බූම්‍රාගේ බවුන්සර් පන්දුව

පසුගිය දා නිමාවූ IPL තරඟාවලියේ කවුරුන් වැඩිම කඩුලු ලබාගත්ද, එහි සිටි තර්ජනාත්මකම පන්දු යවන්නා බූම්‍රා බව පෙනෙන්නට තිබිණිඑමෙන්ම වර්තමානයේ එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලද ඉහළින්ම සිටිය පන්දු යවන්නා බූම්‍රායඔහුගේ මෙම දක්ෂතා පසුපස තිබෙන ප්‍රබලතම සාධකයක් වන්නේ, පිතිකරුවන් මවිත කරමින් එක්වරම ඉපිලී පැමිණෙන බවුන්සර්(Bouncer) පන්දුවයිබූම්‍රාගේ මෙම සුවිශේෂී හැකියාව පිළිබඳව සොයා බැලූ ඉන්දියාවේ කාන්පූර් තාක්ෂණ අධ්‍යනායතනයේ ගගණ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මහාචාර්ය සන්ජේ මිත්තාල් පැවසුවේ මෙය බූම්‍රාගේ පන්දුව වේගයෙන් පසුපසට දඟකැවීමේ (back spin)හැකියාව නිසා සිදුවන්නක් බවයි

බොහෝ වේග පන්දු යවන්නන් අතින් මෙසේ පන්දුව දඟ කැවීමක්ද සිදුවන අතර එනිසා පන්දුවේ දෝලනය ඇතුලු ගමන් මගේ වෙනස්වීම් රැසක් සිදුවේනමුත් අනිත් වේග පන්දු යවන්නන්ට වඩා බූම්‍රාගේ විශේෂත්වය වන්නේ ඔහුගේ මෙම පසුපසට පන්දුව දඟ කැවීම වැඩි වේගයකින් සිදුවීමයිඑයට හේතුව ලෙස මහාචාර්ය මිත්තල් දක්වන්නේ බූම්‍රාගේ අත පන්දුව යැවීමේදී කරකැවෙන අධික වේගයයි

දබර ඇඟිල්ල හා මැදඟිල්ල අතරට පන්දුවේ සීමය තබා මෙලෙස පන්දුව පසුපසට දඟ කැවෙන ලෙස යැවීමේදී, එහි මැග්නස් ආචරණය ( Magnus effect)හා ප්‍රති මැග්නස් ආචරණය නම් සුවිශේෂී භෞතික විද්‍යාත්මක සන්සිද්ධිදාමයක් සිදුවේඑය වන්නේ, පළමුව පන්දුව පසුපසට දඟකැවෙමින් ඉදිරියට වේගයෙන් ගමන් කරන විට, එහි ඉහළින් වන වායු කලාපය කැළඹීමට ලක්වීම නිසායඑවිට පන්දුවට ඉහළින් වන වායු කලාපයේ පීඩනය අඩුවීම නිසා පන්දුව පහළින් ඉහළට ඒ මත බලයක් ඇතිවේ (බර්නූලි මූලධර්මයට අනුව )ඉන්පසු තවදුරටත් පන්දුවේ කෙලවර එහි දඟකැවීම නිසා ඇතිවෙන වේගය (කෝණික වේගය * පන්දුවේ අරය ) එය ඉදිරියට ඇදෙන වේගයට දරන අනුපාතය ඉහළ අගයක් ගන්නේ නම්, මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ආපසු හැරී, පන්දුවේ පහළින් අඩු පීඩන කලාපයක් නිර්මාණය වී, පන්දුව මත ඉහළ සිට පහළට බලයක් යෙදීමට පටන් ගැනේමෙය ප්‍රති මැග්නස් ආචරණය(Reverse Magnus effect) ලෙස හැඳින්වෙන අතර මෙනිසා පන්දුව වැඩි බලයකින් යුක්තව පොළවේ ගැටී වැඩි උසක් ඉහළට ඉපිලීම සිදුවේ

මහාචාර්ය මිත්තල් සිය ශිෂ්‍ය පිරිසක්ද සමඟින් කළ පරික්ෂණයකට අනුව බූම්‍රාගේ අත මිනිත්තුවකට වට 1000ක් තරම් ඉහළ අගයකින් කැරකවෙයි එමෙන්ම ,ඔහුගේ මෙලෙසින් පන්දුව දඟ කැවීම නිසා එහි කෙලවර ඇතිවෙන වේගය හා පන්දුව ඉදිරියට ඇදෙන වේගය අතර අනුපාතය 01 ක් වන අතර, මෙය ඉහත සඳහන් කළ ප්‍රති මැග්නස් ආචරණය ඇති කර පන්දුව ඉහළ ඉපිලීමකට ලක්කිරීමට තරම් ප්‍රමාණවත්යඉතින් මෙලෙස බූම්‍රාගේ පන්දුව ක්ෂණික එමෙන්ම පිතිකරුවා නොසිතන ඉපිලීමකට ලක්වීම නිසා ඔහුට සිය පහරට අවශ්‍ය පරිදි යෑමට නොහැකි වීමෙන් සිදුවන්නේ,පන්දු යවන්නාගේ පහසු ගොදුරක් බවට පත්වීමටයි (මහාචාර්ය සන්ජේ මිත්තාල් ගේ ලිපියක් ඇසුරෙන් )

ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයෙන් ගැලවෙන්න බැරි වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 113ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුනා. තරගය පැවැත්වුනේ සෙන්චූරියන් හී සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩාංගණයේදී.තරගයේ කාසියේ වාසිය දිනාගත් ලසිත් මාලිංග පන්දු යැවීම තෝරා ගත්තා.දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් ක්වින්ටන් ඩිකොක් සහ රීසා හෙන්රික්ස් පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 91ක්.ක්වින්ටන් ඩිකොක් පන්දු 70 කින් ලකුණු 94ක් ලබා ගත්තා.නායක ෆැෆ් ඩුප්ලේසී ලකුණු 57යි.දකුණු අප්‍රිකාව වරෙක කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 220 ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසුවුණා.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත තරගයට පිවිසුනේ ලකුණු 31ක් තුළ ඔවුන්ගේ අවසන් කඩුලු 6ම දවා ගනිමින්.මේ අනුව පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 251 කට සීමා වුණා.සිය 150වන එක්දින තරගයට ක්‍රීඩා කරන තිසර පෙරේරා කඩුලු 3ක් දවා ගත්තා.ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 32යි පන්දු2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 138ක් පමණයි.ඕෂධ ප්‍රනාන්දු ලකුණු 31 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 24 ක් සහ තිසර පෙරේරා ලකුණු 23 ක් ලබාගත්තා.කගිසෝ රබාඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලුවා.සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා ඩර්බන්හිදී පැවැත්වීමට නියමිතයි.