හරියට නාන හැටි දන්නවද…?

නෑම කියන වචනයට විවිධ අරුත් තියෙනවා.නෑම කියන වචනයට හැදිලා තියෙන සමාජ සංස්කෘතික තේරුම් ගැන ඉතින් කවුරු කවුරුත් හොඳ හැටි දන්නවනේ. මේ කියන්න යන්නෙ ඒ නෑම ගැන නෙමෙයි. ස්නානය ගැන. වතුරෙන් හිසේ සිට පාදාන්තය දක්වා වැඩි වෙලාවක් දෝවනය කිරීම සහ පිරිසිදු කිරීම තමයි ආයුර්වේදයේ ස්නානය හැටියට හැඳින්වෙන්නේ. ලංකාව වැනි රටක උෂ්ණ රටක ජීවත්වන අපට ස්නානයෙන් ලැබෙන සැනසිල්ල ඉමහත් සැනසිල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ස්නානය තුළින් පිරිසිදු වීම පමණක් නොව මාංසපේශී ලිහිල් වීම, පටකවලට තෙතමනය ලබාදීම, ඛනිජ ලවණ සමට ලැබීම, විෂ පදාර්ථ බැහැර වීම සහ තුවාල සුවවීම වේගවත් වීම ත් සිදුවෙනවා.

දිනපතා ස්නානය කිරීම සෞඛ්‍ය රැුකගැනීම සඳහා ඉතාම වැදගත් වන නමුත් ස්නානය කළ යුතු වෙලාව හඳුනාගැනීම ඉතා වැදගත්. මොකද වැරදි වෙලාවල නාගන්න ගියොත් ඒ නෑම නවතින්නෙ ලෙඩෙක් වීමෙනුයි. ආයුර්වේදයට අනුව නම් ස්නානය කළ යුත්තේ උදෑසනයි. මධ්‍යහනයට පෙර ස්නානය කිරිම සුදුසු බව ආයුර්වේද මතයයි. නමුත් ස්නානය කරන වේලාව තමන් කරන රක්ෂාව, තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතිනවා. අළුයම ගෙදරින් පිටත් වෙලා වැඩට යන කෙනෙකුට උදේ නෑම වෙනුවෙන් නිවාඩු දාන්න පුළුවන්කමක් නැහැනේ. එවන් අය පුරුද්දක් වශයෙන් හැමදාම අළුයම නෑම නම් නොකළ යුතුයි. අඩු තරමින් සතියකට නාන වතාවල් ගණන අඩු කරගැනීමෙන් එවැනි අයට නිරෝගිව ඉන්න පුළුවන් වෙනවා.

කොහොමටත් සෙම් රෝගවලට නිතර ගොදුරු වෙන අය හෝ පීනස් තත්වයන්ගෙන් පීඩා විඳින අය අළුයම නෑම නම් යහපත් පුරුද්දක් නොවෙයි. කාටත් වැඩිපුරම ගුණදායක වෙන්නේ ඉර හැරෙන්නට පළමුව උදේ වරුවේ ඉර පායා ඇති විට ස්නානය කිරීමයි. ස්නානය කිරීමේදී වඩාත්ම හිතකර වනුයේ ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක පවතින ජලයයි. වඩා උණුසුම් ජලය හෝ වඩා සිසිල් ජලය දිනපතා ස්නානය ශරීරයට සුදුසු නොවේ. ස්නානය කරන අවස්ථාවේදී කඩින් කඩ සීතල ජලයද උණු ජලයද මාරුවෙන් මාරුවට භාවිතා කිරීම මගින් රුධිර සංසරණය ඉතා යහපත් අතට හැරෙන බවට නව විද්‍යාත්මක වාර්තා දක්වනවා.

උෂ්ණාධික දවස්වලට නම් වතුරේ මිනිත්තු 20කට වඩා සිටීම ඇගට ගුණ බව කියැවෙනවා. නමුත් සාමාන්‍ය දිනවල මිනිත්තු 10ත් 15ත් අතර කාලයක් ස්නානය කිරීම ප‍්‍රමාණවත් වෙනවා. නානවිට හිසේ සබන් හෝ ෂැම්පු ගැල්වීම කවුරුත් අනිවාර්යයෙන් සිදු කරනවානේ. වඩාත් යහපත් ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙන සමහර තරුණියන් ස්නානය අතරතුරදී දෙවතාවක් ෂැම්පු ගැල්වීම සිදු කරනවා. ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. මොකද ඒ හේතුව නිසා හිසේ සම වියැලෙනවා. කෙස්ගස්වල ඇති ස්වභාවික තෙල් ආවරණය ඉවත්වෙලා යනවා. එවිට කෙස්ගස්වලට ලැබෙන්නේ වියළි දුර්වල පෙනුමක්. නිතර උණුසුම් ජලය භාවිතයෙන් කෙස්ගස් සෝදන අයටත් මේ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වියළිබව වැඩි වෙලා මේ අයගේ කෙස්ගස් මැදින් කැඞී යනවා.

කොහොමටත් ස්නානය අවසන් වී හිස වියැළුණු විට කොණ්ඩයට සිලිකන් තෙල් ගල්වන්නට පුළුවන් නම් ඕනෑම කෙනෙකුට දීප්තිමත් කෙස් කලඹක් ලබා ගන්න පුළුවන්. ආයුර්වේදයට අනුව ස්නානය කිරීමේදී මදටිය කොළ පොතු, අමු කහ, කොහොඹ කොළ, ඇත්තෝර කොළ, වෙනිවැල් ගැට ආදී විෂබීජ නාශක පිරිසිදු කාරක ඖෂධ වර්ග යොදා ගත හැකි බව දැක්වෙනවා. ඒවා සමටත් ගුණදායකයි. බෙහෙත් ඖෂධ ස්නානය කරද්දී ඒවායේ සුවඳට මානසික ඉහිල්තාවත් සිද්ධවෙනවා. හැබැයි ඒ ඖෂධ ඇතුළත් කර සැ¥ බව කියන කෘත‍්‍රීම ෂැම්පු, ක‍්‍රීම්, ආලේපන, සබන් ආදියේ නම් ඒවා ඇත්තටම ඇතුළත් ද කියලා හොයලා බලන්න වටිනවා.

