍්‍රශ්න තියෙන වගන්ති 26 ක් තියෙනවා කියලා මට මව්ලවිතුමන් කිව්වා. ඒ ඇර වෙනත් ප‍්‍රශ්න නැහැ.

අස්වලා මලික්කුම් කියන්නේ ඔබට සාමය වේවා. ඔබටත් සාමය වේවා කියලා තමයි උත්තර දේන්නේ. සාමය තමයි මේ ආගම් පදනම වෙන්නේ. ඒ නිසා මේක ඉස්ලාම් ආගමේ ප‍්‍රශ්නයක්නෙ මෙයි.

වෙනත් බලවේග විසින් විවිධ ජාත්‍යන්තර මට්ටමේ ත‍්‍රස්ත සංවිධාන බිහිවෙන්න ඉඩ හැරලා වෙනස්කම් උලූප්පලා ඒ අයට ආයුධ නිෂ්පාදනය කරලා විකුණලා තමන්ගේ ආර්ථිකය පෝසත්ක රන්න සාතාන්ගේ වැඩපිලිවෙලේ කොටසක් තමයි මේක.

මේ අන්තවාදයට ඉඩ නොදෙන්න ඉස්ලාම් ධර්මය අදහන අයට ලොකු යුතුකමක් තියෙනවා. තමන්ව අතකොලූවක් නොවෙන්න පාවිච්චි නොවෙන්න ඒ අයට වගකීමක් තියෙනවා. මම ඒ නායකත්වයට කියනවා අපි ඔබව තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් මේකට රැවටෙන තරුණ තරුණියන්ව නොමග යැවිමට ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලනවා.

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාවේ සරණාගතයන්

පාකිස්තානය වැනි රටවලින් මෙරටට ගෙනවැත් රැකවරණය ලබා දෙන සරණාගතයන් ශ්‍රී ලංකාවේ දැඩි සමාජීය ගැටලුවක් බවට පත්ව තිබෙනවා. එවැනි සරණාගතයන් දිවයින පුරා නගරයන්හි රැඳවීමට පසුගිය දිනවලදී කටයුතු කළා.

එලෙසින් පාකිස්තාන සරණාගතයන් රැඳවූ අලුත්ම නගරය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරය වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව පාකිස්තාන සරණාගතයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම රජයේ පුනරුත්ථාපන නිවර්ථන රැඳවුම් කඳවුරට යොමු කර තිබෙන බවට වාර්තා වෙනවා.

මේ සදහා විරෝධය පා අම්බලන්තොට නගරයේ කඩ සාප්පු වසා දමා මේ වන විට කලු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.

මෙතෙක් සාමකාමීව ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම පාකිස්තාන ඡාතිකයින් ඉරිදියේදී තර්ජනයක් විය හැකි බැවින් ඊට විරෝධය දක්වන බවයි අම්බලන්තොට නගරයේ ජනතාව පවසනවා.

සබැඳි ලිපියක්
වර්තමානයේ ලොව බොහෝ රටවල අභ්‍යන්තර අවතැන් වූවන් අනාථ වූවන් සහ සරණාගතයන් පිළිබඳ උග‍්‍ර සමාජ ගැටලූව සුලභව අසන්නට දකින්නට ලැබේ. මේ කවරකින් හෝ සිදුවන්නේ මිනිසුන් එතෙක් ජීවත්ව සිටිය ස්ථීර වාසස්ථාන අත්හැර දමා වෙනත් ආරක්ෂිත තැනකට සංක‍්‍රමණය වීමයි. මෑතකදී මෙරටට මියන්මාරයේ සිට සංක‍්‍රමණය වූ රොහින්ග්‍යා සරණාගතයන් ගැන මෙරට සමාජයේ බොහෝදෙනාගේ දැඩි සැලකිල්ලක් මෙන්ම නව සමාජ කතිකාවක් ගොඩනැගීමට ද බලපා තිබේ.

මේ වන විට මෙරට වෙසෙන සමහර අයට සරණාගතයන් කවුරුන්ද යන්න ගැන අවබෝධයක් ලබා දීමට රෝහින්ග්‍යා සරණාගතයන්ම ප‍්‍රමාණවත් සාක්ෂියක් සපයා ඇත. එහෙත් අපගේ සමාජය කොතෙක් කලක් මෙම අර්බුදය තුළ ගිලී සිටියේද යන්න බොහෝදෙනාට දැන් අමතකය. ඒ සඳහා මෙරට දශක තුනකට ආසන්න කාලයක් පැවැති සිවිල් යුද ගැටුම් නිසා මෙරට ජීවත් වූ සමහර දමිළ, මුස්ලිම් සහ සිංහල මිනිසුන්ගේ අවතැන් වීම, අනාථ වීම මෙන්ම සරණාගතයන් බවට පත්වීමේ සිදුවීම් සිහිපත් කරනු වටී.

මිනිස් ක‍්‍රියාකාරකම්වලින් තොරව සිදුවන ව්‍යසන ස්වාභාවික හේතු සාධක වේ. කාලගුණික විපර්යාස. ජලගැලීම් හා සුළි කුණාටු යන ස්වභාවික ව්‍යසන නිසා 2014 වර්ෂයේ ලොව මිලියන 17.5 පමණ ජන සංඛ්‍යාවක් අවතැන් වී ඇත. ස්වභාවධර්මයේ හැසිරීම පිළිබඳවද කිසියම් විද්‍යාත්මක පුරෝකථන ඉදිරිපත් කළද සමහර තැන්හි ඒවා පැවසූ ආකාරයෙන්ම නිවැරැදි නොවන අවස්ථා පවතියි.

