බූම්‍රාගේ බවුන්සර් පන්දුව

පසුගිය දා නිමාවූ IPL තරඟාවලියේ කවුරුන් වැඩිම කඩුලු ලබාගත්ද, එහි සිටි තර්ජනාත්මකම පන්දු යවන්නා බූම්‍රා බව පෙනෙන්නට තිබිණිඑමෙන්ම වර්තමානයේ එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලද ඉහළින්ම සිටිය පන්දු යවන්නා බූම්‍රායඔහුගේ මෙම දක්ෂතා පසුපස තිබෙන ප්‍රබලතම සාධකයක් වන්නේ, පිතිකරුවන් මවිත කරමින් එක්වරම ඉපිලී පැමිණෙන බවුන්සර්(Bouncer) පන්දුවයිබූම්‍රාගේ මෙම සුවිශේෂී හැකියාව පිළිබඳව සොයා බැලූ ඉන්දියාවේ කාන්පූර් තාක්ෂණ අධ්‍යනායතනයේ ගගණ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මහාචාර්ය සන්ජේ මිත්තාල් පැවසුවේ මෙය බූම්‍රාගේ පන්දුව වේගයෙන් පසුපසට දඟකැවීමේ (back spin)හැකියාව නිසා සිදුවන්නක් බවයි

බොහෝ වේග පන්දු යවන්නන් අතින් මෙසේ පන්දුව දඟ කැවීමක්ද සිදුවන අතර එනිසා පන්දුවේ දෝලනය ඇතුලු ගමන් මගේ වෙනස්වීම් රැසක් සිදුවේනමුත් අනිත් වේග පන්දු යවන්නන්ට වඩා බූම්‍රාගේ විශේෂත්වය වන්නේ ඔහුගේ මෙම පසුපසට පන්දුව දඟ කැවීම වැඩි වේගයකින් සිදුවීමයිඑයට හේතුව ලෙස මහාචාර්ය මිත්තල් දක්වන්නේ බූම්‍රාගේ අත පන්දුව යැවීමේදී කරකැවෙන අධික වේගයයි

දබර ඇඟිල්ල හා මැදඟිල්ල අතරට පන්දුවේ සීමය තබා මෙලෙස පන්දුව පසුපසට දඟ කැවෙන ලෙස යැවීමේදී, එහි මැග්නස් ආචරණය ( Magnus effect)හා ප්‍රති මැග්නස් ආචරණය නම් සුවිශේෂී භෞතික විද්‍යාත්මක සන්සිද්ධිදාමයක් සිදුවේඑය වන්නේ, පළමුව පන්දුව පසුපසට දඟකැවෙමින් ඉදිරියට වේගයෙන් ගමන් කරන විට, එහි ඉහළින් වන වායු කලාපය කැළඹීමට ලක්වීම නිසායඑවිට පන්දුවට ඉහළින් වන වායු කලාපයේ පීඩනය අඩුවීම නිසා පන්දුව පහළින් ඉහළට ඒ මත බලයක් ඇතිවේ (බර්නූලි මූලධර්මයට අනුව )ඉන්පසු තවදුරටත් පන්දුවේ කෙලවර එහි දඟකැවීම නිසා ඇතිවෙන වේගය (කෝණික වේගය * පන්දුවේ අරය ) එය ඉදිරියට ඇදෙන වේගයට දරන අනුපාතය ඉහළ අගයක් ගන්නේ නම්, මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ආපසු හැරී, පන්දුවේ පහළින් අඩු පීඩන කලාපයක් නිර්මාණය වී, පන්දුව මත ඉහළ සිට පහළට බලයක් යෙදීමට පටන් ගැනේමෙය ප්‍රති මැග්නස් ආචරණය(Reverse Magnus effect) ලෙස හැඳින්වෙන අතර මෙනිසා පන්දුව වැඩි බලයකින් යුක්තව පොළවේ ගැටී වැඩි උසක් ඉහළට ඉපිලීම සිදුවේ

මහාචාර්ය මිත්තල් සිය ශිෂ්‍ය පිරිසක්ද සමඟින් කළ පරික්ෂණයකට අනුව බූම්‍රාගේ අත මිනිත්තුවකට වට 1000ක් තරම් ඉහළ අගයකින් කැරකවෙයි එමෙන්ම ,ඔහුගේ මෙලෙසින් පන්දුව දඟ කැවීම නිසා එහි කෙලවර ඇතිවෙන වේගය හා පන්දුව ඉදිරියට ඇදෙන වේගය අතර අනුපාතය 01 ක් වන අතර, මෙය ඉහත සඳහන් කළ ප්‍රති මැග්නස් ආචරණය ඇති කර පන්දුව ඉහළ ඉපිලීමකට ලක්කිරීමට තරම් ප්‍රමාණවත්යඉතින් මෙලෙස බූම්‍රාගේ පන්දුව ක්ෂණික එමෙන්ම පිතිකරුවා නොසිතන ඉපිලීමකට ලක්වීම නිසා ඔහුට සිය පහරට අවශ්‍ය පරිදි යෑමට නොහැකි වීමෙන් සිදුවන්නේ,පන්දු යවන්නාගේ පහසු ගොදුරක් බවට පත්වීමටයි (මහාචාර්ය සන්ජේ මිත්තාල් ගේ ලිපියක් ඇසුරෙන් )

නාදුණන සොල්දාදුවා

2009 මැයි 16 හෝ 17ට එළිවෙන ජාමය මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල්කලපුවට අතර දුර මීටර් 300 – 500 ව්තර තියෙනවා. කථාව ඉතාම කෙටියෙන් කියන්නන් මම දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්‍රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන 50,000 පමණ දෙමළ ජනතාවක් රඳවාගෙන ඉඳල තියෙනවා. මේ අතරතුර කොළඹ තත්වය වුනේ, ගෝඨාභය වටා යුඑන් සහ බටහිර තානාපති කාර්යාල අධික ලෙස පීඩනය යොදමින් ප්‍රභාකරන් ජීවග්‍රහයෙන් ලංකාවේ මුහුදු සිමාවේ නවතා තිබු ඇමෙරිකානු යුද නැවට පැටවීමේ මෙහෙයුමද ක්‍රියාත්මකයි. නමුත් ගෝඨාගේ නියෝගය වෙලා තිබුනේ, ඉක්මණට ගහල දාපන්, මෙතන මම බැලන්ස් කරගන්නම් කියන ස්ථිර වචනය.

නමුත් ගෝඨාට වුනත් බටහිර බලපෑම අල්ලන් හිදීම දරාගැනීමේ උපරිමයට ලඟා වෙමිනුයි තිබ්බේ. තානාපති කාර්යාල පීඩනය ක්‍රියාන්විතයේ යෙදුණු නිලධාරීන්ටත් නොතිබුනත්, ඔවුන්ට ඉවෙන් වගේ දැවැන්ත බටහිර මැදිහත්වීමක සලකුණු දැනෙන්න ඇති. කොහොම වුනත්, වැඩිපුර මිනිත්තුවක හෝ ප්‍රමාදය, ප්‍රභාකරන් ජිවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා. ඒ කොටස කිවේ, ප්‍රමාද වෙන මිනිත්තුවක් රටේ දයිවය වෙනස් කරන්න ඇති කල හැකි බලපෑම ගැන අදහසක් ගන්න.

ඒ වෙනකොට, LTTE විශේෂ බලකාය දියත්කරපු ප්‍රභල ප්‍රහාර රැළි 2කින් අපේ පිහිටුම කි.මි.1 වඩා පස්සට අරගෙන නැවත ඔවුන් දෙසට පීඩනය යොමු කරමින් ආපු ගමනකයි අපේ පිරිස ඉඳල තියෙන්නේ. රැයක් එලිවීම, තවත් එවැනි රැල්ලක් හෝ අවදානම් සිමාව උන්ගෙන් අපිට මාරු වෙන්න ඉඩකඩ උපරිමයි. මේ කියන බංකරය මේ බෙදුම් රේඛාවේ තීරණාත්මක තැනක්. ඕක කඩපු ගමන් පිටිපස්සේ ඉන්න මිනිස් පලිහෙන් 2/3කට වඩා දොර ඇරෙනවා. ඊට පස්සේ විවුර්ථ වෙන්නේ, තැනිතලා සහිත අභියෝගයන්.

ඒ වෙනකොට, විශේෂ බලඝණයන් සහ ස්නයිපර් කණ්ඩායම් ඔවුන්ට නියමිත සමාන්තර වැදගත් කමින් යුතු මෙහෙයුම් වල අතිශයින්ම කාර්යබහුලයි. මේ ඉලක්කය දීලා තිබ්බේ, 58 සේනාංකය බාරව උන්නු, ශවේන්ද්‍ර සිල්වාට, ඔහුගෙන් මේ කාර්යය බාර වෙලා තියෙන්නේ, බ්ලු චැනල් අන්වර්ථ නාමයෙන් යෙදුණු 586 (හෝ වෙනත් බ්‍රිගේඩ් එකක්; හරියටම මතක නැහැ), 9 වන ගැමුණු හේවා බල සේනාංකය බාර උන්නු එවකට ලුතිනන් කර්නර් ලාල් චන්ද්‍රසිරිගේ කණ්ඩායමට. ඒ ඔහුට ඊට නියමම සුදුස්සා නිසා (ඊටත් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා). ඔහුගෙන් මේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බලඇණියේ තුල නිර්මානය කල අටේ කණ්ඩායමට. මිට අදාලව රෑ 2ක් ඔවුන්ට බරපතල පුහුණුවක් දීලා තියෙනවා (ඒ විස්තර මේ කථාව දිග්ගස්සනවා).

කොහොම හරි, මේ 8 , 4 ඒවා 2ට බෙදිලා දෙපැත්තෙන් මිට සමාන්තර බංකර් පේළිය රෑම කඩල, මේකට විතරක් එළිවෙනකන් ගේමක් දීලා. අවතක්සේරු කරන්න එපා, LTTE විශේෂ බලකාය අතිශයින්ම කාර්යක්ෂමයි, සහ ඔවුන්ගේ ප්‍රහාරක බලය ඉතාම ඉහලයි. එදා එලිවෙනකොටත් මේක ගලවගන්න බැරි වීම බොහෝවිට යුද්දයේ හැරවීම් ලක්ෂයක් වෙන්න තිබ්බලු. ඔතන අටේ ඉඳල තියෙනවා සාජන් හෝ කෝප්‍රල් කෙනෙක් (නාදුණන සොල්දාදුවා කියල කියනවා). මෙයා කියල තියෙන්නේ, සර් ටෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ, මගේ අම්ම තාත්ත වයසයි, සහෝදරයෝ නැහැ, මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්, මම මේක ඉරපායන්න කලින් සර්ට මේක කඩල දෙනවා කියල. ඔන්න ඕකලු ලු.ක. චන්ද්‍රසිරිට ලැබුන අන්තිම පණිවිඩය.

පැයක් ඇතුලත බංකරේ ඇතුළෙන්ම පිපිරීමක් ඇවිල්ල එතන හිටපු ටෙරාලගේ විශේෂ බලඝනයේ 10, 15ක් පිරිසත් එක්කම අපේ කොල්ලගේ ජීවිතෙත් අවසන් වුනාලු (මේ කොටසට අදාල කථාවත් ටිකක් දීර්ග නිසා මගාරිනවා). මේ අටේ කණ්ඩායමේ ඔහුත් සමග උන්න කෝප්‍රල් සම්පත් කීවෙත්, අපේ එක්කෙනෙක් ඒකට පනින එකෙන් මෙහා එක ගලවන්න බැරි නිසා ඔවුන් අසරණ වෙලා හිටපු බව සහ මේ කථානායකයා සම්පත්ට එයාගේ නේම් ටැග් එක ගලවල දුන්නලු අම්මට දෙන්න කියල. මේ කථාව, යුද්දයේ අවසානය ගැන කියවෙන හැම මොහොතකම මගේ ඔළුවට වද දෙනවා. මම හිතෙන් ඔහුට නමස්කාර කරනවා.

මේ විදිහට, පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැපකළ නාදුදන සොල්දාදුවන් දහස් ගානක් නිසා, විශේෂයෙන්ම දෙමළ ජනතාවටත්, මුස්ලිම්, සිංහල ඇතුළු, සමස්ථ ජාතියම අද නිදහසේ හුස්ම ගන්න බව ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන හැම මොහොතක සිහියට ගන්න. අද අපි උබල, අපේ දරුවෝ ගන්න හුස්මක් හුස්මක් පාසා අපි, උබල උන්ටත් උන්ගේ දෙමවුපියන්ට සහ දරුවන්ටත් ණයයි.

පලි: යුද්දය අවසන් වීමෙන් පසුව, ලු.ක. චන්ද්‍රසිරි මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට ගෙයක් හදල දීලා තියෙනවා. පපුවට අත තියාගෙනයි ඔහු මෙවැනි ආකාරයට කැප කිරීම් කළවුන් ගැන කථා කරන්නේ. මතක තියාගන්න, මෙවැනි හසලක ගාමිණි කුලරතනල පන්නයේ, නම නොකියවෙන නාදුනන සොල්දාදුවන් දහස් ගානක් මෙවැනි තීරණාත්මක කඩයිම් පසුකරදුන් බව. -උපුටාගැනීමකි-

රෝග වලින් බේරෙන්නේ කොහොමද

වර්තමානයේ බොහෝ අය තුළ බාහිරින් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ ද ශරීර අභ්‍යන්තරය තුළ අන්තරාසර්ග ග්‍රන්ථි ආශ්‍රිතව බොහෝ හෝමෝන සහ එන්සයිම අසාමාන්‍යතා පවතී. බොහෝ දෙනෙකු තමන් නිරෝගී යැයි සිතා සිටියද කුඩා දරුවන් තුළ මෙන්ම බොහෝ වැඩිහිටියන් තුළද මෙම තත්ත්වය දක්නට තිබේ. හෝමෝන පරීක්ෂාවක් සිදු කළහොත් ඒ බව අනාවරණය වනු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවේ විෂය පථයට අනුව පිටියුටරි ග්‍රන්ථිය, අධිවෘක්ක ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය ඇතුළු අන්තරාසර්ග ග්‍රන්ථි ශ්‍රාවය කරනු ලබන්නේ වර්ධක හෝමෝන, කොටිසෝල්, ලිංගික හෝමෝන ACTH හෝමෝන, තයිරොයිඩ් හෝමෝන වැනි හෝමෝන වර්ග කීපයකි. නමුත් සැබැවින්ම හඳුනා නොගත් ශ්‍රාවීය හෝමෝන රැසක් මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරනු ලබයි.

වර්තමානයේ බොහෝ හෝමෝන ශ්‍රාවයන්වල මෙම අසාමාන්‍යතා පවතී. කාන්තාවන් බොහොමයක් අතර මාස් ශුද්ධියේ අක්‍රමවත් භාවයන් බහුලව දක්නට ලැබේ. මඳසරු භාවයන්ද සමාජය තුළ බහුලය. වර්තමානයේ බොහෝ දෙනෙකුට වෙහෙස මහන්සි වී වැඩ කළ නොහැක. සමාජයේ බොහෝ දෙනෙක් හිසේ කැක්කුමට ඖෂධ භාවිත කරති. මේවා ඉරුවාරදය ලෙස වර්ග කෙරේ. මේවා හෝමෝන අසාමාන්‍යතා නිසා ඇතිවේ. මෙයට හේතුව වර්තමාන ආහාරවල අන්තර්ගත විෂ සංඝටක මගින් මෙම හෝමෝන අසාමාන්‍යතා ඇති කිරීමයි. උසට සරිලන බර සාමාන්‍ය මට්ටමේ ඇති අයකුගේ පවා (BMI = 18.5 – 24.9) මෙම තත්ත්වය දක්නට ලැබේ. මෙය බොහෝ දෙනෙක් නොදනිති.