වැර යොදා සම මත සබන් හෝ පිරිසිදුකාරක ආලේප කිරීම ම`ගින් සම මත ඇති ආරක්ෂක හිතකර බැක්ටීරියා ස්ථරය ඉවත්වී ආසාදනවලට ගොදුරු විය හැකියි. එසේම නානවිට සමේ ගැල්වීමට හානිකර නොවන සුමුදු පිරිසිදුකාරක තෝරාගන්නත් අමතක කරන්න එපා. නීරෝගීමත් බව උදෙසා ස්නානය කිරීමෙන් අනතුරුව ශරීරය හා හිස හොඳින් පිස දැමිය සිදුකළ යුතු අතර ඒ සඳහා පිරිසිදු රෙදි කඩක් භාවිත කළ යුතුයි. තුවාය කියන්නේ පවුලේ සැමට හවුලේ භාවිතා කරන්න පුළුවන් දෙයක් නොවෙයි. පෞද්ගලික සනීපාරක්ෂාව ගැන හිතන කවුරුත් තමාටම කියලා පිරිසිදු තුවායක් තබා ගත යුතුමයි. නැතිනම් හිස්සොරි සහ උකුණන්ගේ පටන් තව බොහෝ බෝවෙන තත්ත්ව ගණනාවක ගොදුරක් බවට පහසුවෙන් පත් වීමේ අවදානමක් තියෙනවා.

දිග කොණ්ඩයක් තියෙන කෙනෙකුට ස්නානයෙන් අනතුරුව කොණ්ඩය වේලා ගැනීම අසීරු කාරණාවක් තමයි. ඒත් හැමදාම පුරුද්දක් විදියට හිසකෙස් වේලන උපකරණය භාවිත කරන්න එපා. කෙස්ගස් වියළී කැඞී ගොසින් තුනී දුර්වල කෙස්කළඹක් තමයි එවිට ඔබට ඉතුරු වෙන්නේ. ඒ වගේම දිග කොණ්ඩයක් තියෙන කිසිවෙක් ස්නානය කළ විගසම කොණ්ඩය පනාවෙන් හෝ බ‍්‍රෂ්වලින් පීරීමෙන් වැළකී සිටිය යුතුයි. එවිට ස්නානයේදී වතුරට බුරුල් වී තිබෙන කෙස්ගස් මුල ඇදෙන නිසා කෙස්ගස් වැඩි ප‍්‍රමාණයක් ගැලවී යාම සිද්ධ වෙන්න පුළුවන්. හරි විදියට නෑම හරි සරල දෙයක් නොවෙන බව මේ ලිපිය කියවූ ඔබට අවබෝධ වෙන්න ඇති.

රෝග වලින් බේරෙන්නේ කොහොමද

වර්තමානයේ බොහෝ අය තුළ බාහිරින් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ ද ශරීර අභ්‍යන්තරය තුළ අන්තරාසර්ග ග්‍රන්ථි ආශ්‍රිතව බොහෝ හෝමෝන සහ එන්සයිම අසාමාන්‍යතා පවතී. බොහෝ දෙනෙකු තමන් නිරෝගී යැයි සිතා සිටියද කුඩා දරුවන් තුළ මෙන්ම බොහෝ වැඩිහිටියන් තුළද මෙම තත්ත්වය දක්නට තිබේ. හෝමෝන පරීක්ෂාවක් සිදු කළහොත් ඒ බව අනාවරණය වනු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවේ විෂය පථයට අනුව පිටියුටරි ග්‍රන්ථිය, අධිවෘක්ක ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය ඇතුළු අන්තරාසර්ග ග්‍රන්ථි ශ්‍රාවය කරනු ලබන්නේ වර්ධක හෝමෝන, කොටිසෝල්, ලිංගික හෝමෝන ACTH හෝමෝන, තයිරොයිඩ් හෝමෝන වැනි හෝමෝන වර්ග කීපයකි. නමුත් සැබැවින්ම හඳුනා නොගත් ශ්‍රාවීය හෝමෝන රැසක් මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරනු ලබයි.

වර්තමානයේ බොහෝ හෝමෝන ශ්‍රාවයන්වල මෙම අසාමාන්‍යතා පවතී. කාන්තාවන් බොහොමයක් අතර මාස් ශුද්ධියේ අක්‍රමවත් භාවයන් බහුලව දක්නට ලැබේ. මඳසරු භාවයන්ද සමාජය තුළ බහුලය. වර්තමානයේ බොහෝ දෙනෙකුට වෙහෙස මහන්සි වී වැඩ කළ නොහැක. සමාජයේ බොහෝ දෙනෙක් හිසේ කැක්කුමට ඖෂධ භාවිත කරති. මේවා ඉරුවාරදය ලෙස වර්ග කෙරේ. මේවා හෝමෝන අසාමාන්‍යතා නිසා ඇතිවේ. මෙයට හේතුව වර්තමාන ආහාරවල අන්තර්ගත විෂ සංඝටක මගින් මෙම හෝමෝන අසාමාන්‍යතා ඇති කිරීමයි. උසට සරිලන බර සාමාන්‍ය මට්ටමේ ඇති අයකුගේ පවා (BMI = 18.5 – 24.9) මෙම තත්ත්වය දක්නට ලැබේ. මෙය බොහෝ දෙනෙක් නොදනිති.

මෙහි භයානකකම වන්නේ දිගු කාලයක් මෙම හෝමෝන අසාමාන්‍යතා පැවැතීම නිසා ශරීරයේ අභ්‍යන්තර පටකවල අඛණ්ඩ ප්‍රදාහ තත්ත්වයන් ඇති වී හදිසියේ රෝගී වීමයි. මෙම අඛණ්ඩ ප්‍රදාහ තත්ත්වයන් ප්‍රබල වූ විට ඇති වන රෝග සුව කිරීම ද අසීරුවේ. ඇතැම් විට සුව කළ නොහැකි වේ. ඇතැම් විට ක්ෂණික මරණය පවා සිදු විය හැක. වර්තමානයේ මැරතන් ධාවන තරග සහ විවිධ ක්‍රීඩා ඉසව්වල දී ක්ෂණික මරණයන් ඇති වීමට හේතු වනුයේ මෙම තත්ත්වයයි. මෙය බුද්ධියෙන්ම වටහා ගත යුතුය. මෙය වළක්වා ගැනීමට ගත යුතු එකම පහසු විසඳුම වන්නේ නිවැරදි ආහාරයට යොමු වීමයි.

මානසික පීඩන බොහෝ වැඩිහිටියන් සහ දරුවන් තුළ වර්තමානයේ දක්නට ලැබෙන වෛරී, අකීකරු ස්වභාවය සහ මානසික පීඩනයන්ට හේතුව මෙවැනි හෝමෝනවල අසාමාන්‍ය හැසිරීමයි. වර්තමාන ආහාරවල අන්තර්ගත විෂ සංඝටක මෙම හෝමෝනවල අසාමාන්‍යතා ඇති කරයි. එසේම මානසික ව්‍යාකූලතාවන්, නොසන්සුන්කාරී බව, අපරාධ වැඩිවීම වැනි කරුණු කෙරෙහි ද හෝමෝන අසාමාන්‍යතා හේතු වී තිබෙන බව සනාථ කර ඇත. වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙන නොසන්සුන්කාරී බවට මෙවැනි හෝමෝන අසාමාන්‍යතා හේතු වන බව මින් පැහැදිලි නොවේද?