එබැවින් ස්වාභාවිකව සිදුවන ව්‍යසන ගැන ඉතාමත් නිවැරැදි හා නිශ්චිත අනාවැකි පළ කිරීමේ අපහසුව දක්නට ඇත. මෙයට උදාහරණයක් වශයෙන් 2004 වසරේදී ඇති වූ සුමත‍්‍රාxඅන්දමන් භූමිකම්පාව සහ ආසියානු සුනාමිය පෙන්වා දිය හැකියි.

1755 වසරේ නොවැම්බර් මාසයේ පළමු වැනි දින ඇති වූ භූමිකම්පාවෙන් එවකට යුරෝපීය ශිෂ්ටාචාරයේ ප‍්‍රධාන මූලස්ථානය ලෙස සැලකුණු පෘතුගාලයේ ලිස්බන් නගරය මුළුමනින්ම විනාශ වී ඇත.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවලින් පෙනෙන්නේ ලොව විවිධ රටවල ඇවිළෙමින් පවතින යුද ගැටුම් නිසා බොහොමයක් මිනිසුන්ගේ උන්හිටි තැන් අහිමි කර ඇති බවයි. ලොව ජනගහනයෙන් සෑම 12 දෙනෙකුගෙන් එක් අයෙක් අනාථයෙකු, අභ්‍යන්තර අවතැන් වූවෙකු හෝ සරණාගතයකු බව පෙන්වා දෙයි. තවදුරටත් පැහැදිලි වන්නේ 2015 වසර අවසන් වන විට ලොව ජනගහනයෙන් මිලියන 40.8 පිරිසක් යුද ගැටුම් නිසා අවතැන්වී සිටින බවයි.

2011 වසරේ සිරියානු රජය සහ ආයුධ සන්නද්ධ කණ්ඩායම් අතර ඇරඹි සිවිල් ගැටුම් බලපෑමෙන් එරට වැසියන්ගෙන් මිලියන 6.5ක පමණ පිරිසක් අභ්‍යන්තරව අවතැන්වී තිබේ. එමෙන්ම 1978 වසරේ පටන් වර්තමානය දක්වා විවිධ කාල පරිච්ජේද ඔස්සේ ඇවිළෙමින් පැවත එන ඇෆ්ගනිස්ථාන සිවිල් යුද ගැටුම් මගින් මිනිසුන්ගේ අවතැන් වීම පමණක් නොව එමගින් සමාජයට සිදුකර තිබෙන විනාශය ද අතිමහත් එකකි.

විශේෂයෙන්ම යුද අනාථයින් පිළිබඳ අර්බුදය ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව ඇත. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තා සලකන විට ඇෆ්ගනිස්ථාන වැසියන්ගෙන් මිලියන 10.1 පමණ පිරිසක් ද, ඉරාකයේ පවතින යුද ගැටුම් නිසා එහි වැසියන්ගෙන් 3,290,000ක පමණ පිරිසක් ද අභ්‍යන්තරව අවතැන් වී තිබේ.

මෙහිදී ගැටුම් උත්සන්න වන විට සහ මෙම මිනිසුන්ගේ අනාරක්ෂාව වැඩිවන විට මොවුන් වෙනත් රටකට පලා යාම බෙහෙවින් සිදුවේ. එය අනාථයින් හෝ සරණාගතයන් පිළිබඳ ගැටලූව ඉස්මතු කිරීමට හේතුවකි. 2005 වසරේ මිලියන 37.5ක් වූ ලෝක අවතැන් ජනගහනය 2010 වසර වන විට මිලියන 43.7ක් වී ඇත. එම අගය 2014 වසරේදී මිලියන 59.5 දක්වා වැඩි වී තිබේ.

ගැටුම් හැරුණු කොට මිනිසුන් අවතැන් කිරීමට විවිධ සංවර්ධන වැඩසටහන්වල බලපෑම ද සැලකිය යුතු දෙයකි. රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව යමින් දියත් කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති නිසා අදාළ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ට එයින් ඉවත් වීමට සිදුවේ. බොහෝ විට මේ අයට ස්ථීර වශයෙන් නව වාසස්ථාන නොලැබීම තුළ ඔවුන් අවතැන් තත්ත්වයට පත්විය හැකිය. මෙරට කි‍්‍රයාත්මක වූ ගොවිජනපද වැඩපිළිවෙළ නිසා දකුණේ ජීවත් වූ සිංහල මිනිසුන්ගෙන් පිරිසක් උතුරු සහ නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම සිදුවිය. මෙසේ නැවත නව වාසස්ථාන ගතවීම සමහර විට සංවර්ධන ප‍්‍රවේශයට හිතකර විය හැකිය.