මෙහි භයානකකම වන්නේ දිගු කාලයක් මෙම හෝමෝන අසාමාන්‍යතා පැවැතීම නිසා ශරීරයේ අභ්‍යන්තර පටකවල අඛණ්ඩ ප්‍රදාහ තත්ත්වයන් ඇති වී හදිසියේ රෝගී වීමයි. මෙම අඛණ්ඩ ප්‍රදාහ තත්ත්වයන් ප්‍රබල වූ විට ඇති වන රෝග සුව කිරීම ද අසීරුවේ. ඇතැම් විට සුව කළ නොහැකි වේ. ඇතැම් විට ක්ෂණික මරණය පවා සිදු විය හැක. වර්තමානයේ මැරතන් ධාවන තරග සහ විවිධ ක්‍රීඩා ඉසව්වල දී ක්ෂණික මරණයන් ඇති වීමට හේතු වනුයේ මෙම තත්ත්වයයි. මෙය බුද්ධියෙන්ම වටහා ගත යුතුය. මෙය වළක්වා ගැනීමට ගත යුතු එකම පහසු විසඳුම වන්නේ නිවැරදි ආහාරයට යොමු වීමයි.

මානසික පීඩන බොහෝ වැඩිහිටියන් සහ දරුවන් තුළ වර්තමානයේ දක්නට ලැබෙන වෛරී, අකීකරු ස්වභාවය සහ මානසික පීඩනයන්ට හේතුව මෙවැනි හෝමෝනවල අසාමාන්‍ය හැසිරීමයි. වර්තමාන ආහාරවල අන්තර්ගත විෂ සංඝටක මෙම හෝමෝනවල අසාමාන්‍යතා ඇති කරයි. එසේම මානසික ව්‍යාකූලතාවන්, නොසන්සුන්කාරී බව, අපරාධ වැඩිවීම වැනි කරුණු කෙරෙහි ද හෝමෝන අසාමාන්‍යතා හේතු වී තිබෙන බව සනාථ කර ඇත. වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙන නොසන්සුන්කාරී බවට මෙවැනි හෝමෝන අසාමාන්‍යතා හේතු වන බව මින් පැහැදිලි නොවේද?

ගැස්ට්‍රයිටිස් නමින් බොහෝ දෙනෙකු හඳුනන රෝගය ඇතිවීම කෙරෙහි ද බලපානුයේ මෙම කරුණමය. එනම්, වැරදි ආහාර දිගු කාලයක් පරිභෝජනය කිරීම හේතුවෙන් ඒවායේ අඩංගු විෂ සඝංටක නිසා ආහාර මාර්ගයේ ආම්ලිකතාව වැඩිවීම සිදුවේ. මෙම සංඝටකවලට ප්‍රදාහ ප්‍රතික්‍රියා ආමාශ බිත්තිය තුළ ඇතිවීම නිසා නිතර උගුරට එන ස්වභාවය (gastric reflux) හෝ ඒවා පුපුරා ආමාශය තුවාල වීම (gastric ulcer) සිදුවේ. (පහත රූප බලන්න) මෙය නිවැරදි ආහාර පරිභෝජනයෙන්ම වළක්වා ගත හැක.

අක්මාව පිරිසිදු කරන කෑම

අපි හැමෝම දිනපතාම සකස් කළ ආහාර වර්ග පරිභොජනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම පරිසර දූෂණය ද විශාල වශයෙන් තියෙනවා. අපි දිනපතාම වගේ කල්තබා ගන්නා ආහාර වගේම අතිරේක ආහාර ගන්නත් පුරුදු වෙලා ඉන්නවා. මේ සෑම දෙයක්ම අපේ ශරීරයට වරින් වර අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. ඒමගින් අපිට හොඳින් වැඩ කරන්නත් අපේ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්නත් පුඵවන් වෙනවා. අපේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න අපේ අක්මාව ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අක්මාව නැත්නම් අපි ගන්න ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට උරා ගන්නා විදිහක් නැහැ. ඔයාගේ අක්මාවට මෙම හොඳ ආහාර වර්ග 6 ඔයාගේ නිතිපතා ආහාරයට ඇතුලත් කරගන්න බවට ඔයාට සහතික වෙන්න පුඵවන් නම් ඔයාගේ ශරීරයෙන් විෂද්‍රව්‍යයන් ඉවත් කරලා ඔයගේ අක්මාව පිරිසිදුව තියාගන්න ඔයාට පුඵවන්.

සුදු ඵෑණ සුදුඵණූවල ඔයාගේ අක්මාවට වාසිදායක වන බොහොමයක් ගුණාංගයන් ඇතුලත්ව වෙනවා. සුදුඵණූවල සෙලේනියම් අඩංගු වන අතර, එය අක්මාව ප්‍රවේශම් කිරීම සඳහා විශිෂ්ඨ ඔක්සිකාරක ක්‍රියාකාරිත්වයක් වර්ධනය කිරීමට උපකාර වන ඛනිජයකි. සුදුඵෑණුවල අඩංගු විටමින් ඊ6 මගින් ඔයාගේ අක්මාවේ තියෙන ප්‍රති-උත්තේජනයක් ලෙස ක්‍රියා කරනවා. ඇමයිනෝ අම්ලයක් වන සුදුඵෑණු වල අඩංගු ආර්ජින්යින්, ඔයාගේ රුධිර නාලිකා ලිහිල් කිරීම සඳහා උපකාරී වෙනවා. මෙමගින් ඔයාගේ අක්මාව තුළ රුධිර පීඩනය ලිහිල් කරන්නත් උපකාරී වෙනවා.

ග්රේප් ෆෘට් ගරේප් ෆෘට්වල ඔයාගේ අක්මාව පිරිසිදු කරන්න උදව් වෙන්නේ එහි ඉතා ඉහළ ප්‍රමාණයකින් විටමන් සී සහ ග්ලුතටයිතෝන් අඩංගු වන නිසයි. අක්මාව ස්වාභාවිකවත් ග්ලුතටයිතෝන් නිපදවනවා. ග්ලුතටයිතෝන් අවශ්‍ය වන බොහොමයක් ක්‍රියාකාරකම් අපේ ශරීරය තුළ තියෙනවා. මේ අතරට ශරීරයට අත්‍යාවශ්‍ය වන ප්‍රෝටීන් සහ රසායනික ද්‍රව්‍යයන් නිපදවීම, පටක ගොඩනැංවීම සහ ආශ්චර්යමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සකස් කිරීම සහ අලුත්වැඩියා කිරීම යනාදිය ඇතුලත් වෙනවා.

කොළ පැහැති හරිත එළවඵ කොළ පැහැති හරිත එළවඵ නිරන්තරයෙන්ම රසායනික ද්‍රව්‍යයන්, ලෝහ සහහ පළිබෝධනාශක ද්‍රව්‍යයන් පරිසරයෙන් වගේම ඔයාගේ ආහාරවලිනුත් ඉවත් කරන නිසා මෙම කොළ පැහැති හරිත එළවඵ වලට පුඵවන් ඔයාගේ අක්මාව ආරක්ෂා කරගන්න උදව් වෙන්න. ඔයා වැඩි වශයෙන් නිවිති, චිකරි සහ අරුචාඵ ආහාරයට එක්කර ගන්න ඕන, ඒ මොකව කියනවා නම් ඒවාවට ඔයාගේ ශරීරයේ අපද්‍රව්‍ය නිෂ්පාදනයන් ඉවත් කරන්න උදව් කරන්න පුඵවන් නිසා. ඒ වගේම ඔයා ඔයාගේ ආහාරයට බීට් එකතු කරගන්න ඕන, ඒ මොකද කියනවා නම්, ඒවාට ඔයාගේ රුධිරය වර්ධනය කරන්නත් පිරිසිදු (පිරිපහදු) කරන්නත් පුඵවන් නිසා. මේවාට ඔයාගේ අක්මාවේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට වගේම ඔයාගේ ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ නිපදවීම වර්ධනය කරන්නත් පුඵවන්. ඒ වගේම ඔයා බ්‍රසල්ස් පැළෑටි, කෝලිෆලවර් සහ බ්‍රොකලි වැනි කැරිෆෙරේර් වර්ගයට අයත් එළවඵත් ඔයාගේ ආහාරයට එකතු කරගන්න ඕන. මේවාට විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න උදව් කරන එන්සයිම නිපදවීමේ හැකියාව තිඛෙන නිසා ඔයාගේ ශරීරයට ඛෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

අලිගැටපේර අලිගැටපේර සුපිරි ආහාරයක් හැටියට තමයි අපි හැමෝම දන්නේ. අලිගැටපේර ඔයාගේ අක්මාවට සුපිරි ආහාරයක් කියලා ඔයා තේරුම් ගත්තාහම ඔයාට අලිගැටපේර ආහාරයට ගන්න තබ බොහොමයක් හේතු තියේවි. අලිගැටපේරවල ග්ලුතටතෝයින්, විටමින් සී සහ විටමින් ඩී අඩංගු වෙනවා. මෙම පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රතිඔක්සිකාරයක් වශයෙන් ක්‍රියා කරමින් විනාශකාරී රෙඩිකල්ස් ඉවත් කරමින් අක්මාවේ සෙලවලට හානියක් වීමට නොදී ආරක්ෂා කරනවා. මෙම පළතුරේ විටමින් ඊ සහ කේ යන දෙවර්ගයම අඩංගු වන අතර, ඔවුන් අසාදිත-රහිත වීම නිසා ඔයාගේ අක්මාවට හානි සිදුකරන අසාදනවලින් ඔයාගේ අක්මාව ආරක්ෂා කරනවා. එවගේම මෙහි තිඛෙන සෞඛ්‍ය සම්පන්න මේද, ඔයාගේ ශරීරයේ කොලොස්ටරෝල් මට්ටම වර්ධනය කරන්නත් උදව් වෙනවා.

වොල්නට්ස් වොල්නට්ස් ඇමයිනෝ අම්ලයෙන් සහ ආර්ජින්ටිනින් වලින් ඉතාම පොහොසත් නිසා ඔයා වැඩිවැඩියෙන් වොල්නට්ස් ආහාරයට ගන්න ඕන. ඇමෝනියා විෂහරණය කිරීම නිසා මේවා ඔයාගේ අක්මාව හොඳින් තියාගන්න උදව් කිරීමේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මීට අමතරව වොල්නට්ස්වල ඉතා ඉහළ ප්‍රමාණයකින් ඔමේගා-3, ෆෝලික් ඇසිඩ් සහ ග්ලුතටතෝයින් අඩංගු වෙනවා. ඒවා අක්මාවේ විෂහරණය සඳහා උදව් වෙනවා. මේවායේ ප්‍රතිඔක්සිකාරයකයන් බොහොමයක් අඩංගු වන අතර එමඟින් විනාශකාරී රෙඩිකල්ස් ඉවත් කරන්නත් උදව් වෙනවා. මේවායේ සෞඛ්‍ය සම්පන්න අසංතෘප්ත මේදයන් ඇතුලත් වන අතර ඒවා ආකාර දෙකකින් ඔයාගේ ශරීරයට උදව් වෙනවා. එනම්, ඔයාගේ අක්මාවේ මේද සමුච්ඡේදනය වීමෙන් ආරක්ෂා කරන අතරම අක්මාවේ ෙසෙල වටා ශක්තිමත් සෙල පටල වර්ධනය කරන්නත් උදව් වෙනවා.

කහ කහවල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය ලෙස එහි කර්කුයින් අඩංගු වෙනවා. එය ඉතාමත් ශක්තිමත් ආසාධන රහිත කරන්නක් වගේම ප්‍රතිඔක්සිකාරයක් වශයෙන් ද ප්‍රචලිතයි. මෙම අමුද්‍රව්‍යය ද ඔයාගේ අක්මාව දියාරු වීමෙන් ආරක්ෂා කරනවා. මෙය අක්මාව පිරිසිදුකරනයක් ලෙස ක්‍රියාකරමින් ශරීරයේ ජලඡ ප්‍රවාහය ඉහළ නංවනත් උදව් වෙනවා. මත්පැන් සහ විෂබීජවල එකතුවෙන් සංයෝගයක් බවට පරිවර්තනය වෙලා ඔයාගේ අක්මාවට හානි කරන්න පුඵවන් දේවල්වලින් වළක්වලා ඔයාගේ අක්මාවේ සෙලවලට යළි සජීවී පුනර්ජීවනයක් දෙන්නත් මේවාට හැකියාවක් තියෙනවා. ඔයා ඔයාගේ ආහාරවලට කහ ටිකක් ඉසිනවා නම් අරුම පුදුම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්න වගේම ඔයාගේ ආහාරයට මඳ වර්ණකයක් එකතු කරගන්නත් ඔයාට පුඵවන්.

කාටවත් බය නැති සිරියා

සියාතුගේ මලගෙදරට මිනිය බලන්ඩ ආපු කාගේත් කතාව වුයේ ගමේ දින තුනකදී සිදුවූ මරණයන් තුන පිලිබදවයි. ” බලපන්කො ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු තුන්දෙනේක්නේ මෙහෙම හේතුවක් හොයාගන්ඩ බැරිව මරුනේ හරියට ගමට යකෙක් ඇවිල්ල බිලි අරගෙන යනවා වගේ” අප්පු හාමි පැවසුවා ” තුන්දෙනාම මරුනේ මහා රෑ ” මරතේරිස් පැවසුවේ බුලත් කෙල පාරක් මිදුලට ගහන ගමන්. ” මටනම් බයේ බැ දැන්නම් රෑට තනියම එලියට පහලියටවත් යන්ඩ ” ඒ ගුනේරිස්.

ඔවුන්ගේ කතාවලට මදක් ඇහුන් කන් දෙමින් සිටි සිරියා යටි හිතෙන් හිනාවුනා. ඇය බොමින් සිටි සුරුට්ටුවේ දුම නහයෙන් පිට කෙරුවා. “අනේ මෙහෙමත් පිරිමි ලැජ්ජා නැතිව සරන් ඇදන් ඉන්නවනේ බයගුල්ලෝ” සිරියා සිතුවේ එහෙමයි. ඇය වටපිට බැලුවා. තැනක කට්ටියක් කාඩ් සෙල්ලන් කරයි. තව තැනක කට්ටියක් දාන් අදියි. “දැන් ගෙදර යන්ඩ ඕනේ ” සිරියා පුටුවෙන් නැගිට්ටේ එහෙම හිතාගෙන. “මං යනවා උබල දැන්ම ගෙවල් දොරවල් වලට යන්නේ නැනේ ”

ඇය අසල උන් මිනිසුන්ට කිවේ පොදුවේ. මියගිය සියාතුගේ බිරිද ඒ ඇසි එලියට ආවා. දවසම අඩ ආඩා සිටි ඇයගේ මුණ තිබුනේ ඉදිමිලා. ” සිරියා මේ රෑ යන්ඩ එපා අද ඉදල හෙට උදේ යමන් නංගියේ අද හදත් නෑ අනික අපේ ගමට මේ දවස්වල වෙන්නෙත් එච්චර හොද දේවල් නෙමේ ”
සියතුගේ බිරිද කිව්වේ සිරියාගේ ගමන නවත්තන්ඩයි. “අනේ ඕවට මං බයවෙයි අක්කේ ”  සිරියා මිදුලට බැස අදුරේ නොපෙනී ගියේ සමච්චලේට වගේ හිනාවකුත් වෙලා අවසානේ. අමාවක දවසක මළ ගෙදරක සිට තනියම කට්ට කරුවලේ සිරියා ගිය දෙස මළගෙදරට රැස්ව සිටි අය බලා සිටියේ පුදුමයෙන්.