ගැස්ට්‍රයිටිස් නමින් බොහෝ දෙනෙකු හඳුනන රෝගය ඇතිවීම කෙරෙහි ද බලපානුයේ මෙම කරුණමය. එනම්, වැරදි ආහාර දිගු කාලයක් පරිභෝජනය කිරීම හේතුවෙන් ඒවායේ අඩංගු විෂ සඝංටක නිසා ආහාර මාර්ගයේ ආම්ලිකතාව වැඩිවීම සිදුවේ. මෙම සංඝටකවලට ප්‍රදාහ ප්‍රතික්‍රියා ආමාශ බිත්තිය තුළ ඇතිවීම නිසා නිතර උගුරට එන ස්වභාවය (gastric reflux) හෝ ඒවා පුපුරා ආමාශය තුවාල වීම (gastric ulcer) සිදුවේ. (පහත රූප බලන්න) මෙය නිවැරදි ආහාර පරිභෝජනයෙන්ම වළක්වා ගත හැක.

අක්මාව පිරිසිදු කරන කෑම

අපි හැමෝම දිනපතාම සකස් කළ ආහාර වර්ග පරිභොජනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම පරිසර දූෂණය ද විශාල වශයෙන් තියෙනවා. අපි දිනපතාම වගේ කල්තබා ගන්නා ආහාර වගේම අතිරේක ආහාර ගන්නත් පුරුදු වෙලා ඉන්නවා. මේ සෑම දෙයක්ම අපේ ශරීරයට වරින් වර අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. ඒමගින් අපිට හොඳින් වැඩ කරන්නත් අපේ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්නත් පුඵවන් වෙනවා. අපේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න අපේ අක්මාව ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අක්මාව නැත්නම් අපි ගන්න ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට උරා ගන්නා විදිහක් නැහැ. ඔයාගේ අක්මාවට මෙම හොඳ ආහාර වර්ග 6 ඔයාගේ නිතිපතා ආහාරයට ඇතුලත් කරගන්න බවට ඔයාට සහතික වෙන්න පුඵවන් නම් ඔයාගේ ශරීරයෙන් විෂද්‍රව්‍යයන් ඉවත් කරලා ඔයගේ අක්මාව පිරිසිදුව තියාගන්න ඔයාට පුඵවන්.

සුදු ඵෑණ සුදුඵණූවල ඔයාගේ අක්මාවට වාසිදායක වන බොහොමයක් ගුණාංගයන් ඇතුලත්ව වෙනවා. සුදුඵණූවල සෙලේනියම් අඩංගු වන අතර, එය අක්මාව ප්‍රවේශම් කිරීම සඳහා විශිෂ්ඨ ඔක්සිකාරක ක්‍රියාකාරිත්වයක් වර්ධනය කිරීමට උපකාර වන ඛනිජයකි. සුදුඵෑණුවල අඩංගු විටමින් ඊ6 මගින් ඔයාගේ අක්මාවේ තියෙන ප්‍රති-උත්තේජනයක් ලෙස ක්‍රියා කරනවා. ඇමයිනෝ අම්ලයක් වන සුදුඵෑණු වල අඩංගු ආර්ජින්යින්, ඔයාගේ රුධිර නාලිකා ලිහිල් කිරීම සඳහා උපකාරී වෙනවා. මෙමගින් ඔයාගේ අක්මාව තුළ රුධිර පීඩනය ලිහිල් කරන්නත් උපකාරී වෙනවා.

ග්රේප් ෆෘට් ගරේප් ෆෘට්වල ඔයාගේ අක්මාව පිරිසිදු කරන්න උදව් වෙන්නේ එහි ඉතා ඉහළ ප්‍රමාණයකින් විටමන් සී සහ ග්ලුතටයිතෝන් අඩංගු වන නිසයි. අක්මාව ස්වාභාවිකවත් ග්ලුතටයිතෝන් නිපදවනවා. ග්ලුතටයිතෝන් අවශ්‍ය වන බොහොමයක් ක්‍රියාකාරකම් අපේ ශරීරය තුළ තියෙනවා. මේ අතරට ශරීරයට අත්‍යාවශ්‍ය වන ප්‍රෝටීන් සහ රසායනික ද්‍රව්‍යයන් නිපදවීම, පටක ගොඩනැංවීම සහ ආශ්චර්යමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සකස් කිරීම සහ අලුත්වැඩියා කිරීම යනාදිය ඇතුලත් වෙනවා.

කොළ පැහැති හරිත එළවඵ කොළ පැහැති හරිත එළවඵ නිරන්තරයෙන්ම රසායනික ද්‍රව්‍යයන්, ලෝහ සහහ පළිබෝධනාශක ද්‍රව්‍යයන් පරිසරයෙන් වගේම ඔයාගේ ආහාරවලිනුත් ඉවත් කරන නිසා මෙම කොළ පැහැති හරිත එළවඵ වලට පුඵවන් ඔයාගේ අක්මාව ආරක්ෂා කරගන්න උදව් වෙන්න. ඔයා වැඩි වශයෙන් නිවිති, චිකරි සහ අරුචාඵ ආහාරයට එක්කර ගන්න ඕන, ඒ මොකව කියනවා නම් ඒවාවට ඔයාගේ ශරීරයේ අපද්‍රව්‍ය නිෂ්පාදනයන් ඉවත් කරන්න උදව් කරන්න පුඵවන් නිසා. ඒ වගේම ඔයා ඔයාගේ ආහාරයට බීට් එකතු කරගන්න ඕන, ඒ මොකද කියනවා නම්, ඒවාට ඔයාගේ රුධිරය වර්ධනය කරන්නත් පිරිසිදු (පිරිපහදු) කරන්නත් පුඵවන් නිසා. මේවාට ඔයාගේ අක්මාවේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට වගේම ඔයාගේ ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ නිපදවීම වර්ධනය කරන්නත් පුඵවන්. ඒ වගේම ඔයා බ්‍රසල්ස් පැළෑටි, කෝලිෆලවර් සහ බ්‍රොකලි වැනි කැරිෆෙරේර් වර්ගයට අයත් එළවඵත් ඔයාගේ ආහාරයට එකතු කරගන්න ඕන. මේවාට විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න උදව් කරන එන්සයිම නිපදවීමේ හැකියාව තිඛෙන නිසා ඔයාගේ ශරීරයට ඛෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