තවත් විටෙක අහිතකර අන්දමින් බලපෑ හැකිය. විශේෂයෙන්ම මෙරට ස්ථාපිත කෙරුණු ගොවිජනපද පදිංචි ජනයා අතර සියදිවි හානිකර ගැනීමේ ප‍්‍රවණතාවක් පැවැතීම සහ ඊට හේතු ගවේෂණය සමාජ විද්‍යාත්මකව සිදුකර තිබේ. එයින් අනාවරණය කරගෙන ඇත්තේ එම මිනිසුන්ගේ කලින් පැවැති සමාජ සම්බන්ධතා බිඳ වැටීම හෙවත් සමාජ අනුකලනය බිඳ වැටීම නිසා ඇතිවූ පීඩනය සියදිවි නසා ගැනීමට ප‍්‍රධාන බලපෑමක් ඇතිකර තිබෙන බවයි.

උන්හිටි තැන් අහිමිවීම මත මිනිසුන් හඳුනා ගැනීම මූලික අවස්ථා තුනකින් සිදුවේ. එනම් අභ්‍යන්තර අවතැන් වූ මිනිසුන් අනාථ වූ මිනිසුන් සහ සරණාගතයන් වශයෙනි. මෙහිදී කවර අන්දමින් හෝ සිදුවන්නේ මෙම සියලූම මිනිසුන් එකම ආකාරයේ අර්බුදයකට මෙන්ම අමිහිරි අත්දැකීමකට මුහුණ දීමයි. එනම් මොවුන් එතෙක් ජීවත්ව සිටිය වාසස්ථාන සහ භූමිය සිය කැමැත්තෙන් තොරව අත්හැර වෙනත් තැනකට පලායාමකට හෙවත් සංක‍්‍රමණය වීමකට භාජනය වීමයි. මෙසේ සිදුවන ආගමනය අදාළ රට ඇතුළත පමණක් සිදුවන්නේ නම් එවැනි අවස්ථාවක් අභ්‍යන්තර අවතැන් වීමකි.

අභ්‍යන්තර අවතැන් ජනතාව අභ්‍යන්තර අනාථයන් ලෙස හඳුන්වන මතයක් ඉදිරිපත් වී ඇත. ඔවුහු ශාරීරික, දේශපාලනික හා ආර්ථික වශයෙන් අනාරක්ෂිත වූවෝය. එබැවින් විශේෂ උදව් උපකාර හා ආරක්ෂාව ලැබිය යුතු ගණයට ඔවුහු අයත් වෙති. මේ නිසා අභ්‍යන්තර අවතැන් වීම යන පාරිභාෂික වචනය වෙනුවට අභ්‍යන්තර සරණාගතයන් යන යෙදුම වඩාත් සුදුසු යැයි ඇතැම් අය පවසා තිබෙන අදහසකි. කෙසේ නමුත් මේ අය කිසිදු අවස්ථාවක රටෙන් බැහැරව නොයාම විශේෂිත දෙයකි. එක්සත් ජාතීන්ගේ වාර්ෂික දත්ත සටහන් අනුව 2015 වසරේදී ලෝකයේ අභ්‍යන්තර අවතැන් වූ මිනිසුන් ගණන මිලියන 37.4ක අගයක් ගෙන තිබේ.

අනාථ මිනිසුන්

තමන් ජීවත්වන රට තුළ ඇතිවන කවර හෝ ස්වභාවික ව්‍යසනයක්, යුද හෝ වෙනත් ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිසා තම රටෙන් බැහැරව වෙනත් රටකට පලා යාම බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. එසේ වන්නේ සිය රටේ ජීවත්වීමට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබේ යැයි කල්පනා කිරීම තුළය. ඒ අනුව අර්බුදයට මුහුණ දෙන මිනිසුන් ජීවිත රැකවරණය පතා වෙනත් රටවලට පලා යාම බොහෝ විට සිදුවේ. එහිදී ජාත්‍යන්තර නීතිරීති උල්ලංඝනය නොවීම මත ඒ ඒ රටවල වාසස්ථානයට අවසර ලැබීම මත එම අය අනාථයින් බවට පත්වේ. මේ පිරිස පැමිණි රටේ ස්ථීරව ජීවත්වීමේ මෙන්ම ඡුන්ද අයිතිය හා රැකියා හිමිකම් ඉල්ලීම හෝ වෙනත් ආකාරයේ අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ ඉඩක් නැත. මේ පිරිස බොහෝ විට එම රටේ විශේෂිත ස්ථාන හෝ කඳවුරුවල රඳවා තැබීම සිදුවිය හැකිය. එසේම මොවුන් මව් රටට නැවත යැවීමේ අරමුණු සහගතව කටයුතු කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම අදාළ රට විසින් සිදුකෙරේ. එක්සත් ජාතීන්ගේ සටහන් අනුව 2015 වසරේදී ලොව අනාථයින් සංඛ්‍යාව මිලියන 15.4ක් බැව් සඳහන්ය.

සරණාගතයන්

කිසියම් අර්බුදයක් හේතුවෙන් ආරක්ෂාව පිණිස වෙනත් රටකට පලා යන මිනිසුන් අනතුරුව තමන් එසේ පලා ඒමට බලපෑ හේතු අදාළ රටට ඉදිරිපත් කරයි. විශේෂයෙන්ම තමන්ගේ රටේ ජීවත්වීම සම්බන්ධයෙන් ඇති අනාරක්ෂාව පිළිබඳ කාරණය සුලභව ඉදිරිපත් කරන දෙයකි. එසේ වන්නේ එම කාරණය සනාථ කිරීම මගින් එම රටේ පදිංචිය සඳහා පසුබිම සකස්කර ගැනීමට හැකියාව ලැබීමයි. ඒ අනුව තමන් දේශපාලනික වශයෙන් අවතැන් වූවන් බවට තොරතුරු ඉදිරිපත් කිරීම දක්නට ලැබේ.