” මේකිනම් මහා යක්ෂ ගෑනියක් නොවැ පිරිමියෙකුටත් නැති නිර්භීත කමක් තියෙන්නේ ” අප්පුහාමි පැවසුවේ පුටුවක හිද ගනිමින්. “ඔව් ඉතින් සිරියා කරන්නෙත් පිරිමි කරන වැඩමනේ සුරුට්ටු බොනවා ගස් වල නැගල පොල් කඩනවා කරත්ත දක්කනවා ” මරතෙරිස් කියා ගෙන කියාගෙන ගියා එකදිගට. ” මගේ හිතේ සිරියා ඉපදිලා තියෙන්නේ පිරිමි නැකතක ” ” ඔව් ඉතින් නැත්නං මේ මහා රෑ ඔය පාලු පාරේ මොන ගෑනිද තනිපංගලමේ යන්නේ අනික මිණී පිටිය ලගිනුත් යන්ඩ එපයි අද හවස පුච්චලා දාපු ටිකිරි බණ්ඩාගේ දර සෑයත් තවම පිච්චෙනවා ඇති. ඔය වගේ තැන්වල යක්කු වැහි වැහලා”

අප්පු හාමි තව පාරකට බුලත් විටක් කන්න සිතා බුලත් කොලයක හුණු ගෑවා. සිරියා ඔය මොන යකෙකුටවත් බය නැතුව ඉදිරියටම ඇදුනා සුරුට්ටුවකුත් උර උර. කරුවලේ ගමන් ගොස් සිටි ඇයගේ ඇස් කලුවරට හොදටම දැන් හුරුය්. ඇයට ඇගේ ගෙදරට යාමට තවත් සැතපුම් දෙකක් පමන පයින් යාමට ඕනෑය. දැන් ඇය පැමිණ ඇත්තේ මිනිස් වාසයක් කොහොමවත් නැති ඉසව්වකටයි. මිනිස් කටහඩක් අසන්නටවත් නොලැබෙන ඉසව්වේ නිශාචාර සතුන්ගේ හඩනම් නොඅඩුව ඇසුනේ මහා මූසල විදිහට. එක පසකින් නරින්ගේ හු හඩ වෙන කෙනෙකුගේ නම් සිතේ බිය ජනක සිතුවිලි අවදිකරයි. තවත් පසෙකින් බස්සන්ගේ හ්ම් හ්ම් හඩයි. දැන් සිරියා මළගෙදරින් දල්වාගෙන ආ සුරුට්ටුව ඉවර වෙන්ඩත් ලන්වෙලා. ඇය ලග තව සුරුට්ටු තිබුනද ඒවා දැල්වීමට ගිනි පෙට්ටියක් නම් ඇය ලග තිබුනේ නෑ.

එකවරම සිරියා යන ගමන් මගේ ඉදිරියේ තිබු පදුරක් අසලින් ඇය ඉදිරියට පැන්නේ විශාල සතෙක්. ඉන් මදක් ඇය කලබල වුනා. අදුරට හුරු වී තිබුණු ඇස්වලින් ඇය දුටුවේ තඩි වල් උරෙක්. ඌ කෑ ගසමින්ම ඉදිරියට දුව ගොස් යලිත් ගස් අතරින් සැගව ගියේ හීයක වේගෙන්. ඉන් සිරියා මදක් කලබල වුනත් ඇය ඉදිරියටම ගියා. දැන් සිරියාගේ සුරුට්ටුවේ වෙන උරන්නට දෙයක් නැ. ඇය සුරුට්ටු කොටය විසි කර දමා යලිත් ඉදිරියට ගියා. යලිත් තමා ඉදිරියේ හෙමින් සැරේ සතෙක් යන බව සිරියාට ඇසෙන්නට වුනේ මේ සමගයි, තවත් වල් උරෙක්වත්ද?  නැත මෙවර වල උරෙක් නෙමේ ඒ විශාල කළු මී හරකෙක්ය. ඌ සිරියා ඉස්සරහින් ගියේ කෑ ගසමින්. සිරියාද ඒ පසුපසින් ගමන් කරන්නට වුනා.

” දැන් පරිසරය එන්න එන්නම සීතලයි. සිරියාගේ අත පය පවා ගැහෙන්නට තරම් ඒ සීතල දරුනුයි.. එකවරම ආ සීතල ගැන සිරියාද හිටියේ මදක් පුදුමයෙන්. ” දැන්නම් සුරුට්ටුවක් උරන්ඩ තිබුනානම් නියමයි. ඒත් කොහෙන්ද ගින්දර. ” ගිනි පෙට්ටිය අමතකව පැමිණීම නිසා ඇය සිටියේ බලවත් කනස්සල්ලෙන්. ඇය තමාටම බැණ ගත්තා. මී හරකානම් කිසිම ගානක් නැතිව කෑ ගසමින් තවමත් ඉදිරියෙන් යයි. මදක් දුරක් යද්දී සිරියාට සිතට සහනයක් ගෙන දෙමින් ඇය යමක් දුටුවා. ඇය එතනට කිට්ටු කරන්නට වුනේ සැනසුම් සුසුමක් හෙලා. මී හරකාද දැන් සිටින්නේ එතනට ගොස් නිදාගෙනයි. වෙන කෙනෙකුනම් ඒ දසුන දුටුවේනම් සිතන්නේ හැකි ඉක්මනින් ඒ දෙසවත් නොබලා හැකි ඉක්මනින් ඒ ඉසව්වෙන් පිටව යාමටයි. නමුත් සිරියා ඕවාට බිය නැත. ඇය ඉක්මනින්ම එතනට ගමන් කළා.

ඇය ගමන් කලේ වෙන කොහාටවත් නෙමේ. මෙදින හවස මිනි පිටියේ මියගිය ටිකිරි බණ්ඩා පුච්චන ලද දර සෑය ලගටයි. එය තවමත් පිච්චෙමින් පැවතුනේ රන්වන් පාටින්. මිනිසුන් වලදමන ලද මිණී පිටියේ පස් ගොඩැලි අතර දර සැයේ දැල්වෙන ගිනි අගුරු තිබුනේ විරාජමානව. ” මගේ වෙලාව හොදයි, දැන් මේ අගුරු වලින් සුරුට්ටුවක් පත්තු කර ගන්ඩ පුළුවන් සීතලට නියම තැන ” සිරියා දැවෙන දර සෑය අසල අනකුටු ගසමින් සිතුවා. ඇය හැට්ටය අස්සෙන් සුරුට්ටුවක් ගන්න ගමන් මී හරකා ඉන්න තැන දෙසද බලන්නට අමතක කලේ නෑ. මී හරකා ඇය කරන්න යන දෙය දෙස බලන් සිටියේ ගිණී ගත් දෑසේන්. සිරියාට ඒ ගැන ගානක් නෑ. ඇය දර සැය දෙස බලාන කතා කරන්නට වුනා ඊට පස්සේ.

” කොහොමද ටිකිරි බන්ඩෝ ඔන්න මං උබේ තනියට උබත් එක්ක කතා කරන්ඩ ආවා ” ඇය සුරුට්ටුවක් උරමින් නහයෙන් දුම පිට කළා. එවිටම ඇය පිටුපසින් යම් කිසි හඩක් නැගුනු අතර සිරියා පිටුපස හැරී බැලුවේ කුතුහලයෙන්. පළමුව ඇය දුටුවේ කාල වර්ණ ශරීරක්. ඇය ඉහලට ඇස් යොමු කෙරුවා. “දෙයි හාමුදුරුවනේ” කවදාවත් බිය හදුනන් නැති සිරියාව බයකරන්නට ඇය දැකපු දේ සමත් වෙලා තිබුනා. ඇය ඉදිරියේ සිටියේ කාලවර්ණ ශරීරයක් හෙබි මිනිහෙක්.. නෑ. ඔහුට මිනිසෙකු කියන්නට කෙසේවත් බැරිය. ඔහුගේ ඔලුව කළු පාට වලස් හිසකින් යුතු වූ අතර ඉදිරිපස හිසකෙස් තිබුනේ බට ලී වගේ කෙලින් වෙලා. පසුපස හිසකෙස් පහතට වැටි තිබුන. ගිනි ගෙන දැවෙන ඇස් ගොරකා මද මෙන් ඉදිරියට නෙරා විත් තිබු අතර බෙල්ලේ මිනිස් හිස් කබල් වලින් යුත් එල්ලෙන මාලයක් තිබුනේ හෙලවෙමින්. කට වටේටම තිබුනේ රතු ලේ .. ඒ වා කටෙන් පෙරි පෙරී තිබ්බා. එක අතක අතක තියුණු හෙල්ලයකි.

” ක. ක කවුද උබ ” සිරියා ඇසුවේ බියෙනි. ” මමද, මං තමා මහාසෝනා ” ගොරහැඩි කටහඩින් ඔහු පවසන විට සිරියා හොදටම බිය වුනා. මේ නම් නියත ලෙසම මහසෝනාම බව සිරියා සිතුවේ වෙව්ලමින්. ඇය ඉක්මනින් නැගිටිමින් අඩි දහයක් පමණ ඉදිරියට දිව ගියේ උගෙන් බේරෙන්ඩ හිතන්. ඒත් සිරියාට දිව යන්න හැකිවුණේ ඒ අඩි දහයම පමනයි. යකඩ අතකින් අල්ල ගත්ත මෙන් ඇගේ බෙල්ල පිටුපසින් අල්ලාගත් මහසෝනා ඇයව ඉහලට එසෙව්වා.

” අනේ මට යන්න දෙන්න මම මොකද්ද ඔබතුමාට කල වරද ” ” වැරද්ද තෝ මට කැපවෙලා තිබ්බ මේ සැයේ දරවලින් සුරුට්ටු පත්තු කෙරුව ” ” අනේ මං එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ මට අනුකම්පා කරන්ඩ ” ” මම ලග සමාව කියලා දෙයක් නෑ ” පසුදා සියාතුගේ මිනිය වල දමන්ට වළක් කපන්ඩ ආ ගම්මු දුටුවේ ඊයේ පුච්චන ලද දැන් දැවී ගොස් අළු වී ඇති ටිකිරි බණ්ඩාගේ දර සෑය අසල වැටි මියගොස් සිටින සිරියාගේ නිසල සිරුරයි. ඔවුන් ඒ ලගට කිට්ටු වී බලන්නට වුනේ නොසන්සුන්වෙමින්. ඇස් ලොකුකරගෙන මිය ගොස් සිටි සිරියාව දකින කාට වුවද බිය සිතේ.

” මහසෝනා ගහලා පෙන්නේ නැද්ද බෙල්ලේ දම් පාටින් ඇගිලි පහම තියෙනවා ” එක මිනිසෙකු කිව්වෙ මැරුන සිරියගේ බෙල්ල දෙසට ඇගිල්ල දික්කරන්. “හ්ම්ම්ම්ම්ම්ම්,, ඒක තමා වෙලා තියෙන්නේ ,, මට තවත් මැවි මැවී පේනවා ඊයේ සිරියා මලගෙදරින් ආපු හැටි තවකෙකු කිව්වා. ” ඒක නෙමේ සිරියා එක්ක අදට අපේ ගමේ එකපිට දවස් හතරක හතර දෙනෙක් මරුනා , නේද? මටනම් දැන් ගමේ ඉන්ඩත් බයයි. මේ ගම මහාසෝනට බැල්ම වැටිලා තියෙන්නේ හෙට කාට නපුරක් වෙයිද දන්නේ නෑ ” තව මිනිසෙකු කිව්වේ බයෙන් වගේ. ඔවු සමහරවිට ඒක වෙන්ඩත් පුලුවන්. ඊලග දවසෙත් මිනිසෙකු බිලිබා ගන්නට මහසෝනා එදින රාත්රිය එළබෙන කම් ඉවසිල්ලක් නැතිව බලාන ඉන්නට පුළුවන් , කොහාට හරි වෙලා  නිමි.

ඔයත් හෙඩ් සෙට් එක දාගෙන සින්දු අහන්නවද…?

ලෝකයේ දියුණුවත් සමගම නවීන තාක්ෂණයට අද බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ජංගම දුරකථනය, පරිගණකය, ලැප්ටොප් මෙන්ම ඇතැම් දුරකතන සහ පරිගණක සඳහා භාවිත කරන හෙඩ් සෙට් ප්‍රධාන තැනක් ගනී. මෙම උපකරණ භාවිත කළ ද වැඩිදෙනාට ඉන් සිදුවන හානි පිළිබඳ නිසි අවබෝධයක් නැත. ඇතැම්විට මේ තුළින් ඉතා භයානක රෝග කාරක අවස්ථා සඳහා යොමුවිය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. එම හානිකර තත්ත්වයන් පිළිබඳ අප විමසීමක් කළේ වෛද්‍ය දිලීප වික්‍රමසේකර මහතා සමගයි.

අද භාවිත කරන තාක්ෂණික උපකරණ අත්‍යවශ්‍යම දේවල් විදියට මිනිස්සු වැඩි වශයෙන් පරිහරණය කරන්න පෙලඹිලා ඉන්නවා. ජංගම දුරකථනය, පරිගණකය, රූපවාහිනිය සහ එම දුරකථන සහ පරිගණක භාවිතයේදී යොදාගන්නා ශ්‍රවණ රැහැන් ආධාරකයන් (Head Set) ඊට උදාහරණයි. මෙම උපකරණ භාවිතයේදී අපට වාසි වගේම අවාසිත් සිදුවනවා. එබැවින් මෙම උපකරණ අත්‍යවශ්‍ය භාණ්ඩ වුණත් වැඩිපුර භාවිතයට සුදුසු දේවල් නෙමෙයි. මේ භාණ්ඩ මගින් විද්‍යුත් චුම්භක ධාරා මොළයේ හා ස්නායු පද්ධතියේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා.

ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ලෙම පාහේ ඒ දේ සිදුවෙනවා. විද්‍යුත් චුම්බක ධාරා මගින් මිනිසාගේ මොළේ න්‍යාය පද්ධතියේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන බව හෙළිවී තිබෙනවා. නමුත් විද්‍යාඥයන් තවම අවසන් තීරණයකට එළඹිලා නැත්තෙ එහි ප්‍රතිශතය කොච්චරක්ද කියලා හරියටම හොයාගෙන නැති නිසායි. සමහරු කියනවා 30%ක් කියලා. තවත් අය කියනවා 50% කියලා. පිළිකා ඇති බව තහවුරු​ වෙලා තිබුණත් අවදානමේ ප්‍රතිශතය නිශ්චිතවම හොයාගෙන නැහැ. අපි නිතරම ජංගම දුරකථනයේ එල්බගෙන ඉන්න නිසා එමඟින් පිළිකාවලට අමතරව ස්නායු පද්ධතියේත් වෙනම බලපෑමක් සිදුවෙනවා. විශේෂයෙන්ම නිතර හිසරදය ඇතිවීම, යමකට අවධානය අඩුවීම, ඉවසීම අඩුවීම, නිදිමත වෙනස්වීම, මානසික ආතතිය ඉහළ යාම වැනි දේවල් සිදුවෙන්න පුළුවන්.