අලිගැටපේර අලිගැටපේර සුපිරි ආහාරයක් හැටියට තමයි අපි හැමෝම දන්නේ. අලිගැටපේර ඔයාගේ අක්මාවට සුපිරි ආහාරයක් කියලා ඔයා තේරුම් ගත්තාහම ඔයාට අලිගැටපේර ආහාරයට ගන්න තබ බොහොමයක් හේතු තියේවි. අලිගැටපේරවල ග්ලුතටතෝයින්, විටමින් සී සහ විටමින් ඩී අඩංගු වෙනවා. මෙම පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රතිඔක්සිකාරයක් වශයෙන් ක්‍රියා කරමින් විනාශකාරී රෙඩිකල්ස් ඉවත් කරමින් අක්මාවේ සෙලවලට හානියක් වීමට නොදී ආරක්ෂා කරනවා. මෙම පළතුරේ විටමින් ඊ සහ කේ යන දෙවර්ගයම අඩංගු වන අතර, ඔවුන් අසාදිත-රහිත වීම නිසා ඔයාගේ අක්මාවට හානි සිදුකරන අසාදනවලින් ඔයාගේ අක්මාව ආරක්ෂා කරනවා. එවගේම මෙහි තිඛෙන සෞඛ්‍ය සම්පන්න මේද, ඔයාගේ ශරීරයේ කොලොස්ටරෝල් මට්ටම වර්ධනය කරන්නත් උදව් වෙනවා.

වොල්නට්ස් වොල්නට්ස් ඇමයිනෝ අම්ලයෙන් සහ ආර්ජින්ටිනින් වලින් ඉතාම පොහොසත් නිසා ඔයා වැඩිවැඩියෙන් වොල්නට්ස් ආහාරයට ගන්න ඕන. ඇමෝනියා විෂහරණය කිරීම නිසා මේවා ඔයාගේ අක්මාව හොඳින් තියාගන්න උදව් කිරීමේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මීට අමතරව වොල්නට්ස්වල ඉතා ඉහළ ප්‍රමාණයකින් ඔමේගා-3, ෆෝලික් ඇසිඩ් සහ ග්ලුතටතෝයින් අඩංගු වෙනවා. ඒවා අක්මාවේ විෂහරණය සඳහා උදව් වෙනවා. මේවායේ ප්‍රතිඔක්සිකාරයකයන් බොහොමයක් අඩංගු වන අතර එමඟින් විනාශකාරී රෙඩිකල්ස් ඉවත් කරන්නත් උදව් වෙනවා. මේවායේ සෞඛ්‍ය සම්පන්න අසංතෘප්ත මේදයන් ඇතුලත් වන අතර ඒවා ආකාර දෙකකින් ඔයාගේ ශරීරයට උදව් වෙනවා. එනම්, ඔයාගේ අක්මාවේ මේද සමුච්ඡේදනය වීමෙන් ආරක්ෂා කරන අතරම අක්මාවේ ෙසෙල වටා ශක්තිමත් සෙල පටල වර්ධනය කරන්නත් උදව් වෙනවා.

කහ කහවල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය ලෙස එහි කර්කුයින් අඩංගු වෙනවා. එය ඉතාමත් ශක්තිමත් ආසාධන රහිත කරන්නක් වගේම ප්‍රතිඔක්සිකාරයක් වශයෙන් ද ප්‍රචලිතයි. මෙම අමුද්‍රව්‍යය ද ඔයාගේ අක්මාව දියාරු වීමෙන් ආරක්ෂා කරනවා. මෙය අක්මාව පිරිසිදුකරනයක් ලෙස ක්‍රියාකරමින් ශරීරයේ ජලඡ ප්‍රවාහය ඉහළ නංවනත් උදව් වෙනවා. මත්පැන් සහ විෂබීජවල එකතුවෙන් සංයෝගයක් බවට පරිවර්තනය වෙලා ඔයාගේ අක්මාවට හානි කරන්න පුඵවන් දේවල්වලින් වළක්වලා ඔයාගේ අක්මාවේ සෙලවලට යළි සජීවී පුනර්ජීවනයක් දෙන්නත් මේවාට හැකියාවක් තියෙනවා. ඔයා ඔයාගේ ආහාරවලට කහ ටිකක් ඉසිනවා නම් අරුම පුදුම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්න වගේම ඔයාගේ ආහාරයට මඳ වර්ණකයක් එකතු කරගන්නත් ඔයාට පුඵවන්.

සීනිවලින් දරුවා ඈත් කර තබන්න

පුංචි සිඟිත්තෙකු උපන්දා සිට මවක් ලෙස නිතරම සිතන්නේ වෙහෙසෙන්නේ දිනෙන් දින වැඩෙන සිඟිත්තාගේ පෝෂණය සම්බන්ධවයි. නිරෝගී සෞඛ්‍යමත් දරුවකු අනාගතයට දායාද කිරීමට නම් නිවැරදි ‍පෝෂණීය සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු කළ යුතුයි. මේ ආහාර රටාව ලබාදීමේදී අපේ මව්වරුන්ට එන ගැටලු නම් දිනෙන් දින අලුත් වෙනවා.

දරුවකුගේ නිරෝගීභාවය තීරණය වෙන අයුරු දරුවකුගේ ජීවිතයේ මුල් අවුරුදු කීපය තුළ “බර” ප්‍රමාණයට වඩා වැඩි වීම හා අධික සීනි, කැලරි හා තෙල් භාවිතය මේ කාලය සිටම හුරුවීම ඔහුගේ අනාගත ජීවිතයම අඳුරු කිරීමට රෝගී වැඩිහිටියකු කිරීමට හේතු වෙනවා. දරුවන්ගේ කුඩා කාලයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම වගේම නියමිත බරට වඩා බර අඩුවීමත් දරුවාගේ ජීවිතයට අයහපත් ලෙස බලපාන බව නවතම විද්‍යාත්මක සොයා ගැනීමයි.

මේ නිසා දරුවකු නිරෝගී වැඩිහිටියකු කිරීමට නම් මාස 06ක් වනතුරු මව්කිරි පමණක් ලබා දීම. උපතේ සිටම බර වැඩිකර ගැනීමට නොව උපත් බරට සාපේක්ෂව නියමිත බර පවත්වා ගෙන යාම පිළිබඳ සැලකිලිමත් වීම. වැරදි ආහාර රටා සහ හානිකර ආහාර රසයන්ගෙන් කුඩා කළ සිටම දරුවා බේරා ගැනීම කළ යුතුය. නිදසුනක් ලෙස

අප සංස්කෘතියේ ආහාර රටාව තුළත් නවීන ආහාර ක්‍රමවේද තුළත් පැණි රස හෙවත් සීනි වැඩිපුර පවතිනවා. තේ, කෝපි, පලතුරු පානයකට වුව සීනි දමා පානය කිරීම වගේම තේ බොන වාරයක් පාසා පැණි රස හෝ යම්කිසි බිස්කට් වර්ග භාවිතයට අපේ ජනතාව පෙළඹී සිටිනවා. මෙවැනි වැරදි ආහාර රටාවන් අද වන විට බෝ නොවන රෝග ඉහළ ධාරිතාවකයි පවතින්නේ. මුළු දවසම කය වෙහෙසා වැඩ කරන ලාංකිකයන්ට පැණි රස එතරම් ගැටලුවක් නොවුණත් එක තැන රැකියාවකට හුරු වූ සහ සුඛෝපභෝගි ජීවන රටාවකට වැඩි සීනි අනවශ්‍යයි. එනිසා නිවැරදි ආහාර රටා කුඩා කළ සිටම හැකි පමණ පුරුදු කරන්න. ඒ රටාවට හුරු වූ දරුවා වැඩිවියට පත් වුවත් ඒ රටාවට ප්‍රිය කරාවි.