පසුව ඒ යටතේ නීතිමය රැකවරණය ලබා ගැනීම සහ ද්‍රව්‍යමය උපකාර හිමිකර ගැනීම සිදුවේ. මේ අන්දමට සංක‍්‍රමණික පිරිස ඔවුන් රැකවරණය ලැබූ රටේ විවිධ අයිතීන් භුක්ති විඳින අවස්ථාවට එළැඹී පසුව එම පිරිස හඳුන්වනු ලබන්නේ සරණාගතයන් ලෙසිනි. එක්සත් ජාතීන්ගේ වාර්තා තුළින් හෙළිවන්නේ 2015 වසරේදී ලොව සරණාගතයන් සංඛ්‍යාව මිලියන 3.2ක් වූ බවයි.

මේ අනුව අභ්‍යන්තරික වශයෙන් සිදුවන අවතැන්වීම පාදක කරගෙන අනාථ මිනිසුන් සහ සරණාගත මිනිසුන් පිළිබඳ ගැටලූව ඉස්මතු වේ. එසේම අනාථ සහ සරණාගත ගැටලූව අදාළ අර්බුදය ජනිත වූ රටට වඩා වෙනත් රටකට එයින් බලපැම් ඇති කරවයි. මෙරට යුද ගැටුම් පැවැති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් අවතැන් වූ දමිළ මිනිසුන් ඉන්දියාව හා කැනඩාව වැනි රටවලට සංක‍්‍රමණය වූ අතර එය එම රටවලට ගැටලූවක් විය.

ඒ අන්දමටම මියන්මාරයෙන් අවතැන් වන මිනිසුන් ලංකාවට පැමිණීම තුළ එය මියන්මාර රටට නොව අප රට ගැටලූවකි. මොවුන් රටෙන් බැහැර කළ නොහැක්කේ උන්හිටි තැන් අහිමි පිළිසරණක් අවැසි අසරණ පිරිසක් වන බැවිනි. එම නිසා මොවුන් අනාථ අය ලෙස පිළිගැනීම සිදුවේ. අනතුරුව ඔවුන් මියන්මාරයේ පවතින අනාරක්ෂාව පෙන්වා දෙමින් මෙහි ජීවත්වීමේ ඉඩකඩ ඉල්ලා සිටියහොත් සහ ඒවා නීතිමය වශයෙන් පිළිගැනීම සිදුවුවහොත් එම අය සරණාගතයින් බවට පත්වේ. සමාජ, සංස්කෘතික හා දේශපාලනික පසුබිම තුළ එම අයගේ ඉල්ලීම ගැන අවධානය යොමු කිරීම කෙරෙහි දේශපාලන සංදර්භයෙන් ඇතිවන බලපෑම විශේෂිත වූ දෙයකි.

විශේෂයෙන්ම ජනවාර්ගික වශයෙන් බෙදී සිටින මෙරට සමහර දේශපාලන පක්ෂවලට එයින් ඇතිවන වාසිය අවධානයට ගත යුතුවේ. එම අය විසින් කළ හැකි බලපෑම් අදාළ මිනිසුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට බලපානු ඇත. එසේම සමාජයේ මෙතෙක් හැඩගැසී තිබූ සමාජ පිළිවෙළ වෙනස් කිරීමට මෙවැනි ආගමනවලින් ඇතිවන බලපෑම සැලකිය යුතු දෙයකි.

විශේෂයෙන්ම ජන සංයුතියේ ඇතිවන වෙනස්වීම මෙන්ම රැකියා හා ඉඩම් මෙන්ම රාජ්‍ය සුභ සාධන වියදම් ආදිය සලකන විට මෙය කිසිසේත් රටේ ජනතාවට අදාළ ගැටලූ නොවේ. එසේම එසේ කැප කළ යුතු වන්නේ මෙරට වැසියන් භුක්ති විඳින හෝ භුක්ති විඳීමට තිබෙන අයිතීන්ය. සියලූ දෙයින් වත්පොහොසත්ව සිටින රටකට නම් මෙය එතරම් ගැටලූවක් නොවිය හැක. බෞද්ධ චින්තනයේ එන ලෝකෝත්තර අරමුණු ඇතිව එවැනි කැප කිරීම් කිරීම ඉතා හොඳ දෙයක් වුවද ප‍්‍රායෝගික තත්ත්වය ඊට වඩා වෙනස්ය. ලෞකිකත්වයට නැඹුරුව සිටින සමාජයක හැම විටෙකම ජනවාර්ගිකමය, සංස්කෘතිකමය, දේශපාලනිකමය හෝ වෙනත් අන්දමේ අනිසි ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාව තුළ එවැනි කැප කිරීම් කිරීමේ වුවමනාව ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය.

අනෙක් අතට ජාතිය, ජනවාර්ගික සමානත්වය මෙන්ම අදාළ මිනිසුන්ගේ කැමැත්ත සංක‍්‍රමණයේදී බලපාන වැදගත් ලක්ෂණය වේ. විශේෂයෙන්ම අවතැන් මිනිසුන් ආරක්ෂිත තැන් සොයා සංක‍්‍රමණය වීමේදී මෙම පසුබිම සැලකිල්ලට ගන්නා බැව් විවිධ සමාජ හා මානව විද්‍යාත්මක පර්යේෂණ මගින්ද තහවුරු කර ඇත.