ජංගම දුරකථනය වැඩි වශයෙන් භාවිතයේදී ඒ දේට වැඩිව යොමුව සිටීම නිසා මානව බැඳීම අඩුවෙනවා. එහිදී අදහස් හුවමාරු කිරීම්ද වෙනස් වෙන්න පුළුවන්. වෙනම මවාගත් ලෝකෙක සීමාවෙනවා. එහිදී ඉවසීම අඩුකම මූලිකම ප්‍රශ්නයක්. ඒ වගේම ස්වභාවික අයුරින් පුද්ගලයන් හා අදහස් හුවමාරු අඩුවීම, අන්‍යයන්ගේ අදහස්, අංග චලනයන් ගැන අවබෝධය අඩුවීම යනාදිය සිදුවෙන්නට ඉඩ තියෙනවා. එමගින් ක්ෂණික කෝපය, සබඳතා බිඳීයාම, සාමාන්‍ය සිතිවිලිවලින් වෙනස්වීම ආදිය සිදුවෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම දීර්ඝ වේලාවක් දුරකථනයේ සිටීමත්, SMS විශාල වශයෙන් යැවීමත් මගින් දුරකථනයට ඇබ්බැහිව සිටීම මගින් තාත්වික ලෝකයෙන් වෙන්වීම, මානසික රෝගවලට නැඹුරුව වැඩිවීම සිදුවෙන්නට ඉඩ තියෙනවා.

විශේෂයෙන් ඉගෙනගන්න ළමයින්ට ජංගම දුරකතනය භාවිතයට එතරම් සුදුසු දෙයක් නෙමෙයි. අද ඊට ඇබ්බැහි වුණු ළමයි ඉන්නවා. ඒ වගේම දුරකථනයෙන් ගේම් ගහන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. ඇත්තටම මේ තුළින් මනසට ලොකු බලපෑමක් සිදුවෙන්නෙ. මේ දේට ඇබ්බැහි වීමේදී මතක ශක්තිය අඩුවීමක් වැඩි වශයෙන් සිදුවෙනවා. චීනයේ නම් මේ දේවල්වලට වැඩි වශයෙන් ඇබ්බැහිව සිටින ළමුන් වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ. ජංගම දුරකථනය හරහා ළමයින්ගෙ සන්නිවේදනය වැඩිවෙන්න වැඩිවෙන්න ඔවුන්ගෙ හැකියාවන් දුර්වල කරනවා. කතා කිරීමේ හැකියාව, අදහස් ඒත්තු ගැන්වීමේ හැකියාව ආදිය අඩු කරනවා.

වට්ස්අැප් (Whatsapp), වයිබර් (Viber), ඉමෝ (IMO) ආදියත් ළමයින් අද වැඩි වශයෙන් පාවිච්චියට යොමුවෙලා තියෙනවා. ඇත්තටම මේ තුළින් අදහස් හුවමාරු කර ගැනීමේදී හා අදහස් ලිඛිතව සටහන් තැබීමේදීයි හැඟීම් නොමග යවන්නෙ. ඒ නිසා ජංගම දුරකථනය අවශ්‍ය දේට පමණක් යොදාගත යුතුයි. සමහරු ජංගම දුරකථනය නිදාගන්නා විටදීද තමා ආසන්නයේ තබාගෙන ඉන්නෙ. ඇඳ මත හෝ කොට්ටෙ යට තබාගන්නෙ. එය නොකළ යුතු දෙයක්. එමඟින් විද්‍යුත් චුම්බක තරංග පිටවෙනවා අපේ ශරීරයට. විශේෂයෙන් ජංගම දුරකථනයෙ විද්‍යුත් තරංග දුරකථනය භාවිත කිරීමෙන් පසුව නැවත ඇමතුමක් එනවිට හෝ කෙටි පණිවිඩයක් එන විට එය ග්‍රහණය වන වෙලාවට විද්‍යුත් තරංග ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා දුරකථන ළඟ තබාගෙන ඒ මොහොතේ කතා කරන අවස්ථාවට අවදානම වැඩියි.

ඒ වගේම ජංගම දුරකථනයත් සමග අප භාවිත කරන හෑන්ඩ් ෆ්‍රී (Hand Free) එමඟිනුත් ශරීරයට ඇතිවන බලපෑම වැඩියි. එමගිනුත් චුම්බක ක්ෂේත්‍රයක් නිපදවෙනවා. ඒ තුළිනුත් පිළිකා හැදීමේ අවදානම වැඩියි. නමුත් අලුත් තාක්ෂණේ තියෙනවා Hand Free එකට විද්‍යුත් චුම්බක තරංග වළක්වන පැතිකඩ ඇති උපකරණයක්. එය භාවිත කිරීමෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. නැතහොත් සාමාන්‍ය පාවිච්චියේදී අවදානම වැඩියි. ගර්භණී මව්වරුන්ට වැඩි වශයෙන් මේ විද්‍යුත් භාවිතය ඉතා අහිතකරයි. ජංගම දුරකථන ළඟ තබා ගැනීමේදී පිටවෙන තරංග මගින් කළලයේ සිතිවිලිවලට බලපෑම්, බබාගේ සිතිවිලි තරංග හරහා ක්‍රියාකිරීම නිසා කළල වර්ධනයත් සමග මීටර් 1.5ක අවම වශයෙන් ඈත්ව තබාගැනීම සුදුසුයි. ගර්භණී මවක් නිවසක සිටිනවා නම් එම කාමරයෙන් දුරකථන ඈත් කර තැබීමත් ඉතා වැදගත්. විශේෂයෙන් මීටර් 1.5ක ඈත්ව තැබිය යුතුමයි.

ඊට අමතරව පිරිමි පාර්ශ්වයට කියන්න ඕනෑ ජංගම දුරකථනය තම කලිසම් සාක්කුවල නොදැමිය යුතුයි. ඒ තුළින් දරුඵල අඩු කිරීම්, වෘෂණ කෝෂ පිළිකා ඇතිවෙන්නට ඉඩ තියෙනවා. අඩුම අවදානම තියෙන්නෙ උඩ සාක්කුවෙ දුරකථනය රඳවා ගැනීමෙන්. පොඩි දරුවන්ට මේ දේවල් පාවිච්චියට දෙනවා නම් වැඩසටහන් වෙලාවකට අනුව ලබාදීම වඩාත් වැදගත්. නමුත් වීඩියෝ ගේම් ආදිය ලබාදීම නොකළ යුතුයි. ඒ තුළින් විද්‍යුත් තරංගවලට අමතරව ඇස්වලට බලපෑම් එල්ලවීමටත් පුළුවන්. එහිදී පෙනීමේ දුර්වලතා ඇති වෙනවා.

හෙඩ් සෙට් (Head Set) පාවිච්චි කිරීමෙනුත් අධික තරංග හා ශබ්දය නිසා ඇසීම අඩුවීම, ප්‍රතිචාර දැක්වීමේ වේගය හා මතකය අඩුවීම නිසා හිසට ආසන්නයට විශාල චුම්බක නිසා මතකයට හානි ඇති කරනවා. වැඩිදෙනෙක් අද ව්‍යායාම් කිරීමට යද්දී පවා හෙඩ් සෙට් පාවිච්චි කරනවා. ඉස්සර බොහෝදෙනෙක් Hand Free එකෙන් ගීත ඇහුවා. දැන් පාවිච්චි කරන Head Set. එමගිනුත් අධි විද්‍යුත් තරංග සංඛ්‍යාවක් නිකුත් කෙරෙනවා.

එය කෙළින්ම කනටයි බලපාන්නෙ. ඒ තුළින් පිළිකා ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වැඩිපුර මේ දේවල් ළඟට නොගැනීම වැදගත්. රූපවාහිනිය වැඩි වශයෙන් නැරඹීමෙනුත් ක්ෂණික රූප රාමු වෙනස්වීම මඟින් ළමයින්ගේ සිතුවිලි වේගය අඩාළ වීම සිදුවෙනවා. එමඟින් මතකය තාර්කික බුද්ධිය අඩුවීම විශේෂයෙන් සිදුවෙනවා. ඒ වගේම රූපවාහිනි, පරිගණක, ජංගම දුරකථනවල තියෙන විකිරණ නිසා පෙනීම අඩුවීම, ඇස් යට කළුවීම, ඇස් රැළි වැටීම, මුහුණ රැළි වැටීමත් සිද්ධ වෙනවා. ඒ වගේම වැඩි වශයෙන් මේ උපකරණය භාවිතයේදී පීඩනයක්නෙ ඇතිවෙන්නෙ. එහිදී හිසකෙස් යාම, නින්ද අඩුවීමත් එක්ක එය ශරීරයේ හැඩරුව පවත්වාගෙන යාමටත් බලපාන්න පුළුවන්.

මේ දේවල් වළක්වා ගන්නට නින්දට යන විට දුරකථනය විසන්ධි කිරීම, අනවශ්‍ය වෙලාවට දුරකථනය ඈත්ව තැබීම, පරිගණකය භාවිතයේදී මොනිටර් ෆිල්ටරයක් භාවිත කිරීමත් රූපවාහිනිය, පරිගණකය දිගටම භාවිත කරනවා නම් පැයක් එක දිගට එදෙස බලා සිටියහොත් විනාඩි 5ක විවේකයක් ගැනීම කළ යුතුයි. නව තාක්ෂණයේ ඇති විද්‍යුත් චුම්බක තරංග වළක්වන පැතිකඩ සහිත උපකරණ භාවිත කිරීම, විද්‍යුත් උපකරණ භාවිත කරන කාලය සීමා කිරීම ආදියත් හරි නින්දක් පවත්වාගෙන යාමෙනුත් මේ දේවල් රැකගන්නට හැකිවේවි.

ධනු විජේරත්න

පුනර්භවය හෙළි කළ මහණදම් පිරූ හිමිවරු

පෙර භවය හෙළි කළ දරුවන් අතරින් පැවිදි ජීවිත ගත කළ බැව් අනාවරණය කළ දරුවෝ කීප දෙනෙක් සිටිති. එම දරුවන්ගේ කුඩා කල හැසිරීම් රටාවද භික්ෂු ජීවිතය අනුකරණය කිරීම විශේෂත්වයක් විය. එවැනි දරුවන් පසු කලෙක භික්ෂූන් වහන්සේලා බවට ද පත් වූහ. ශ්‍රී ලංකාවේ පෙර භවය හෙළි කළ දරුවන් තිදෙනෙක් පැවිදි ජීවිත ගත කළ බැව් අනාවරණය කළහ. එම දරුවෝ තිදෙනාම ඉතා කුඩා අවදියේ දී පැවිදි ජීවිතයට ඇතුළත් වූහ.

පෙර භවයේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ ප්‍රථම දරුවා උපත ලැබුවේ හොරණ ප්‍රදේශයේ දී ය. බහ තෝරන අවදියේ සිට පාලි ගාථා කීමත් සිවුරු ඇඳීම අනුකරණ කිරීමත් එම දරුවාගේ සිරිත විය. ඒ සමගම දෙපයින් නැගිට ගැනීමට හැකිවූ දා සිට මල් කඩාගෙන පැමිණ පුටුවක් මත තබා වන්දනා කිරීමට ද සුවිශේෂී ක්‍රියාවක් විය. අනතුරුව ඔහු ප්‍රකාශ කළේ තමා භික්ෂූන් වහන්සේ නමක් ලෙස රත්නපුර ප්‍රදේශයේ වැඩ විසූ බවකි. ඔහු වැඩ විසූ පූජනීය ස්ථානයේ පාරිසරික ලක්ෂණ කීපයක් ද එම දරුවා ප්‍රකාශ කළේය.

වටාපතක් සහ සිවුරක් ඉල්ලා සිටි එම දරුවා අන් දරුවන් ප්‍රිය කරන කිසිදු සෙල්ලම් භාණ්ඩයක් ප්‍රිය නොකිරීම ද තවත් විශේෂත්වයක් විය. ඉතා කුඩා වියේ දී මාපියන් විසින් ඔහුට වටාපතක් සහ සිවුරක් ලබා දුන් විට සිවුර පොරවාගෙන වටාපත අතැතිව ගාථා පවසන්නට වූයේ මාපියන් පුදුමයට පත් කරවමිනි. තරංග නම් වූ එම දරුවා පැවිදිවීමට අවශ්‍ය බැව් කියන්නට වූයේ වයස අවුරුදු හතරේ පමණ සිට ය. ඉතා කුඩා වියේ සිට වැඩිහිටියන්ට ආගමානුකූලව ජීවත් වන ලෙස උපදෙස් දීම ද ඔහු තුළින් දක්නට ලැබුණු විශේෂත්වය විය. දෙපයින් නැගිට ගත් දා සිට මල් කඩාගෙන නිවස තුළට පැමිණ පුටුවක් මත තබා වැඳීමට පුරුදුව සිටි ඔහු පසුව නිවස තුළ බුදු මැදුරක් ඉදි කරදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

හබුරු කොළයක් ගෙන භික්ෂූන් වහන්සේ භාවිත කරන වටාපතක් ලෙස එය අතින් ​ෙගන ධර්මදේශනා කරන අයුරු ඔහු නිරූපනය කළේ මාපියන් පුදුමයට පත් කරමිනි. සෑම පොහෝ දිනකට පන්සලට යෑමට අවශ්‍ය බැව් ඉල්ලා සිටි එම දරුවා අන් දරුවන් මෙන් කිසිදු සෙල්ලම් භාණ්ඩයකට ප්‍රිය බවක් නොදැක්විය. අනතුරුව කෙළිලොල් වයසේදී පැවිදි ජීවිතයට ඔහු ඇතුළත් කිරීමට මාපියන්ට සිදු විය. මහණ දම් පිරීමට භික්ෂූන් වහන්සේ නමක් බවට පත් කරන ලෙස ඔහු කළ ඉල්ලීම අනුව ධම්මිතිලක නමින් උන් වහන්සේ පැවිදි වූහ. පෙරභවය හෙළි කිරීමෙන් පසු ළමා වියේදී පැවිදි බව ලබා ගත් තවත් දරුවෙක් උපත ලැබුවේ ගම්පහ ප්‍රදේශයේ දීය. වර්ණසිරි නම් එම දරුවා වයස අවුරුදු 16 දී භික්ෂූන් වහන්සේ නමක් බවට පත් විය.