වයස අවුරුද්දෙන් පසු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන දරුවාට ආහාර දීම උපක්‍රමයක් ලෙස සීනි, ලුණු හෝ කෘත්‍රිම රසකාරක වර්ග යොදා නොගත යුතුයි. ඒ වෙනුවට ස්වාභාවික රසකාරක භාවිත කිරීම උචිතයි. වයස අවුරුද්දකට ආසන්න වනතුරු හෝ හැකිනම් අවුරුද්ද පසු වීත් හැකි පමණ කාලයක් ලුණු, සීනි අඩංගු නොකර නැතහොත් ලුණු, සීනි අඩුවෙන් පුරුදු කළ යුතුය.

සෑම ආහාරයකටම අනන්‍ය වූ රසයක් වර්ණයක් ඇති බව හා ඒවා වින්දනය කිරීමට ඉගැන්වීම තුළින් මානසික වර්ධනයට එය ඉතා වැදගත් වෙනවා. දරුවාට කිරි ආහාර හෝ කිරි ලබාදෙන විට රස කළ කිරි වර්ග ලබා නොදෙන්න. රස කළ කිරි පැකට් වෙනුවට ස්වාභාවික නැවුම් එළකිරිවලට සකසා පලතුරු වැනි දෑ යොදා රස කර ලබා දෙන්න. සීනි රස ආහාර ලබාදීම තුළින් රස අංකුර සීනි රසයට වඩාත් කැමැත්ත දක්වන නිසා අනෙක් ආහාර  ප්‍රතික්ෂේප කිරීමට පුළුවනි. මේ නිසා සීනි සහිත ආහාර සම්බන්ධ උත්තේජන දරුවාට හැකි තරම් දීම අවම කරන්න. වැඩෙන දරුවාගේ මොළයේ වර්ධනයට හා ක්‍රියාශීලීත්වයට ග්ලූකොස් අවශ්‍යයි. මේ අවශ්‍යතාවය ස්වාභාවික සීනි මගින් ඉටුකර දෙන්න. අප ගන්නා බොහෝ ආහාරවල දරුවාට අවශ්‍ය සීනි ප්‍රමාණ අන්තර්ගතයි. උදා:- පලතුරු, බත්, අල වර්ග, එළවළු, වෙනත් පිටි සහිත ආහාර.

පිපාසයට සෑම විටම පිරිසිදු වතුර ලබා දෙන්න. නැතහොත් කෘත්‍රිමව සීනි අඩංගු නොකර හෝ අඩු සීනි සාන්ද්‍රණයක් සහිත පලතුරු යුෂ, තැඹිලි වතුර, ‍පොල් වතුර වැනි දෑ ලබා දෙන්න. පාසලට ගෙන යාමට බනිස්, ෂෝර්ට්ඊට්ස් වැනි ආහාර ලබා දීමෙන් වළකින්න. ගර්භණී කාලයේ සිට කිරි දෙන කාලයේදීත් පැණී රසට ලොල් වීම දරුවාගේ සෞඛ්‍යයට හිතකර නොවන බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා ගර්භණී කාලයේදී සිටම පැණි රස, තෙල් භාවිතය සීමා කරන්න. කැලරි නොමැති සීනි නොමැති යනුවෙන් ‍ලේබල් කරන ලද ආහාර, පානවල බොහෝ විට සීනි වෙනුවට සීනි ඇති රසකාරක යොදා තිබෙන අතර මෙම කෘත්‍රිම රසායනයන් මගින් සිරුරේ හෝමෝ ක්‍රියාකාරිත්වයෙහි වෙනස්කම් ඇති කළ හැකිය.

ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීම. වකුගඩු වලින් පෙරීමේ ගැටලු.  පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීම. දරුවන්ට කුඩා කළ සිටම නොදිය යුතු පුරුදු නොකළ යුතු ආහාර කිහිපයක් විශේෂයෙන් ක්‍රීම් බිස්කට්, මේද සහිත බිස්කට් වර්ග ආදිය මීට අයත්. ඒ සඳහා ගෙදර සකසන කුකීස් ලබාදීම සුදුසුයි.

කලින් සැකසූ අසුරා ඇති ආහාර වෙනුවට ගෙදර සැකසූ සීරියල් වර්ග, පියුරි වර්ග ලබා දෙන්න. අයිසිං කේක්/පේස්ටී්‍ර වර්ග වෙනුවට නිවසේ සැකසූ කේක් වර්ග ලබාදීම. රස කැවිලි වෙනුවට පලතුරු හෝ ප්‍රධෘන ආහාර වේලකට පසු උසස් ප්‍රමිතියෙන් යුතු චොක්ලට් කැබැල්ලක් ලබා දෙන්න. ලුණු අධික චිප්ස් වර්ග සෞඛ්‍යයට ඉතාම අහිතකර අතර ඇබ්බැහි වන සුළුයි.

තේ, කෝපි ලබා දෙනවා නම් ඉතාමත් අඩු සාන්ද්‍රණයෙන් සහ සීනි නොමැතිව ලබා දෙන්න.
ඪලලච, බර්ගර්, සමෝසා, වැනි ගැඹුරු තෙ‍ලේ බදින ලද ආහාර දෙවතාවක් එකම තෙ‍ලේ බදින ලද ආහාර සේම සියලුම කෘත්‍රිම රසයන් ඇති ආහාර තුළින් ඈත් කර තබන්න.
මෙවැනි ආහාර රටාවකට හුරු කිරීමෙන් ඔබේ දරුවාට නිරෝගී සෞඛ්‍යමත් පුරවැසියකු වීම සඳහා අඩිතාලම සැකසෙනු ඇති. උපදෙස් සෙනෙහස පදනමේ නිර්මාතෘ Baby care Lanka ආයතනයේ අධ්‍යක්ෂිකා මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශක ශ්‍යාමලී පතිරගේ

බුරියට හැදෙන ලෙඩ

බුරිය හෙවත් නාභිය ගැන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සහ දන්නේ එතරම් ශරීරයට වැදගත් නැත් කොටසක් විදිහට. ඒත් දරුවෙක් ගර්භාෂය තුලදී මවගේ ශරීරයට එක්ක ප්‍රධාන වශයෙන්ම බැඳෙන්නේ මේ නාභිය හරහා දිවෙන පෙකිණි වැල එක්කයි.