ලංකාවේ දමිළ අවතැන් මිනිසුන් ඉන්දියාවේ හෝ කැනඩාවේ දමිළ මිනිසුන් වෙසෙන තැන් සොයා ගියේ ඒ අයුරිනි. ඔවුන් එහි නීතිමය රැකවරණය ලැබූ පසුව එරට සමාජ හා දේශපාලන ක‍්‍රියාවලියට සක‍්‍රීයව දායක වී සිටින අන්දම දැකගත හැකිය. එසේම මෙරට යුද සමයේ අවතැන් සිංහල මිනිසුන් දකුණේ ජීවත් වූ සිංහලයන් වෙසන තැන් සොයාගොස් රැකවරණය ලබා ඇත. එසේම මුස්ලිම් මිනිසුන්ගෙන් වැඩිදෙනා පුත්තලම හා බේරුවල වැනි තැන් වෙත පැමිණියේද ඒ අයුරිනි. මුස්ලිම් දේශපාලන පක්ෂ ක‍්‍රියාවලියට එම ආගමනය සැලකිය යුතු බලපෑමක් ඇතිකර තිබේ.

මේ අනුව මියන්මාර් අනාථ මිනිසුන් ලංකාවට සංක‍්‍රමණයවීම කෙරෙහි ජනවාර්ගික සමානත්වය යන කාරණය සැලකිල්ලට ගෙන ඇත. විශේෂයෙන්ම මෙරට වෙසෙන මුස්ලිම් ජනයා ගැන අවබෝධයේ බලපෑම බැහැර කළ නොහැක. එම අනාථ මිනිසුන්ට සරණාගත තත්ත්වය ලැබ මෙරට අයිතීන් භුක්ති විඳීමට ඉඩ සැලසුනහොත් එය එක් අතෙකින් මෙරට උරුමක්කාර අයට හිමිවිය යුතු දේවල්වලින් කොටසක් ගිලිහෙන තත්ත්වයකි. අනික් අතට අදාළ ජනවර්ගය නියෝජනය කරන දේශපාලන පක්ෂයට උදාවෙන ඡන්ද වාසියකි.

මෙහිදී වැඩි වටිනාකම දෙන්නේ කුමකටද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් සියලූ මත්වීමේ ක‍්‍රමෝපායන්ට වඩා දේශපාලන බලයෙන් මත්වීම භයානකය. ඊට මූලික හේතුව එයින් මුළු මහත් රටේම ජනතාවට නොයෙකුත් බලපැම් ඇති කිරීමයි.

මෙවැනි අවස්ථාවක තමන් අයිති ජාතිය, ආගම, කුලය සහ දේශපාලන පක්ෂය යන ඒවාට කොතරම් වාසියක් අත්වන්නේ ද යන්න කිරුම් මිණුම් බලා තීන්දු ගැනීම අඥාන දෙයක් වුවත් එවැනි අවස්ථා අපේ රටේ ඉතිහාසයේ අලූත් දේවල් නොවන අන්දම රට ගමන් කරන දිශාව දෙස බලන විට මැනවින් පැහැදිලි වන බැව් අවසන් වශයෙන් කිව යුතුය.

පාසල් පවත්වන්න එපා ජනපතිට ලිපියක්

එළබෙන සඳුදා නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මැදිහත්වීමෙන් සියලු පාසල් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය. පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව පාසල්වල කටයුතු ආරම්භ කරන බව පවසන අධ්‍යාපන අමාත්‍යංශය මීට අමතරව පාසල් සිසුන් ගමන් කරන බස්රථ හා වෑන් රථ ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීන බවද සදහන් කරයි.

පාසල් සිසුන්ගේ ආරක්ෂාව සහතික වන තුරු පාසල්වලට ත්‍රිවිධ හමුදා හා පොලිස් ආරක්ෂාව ලබාදීමට නියමිතය. ඒ සඳහා දෙමව්පියන්ගේද සහයෝගය අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරයි.

නමුත් මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුකොට ගෙන ගරු තුෂාර ස්වර්ණතිලක මැතිතුමාගේ ආරාධනයෙන් මහනුවර සියලු පාසල් වල ආදි ශිෂ්‍ය සංගම් හා දෙමාපියන් රැස්ව තම දරුවන් මැයි 06 වන දින පාසල් නොයවන බවට දැඩි තීන්දුවක් අද දින ගන්නා ලදී.

පාසල්, පාසල් දරුවන් සුරකීමේ දෙමාපිය, ආදි සිසු එකමුතුව ජනපතිට යැවූ ලිපිය

පාස්කු දා නැතිවුනේ අපේ හොඳ උගත් මුස්ලිම් දරුවෝ – නිළි දීපානි සිල්වා කියයි

කිතුනු ජනතාව ඉලක්ක කරගනිමින් මේ අධම, නීච සහ බියගුලු ප්‍රහාරය එල්ල වන්නේ ඔවුන්ගේ විශේෂ දේව මෙහෙය පැවැත්වූ පසුගිය පාස්කු ඉරිදා දිනයේය. එදින වෙනත් ඉරිදා දිනවල මෙන් නොව අවුරුදු නිවාඩු සමය නිසා කොළඹ නගරයේ එතරම් විශාල ජනතාවක් රැඳී නොසිටියහ, එහෙත් සිය පාස්කුව සැමරීම සඳහා පල්ලි වලට රැස්ව සිටි කිතුනු ජනයා බොහෝ වූහ.