ඔහු හෙළි කළෙ​් පෙර භවයේ දී තරුණයකු ලෙස ජීවත්ව සිටි බවකි. ආහාර ගැනීමකින් පසු ඇති වූ රෝගී තත්ත්වයක් නිසා මරණයට පත් වූ බැව් ඔහු කීය. ඔහුගෙන් හෙළි වූ අතිශය වැදගත් කරුණ වූයේ එම මවගේ කුස තුළින් දෙවරක් බිහි වූ බැව්ය. අතරමැදි ජීවිතයක් ගැන ද වර්ණසිරි පැවසීය. වරක් මව් කුසයෙන් බිහිවීමෙන් පසු මියගිය බවත් අනතුරුව නැවත වරක් ඉපදීමට ප්‍රථම සත්ව ජිවිතයක් ගත කළ බැව් ද ඔහු කීය. හාවෙකු ලෙස සිටි එම ජීවිතය අවසන් වූයේ දඩයක්කාරයෙකුගේ වෙඩි පහරකට ලක් වී​ෙමන් බැව් ද ඔහුට මතක තිබිණි.

පුනර්භව පර්යේෂණවලට ඉතා වැදගත් ලෙස සැලකෙන අතරමැදි ජීවිතය (Intermediate Lives) හෙළි කිරීම එම දරුවා මගින් හෙළි වූ සුවිශේෂී කරුණ විය. ​ෙමම දරුවා පිළිබඳව සිදුකළ පුනර්භව පර්යේෂණයේදී ​ඔහු පෙර භවය පිළිබඳව හෙළි කළ කරුණු රැසක් ඉතා පැහැදිලිව සනාථ විය. එම මවගේ කුස තුළින් දෙවරක් උපත ලැබීමේ ප්‍රකාශය සනාථ වූයේ මවගේ ප්‍රකාශයකිනි. වර්ණසිරි දරුවා ගේ උපත සිදුවීමට ප්‍රථම ඇය දරුවෙකු බිහි කළ අතර එම දරුවා මළ දරු උපතක් ලෙස බිහි වී තිබිණි. ඒ අනුව පෙර භවය හෙළි කළ දරුවා කළ ප්‍රකාශය එමගින් තහවුරු විය. පෙරභවයේ පුද්ගල ඡායාරූපය සහ සොහොයුරියකගේ ඡායාරූපය නිවැරදිව හඳුනාගැනීමටත් එදා එම දරුවාට හැකි විය. මෙම පුනර්භව සාධකයේ කරුණු තිහකට වැඩි සංඛ්‍යාවක් සනාථවීම ද විශේෂත්වයක් විය.

අනතුරුව වර්ණසිරි දෙමාපියන්ගේ අවසරය මත පැවිදි ජීවිතයට ඇතුළත් විය. වයස අවුරුදු 14 දී ඔහු පාලි, සංස්කෘත, බුද්ධාගම සහ ඉතිහාසය සහ විෂයන් අධ්‍යාපනයට යොමු වූ ඔහු වයස අවුරුදු 16 දී කිරිකිත්තේ ජිනසීහ නමින් පැවිදි බව ලබාගත්හ. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගුරු වෘත්තියට පිවිසියහ. වර්ණසිරිගේ පුනර්භව ප්‍රකාශයෙන් පසු ඔහු පැවිදි ජීවිතයට ඇතුළත්වීමේ පුවතට එදා පුවත්පත් මගින් මහත් ප්‍රසිද්ධියක් ලබාදුන්නේය. පෙරභවය අනාවරණය කිරීමේ දී ඉපදීම සහ මරණය පිළිබඳව තෙවරක් මතක සටහන් ඔහු තුළින් මතු විය. මේ පිළිබඳව පුනර්භව පර්යේෂකයන් දෙදෙනෙක් විසින් සිදුකළ පර්යේෂණ ග්‍රන්ථ දෙකකට ද ඇතුළත් කර තිබේ.

උපතින්ම බුදු දහමට නැඹුරුව පිරිත් සහ පාලි ගාථා මතකයෙන් හෙළි කළ දුමින්ද නම් තවත් දරුවෙක් උපත ලැබුවේ 1984 වසරේදීය. ඔහු ද ඉතා කුඩා කල සිට සිවුරු ඉල්ලා සිටියේ. නිතර නිතර පන්සලට යෑමට දැඩි ආශාවක් දැක් වූ එම දරුවා පාලි ගාථා මතකයෙන් ගායනා කිරීම මාපියන්ගේ මවිතයට හේතු විය. වයස අවුරුදු තුනක් පමණ වයසේ සිටි එම දරුවාගේ මව් දිනක් අත්සේදීමට දරුවාගේ දෑත් ඇල්ලූ විට ක්ෂණයෙන් මව ඇමතූ ඔහු, ‘අම්මල වගේ අය අපේ අත් අල්ලන්නේ නෑ’ යයි පැවසීය. තම පුත්‍රයාගේ මෙම වදනින් මව මවිතයට පත් විය. නිතර නිතර නිවසට ආසන්නයේ තිබූ පූජනීය ස්ථානයට යෑමට පුරුදුව සිටීමද, එම දරුවා තුළින් දක්නට ලැබුණු විශේෂත්වයක් විය.

​ෙමම දරුවාට නමින් කතා කළ අවස්ථාවේදී ඔහු පැවසුවේ ‘සාදු’ යනුවෙන් අමතන ලෙසය. වරක් ඔහුව පූජනීය ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවක දී අසුනට සුදු රෙදි අතුරන තුරු අසුන් නොගැනීම ද අතිශය පුදුම උපදවනසුලු විය. මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳ සිදු කළ පර්යේෂණයේදී ඔහු හෙළි කළ පූජනීය ස්ථානයට ගොස් භික්ෂූන් වහන්සේ වැඩ සිටි කාමරය හඳුනාගැනීමට ද එම දරුවාට හැකි විය. මෙම දරුවා පිළිබඳව බී බී සී ආයතනය ද ශ්‍රී ලංකාවට පැමිණ පුනර්භව පර්යේෂණ චිත්‍රපටයක් ද නිපදවනු ලැබීය. එක් දහස් නවසිය හැත්තෑ නවය වසරේදී කොළඹ දී උපත ලද තවත් දරුවෙක් ප්‍රකාශ කළේ ඔහුද පෙර භවයේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස සිටි බවය. වයස අවුරුදු තුනේ පමණ සිට ඔහු පෙරභවය හෙළි කිරීම ආරම්භ කළේය. දිනක් මව අැමැතු ඔහු ‘මට ලොකු සාදු බලන්න පන්සලට යන්න ඕනෑ’ යැයි පැවසීය.

කතෝලික ආගමිකයන් වූ එම දරුවාගේ මාපියන්ට දරුවාගේ මෙම ප්‍රකාශය පුදුමයට හේතු විය. තම දරුවා ලොකු ලොකු සාදු යනුවෙන් ප්‍රකාශ කළ ද නිවසේ දී එවැන්නක් ඔහුට ශ්‍රවණය වී නොතිබිණි. තවත් දිනක් මව ඇමතූ ඔහු ‘ලොකු සාදුට ලොකු පොල් කට්ටන් තිබුණා. ඒකට ඕන දෙයක් දමන්න පුළුවන්. ලොකු සාදු කණ්ණාඩි දානවා’ යනුවෙන් ද ප්‍රකාශ කළ දරුවා භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩින අයුරු නිරූපණය කිරීමට ද පුරුදුව සිටියේය. ඔහු පැවසුවේ ලොකු සාදු සමග සිටියදී විශාල ශබ්දයක් ශ්‍රවණය වූ බවකි. දිනක් රතිඤ්ඤා පිපිරීම් හඬක් ඇසුණ අවස්ථාවක දී එක් වරම පපුව අල්ලාගෙන කෑගැසූ බවද මාපියෝ පැවසූහ.

පෙර භවයේ වැඩ විසු පූජනීය ස්ථානය කන්දක් උඩ පිහිටා තිබූ බැව් ද එම දරුවා හෙළි කළ නමුත් ඔහු සිටි ගම් ප්‍රදේශයක් අනාවරණය නොවුණි. එහෙත් බුද්ධ රූප ඉල්ලා සිටීම නිසා කතෝලික නිවසක් වුවද එම දරුවාට වැඳුම් පිදුම් කිරීමට මාපියන් විසින් බුද්ධ රූප ද ගෙනැවිත් දෙනු ලැබිණි. නායක භික්ෂූන් වහන්සේ නමක් සමග ගමන් ගනිමින් සිටියදී කිසියම් අනතුරකට පත් වූ බවත් එම දරුවාගෙන් ප්‍රකාශ කෙරිණි. පෙර භවය අනාවරණය කිරීමෙන් පසු පැවිදි බව ලැබූ දරුවෙක් පුනර්භව පර්යේෂණ අතරට එක්වූයේ ගම්පහ ප්‍රදේශයෙනි. 1980 වසරේදී උපත ලද එම දරුවා බහ තෝරන වියට පත්වීමත් සමගම පෙර භව ​තොරතුරු අනාවරණය කළේය. දෙමහල් නිවසක ජීවත්ව සිටි බැව් පැවසූ ඔහු පාසල් ශිෂ්‍යයෙකු ලෙස සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත් වූ බැව් හෙළි කළේය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බවක් ද ඔහුට මතක තිබිණි. මෙම දරුවා අපට හමුවන විට ඔහු පැවිදි ජීවිතයකට ඇතුළත්ව සිටියේය. එවකට කුඩා සාමණේර නමක් වූ උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ පෙර භව​යේ මරණ සිදුවීමට පෙර ඔහු අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයටත් පෙනී සිටි බවය. ‘එහෙ තාත්ත ඇක්සිඩන් එකකින් මැරුණ. අයියයි මමයි ගෙදර හිටියා. තාත්තාව ලොරියක හැපිලා තිබුණා. අපි කාර් එකක් අරගෙන තාත්තව බලන්න කොළඹ ආවා. සමහර දාට තාත්ත අපේ අන්නාසි වත්තෙ අන්නාසි කඩාගෙන කාර් එකේ දාගෙන විකුණන්න ගෙනි යනවා’ යයිද ඔහුට මතක තිබිණි.

‘මට පුංචි මල්ලියෙකුත් හිටියා. එයා අම්මගෙ කිරි බොනවා’ යයි ද සිය පෙර භවයේ තොරතුරු හෙලිකළ උන් වහන්සේ පැවසුවේ කිසියම් කණ්ඩායමක් සමග ඔහු කැලෑවට ගිය බවත් ද මතකයේ ඇති බවය. පෙර භවය හෙළි කිරීමෙන් පසු පෙර මාපියන් සොයා ගැනීමට මාපියන් උත්සාහ ගත් නමුත් වැඩි තොරතුරක් අනාවරණය නොවීම නිසා ඒ පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීම අසීරු විය. එහෙත් පෙර භවයේ ජීවිතය අවසන් වූ අන්දම පිළිබඳ උන්වහන්සේ එදා ඉතා හොඳ මතකයෙන් තොරතුරු අනාවරණය කළේ මෙසේය. ‘එදා මට මතකයි ඉරිදා දවසක්. අපි කණ්ඩායමක් හිටියා. මට මතක හැටියට ගම්පහ පැත්තේ. අලයි බතුයි කාලා අප ඉන්න කොට වෙඩි හඬක් ඇසුණා. ඒ එක්කම බෝම්බයක් පුපුරණ හඬකුත් ඇසුණා. මාවත් වැටුණා. අමාරුවෙන් නැගිටලා යන කොට අයෙත් වැටුණා’ යැයි ද ඔහු පැවසීය.

​ෙමම තොරතුරු අනාවරණය කිරී​ෙමන් පසු ඔහු පැවිදි බිමට ඇතුළත්වීමට අවශ්‍ය බැව් පැවසීම නිසා පැවිදිවීමට මාපියන්ගෙන් අවසරය ලැබිණි. ඒ අනුව ඥානසිරි නමින් පැවිදි බව ලැබූහ. භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙර භවයේ ජීවත්ව සිටි බැව් හෙළි කළ තවත් දරුවෙක් වසර කීපයකට උඩ දී කොළඹ කාසල් රෝහලේ දී උපත ලැබීය. එම දරුවා ඉතා කුඩා අවදියේ සිට බුද්ධ රූප එකතු කිරීමට පුරුදුව සිටියේය. මාපියන් සමග නිවසින් පිටතට ගිය අවස්ථාවල දී කිසියම් බුද්ධ රූපයක් දුටු විට ඔහු එය ඉල්ලා සිටීමට ද පුරුදුව සිටියේය. බහ තෝරන වියේ සිට මෙම දරුවා ද නිදියහනේ දීත් පිරිත් සහ ගාථා කීම ද විශේෂත්වයක් විය. මෙම හැසිරීම් රටාව පිළිබඳ මාපියන්ගේ අවධානය යොමු විය. මේ අතර දිනක් මව ඇමතූ දරුවා බබාව ජෝ වලට වැටුණා යැයි කීය. ඔහු ඒ වන විට ජලය හැඳින්වූයේ ජෝ යනුවෙනි.

තම පුත්‍රයා එසේ පවසන්නේ කුමක්ද යන්න මවට ගැටලුවක් විය. මේ අතර දිනක් නිවසින් බැහැරව ගමන් කරමින් සිටියදී ඔහුට පුජනීය ස්ථානයක වැලක එල්ලා තිබූ සිවුරක් දක්නට ලැබිණි. ඒ දෙසට අත දිගු කළ දරුවා මටත් ඒ වගේ එකක් තිබුණා යයි පැවසීය. අනතුරුව ඔහුට සොයුරු සොයුරියන් සිටි බවත් මව බැලීමට පෙර නිවසට යෑමට අවශ්‍ය බවත් පැවසීය. තම පුත්‍රයා කිසියම් පෙර භවයක ජීවිත තොරතුරු අනාවරණ කරන බැව් මාපියන්ට වැටහිණි. එහෙත් ඔහුගෙන් ගම් ප්‍රදේශයක නමක් හෙළි නොවිණි. ඔහු නිතර පැවසුවේ වතුරට වැටුණා කළු වෙලා උඩට ආවා යනුවෙනි.

තවත් දිනක් මව ඇමතූ එම දරුවා මගේ සුදු අම්මාව සොයා දුන්නේ නෑ යයි කීවේය. තම පුත්‍රයා හෙළි කරන තොරතුරු පිළිබඳ මාපියෝ ඒ වන විට දැඩි අවධානයක් යොමු කර සිටියහ. වසරක් පමණ ගත විය. දරුවා පෙර භව තොරතුරු හෙළි කරමින් සිටි අවස්ථාවක දී ඔයා හිටියේ කොහේද? යයි පියා විමසීමක් කළේය. මොහොතක් කල්පනා කාරීව සිටි දරුවා දැදිගම යැයි පැවසීය. ඉන් අනතුරුව පියා එම ප්‍රදේශයට ගොස් පුත්‍රයා හෙළි කරන තොරතුරු විමර්ශනය කළේය. එහිදී දියේ ගිලීමක් නිසා අපවත් වූ හිමි නමකගේ තොරතුරු අසන්නට ලැබිණි. පසුව එම පූජනීය ස්ථානයට දරුවා ​රැගෙන ගිය අවස්ථාවේ එය තමා සිටි පූජනීය ස්ථානය ලෙස ඔහු හඳුනා ගත්තේය. එදිනම ඔහුට පෙර භවයේ නිවසට යෑමට ද අවස්ථාව ලැබිණි. එහිදී නිවසට ගිය දරුවා ඔහු පැවිදි වී සිටියදී නිවසට ගිය අවස්ථාවල දී සිටි කාමරය ද නිවැරදිව හඳුන්වා දුන්නයේ. මෙම දරුවා හෙළි කළ පෙර භවය වූයේ ළිඳේ වැටීමක් නිසා අපවත් වූ සුමනසිරි නම් භික්ෂූන් වහන්සේ නමක් බැව් අනාවරණය විය. මෙම පුනර්භව සාධකය පිළිබඳව සිදු කළ පර්යේෂණයේ දී අනාවරණය වූයේ දොළොස් වන වියේ දී පැවිදි වූ එම හිමියෝ විසිහය වන වියේ දී අපවත් වූ බවය.