දරුවෙක් ඉපදිලා ටික දවසකින් මේ පෙකිණිවැලේ ඉතිරි කොටස හැලීයනවා. ඇතැම් දරුවන්ට මේ පෙකිණිය පැසවීම නිසා ආසාදන තත්වයන් ඇතිවෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මද උණ ගතියක් වුවත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසාම අලුත් උපන් දරුවන්ගේ බුරිය සම්බන්ධයෙන් දෙමව්පියන් දක්වන්නේ වැඩි අවධානයක්. ඊට අමතරව වැඩුණු පුද්ගලයන්ටත් බුරිය ආශ්‍රිතව විවිධ රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ගැන අවධානයෙන් ඉන්න එක ඉතාම වැදගත්.

ඇතැම් පුද්ගලයන්ගේ බුරියෙන් අවර්ණ හෝ සුදු පැහැති ශ්‍රාවයන් නිතරම පිටවීම සිදුවෙන්න පුළුවන්. මේක බැක්ටීරියා ආසාදන හෝ ඊස්ට් නිසා ඇතිවෙන ආසාදන තත්වයක් වෙන්න පුළුවන්. නිසිපරිදි ස්නානය කිරීමේදී බුරිය සේදීම සහ එහි අභ්‍යන්තරයේ කුණු ඉවත් නොකිරීම නිසා බැක්ටීරියා, කුණු, දුහුවිලි එක්වෙලා බුරිය ඇතුලේ ආසාදනයක් වෙන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් විදිහට සැරව වැනි ද්‍රාවණයක් බුරියෙන් පිටවීම සිදුවෙනවා. මේක ප්‍රතිකාර ගතයුතු තත්වයක්.

තවත් දෙයක් තමයි ඇතැම් කාන්තාවන් වගේම පුරුෂයෙන් නිවසේදී කෙටි උඩු ඇඳුම් සහිතව සිටින අවස්ථාවලදි බුරියට විවිධ කෘමී සතුන් ඇතුල්වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සුරතල් සතුන් ඉන්න ගෙවල්වල. ඇඳේ නිදාගන්න අවස්ථාවලදි මේ කුඩා සතුන් ඔබේ බුරියට ඇතුල්වෙලා එහි පදිංචි වෙන්න පුළුවන්. ඇතැම්විට බුරිය ඇතුල සපාකෑම නිසා තුවාල ඇතිවිය හැකියි. මැක්කෝ හෝ කිනිතුල්ලන් වගේම මකුණන් ඔබේ බුරියට රිංගුවොත් එහෙම වැඩේ බොහොම බරපතලයි. ඒ නිසා සුරතල් සතුන් එක්ක විනෝද වෙද්දි බුරිය පරිස්සම් කරගන්න.

ඇතැම් කාන්තාවන්ගේ වගේම පුරුෂයන්ගේ බුරිය ටිකක් ගැඹුරට පිහිටන්න පුළුවන්. එහෙම වෙද්දි බුරිය ඇතුලේ ඔබ ශරීයේ ගල්වන පවුඩර්, සබන් වගේ ද්‍රාවණ දීර්ඝ කාලයක් තිස්සේ තැන්පත්වෙලා ඒවා ප්‍රතික්‍රියා කරලා බුරිය අභ්‍යන්තරය තුවාලවීම නැත්නම් ඉදිමීම වෙන්න පුළුවන්. මේ විදියට බුරිය ටිකක් ගැඹුරු අය නාන වෙලාවට ටිකක් හොඳින් බුරිය පිරිසිදු කරගන්න. මේකට තෙත පුළුල් කැබැල්ලක් හෝ කොට්න් බට් එකක් පාවිච්චි කරන්න පුළුවන්.

බුරියෙන් රුධිරය පිටවීම portal hypertension හෝ primary umbilical endometriosis කියන රෝගී තත්වයන් හෝ ආසාදන නිසා සිදුවෙන්න පුළුවන්. මේක වහාම වෛද්‍යවරයෙක් හමුවිය යුතු තත්වයක්. මෙන්න මේ වගේ සඳහන් කරපු වගේම සඳහන් කරන්න අතපසු වුණු රෝගී තත්ව ගණනාවක් ඔබේ හුරතල් බුරියට ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින් බුරිය රැක බලාගන්න එක වගේම අවශ්‍ය අවස්ථාවකදී ඉක්මණින්ම වෛද්‍යවරයෙක් හමුවෙන එක තමයි හොඳම දේ.

කුකුළු පීකුදු

උත්සව කා‍ලේ උදාවෙලා. නෑදෑ හිතවතුන් එකතු වෙලා පුංචි පුංචි සාද පවත්වන එක මේ දිනවල සාමාන්‍ය දෙයක්. එවැනි සෑම සාදයකදීම පෙරට එන එක් කෑම වර්ගයක් තමයි කුකුළු මස් කියන්නේ. බතට නම් උයනවා. බයිට් එකට නම් බදිනවා. එහෙමත් නැත්නම් ඩෙවල් දානවා. මේ දවස්වල මේ මොන විදියටත් කුකුළු මස් හැදෙනවා. කටයුතු මෙහෙම සිද්ධ වෙද්දී කුකුළු මස් හැදෙනවා. කටයුතු මෙහෙම සිද්ධ වෙද්දී කුකුළු මස් රසට ආසා කරන්නන් විශේෂයෙන් කුකුළු පීකුදුවලට ආසා කරන්නන්ට අසුබදායක විදිහේ ආරංචියකුත් අහන්න ලැබුණා. ඒ කුකුළු පීකුදුවල බැර ලෝහ අඩංගු බව තහවුරු වීමේ පුවතයි.

පසුගිය දිනවල මේ ගැන වඩාත් කතාබහට ලක්වුණා. මේ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කළ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ‍පෝෂණ ෙජෙව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකය එම සොයා ගැනීම තහවුරු කිරීමට සමත් වී තිබෙනවා. ජලය, සහල්, ධාන්‍ය වර්ගවල ආසනික් අඩංගු බවට කාලෙන් කාලෙට කතාබහ ඇතිවුණත් කුකුළු මස්වල එහෙමත් නැතිනම් බ්‍රොයිලර් කුකුළාගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික සංඝටක අඩංගු වූ කතාවක් අහන්න ලැබුණේ මෑතකදී

ඒ මීට මාස කීපයකට කලින් තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණයකින්. ආයෙත් ඒ කතාවමයි. සිදු කළ නවතම පර්යේෂණයේ තොරතුරු පිළිබඳ කියන්න එකතු වුණේ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ‍පෝෂණ ෙජෙව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය.

“පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැම කෙනෙක්ම කන්න ආසා කරන කෑමක් තමයි කුකුළු මස් කියන්නේ. ෙදෙනිකව අපේ ශරීරයට අවශ්‍ය ‍ප්‍රෝටීන ලබා ගැනීමට තියෙන පහසුම මගත් කුකුළුමස්. කුකුළු මස් පරිභෝජනය අධික නිසාම එහි ඇති ගුණාත්මක බව තහවුරු කරගන්න අපට ඕන වුණා. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණයන් අපි ආරම්භ කළේ 2016 අවුරුද්දෙදි. මේ පර්යේෂණය සඳහා දේශීය වෙළෙඳ‍පොළේ සිටින කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනෙකුගේ කුකුළු මස් තෝරා ගත්තා. එම වර්ග තුනෙහි පපු ප්‍රදේශය, පීකුදු හා වැලිබොක්ක විශ්‍ලේෂණය කළා.”

පර්යේෂණ කණ්ඩායම මෙම විශ්‍ලේෂණය සඳහා භාවිත කර තිබුණේ ඉතා උසස් මට්ටමේ තාක්ෂණික මෙවලම්. එම මෙවලම් භාවිතයෙන් පර්යේෂණයට භාජනය කළ පීකුදු අතරින් එක් නිෂ්පාදකයකුගේ පීකුදුවල ආසනික් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව තහවුරු කරගෙන තිබුණා.
“මේ නිසාම අපි කුකුළු මස්වලට බැර ලෝහ පැමිණෙන ආකාරය නිගමනය කිරීමට ඉහත පරීක්ෂා කළ කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනාගේ කුකුළන් සඳහා ලබාදෙන ආහාර වර්ගත් පරීක්ෂාවට ලක් කළා. සාමාන්‍යයෙන් වාණිජ කුකුළු පාලනයේ දී බ්‍රොයිලර් කුකුලන් සඳහා ප්‍රධාන ලෙස ආහාර වර්ග 2 ක් ජීවිත කාලය තුළ දී ලබා දෙනවා.

වාණිජ වශයෙන් නිපදවන එම කුකුළු ආහාර සඳහා කාබනික ඛනිජ ලවණ එක්කරනවා. එහිදී බැර ලෝහ වන ඊයම්, ආසනික්, කැඩ්මියම් අඩංගු දැයි කියලා අපි පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව තමයි බ්‍රොයිලර් කුකුළු ආහාරවල අනුමත ප්‍රමාණයට වඩා බැර ලෝහ අඩංගු බව අනාවරණය වුණේ. මීට අමතරව වාණිජ කුකුළු පාලනයේ දී ඌනතා රෝග වැළැක්වීම පිණිස කුකුළු කෑම සඳහා එක් කරන සින්ක්, කොපර් හා මැග්නීසියම් වැනි අංශුමාත්‍ර මූලද්‍රව්‍යද අනුමත ප්‍රමාණයට වඩා අඩංගු වී තිබුණා.

ආචාර්ය රුවිනි පවසන පරිදි මෙසේ පීකුදුවලට බැර ලෝහ එකතු වීමට හේතුවිය හැක්කේ සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී යොදා ගන්නා අමුද්‍රව්‍ය අපිරිසිදු වීම, අයහපත් කුකුළු පාලනය හා අපිරිසිදු පානිය ජලය සතුන්ට ලබා දීමයි. කුකුළන්ගේ වර්ධනය වැඩි කිරීම පිණිස වැඩිපුර කාබනික ඛනිජ ලවණ භාවිතය අහිතකර තත්ත්වයක් බවට ආචාර්යවරිය පවසනවා.

“මෙවැනි බැර ලෝහ සහිත කුකුළු මස්, විශේෂයෙන්ම පීකුදු ආහාරයට ගැනීමෙන් ඇතිවන අහිතකර ලෙඩ රෝග අති විශාලයි. බැර ලෝහ අපේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්හි එකතු වී ස්නායු ආබාධ, අස්ථි ආබාධ හා අක්මාවේ ආබාධ ඇති කරනවා මෙන්ම පිළිකා සඳහාද හේතු වෙනවා. කුකුළු මස් පරිභෝජනයට ගැනීමේදී වඩා සැලකිල්ලට ගත යුත්තේ පීකුදු ආහාරයට නොගෙන සිටීමටයි.

පීකුදු කියන්නේ යකඩ හා ‍ප්‍රෝටීන් බහුල ලෙස අඩංගු ආහාර ප්‍රභවයක් නිසා අපේ මව්වරු නිරතුරු කුඩා දරුවන්ගේ කෑම වේලට පීකුදු එකතු කරනවා. නමුත් දරුවන්ට පීකුදු දෙන්න එපා. පීකුදුවල අඩංගු රසායනික සංඝටක දීර්ඝ කාලීනව දරුවන්ගේ ශරීරය තුළ තැන්පත් වීමෙන් බොහෝ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ගර්භණී මව්වරුන් වගේම කිරිදෙන අම්මලත් පීකුදු කෑමේ දී පරෙස්සම් වෙන්න.”

මේ සියලු කරුණු කාරණා සැලකීමේදී කිව යුතු කරුණ නම් කුකුළු පාලනයේ දී නියමිත ප්‍රමිතීන්ට අනුව විවිධ විටමින් සහ ඛණිජ වර්ග මෙන්ම කාබනික පරිපූරක යෙදීම කුකුළු ගොවි‍පොළ හිමියන්ගේ ප්‍රථම වගකීම විය යුතු බවයි. එමෙන්ම කුකුළු ගොවි‍පොළවල තත්ත්ව පාලනය යාමනය කිරීමට රජයේ බලධාරින්ගේ අවධානය යොමු වීමද අත්‍යවශ්‍ය කරුණක් බවත් කිව යුතුමයි.

සුදු ළුනු

සුදු ළුනු පරිභෝජනය මගින් එහි අන්තර්ගත වන පෝෂ්‍යය පදාර්ථයන් නිසා ලෙඩරෝග බොහෝ ප‍්‍රමාණයකින් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා.
නමුත් සුදු ළුනු පරිභෝජනය කිරීමට නොසුදුසු පුද්ගලයන්ද සිටිනවා.
ඔබත් මෙම පුද්ගයලන් වර්ග හයට ඇතුලත් නම් සුදු ළුනු අනුභවයෙන් වැළකී සිටීම නුවණටු හුරුයි.

සුදු ළුනු ආහාරයට නොගත යුතු පුද්ගලයන් වර්ග හය.

1.සැත්කමකට භාජනය කිරීමට නියමිත රෝගීන්,

ඔබට සැත්කමක් සිදු කිරීමට නියමිතනම් ඔබ විසින් සුදු ළුනු ආහාරයට ගැනීම අවමයෙන් සති දෙකක කාලයකට පෙර සිට නවතන්න. එසේ සිදු නොකිරීම මගින් අධික ලේ වහනයක් සිදු වේ.