බෝම්බ ප්‍රහාරය එල්ල වූ ක්ෂණයේ මිනිසුන් බොහෝ දෙනකු සිටියේ තුෂ්නිම්භූතවය. ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න වටහා ගැනීමට නොහැකි විය, එහෙත් ඉතාම ඉක්මනින් ඔවුහු තුවාල ලබූ පිරිස් රෝහල් වලට යැවීමට කටයුතු කළෝය, ඒ මොහොතේ මිනිස්සු ජාති භේද, ආගම් භේද නොබලමින් එකිනෙකාට උපකර කළෝය. ඔවුන්ට පූර්ව නිගමන නොවීය. මිනිස් ජීවිත වල වටිනාකම ඔවුහු ක්ෂණයකින් අවබෝධ කරගනිමින් සිටියහ.

මේ අතරතුර පාස්කු දා ප්‍රහාරය සහ එවැනි තත්වයන් යලි ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් මෙරට සිවිල් සංවිධාන රැසකගේ එකතුවෙන් ඊයේ (02) බත්තරමුල්ලේදී පැවැත්විණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණු ස්වාධීන කලා සංගමය නියෝජනය කරමින් අදහස් දැක්වූ නිළි දීපානි සිල්වා සඳහන් කළේ මෙම ඝතන වලින් මියගියේ අපේම උගත් මුස්ලිම් දරුවන් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,

කොයි වගේ ජන කොටස්ද මේවගෙන් නැතිවෙන්නේ, මුස්ලිමේ වෙන්න පුලුවන් ඒ අපේ දරුවෝ. ඇයි ඒ දරුවෝ නැතිවෙන්නේ, ඒ දරුවෝ නිකං දරුවොද නෑ, හොඳ උගත් දරුවෝ ඔවුන් ඇයි එහෙනෙම් මෙවැනි දේවල් වලට පෙළඹුණේ.අන්න එතනයි හොයන්න ඕන, යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළා,

ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවට සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ ශ්‍රි ලංකාවේ ගිණිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවත් මේ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව ඉදිරි දින කීපය තුළ අවධානයෙන් සිටින ලෙස රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමා අද දින (26) අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් පැවසීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට මායිමිව කිලෝමීටර් 1000 කට පමණ ඈතින් මුහුදේ කුණාටු තත්වයක් ඇති වී තිබෙන බවත් මේ හේතුවෙන් අප්‍රේල් මස 28 දින සිට මැයි මස 01 වන දින දක්වා අයහපත් කාලගුණික තත්වයක් ඇති විය හැකි බව අමාත්‍යතුමා දුරටත් දැනුම් දෙන ලදී.

මෙම පීඩන අවපාතය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ගමන් කරනු ඇති බවත් මෙි නිසා ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග, නැගෙනහිර සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වෙිගය පැයට කිලොමීටර් 70 ක් 80 ක් දක්වා වැඩිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළුවිය හැකිය බවත් පෙන්වා දෙන ලදී. එසේම දකුණු, සබරගමුව, වයඹ, උතුරුමැද, නැගෙනහිර සහ උතුරු පළාත්වල මිලි මීටර් 100 කට වඩා අධික වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම පළාත්වල ගංවතුර අවදානමක් ඇතිවිය හැකි යැයි ද පැවසීය. අධික වැසි නිසා නායයාමේ අවධානමක් ඇති ප්‍රදේශවල නාය යාම් ඇතිවිය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පෙන්වා දී ඇති බවත් මෙම මධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරන ලදී.

ඒසේම මෙම පීඩන අවපාතය නිසා නැගෙනහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ උතුරු පළාත්වල ගොඩබිම් ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බැවින් සෑම ආයතනයකටම අවදානම අවම කරගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යතුමා පැවසීය. එසේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන, වාරි මාර්ග දෙපාර්තුමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව, විදුලි බල මණ්බලය හා පොලිසිය ද ත්‍රිවිධ හමුදාව, ධීවර අමාත්‍යාංශය ඇතුලු සියලු පාර්ශවකාර ආයතන මේ පිළිබදව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදීමට කටයුතු කළ බවද අමාත්‍යතුමා පැවසීය

හම්බන්තොට සිට යාපනය දක්වා මුහුදු තීරයේ පැයට කිලෝමීටර් 70 -80කට වැඩි වැඩි වේගයෙන් සුළං තත්වයක් ඇති විය හැකි බැවින් ධීවර ජනතාවට මුහුදු යාමෙන් වළකින ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටින ලදී. නිවාස වල වහල හානි, ගස් කඩාවැටීම, ගස් අතු කඩාවැටීම, යටිතල සහසුකම් හානියට පත්වීම, නායයාම් නිසා සිදුවිය හැකි හානි, ගංවතුර නිසා සිදුවිය හැකි හානි සිදුවිය හැකි බැවින් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අමාත්‍යතුමා කටකතා වලට නොරැවටී ඕනෑම හදිසි තත්වයකදී 117 යන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ද දන්වා සිටින ලදී. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍යාංශ ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ධීවර කටයුතු දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන නියෝජිතයින් මේ අවස්ථාවට සහභාගීවිය.