තිස්ස ජයවර්ධන

විවාහයට සෙනසුරුගේ බලපෑම

ජ්‍යොතිෂය ගැන අඩු වැඩි වශයෙන් දන්නා ඕනෑම කෙනෙකු සෙනසුරුගේ නම ඇසූ පමණින්ම බියට පත්වන ස්වභාවයක් පවතී. එසේ වන්නේ සෙනසුරුගෙන් කිසිවිටකත් යහපතක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. ලෞකික ජීවිත ගතකරන බාල තරුණ මහලු යන ඕනෑම වයස් සීමාවක පසුවන අයට සෙනසුරුගෙන් යහපතක් සිදුවූවා නම් ඒ ඉතා සුළු වශයෙනි. සමහර පුද්ගලයින්ට සෙනසුරුගෙන් යහපත් ප්‍රතිඵල ලබාදී ඇති බව ද සඳහන් කළ යුතුය.

සෙනසුරු ගැන සඳහන් කිරීමේදී විවාහය කෙරෙහි ඇතිකරන බලපෑම ඉතා ප්‍රබල බව කිව යුතුය. සෙනසුරු ලෞකික ජීවිතය, විවාහ සැපත, සතුට ප්‍රිය කරන ග්‍රහයෙකු නොවේ. සෙනසුරු ලෞකික අනිෂ්ඨ ග්‍රහයෙකු වන අතර විවාහයේ සැපත සතුට ළඟා කරන සඳු, සිකුරු, කුජ සහ ගුරු වැනි ග්‍රහයින් සමග සංයෝග වීමෙන් හෝ එම ග්‍රහයින්ට දෘෂ්ටිමය වශයෙන් සම්බන්ධ වීමෙන් සෙනසුරු ඇති කරන බලපෑම ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන අයගේත් විවාහවීමට අපේක්ෂාවෙන් සිටින අයගේත් සහ විවාහයක් සිදුකර ගැනීමට නොහැකිව දිගින් දිගටම විවාහ ප්‍රමාද වන අයගේත් දැනගැනීම පිණිස සඳහන් කිරීමට කැමැත්තෙමි.

සෙනසුරු 7 වැන්නේ තැන්පත්වීම විවාහ ප්‍රමාදය කෙරෙහි තදින් බලපෑ හැකිය. විශේෂයෙන්ම සෙනසුරු 7 වැන්නේ ශුභ ග්‍රහ දෘෂ්ටි නොලබා තැන්පත් වීමත් කේන්ද්‍රයක 6, 8, 12 යන දුෂ්ට ස්ථානයක අධිපති වශයෙන් සෙනසුරු 7 වැන්නේ තැන්පත් වීමත් විවාහ ප්‍රමාදයට තදින් බලපෑ හැකිය. එසේම විවාහ වූ අයෙකුගේ වුවද 6, 8, 12 යන දුෂ්ට ස්ථානයක අධිපති වශයෙන් සෙනසුරු 7 වැන්නේ තැන්පත්වීම විවාහ ජීවිතයට අහිතකර බලපෑම් ඇති කෙරේ. එමෙන්ම සෙනසුරුගේ දෘෂ්ටිය 7 වැන්න වෙත එල්ල වීමද විවාහ ප්‍රමාදය මෙන්ම විවාහයේ පැවැත්ම කෙරෙහිද අයහපත් බලපෑම් ඇති කළ හැකිය. සෙනසුරු ලග්නයේ, 5 වැන්නේ සහ 10 වැන්නේ තැන්පත් වූ විට 7 වැන්න සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වේ. කේන්ද්‍රයක 7 වැන්න අධිපති විවාහයේ පැවැත්ම සහ විවාහයක් සිදුකිරීමේ වගකීම දරන ප්‍රධාන ග්‍රහයෙකු වශයෙන් හැඳින්විය හැකිය. සෙනසුරු 7 වැන්න අධිපති සමග සංයෝගවීම විවාහ ප්‍රමාදයට මෙන්ම විවාහයේ පැවැත්ම කෙරෙහිද අයහපත් බලපෑම් ඇති කළ හැකිය. විවාහයට සම්බන්ධ අනෙකුත් ග්‍රහයින් වන සඳු, සිකුරු, කුජ, ගුරු දුර්වල තත්ත්වයෙන් කේන්ද්‍රයක පවතින විට 7 අධිපති සෙනසුරු සමග සංයෝග වූ විට විවාහ ප්‍රමාදය දීර්ඝ කාලයක් දක්වා පවතිනු ඇත.

සඳු සෙනසුරු සමග සංයෝග වීම විවාහය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි තවත් පිහිටීමකි. සඳු සෙනසුරු සමග සංයෝග වී උත්පත්තිය ලැබූ විට උපතින්ම ජන්ම ඒරාෂ්ඨකයක් සමග උපත ලබා ඇත. සඳු ඉතා සෞම්‍ය ග්‍රහයෙකු වන අතර ලෞකිකත්වය සහ සැප සම්පත් ප්‍රිය කරන ග්‍රහයෙකි. සෙනසුරු සමග සංයෝග වූ විට එම සෞම්‍ය ගතිගුණ සෙනසුරු විසින් උකහා ගනී. මකර, කුම්භ, තුලා යන සෙනසුරුට වැඩි බලයක් ඇති රාශිවල මෙන්ම විවාහයට කෙලින්ම සම්බන්ධ ස්ථානයක මෙම සංයෝගය යෙදුණ විට විවාහ ප්‍රමාදය තවත් වැඩි කෙරේ. එමෙන්ම කටක, සිංහ, වෘශ්චික යන සෙනසුරුට සතුරු බලයෙන් යුක්ත රාශිවල මෙම සංයෝගය යෙදුන විට එහි අයහපත් තත්ත්වය තවත් වැඩි කෙරේ. 7 වැන්නේ මෙම සංයෝගය යෙදුන විට විවාහයක් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ද ඇතිවිය හැකිය.

සෙනසුරු සිකුරු සංයෝගය විවාහය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි වැදගත් සංයෝගයක් වශයෙන් සඳහන් කළ හැකිය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම කේන්ද්‍රවල විවාහ කාරක සිකුරු වේ. එබැවින් සිකුරු සෙනසුරු සමග සංයෝගවීම විවාහයට තදින්ම බලපෑම් ඇති කළ හැකිය. සිකුරු පුද්ගලයෙකුගේ ආදරය, හැඟීම්, කාමාශාව, සැප සම්පත් විඳීම නියෝජනය කෙ​රේ. සෙනසුරු ලෞකික ජීවිතය ප්‍රිය නොකරන ග්‍රහයෙකු බැවින් මෙම සංයෝගය කේන්ද්‍රයක පවතින විට සිකුරුගේ ඇති සියලුම ප්‍රකෘති ස්වභාවය සෙනසුරු ග්‍රහණය කර ගනී.

එබැවින් මෙම සංයෝගය විවාහ ප්‍රමාදය තදින්ම ඇතිකරන අතර විවාහයට අතරමගදී නොයෙකුත් ගැටලු ඇති කළ හැකි පිහිටීමකි. මේෂ සහ වෘශ්චික ලග්න හිමියන්ට 7 වැන්න අධිපති සිකුරු වන බැවින් එම ලග්න හිමියන්ට මෙයින් වැඩි බලපෑමක් ඇති වේ. මෙම සංයෝගය මකර හෝ කුම්භ රාශිවල යෙදුණ විට සිකුරුගේ බලය දුර්වල වී සෙනසුරුගේ බලය ඉස්මතු වේ. තවද සිකුරු සෙනසුරු ඉතාම කිට්ටු අංශකවල පිහිටි විටද මෙම සංයෝගයේ ප්‍රබලතාව වැඩි වේ. එබැවින් මෙහි අහිතකර බලපෑම ද වැඩි වේ. විවාහයට සම්බන්ධ අනෙකුත් සාධක දුර්වලව කේන්ද්‍රයක පවතින විට මෙම සිකුරු සෙනසුරු සංයෝගය අවිවාහකව සිටීමට ද හේතු වේ.

ගුරු සෙනසුරු සංයෝගය ද විවාහය දීර්ඝ කාලයක් ප්‍රමාද කරන ග්‍රහ පිහිටීමකි. සෙනසුරු ලෞකිකත්වයට නැඹුරු නොවූ ග්‍රහයෙකු ලෙස පෙර සඳහන් කරන ලදී. ගුරු ද යහපත් විවාහයක් සිදුකර ගැනීම සඳහා ඉවහල් වන ග්‍රහයෙකු වුවත් ලෞකික ආශාවන් කෙරෙහි නැඹුරු ග්‍රහයෙකු නොවේ. මෙවැනි ලෞකිකත්වයට නැඹුරු නොවූ ග්‍රහයින් දෙදෙනෙකු සංයෝගවීම නිසා එම පුද්ගලයාට විවාහය සම්බන්ධයෙන් පවතින ආශාවන් අඩු කෙරේ. විවාහයට කෙළින්ම සම්බන්ධ 1, 2, 7, 8, 11 යන ස්ථානවල මෙම සංයෝගය යෙදුන විට විවාහය බොහෝ කල් ප්‍රමාද වේ. විශේෂයෙන්ම 7 වැන්නේ යෙදුන විට විවාහය සිදුනොවීමට වුවද හැකියාව පවතී.

සෙනසුරු කුජ සමග සංයෝග වීම හෙවත් ශනි මංගල යෝගය ද විවාහ ප්‍රමාදයට මෙන්ම විවාහය අසාර්ථක කරන ග්‍රහ පිහිටීමකි. මෙම සංයෝගය 1, 2, 7, 8, 12 යන ස්ථානවල යෙදුණු විට විවාහය ප්‍රමාද වේ. කුජ ශනි යෝගය 3, 6, 11 යන ස්ථානවල යෙදුණ විට විවාහය ප්‍රමාද වුවත් විවාහයක් සිදු කරගත හැකිය. 7 වැන්නේ යෙදුන විට විවාහයක් සිදුකර ගැනීමට අපහසු වේ. ඉහත සඳහන් කළ ග්‍රහ සංයෝගවලට අමතරව සෙනසුරු කේතු සමග සංයෝග වීමද විවාහය ප්‍රමාද කිරීමට දායක වේ. සෙනසුරු මෙන්ම කේතු ද ලෞකික ජීවිතය අප්‍රිය කරන ග්‍රහයෙකි. මෙම සංයෝගය විවාහයට සම්බන්ධ ස්ථාන වන 1, 2, 7, 8, 11 යන ස්ථානවල යෙදුන විට විවාහ ප්‍රමාදය ඇතිවිය හැකිය. ශනි කේතු යෝගය 7 වැන්නේ යෙදුණු විට විවාහවීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකිය.

මෙම ග්‍රහ සංයෝගවලට අමතරව සෙනසුරුගේ දෘෂ්ටිය සඳු, සිකුරු, කුජ, ගුරු යන ග්‍රහයින්ට එල්ල වූ විට ද එය සංයෝගයක් වශයෙන් ක්‍රියාත්මක වී විවාහය ප්‍රමාද කිරීම හෝ අසාර්ථක කිරීම සිදුවිය හැකිය. විශේෂයෙන්ම ශනි සිකුරු සප්තම දෘෂ්ටිය කුජ ශනි සප්තම දෘෂ්ටිය සහ ශනි සඳු සප්තම දෘෂ්ටිය හැඳින්විය හැකිය. මෙම සඳු, සිකුරු, කුජ, ගුරු වැනි ග්‍රහයින් 7 වැන්න අධිපති වූ විට සහ 7 වැන්නේ තැන්පත් වූ විට එහි අයහපත්භාවය වැඩි විය හැකිය. තවද සෙනසුරුගෙන් 2 වැන්නේ හෝ 12 වැන්නේ සිකුරු තැන්පත් වීමද විවාහයට අයහපත් ග්‍රහ පිහිටීම් ලෙස දැක්විය හැකිය.

මෙතෙක් සඳහන් කළ සෙනසුරු සම්බන්ධ වී යෙදෙන ග්‍රහ පිහිටීම්වලට අමතරව අනෙකුත් ග්‍රහයින් සම්බන්ධ වී යෙදෙන විවාහ ප්‍රමාදයට සහ විවාහයේ අසාර්ථකත්වයට බලපාන ග්‍රහ පිහිටීම් ද කේන්ද්‍රයක යෙදුණු විට සෙනසුරුගේ බලය ක්‍රියාත්මක කිරීමට තවත් අනුබලයක් ලැබෙන බව ද සඳහන් කළ යුතුය. එමෙන්ම සෙනසුරු කේතු වැනි ලෞකික දියුණුවක් සලසා නොදෙන ග්‍රහයින්ගේ මහ දශාවන් සහ සෙනසුරුගෙන් යෙදෙන ලග්න, ජන්ම හෝ අෂ්ඨම යන ඒරාෂ්ටක කාල වකවානු ගතකිරීමට සිදුවීමෙන් විවාහ ප්‍රමාදවීම, විවාහය අසාර්ථක වීම මෙන්ම විවාහය සිදුනොවීම කෙරෙහිද බලපෑ හැකිය.

මෙවැනි ග්‍රහ පිහිටීම් කේන්ද්‍රයක යෙදුණු පමණින්ම දීර්ඝ ලෙස විවාහ ප්‍රමාදවීම, අවිවාහක වීම හෝ අසාර්ථක වීම සිදුනොවූ අවස්ථා දක්නට ලැබේ. එසේ වීමට හේතු වනුයේ කේන්ද්‍රයක විවාහයට සම්බන්ධ ග්‍රහයින් වන සඳු සිකුරු කුජ ගුරු 7 වැන්න අධිපති සහ ලග්නාධිපති පෙර සඳහන් කළ අයහපත් ග්‍රහ සංයෝගවල බලය ඉක්මවා යාමට තරම් බලවත්ව කේන්ද්‍රයේ පිහිටා ඇතිවිටය. එමෙන්ම සඳු, සිකුරු, කුජ, ගුරු යන ග්‍රහයින්ගේ මහ දශාවන් හෝ අතුරු දශාවන් අයහපත් ග්‍රහබලය මැඩපැවැත්වීමට තරම් ප්‍රබලව ක්‍රියාත්මක වූ විට ප්‍රමාද නොවී විවාහය සිදු වේ. මෙවැනි අයහපත් ග්‍රහ පිහිටීම් තම දරුවන්ගේ හෝ විවාහ ජීවිතයට ඇතුළු වූ අයගේ කේන්ද්‍රවල පවතී නම් අනිසි බියක් ඇතිකර නොගෙන කල්වේලා ඇතිව පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා කේන්ද්‍රය හොඳින් පරීක්ෂා කරවාගෙන එහි ඇති තත්ත්වය නිවැරදිව වටහාගෙන කල්පනාකාරීව සහ ඉවසිලිමත්ව ඊට නිසි පියවර ගත යුතුය.ජ්‍යොතිර්වේදී
ඉඳුනිල් හපුඅච්චිගේ

ඇඟිලි සලකුණු හෙළිකරන තොරතුරු

අත්ලක පිහිටි රේඛාවන් පරීක්ෂා කිරීමෙන් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිවා සේම අත්ල පුරාමත්, ඇඟිලිවලත් ඇති ඉතා සියුම් රේඛා මෝස්තර තුළින් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිය. විශේෂයෙන් ඇඟිලි තුඩුවල එවැනි විවිධ මෝස්තර රටා පිහිටයි. සමහර ඒවා රැලි ආකාරයෙනුත් තවත් ඒවා ආරුක්කු, ත්‍රිකෝණ, හක්ගෙඩි වමට, දකුණට කැරකුණ ආකාරයෙනුත් පිහිටිය හැක. ඔබේ අත ඇඟිලි දිගහැර පරීක්ෂාකාරීව බැලුවොත් එම ජීවන රටා පැහැදිලිව දැකිය හැකිය. මෙම ජීවන රටාවල් නිර්මාණය වන්නේ පසුගිය ලිපිවලින් දැක්වූ රේඛාවලින් නොව කෙස් ගස් වැනි සියුම් කෙඳිවලිනි. මෙහි ඇති රූප සටහන පරීක්ෂා කිරීමෙන් ජීවන රටා කියන්නේ මොනවාද ඔබට පැහැදිලි වනු ඇත.