2.රුධිර පීඩනය අඩු පුද්ගලයන්,

සුදු ළුනු මගින් රුධිර පීඩනය පහළ දමන අතර රුධිර පීඩනය අඩු පුද්ගලයන්ට සුදු ළුනු ආහාරයට ගැනීම මගින් සෞඛ්‍යය ගැටළු බොහෝමයකට මුහුණ දීමට සිදු වේ.

3.ඇස් පෙනීමේ ගැටළු ඇති පුද්ගලයන්,

ඇස් පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් විසින් සුදු ළුනු පරිභෝජනය කිරීම සුදුසු නොවේ. දිගු කාලයක් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඇස්වලට හානි සිදු වේ.

4.අක්මාවේ රෝග වලින් පීඩා විදින පුද්ගලයින්,

සුදු ළුනු මගින් බැක්ටීරියා සහ වෛරස ඉවත් කර දෙනු ලැබුවත් සුදු ළුනු මගින් වෛරසය විනාශ කර දෙනු නොලබයි. තවද සුදු ළුනු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ක‍්‍රියාශීලි කර දෙනු ලැබුවත් අක්මාවේ රෝග තුලින් පීඩා විදින පුද්ගලයන් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඔක්කාරය වැනි තත්වයන් ඇති වේ.

5.බැක්ටීරියා නොවන දිලීරයන්ගෙන් පිඩා විදින පුද්ගලයන්,

ඔබ දිලීර ආසාදනය වී ඇති පුද්ගලයෙක්නම් ඔබ අමු සුදු ළුනු ආහාරයට ගැනීම තුලින් එම තත්වය වර්ධනය විය හැකි බැවින් සිදු ළුනු ආහාරයට ගැනීමෙන් වළකින්න.

6.ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්,

ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් එම කාලයේදී පානය කරන බෙහෙත් වර්ග සමග සුදු ළුනු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ.
(සැ.යු – වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වඩාත් සුදුසුයි)

කෙසෙල් ගෙඩියක් කන්න

කෙසෙල් යකඩ අධික පලතුරක් බැවින් ‍ලේ හිඟකමට පිළියමකි.

කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනය ඉහළ නැංවේ. කෙසෙල්වල ඇති ‍පොටෑසියම් ප්‍රමාණය ඉහළ නිසා එය රුධිර පීඩනය මර්ධනයට ද ගුණදායක වේ. මෙහි ඇති ‍පොටෑසියම් නිසා මොළය ඉහළ ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගැනීමට හැකි අතර, ළමුන්ගේ පාඩම් වැඩකටයුතු මනා ලෙස පවත්වාගෙන යෑමට එය මහෝපකාරී වේ.

කෙසෙල් කෙඳිවලින් සපිරි ආහාරයක් බැවින් මලබද්ධයට කෙසෙල් ගෙඩි ඉතා හොඳ පලතුරකි. ඉහළ විටමින් බි ප්‍රමාණයක් ඇති නිසා ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීමේ ගුණාංග මෙම පලතුරේ තිබේ.

ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොඳම පලතුර වන්නේ ද ඵකෙසෙල්ය. ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන තුවාලවලටද කෙසෙල් ගුණදායකය. ශරීරය සිසිල් කරන අතර, තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමටද මෙය කදිම පලතුරකි.හා යෝනිය අවට රුධිරය වහනය වීම හේතුවෙන් වෙනදාට වඩා පිරිසිදුව තබාගත යුතුවෙයි. එපමණක් නොවේ. මෙම දිනවල දහඩිය දැමීම වැඩි අතර මුළු සිරුරම හොඳින් පිරිසිදුව තබා ගැනීම වැදගත්ය.
එමෙන්ම ආහාර පාන පිළිබඳව දක්වන බියක් තිබේ. එදිනෙදා ගන්නා කුමන ආහාර පානයක් ගත්තද එම කාලය තුළ වරදක් නැත. සිරුරෙන් ඉවත්ව යන රුධිරය, නැවත නිපදවීම සඳහා යකඩ හා ප්‍රෝටීන් අඩංගු පෝෂ්‍යදායි ආහාර මේ කාලයේ වඩා වැදගත්වේ.

එමෙන්ම මේ සඳහා භාවිතා කරන රෙදි හෝ සනීපාරක්‍ෂක තුවා ඉතා පිරිසිදු මට්ටමේ පැවතිය යුතුය. නොඑසේනම් යෝනි ප‍්‍රදේශයේ නොයෙකුත් ආසාදන ඇතිවිය හැකියි. මේ සඳහා සනීපාරක්‍ෂක තුවා භාවිතය සුදුසු අතර, ඒවා ඉවත ලීමෙදී සැලකිලිමත් වීම වැදගත්ය.

Woman in green with a banana

විස්මිත තෙල

මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට හිතකර ප්‍රතිඑල රාශියක් ලැබේ. මේ ඒ ගැනය.

1. ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරයි

මෝර තෙල්වල අන්තර්ගත විටමින් D මඟින් ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් වේ. වියපත් වන කාන්තාවන්ගේ ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත්ම ගුණදායකය. බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන ආකාරයට, ක්‍රීඩාකරන පුද්ගලයන් සඳහාද මෝර තෙල් භාවිතය සුදුසුය.

2. පියයුරු පිළිකා මර්දනය කරයි

සෞඛ්‍ය අධ්‍යනයන් මඟින්, පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩුකර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායක බව හඳුනාගෙන තිබේ. එමෙන්ම, බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට විශේෂයෙන්ම ගුණදායක තෙල් වර්ගයක් ලෙසින්ද මෙය හඳුන්වයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙසද මෝර තෙල් සුදුසු බව වෛද්‍ය මතය වේ. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෙහි ඇති බවය.

3. හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි

මෝර තෙල්වල, ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති බැවින්, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කෙරේ. එසේම, කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීම ද එමඟින් හැකිය. එම නිසා, අනෙකුත් තෙල්වලට සාපේක්ෂව මෝර තෙල් ශරීර සෞඛයට හිතකරය.

4. මානසික ‍සෞඛ්‍යයට හිතකරය

මෙහි ඇති ඔමේගා 3 පෝෂණ සංඝටකය මඟින් මනසෙහි සංකූලතා අවම කරයි. සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාවද මෝර තෙල් භාවිත කිරීමෙන් අඩු කර ගත හැකිය. එසේම, දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූල බව පාලනය කිරීමට ද මෙය දායක වේ.

5. දියවැඩියාව ඇතිවීම පාලනය කරයි

බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ, මෝර තෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කළ හැකි බවය. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කිරීම සඳහා ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත්ය. මෝර තෙල්වල අඩංගු විටමින් A මඟින්, පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.