ස්‌කොට්‌ලන්තයේ විශාලතම ඉඩම් හිමියා ළමයින්ට බෙදාදෙන්න සිටි බූදලය

ඇන්ඩර්ස්‌ පුල්ඩ් පොව්ල්සන් ස්‌කොට්‌ලන්තයේ විශාලතම ඉඩම් හිමියායි. ඔහු සතුව අක්‌කර 220,000 කින් යුත් වතු 12 ක්‌ ඇත. නිවාඩුවක්‌ ගත කිරීම සඳහා තම දරුවන් සිව්දෙනා සමග මෙරටට පැමිණි පොව්ල්සන්s සිය දිවියේ බරපතළම දවාචකයට මුහුණ පෑවේය. ඒ පාස්‌කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි සහ සුපිරි සංචාරක හෝටල් කීපයකට එල්ල වූ අයිසිස්‌ ප්‍රහාරවලින් දරුවන් තිදෙනකු මිය යැමයි. මෙරටට පැමිණීමට පෙර ඔහු ස්‌කොට්‌ලන්තයේදී පැවසූවේ තමාගේ මරණින් පසු සිය වතු යායන් සංරක්‍ෂණය කිරීම සඳහා එම වතු දරුවන් සිව්දෙනාගේ නමට ලියන බවයි. අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වනවිට ඇන්ඩර්ස්‌ ප්‍රමුඛ පවුලේ අය ශැංග්‍රීලා හෝටලයේ උදේ ආහාර ගනිමින් සිටි බව හෙළි විය. මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමකින් ඇන්ඩ්ර්ස්‌ පූල්ඩ් තුවාල ලැබීය.

එහෙත් ඇස්‌ටි්‍රට්‌, ඇග්නස්‌, ඇල්ඩ් සහ ඇල්වා යන දරුවන් සිව්දෙනාගෙන් තිදෙනකු මරුමුවට පත් විය. මේ මියගිය දරුවන් තිදෙනා කවුදැයි මෙතෙක්‌ හෙළි වී නැත. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඇන්ඩර්ස්‌ පොව්ල්සන් තවදුරටත් සඳහන් කළේ තම වතුයායේ සිටින වනසතුන් වඳ වී යන නිසා රැක ගැනීමේ අරමුණින් වසර 200 ක සැලසුමක්‌ ඇති බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම දරුවන් සිව්දෙනාට භාර කරන බවයි. ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වූ ඇන්ඩර්ස්‌ 2010 දී ස්‌කොට්‌ලන්තයේ පිහිටි ඉතාමත් දර්ශනීය දූපත වූ ලොච් එරිබෝල් ස්‌ටර්ලින් පවුම් මිලියන 7 කට මිලයට ගත්තේය. අයිසිස්‌ ත්‍රස්‌තයන් සිදු කළ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට බ්‍රිතාන්‍ය නීතිවේදිනි අනිටා නිකොල්සන් ඇගේ පුත්‍රයා සහ දියණියද ගොදුරු විය. මේ අතර ඇන්ඩර්ස්‌ගේ වත්කම ස්‌ටර්ලින් පවුම් බිලියන 5.4 ක්‌ වේ.

සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

යුද්ධයෙන් පසු ජනතාව කානිවල් ජීවිතයක් ගත කළා එය ගැටලුවක් නොවේ නමුත් දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශත් එවැනි සැහැල්ලුවෙන් ක්‍රියා කිරීම ගැටලුවක් වුණා ත්‍රස්තවාදය එකවරම ඇතිවන දෙයක් නෙවේ ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පති යටතේ සිටින්නෙකු නොවේ ඔහු යටත් වන්නේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම්ටයි ජනාධිපති ඒ ගැන දැනුවත් නෑ කියන එක පිළිගන්න බෑ එසේ නොවුණේ නම් එය ගැටලුවක් පොලිස්පතිට චෝදනා කිරීම පදනම් විරහිතයි මට අවශ්‍ය ආරක්ෂාව වත් නෑ මට තාම තියෙන්නෙ ඔබතුමා (මහින්ද රාජපක්ෂ මහතා පෙන්වමින්) දුන්න 17 දෙනාගෙ ආරක්ෂාවයි අර කැඩි කැඩි යන ජීප් එකයි විතරයි

නිදහසට කාරණා අවශ්‍ය නෑ වෙන රටක නම් අදාල අය ඉල්ලා අස්වෙනව අර නාමල් කුමාර කියන නරුමයගෙ ඔත්තුවට දුන්න තරම්වත් උනන්දුවක් මේකට දුන්නෙ නෑ ආරක්ෂාව විහිළුවක් වෙලා තිබ්බෙ ආරක්ෂක කවුන්සලේ කවුද ඉන්නෙ? අගමැතිවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවත් රැස්වීම්වලට ගෙන්නුවෙ නැහැලු මට ආරංචි උනා ඔබතුමාලගෙ පැත්තෙ (විපක්ෂය) සමහරුයි මේකෙ වාඩිවෙලා හිටියෙ කියල මොන රටේද විරුද්ධ පක්ෂෙ මිනිස්සු ආරක්ෂක කවුන්සලේ වාඩිවෙන්නෙ? ආරක්ෂක කවුන්සලේ කතාකලේ රේස් ඔට්ටු දාන එක ගැනද? මේව ලෝක විහිළු අගමැති තුමාට මම ගරු කරනව නමුත් ඔබතුමාට මාස හයක් රැස්වීම්වලට එන්න නොකීව නම් ඇයි ඔබතුමා බලන් හිටියෙ ඔබතුමාට ඒකට යන්න තිබ්බ ක්‍රියාත්මක වෙන්න තිබ්බ පාර්ලිමේන්තුවෙ කියන්න තිබ්බ අපි කවුරුත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ නැත්තම් අගමැති හැටියට කොහොමද ඔබතුමා වගකීම ඉෂ්ට කරන්නෙ? ඒක කාටවත් නිදහසට කාරණයක් නෙවේ

නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට ආරක්ෂක කවුන්සලේට එන්න දෙන්නෙ නැත්තම් එතුම නිදහස් වෙලා මොකටද? එහෙනම් එතුමා අස්වෙන්න ඕනි ආරක්ෂක කවුන්සලේට යන්න බැරි නියෝජ්‍ය ඇමතිකමෙන් වැඩක් තියෙනවද? මේ තනතුරු වලට ගැලපෙන මිනිස්සු අපි දාල හිටියද? ඒ ප්‍රශ්නෙ මගෙ හිතේ තියෙනව සමහර නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරු වැදගත් සුන්දර මිනිස්සු නමුත් අවශ්‍ය දැනුම තියෙන්න ඕනි ඒ නීතිය හා සාමය ඇමතිවරුන්ට ඒ පිළිබඳ පසුබිමක් තිබුණෙ නැහැ නීතිය පිළිබඳ දැනුමක් නැහැ මේ කාරණාවලට මෝරපු මිනිස්සු ඕනි තරුණ මන්ත්‍රීවරු දාල මේව කරන්න බෑ කොහොමද අවුරුදු 55ක් 60ක් වෙච්ච පොලිස්පති කෙනෙකුට හමුදාපති කෙනෙකුට අවුරුදු 40ක් වෙච්චි මන්ත්‍රී කෙනෙක් උපදෙස් දෙන්නෙ? අපිත් ඒ තනතුරු වල හිටිය අපේ කාලෙත් එහෙම හිටිය නම් ඒක අපහසුතාවට පත්වන තත්ත්වයක් ආණ්ඩුවෙ තව තැන් තියෙනව සුදුස්සො ඒ තැන්වල නැති

අපි කිව්ව පරිපාලන නිලධාරියෙක් ආරක්ෂක ලේකම් වෙන්න ඕනි කියල එක්කෙනෙක් දෙන්නෙක් එහෙම හිටිය ඊටපස්සෙ ඒ සෙල්ලම එපා වුණා ඊටපස්සෙ දුන්නෙ තමුන්ගෙ හිතවතුන්ට ඒ ඔක්කොමල අසාර්ථකයි ඉන්දියාවෙ ඉන්නව පරිපාලන නිලධාරින් ආරක්ෂක ලේකම් විදිහට නමුත් ඒ අය ආරක්ෂක විද්‍යාලයට ගිහින් ඒ ගැන අවබෝධයක් ලබාගත් අය උපාධියක් තිබ්බ පලියට ආරක්ෂාව ගැන තේරෙන්නෑ ප්ලැටූන් එකක 25ක් ඉන්නව කියල දන්නෙ නෑ සමහර ආරක්ෂක ලේකම්වරු මේ සිද්ධිය වෙලා පැය 48ක් යනකම් මට අගමැතිවරයා හම්බවෙන්න වෙලාවක් දුන්නෙ නෑ මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් මම ෆීල්ඩ් මාර්ෂල් උනේ ගෝල්ෆේස් එකේ කඩල විකුණල නෙවෙයි මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණ මේ ආණ්ඩුවෙ ඉන්නවද මට වඩා කවුරුත් ආරක්ෂාව ගැන දන්න අය? අපෙන් ප්‍රයෝජන ගන්න අපි වැඩ කරන්න ලෑස්තියි

කොළඹ ඇතුළු දිවින පුරා ප්‍රදේශවල දැන් තත්ත්වය

කොළඹ දේවස්ථානයක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා. කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුවූ පිපිරීමකින් 80කට අදික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා, මීට අමතරව තවත් දේවස්ථානයක සහ සුපිරි හෝටල් කිහිපයක විශාල පිපිරීම් දෙකක් සිදුවී තිබෙනවා ශ්‍රන්ගිලා, සිනමන්ග්රෑන්ඩ්, සහ මඩකලපුවේ දේවස්ථාන කිහිපයකද මෙම පිපිරීම් වාර්තා වී තිබෙනවා ක්‍රිස්තියානි ආගමික ජේසුස් වහන්සේ ඔටුන්න තිබු දේවස්ථානයේද ඇතිවූ ගින්නක් බිලිබදව ද පසු ගිය දිනක අපට අසන්නට ලැබුනා කෙසේ වෙතත් අද උදැසන සිදු වුනු මෙම පිපිරිම සම්බන්දයෙන් ජිවිත හානි 35ක් වාර්තා වෙනවා අතර දේවස්ථානයට බරපතල හානි සිදු වී ඇති ආකාරය අපට දක්නට ලැබුනා මේ පිබිබදව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා, කොළඹ ඇතුළු දිවින පුරා ප්‍රදේශ කිහිපයකම විශාල පිපිරීම් කිහිපයක් මෙන්න එම ස්ථානවල දැන් තත්වය.