දරුවෙකු මව් කුස පිළිසිඳ ගෙන සති 18කට පසුව ඔහුගේ හෝ ඇයගේ අත්වල මෙන්ම පතුල්වල ද මේවා නිර්මාණය වන බව පර්යේෂණවලින් හෙළිවී ඇත. එසේ පිහිටන මෙම ජීවන රටා මව් කුසින් බිහිවී මියයන තෙක්ම වෙනස් නොවී පවතියි. මෙම සියුම් රේඛා කැපීම්, කෙටීම්, තැලීම් වැනි සිද්ධීන් නිසා ජීවන රටා කෙඳිවල ස්වභාවය වෙනස් වූවත් ඒවායේ රටාව හෙවත් මෝස්තරය කෙනෙකු මියයන තුරාම වෙනස් නොවේ. එක සමාන ජීවන රටා ඇති දෙදෙනෙක් සොයාගත නොහැක.

කෙනෙකුගේ පෞද්ගලිකත්වය ජීවන රටාවන් තුළ සටහන් වී ඇත්තේ ඒ තරමටම සූක්ෂම ලෙසටයි. අපරාධකාරයින්, සොරුන් සොයා ගැනීමට මෙම ඇඟිලි සලකුණු පරීක්ෂා කරන්නේ එම නිසාය. දොස්තර ප්‍රැන්සිස් ගැල්ටන් විසින් සොයා ගන්නා ලද ඇඟිලි සලකුණු ක්‍රමය මේ වනවිට අද මුළු ලොව පුරාම අධිකරණයන් මඟින් පිළිගත් අපරාධ මාධ්‍යයක් වී ඇත්තේ ඒවායෙහි ඇති පෞද්ගලිකත්වය නිසාම බව ඔබට ද පැහැදිලි වනු ඇත. හස්ත රේඛා විද්‍යාව අනුව කෙනෙකුගේ ජීවන තොරතුරු ප්‍රකාශ කිරීමට ජීවන රටා උපයෝගී කරගත හැකිවාක් මෙන්ම ඇඟිලි සලකුණු ක්‍රමය යටතේ අපරාධකාරයන් කොටුකර ගැනීමට ද ජීවන රටා මහෝපකාරී වෙයි. ජීවන රටාවල පිහිටීම තුළින් හෙළිකර ගත හැකි තොරතුරු මොනවාදැයි දැන් අපි බලමු.

අංක 01 පළමු රූපසටහන දෙස බලන්න. දක්ෂිණ වෘත්තාකාර සුලි රටාවල සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. දක්ෂිණ වෘත්තාකාර සුළි රටා යයි හඳුන්වන්නේ දකුණු පැත්තට කරකැවී ගිය සුළිවලටයි. මෙය ඉතා වාසනාවන්ත පිහිටීමකි. මහපට ඇඟිල්ලේ එම රටාව ඇත්නම් ඔහු හෝ ඇයට කොතැනකට ගියත් නායකත්වය හිමි වෙයි. රජයේ උසස් නිලධාරීන්ගේ අත්වල බොහෝවිට මෙවැනි සුළි රටා පිහිටිය හැක. දබර ඇඟිල්ලේ දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවක් ඇති පුද්ගලයා ආත්මාර්ථකාමී අයෙක් ලෙස හඳුනාගත හැක. බාධක කම්කටොලු නොතකා ඉදිරියට යන මොවුන් කවදා හෝ ජීවිතය සාර්ථක කර ගනී. දේශපාලනඥයන්ගේ අත්වල මෙම සුළි රටා පිහිටා තිබෙනු දැකගත හැක. මැද ඇඟිල්ලේ පිහිටි දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවන් ලෝකෝත්තර වශයෙන් හොඳ පිහිටීම් වේ. මෙම ලකුණ ඇති අය අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන අතර හැමවිටම දුක හා අනිත්‍යය පිළිබඳව මෙනෙහි කරයි.

සුළැඟිල්ලේ ඇති දක්ෂිණ වෘත්තාකාර රටාවෙන් කපටි, වංචාකාරී පුද්ගලයෙක් හඳුන්වා දෙයි. එවැන්නන්ට ව්‍යාපාර කටයුතුවලින් බොහෝවිට දියුණු විය හැක. ඇඟිලි දහයේම එවැනි සුළි රටාවන් පිහිටීම මහාභාග්‍යමත් ලක්ෂණයකි. අප භාග්‍යමත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවත් එවන් මහා මංගල ලක්ෂණයන් විද්‍යාමාන වූ බැව් පැරණි පොත්වල සඳහන් වේ. අංක 2 වාම වෘත්තාකාර සුළි රටා ලෙස හඳුන්වන්නේ වමට කරකැවී ගිය සුළි රටාවලටයි. මෙම සුළි රටා පෙර සඳහන් කළ දකුණට කරකැවී ගිය සුළි රටා තරම් බලවත් නොවේ. මහපට ඇඟිල්ලේ එම රටාවන් ඇත්නම් එම අය ව්‍යාපාරිකයන් වශයෙන් විශාල දියුණුවක් ලබයි.

දබර ඇඟිල්ලේ එවැනි සුළි රටාව ඇත්නම් හේ බොහෝ තණ්හාධික අයෙක් වෙයි. ඕනෑම කරදරයකට මුහුණදිය හැකි විදියේ චරිත ලක්ෂණ ඇති අයගේ අත්වල මැද ඇඟිල්ලේ වාම වෘත්තාකාර සුළි රටාවන් පිහිටයි. මොනයම් ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධ වුණත් දිළිඳු ජීවිතයක් ගත කරන අයගේ අත්වල වෙද ඇඟිල්ලේ එවැනි සුළි රටා පිහිටන බව ශාස්ත්‍රීය නිගමනයයි. දන්නා දෙයක්ද නැති නොදන්නා දෙයක්ද නැති පුද්ගලයා සුළඟිල්ලේ පිහිටි වාම වෘත්තාකාර සුළි රටාවෙන් හඳුනාගත හැකිය.

අංක 3 හක්ගෙඩි රටාවක සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. එය හරියට හක්ගෙඩියක් සේ දිස්වෙයි. එම සුළි රටාව ඇඟිලිවල හෝ අත්ලේ පිහිටියේ නම් හෝ බොහෝ ගරු බුහුමන් ලබන අයෙක් වෙයි. දස අතේම පැතිරුණ කීර්තියක් ඇති ඔවුන් සදානුස්මරණීය පුද්ගලයින් ලෙස හැඳින්විය හැක. යාන වාහන හිමිකර ගැනීමේ වාසනාව ද හිමි ඔවුන් හට අතවැසියෝ ද අඩුවක් නැත.

යම් ස්ත්‍රියකගේ මහපට ඇඟිල්ලේ මෙවැනි ලක්ෂණයක් පිහිටියේ නම් ඇය රාජ්‍ය අංශයේ ඉහළම පදවියක් දරන්නීය. ගුරු ඇඟිල්ලේ නම් රටක හෝ පළාතක අධිපතිනිය වන්නීය. ශනි හෙවත් මැද ඇඟිල්ලේ එම ලක්ෂණය පිහිටියේ නම් පිරිවර ජනතාවගේ ප්‍රසාදයට පත්වෙන අතර බුධ ඇඟිල්ලේ පිහිටියේ නම් ගුප්ත ශාස්ත්‍රය දත් පඬි රුවනක් වන බව පැරණි ඍෂිවරු සඳහන් කර ඇත. එමෙන්ම කාගේ හෝ අතක ඇඟිලි දහයේම හක්ගෙඩි රටා පිහිටා ඇත්නම් එම උත්තමයා සියලු සම්පත් අතහැර තපසට යන කෙනෙක් ද වෙයි. අංක 4 ත්‍රිකෝණ රටාවන් හොඳ පිහිටීමක් වේ. පර්යේෂණ මඟින් අලුත් අලුත් නිර්මාණයන් සොයා ගැනීමේ දක්ෂයන් වන එවැනි අයට විචක්ෂණ බුද්ධි බලයක් ඇත. හස්ත රේඛා විද්‍යාව, ජ්‍යොතිෂය, රසායන විද්‍යාව වැනි විෂයයන් කෙරෙහි වැඩි දක්ෂතාවක් පෙන්වන ඔවුන් එවැනි දේවලින් ලෝකපූජිත වීමට තරම් හේතු වේ.

අංක 5 ආරුක්කුවක ආකාරයට පිහිටා ඇති හෙයින් එම රටා ආරුක්කු රටා ලෙස හඳුන්වයි. මනා ශරීර ශක්තියක් ඇති අයට මෙම ලක්ෂණය පිහිටයි. ස්ව උත්සාහයෙන් ධනය උපයා ජීවත්වන යහපත් ගතිගුණ ඇති අයගේ ඇඟිලි තුඩුවල මෙම ආරුක්කු ආකාර හැඩයට ලක්ෂණ පිහිටයි. මොවුන් බොහෝවිට යහපත් හාම්පුතුන් යටතේ සේවය කර ධනය උපයා ගනී. අවබෝධයකින් යුතුව යමක් කළ නොහැකිවීම කැපී පෙනෙන දුර්වලකමකි. පරිසරයට ආදරය කරන ඔවුන් සියලු සතුනට කරුණාව දක්වති.

අංක 6 පඬුරේඛා පුඩු රේඛාවල සාමාන්‍ය පිහිටීම එයයි. ස්වාධීන ධානෝපායන මාර්ගවලින් දියුණුවට පත්වෙන අයගේ ඇඟිලිවල හා අත්වල මෙවැනි රටා පිහිටයි. රැකියාවක් කරන අයෙකුගේ අත්වල මෙවැනි රටාවන් ඇත්නම් ඔහු හෝ අැය රැකියාවට අමතරව වෙනත් ක්‍රමවලින් ආදායම් උපයයි. මෙම පුඩු රේඛාවන් සමග හක්ගෙඩි රේඛා හා සුළිරේඛා ඇඟිලිවල සමබරව පිහිටා ඇත්නම් උපයන ධනය දනට, පිනට වැය කරයි. මහා මන්දිරවල ජීවත්වීමට හිමිකම් ලබන ඔවුන් පරිසරයට ද ආදරය කරන්නෝය. අංක 7 රැලි රටාවක සාමාන්‍ය පිහිටීම එම රූපසටහනින් හඳුනා ගන්න. එවැනි රටා ඇති අය බොහෝවිට අලස ගතියක් පෙන්වයි. කතාවට දක්ෂ සැහැල්ලු දිවි පෙවෙතකට හුරු පුරුදු ඔවුන් අනුන්ගේ දක්ෂකම්වලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන්නෝ වෙති.

හිඹුටානේ පියතිලක ද අල්විස්
158, හිඹුටාන (රෝහල ඉදිරිපිට)
මුල්ලේරියාව නව නගරය.

මහ රෑ මතු වූ ගුවන් සේවිකාව

වෙලාව හවස තුන පමණ වන්නට ඇත. ඉරිදා දින කම්මැලිකම නිසාම මා කාමරයට වී නිදා සිටියෙමි. තොර තෝංචියක්‌ නැතිවම නාද වෙන ජංගම දුරකථනය නිදි යහනේ සිටම මා ඇමතුම් ලබා ගත්තේ තරමක්‌ කෝපයෙනි.

මචං මම දිල්ශාන්. ඔයා හරියටම හෙට එනවද කියලා දැන ගන්නයි කථා කළේ. ගොඩක්‌ දේවල් ලෑස්‌ති කර ගන්න තියෙනවා යනවා නම් ගමනට. ඇමතුමත් සමඟ මාගේ ඔලුව යකාගේ කම්මල තරම් විය. දිල්ශාන් මාගේ පැරැණි මිතුරෙක්‌. කලකට ඉහත මා එක්‌තරා ගුවන් විදුලි නාලිකාවක සේවය කරන කල්හි ඔහු ද එම නාලිකාවට සම්බන්ධව සේවය කළේය. විශ්‍රාමික වන ජීවී නිලධාරියකු වූ දිල්ශාන්ගේ පියාගේ හදිසි මරණයෙන් පසු රැකියාවට සමු දීමට සිදු වුයේ ඔවුන්ගේ තේ වතු සහ අනෙකුත් ව්‍යාපාර බලා කියා ගැනීමට ඔහුගේ මවට සහ නැඟණියට නොහැකි වූ නිසාවෙනි.

දිල්ශාන්ගේ පියා වනජීවී නිලධාරියකු ලෙස කටයුතු කරන කාලයේ දිනක්‌ හදිසියේම සප්තකන්‍යා කඳුවැටියේ මාර්ටින් එයාර් ඩී. සී. 08 ගුවන් යානය අනතුරට පත් වූ ප්‍රදේශයේ මෙහෙයුමක්‌ සඳහා යැමට සිදු වී තිබිණි. මේ සඳහා පහළොස්‌ දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් හා පොලිස්‌ නිලධාරීන් ද සමඟ ඔවුන් කැලයට වැදී ඇත්තේ දඩයක්‌කරුවන් සහ දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ අදහසිනි. එය ඉතා දුෂ්කර මෙහෙයුමක්‌ බව දිල්ශාන්ගේ පියා දිනක්‌ මා සමඟ ද පවසා තිබිණි. මේ පිළිබඳ විස්‌තර මා හට පවසද්දීත් මෙහෙයුම සිදුවී වසර පහළොවකටත් වඩා වැඩි බව අඩවි වන නිලධාරියකු වූ වික්‍රමසූරිය මහතා මා හට පවසා අදට වසර තුනකට ආසන්නය. ඔහු මියගියේ හරියටම මීට මාස හයකට පෙර බව මතකය.

මෙම මෙහෙයුමේ විශේෂත්වය වූයේ දිල්ශාන්ගේ පියා ඇතුළුවනජීවී නිලධාරීන් කිහිපදෙනෙකුටම සප්තකන්‍යා ඝන වනාන්තරයේදී හමු වූ සුදු ජාතික රූමත් තරුණියක්‌ නිසාවෙනි. මේ සඳහා සහභාගි වූ නිලධාරීන්ට නොයෙකුත් ගැටලුවලට මුහුණ පාන්නට සිදු වූයේ සිදුවූ අසාමාන්‍ය හේතූන් නිසාමය. කැලයට ඇතුළු වූ ඔවුන් කණ්‌ඩායම්වලට බෙදී කටයුතු කිරීමට කථිකා කරගෙන ඇත. ඒ අනුව වනය තුළදී තිදෙනෙකු බැගින් වූ කණ්‌ඩායම් වලින් සැදුම් ලද අතර එක්‌ කණ්‌ඩායමකට එක්‌ ගිනි අවිය බැගින් ද ගමන් කථනය බැගින් ද තිබූ බව කියවේ. යානය වැටුන ඉසව්වට ළං වත්ම රාත්‍රි කාලයේදී වේදනාත්මක අඳෝනා හා කෑ ගැසීම්වලින් ද අඩුවක්‌ නොවූ බව වික්‍රමසූරිය මහතා අනාවරණය කර තිබිණි.

මීට වසර ගණනකට ඉහත දී සුදු තරුණිය හමු වූ අයුරුත් ඇයගේ රුව බොහෝ සෙයින් මාර්ටින් එයාර් ගුවන් අනතුරින් පසු හඳුනා ගැනීමට හැකිව තිබූ ගුවන් සේවිකාවකගේ මළ සිරුරකට සමාන බවත් වික්‍රමසූරිය මහතා අප සමඟ පවසා තිබේ. වනගත වූ දෙවැනි දිනයේම ඔවුන්ගේ කණ්‌ඩායම ගුවන් අනතුර සිදු වූ ප්‍රදේශය ආසන්නයේ කඳවුරු ලෑමට සූදානම් කර ගත්තාය. එක්‌ අයකු කූඩාරම අසල මුර කිරීමටත්, අනෙක්‌ දෙදෙනා නිදා ගැනීමටත් මාරුවෙන් මාරුවට එසේ මුර කිරීමටත් තීරණය කළේ ජාවාරම්කරුවන් ගෙන් සහ වන සතුන්ගෙන් ඇතිවන පීඩා වලකා ගැනීමටය. එදින මධ්‍යම රාත්‍රිය ආසන්නයේ මුරය යෙදී තිබුණේ වික්‍රමසූරිය මහතාට ය. බෝර 12 රිපිටර් තුවක්‌කුවත් ඔලුව ලොකු එවරෙඩි විදුලි පන්දමකුත් ඔහු සතු විය. කුඩා දිය පහරවල් වලින් පෝෂිත වූ සප්තකන්‍යා කුමරියගේ කඳුලුවලින් සැදුම් ලත් ඔවුන්ගේ කූඩාරම ළඟින් ගලා ගිය දිය පහරේ හෝ හෝ හඬ මහත් මූසල භාවයක්‌ මේ සුවිසල් වනයට එක්‌ විය.

නිදි වර්ජිතව සිටි වික්‍රමසූරිය මහතාට ගලා යන දිය පහරින් ඉංග්‍රීසි බසට සමාන බසින් සෙමෙන් ළයාන්විත ගීයක්‌ මුමුණනු ඇසීම මහත් පුදුමය ගෙන දෙන්නක්‌ විය. ජාවාරම්කරුවන් අතර ඉංග්‍රීසි තරුණියක්‌ කිසිසේත්ම මේ සුවිසල් වනයේ සිටිය නොහැක. කෙසේ වෙතත් ප්‍රදේශය කෙතරම් සෝදිසි කළ ද කිසිවකු ද සොයා ගැනීමට ඔහුට නොහැකි විය. පසුදා උදේ මිතුරන් දෙදෙනාට ද සිද්ධිය පැවසූ වික්‍රමසූරිය මහතා ඔවුන්ගෙන් මහත් අපහසුතාවයට පත් වූයේ ඔහුව බරපතළ ලෙස සමච්චලයට ලක්‌ කළ නිසා ය. පසුව නිගමනය වූයේ කුරුල්ලෙකුගේ හෝ වෙනත් සතෙකුගේ හඬක්‌ විය හැකි බව ය. දවල් කාලය සෙමෙන් ගෙවෙමින් තිබිණි. ඔවුන් කැලයේ මුර සංචාරය කරද්දී අනතුරට පත් යානයේ මළ කෑ සුන්බුන් කොටස්‌ ද මගීන්ගේ ඇට කැබලි ද හමු වී තිබිණි.

සුපුරුදු පරිදි ඒ සුවිසල් කඳු වැටියේදී එදින රාත්‍රියටත් ඔවුනට මූණදීමට සිදු වූයේ ජාවාරම්කරුවන් ගැන කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයා ගැනීමට අපොහොසත්ව සිටියදී ය. ඔවුන්ගේ අනෙකුත් කණ්‌ඩායම්වලට ද තත්ත්වය එසේම විය. වෝකි ටෝකි යන්ත්‍රය මගින් අමතර බැටරි සහ ආහාර ගෙන එන ලෙස ප්‍රධාන කාර්යාලය දැනුවත් කළ ඔවුන් පෙර සිටි ස්‌ථානයේදී ම රාත්‍රියට මුහුණදීමට සූදානම් විය. එදින මධ්‍යම රාත්‍රිය මුරය යෙදී තිබුණේ වික්‍රමසූරිය මහතාගේ මිතුරා වූ කමල් පෙරේරාටය. ඔහු තරුණ වන නිලධාරියෙකි. රාත්‍රිය උදා වෙමින් පැවතුණි. උල ලේනුන්ගේ මූසල නාදයත් නරින්ගේ උඩු බිරීමත් වේගවත් මූසල සුළං හඬත් දිය පහරේ හෝ හෝ හඬත් වනයට එක්‌ කළේ මහත් භයංකාරයකි. කමල් තමා සතු වූ රිපීටර් ගිනි අවිය සුරතෙහි දරා සිටියේ ඕනෑම සතුරෙකුට මුහුණදීමේ සූදානමෙනි. බැටරි දුර්වල වී යැම නිසා වනයට පැමිණි අනෙක්‌ කණ්‌ඩායම් සමඟ පණිවුඩ හුවමාරුව ද මේ වන විට ඇනහිට තිබුණි.

මධ්‍යම රාත්‍රිය උදාවෙමින් තිබිණි. ඉංග්‍රීසි බසට සමාන බසකින් තරුණියක්‌ ගීතයක්‌ ගායනා කරනු කමල්ට පැහැදිලිව ඇසෙන්නට වීමෙන් දෙලෝ රත්විය. දවල් කාලයේදී වික්‍රමසූරිය මහතා මේ පිළිබඳ පැවසූ විට ඔහුට සමච්චල් කළ ආකාරය කමල්ට මැවී පෙනෙන්නට විය. ගීතය තව තවත් පැහැදිලිව ඇසෙන්නට විය. දෙපාරක්‌ නොසිතූ කමල් අසල වූ දිය පහර දෙසට විදුලි පන්දම යොමු කළේය. පුදුමයකි. මේ මහ රෑ ඝන වනයේ සුදු තරුණියක්‌ නිරුවතින් දිය නාමින් සිටියාය. කමල් වෙව්ලන්නට විය. මේ සීතල රාත්‍රියේ මුළු සිරුරම දහඩියෙන් නැහැවී තිබිණි. අත වූ ගිනි අවිය වෙව්ලන දැතින් යුතුව කමල් ඇය දෙසට එල්ල කළේය.

“කවුද ඔතන, හෙළවුණොත් වෙඩි තියනවා.” කමල්ගේ විධානයට ඇය අවනත නොවූවාය. නග්න වූ ධවල ශරීරයෙහි රුවට කමල් වසඟ වූවා වැනිය. සුදු පැහැති කුඩා පියයුරු ඇය හිරිමල් නොයිඳුල් තරුණියක්‌ බව කියා පෑවාය. ගිනි අවිය ඈ දෙසට එල්ල කර ගත් කමල් දිය පහර අසලට ළං වන්නේ ඇයව අත්අඩංගුවට ගැනීමට හෝ මෙල්ල කර ගැනීමේ අදහසිනි. “හෑන්ස්‌ අප්” කමල් ගිගුරුවේ වහාම තමන්ට යටත් වන ලෙස සංඥා කරමිනි. “ඇයි මම ඔයාට යටත් වෙන්නේ” ඇය පෙරළා ප්‍රශ්න කළාය. සඳ එළියට දිලිසෙන අගේ දෙකළවා හා නග්න සිරුර විදුලි පංදම් එළියට දිළිසුණේ මිහිබට සුරඟනක්‌ සිහි කරමිනි.

“ඔයා කවුද?” “මං කවුරු වුණත් ඔයාට මොකද” “ඒක හරි. ඒත් මං මෙතන කරන්නේ රාජකාරියක්‌. මට ඔයා කවුද කියලා දැන ගන්නම වෙනවා” කමල් එසේ පැවසුවේ ඇය දෙසට එල්ල කර තිබූ රිපීටර්අවිය පහතට හෙළමිනි. “මම කාටවත් වැරැද්දක්‌ කරන් නෑ. කැලේට ඇවිල්ලත් අවුරුදු ගානක්‌ වෙනවා. ඉතින් ඇයි මට කරදර කරන්නේ” “ඔයා කොහොමද මෙහෙට ආවෙ” “ඒක දිග කතාවක්‌” ඇය දිග සුසුමක්‌ හෙළුවාය. හිවලුන්ගේ උඩුබිරුම වනාන්තරය දෙසින් තාමත් ඇසෙන්නේ තොර තෝංචියක්‌ නැති ලෙසිනි.

කමල් ඇය වෙත ළං වූයේ තවමත් සිහින ලොවක සිටින්නේ දැයි සිතමිනි. මේ සුන්දර ධවල තරුණියගේ නග්න සිරුර දැකීමෙන් ඔහු උමතු වී සිටියේය. ඇය ආසන්නයට පැමිණි කමල් එක්‌වරම සුදු තරුණිය බදාගත්තේය. පුදුමයකි. ඇගේ කිසිම විරුද්ධත්වයක්‌ ඇති නොවුණි. “ප්ලීස්‌….. ඔයාගෙ යාළුවො දකින්න පුළුවන්. අපි පොඩ්ඩක්‌ පල්ලෙහාට යං.” ඇගේ ඉල්ලීමට ඔහු එකඟ විය. හැඟීම් ඇවිස්‌සී පොදිකමින් හද තුළ තෙරපෙන බව කමල්ට පසක්‌ වී තිබිණි. වාත්තු කෙරුවාක්‌ බඳු ඇගේ නග්න සිරුර දිව්‍යාංගනාවක්‌ පරදන බව කිව යුතුය. “අනේ මගෙ ළඟට එන්න.”

ඇගේ ආයාචනයෙන් කමල් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේය. පරතෙරක්‌ නොපෙනෙන සප්තකන්‍යා කොමළියගේ සියුමැලි වන ලැහැබ තුළ ඔවුන් රිසි සේ රති සුව වින්දාහ. සුදුතරුණියගේ සිහින් කෙඳිරිලි හඬ සුවිසල් වනය තුළ පැතිරෙද්දී කමල්ගේ සිරුර දහදියෙන් තෙත් වී තිබිණි. කුරුල්ලන්ගේ කිචි බිචි නාදය වනය තුළ රැව් දෙද්දී වන ජීවී මිතුරෝ කමල් සොයන්නට විය. ඔහුට අයත් පාවහන් යුගල පහළ දොළ ළඟ තිබෙනු මුලින්ම දුටුවේ වික්‍රමසූරිය මහතායි. පළපුරුදු බුද්ධිමත් නිලධාරියෙකු වූ ඒ මහතා කඳු ගැටයෙන් පහළට වෙන්නට කුඩා අතු රිකිළි පොඩි වී තිබෙනු දැකීමෙන් මහත් කලබලයට පත් විය. අනිවාර්යයෙන් ම කමල්ට අනතුරක්‌ සිදු වී ඇති බව ඔහුට වැටහිණි. ඔවුන් සතු එකම ආරක්‍ෂකයා වූ රිපීටර් ගිනි අවිය ද කමල් සමඟ අතුරුදන්වීම කණ්‌ඩායම මහත් අසරණ කිරීමට සමත් වී තිබිණි. වෝකි ටෝකි යන්ත්‍රයෙන් අනෙකුත් කණ්‌ඩායම් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ ගුවන් විදුලි සංඥා ඉතාමත් දුර්වල මට්‌ටමක පැවති හෙයිනි. කෙසේ වෙතත් කමල් සොයා ගැනීමට කඳු ගැටයෙන් පහළට බැසීම ඔවුන්ගේ තීරණය විය.

කඳු ගැටය පාමුල නිරුවතින් මියගොස්‌ සිටි කමල් මහතාගේ සිරුර වික්‍රමසූරිය මහතා ඇතුළු වනජීවී නිලධාරි කණ්‌ඩායම මගින් සොයා ගන්නා විට සවස තුන ද පසු වී තිබිණි. ඔහුගේ ඇඳුම් ද රිපීටර් ගිනි අවිය ද ඔහු අසල විය. ගැටලුවකට තිබුණේ කමල් ඇඳ සිටි සියලුම ඇඳුම් පිළිවෙළකට ගලවා තිබීම හා ගිනි අවිය ද ආරක්‍ෂිත අගුල දමා තිබීම හේතුවෙන් කමල්ට කැලයේ සිටින ජාවාරම්කරුවන්ගෙන් කරදරයක්‌ සිදු වී දැයි තිබූ හැඟීම ඔවුන්ගෙන් ඉවත් වීමට හේතු විය. මුණින් අතට වැටී තිබූ නිරුවත් මළ සිරුර ඉවත් කිරීමට යැමේදී මිය යැමට පෙර කමල්ට ශුක්‍රාණු පහව ගොස්‌ තිබූ බව ද දැක ගත හැකි විය. ඔහුට කුමක්‌ සිදුවීද මහත් ප්‍රහෙලිකාවකි.

මළ සිරුර මහත් පරිශ්‍රමයකින් ඔවුන් සිටින කඳවුරු භූමිය වෙත ගෙන ඒමට වනජීවී නිලධාරීන් කටයුතු කළහ. ඔවුන් මැදි වී ඇත්තේ ගැටලු රාශියකටය. එක්‌ අතකින් ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමත්, කැලයට ඇතුළු වූ අනෙකුත් කණ්‌ඩායම් සමඟසම්බන්ධතා ඇනහිටීමත් ආහාර හිඟ වීමත් නිසා ඔවුන් උභතෝකෝටික ප්‍රශ්න රාශියකට මුහුණ දුන්හ. සියල්ලටම වඩා ගැටලුව වූයේ භයානක ලෙස මියගොස්‌ ඉදිමී කුණු වීමට ආසන්නව තිබූ කමල්ගේ සිරුරට කුමක්‌ කරමුද යන්නයි. රාත්‍රි කාලයේ හිවලුන් මළමිණිය ඇදගෙන යාවිදෝ ඇති වූ සැකය නිසා ඔවුන් සිරුර ගසක එල්ලීමට කටයුතු කළහ. උදව් ලැබෙන තුරු මේ ස්‌ථානයේ කඳවුරු ලාගෙන සිටීමටත්, රාත්‍රියේ සියලු දෙනා නිදි වර්ජිතව සිටීමටත් වික්‍රමසූරිය මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් තීරණය කළේ වෙනත් විකල්පයක්‌ නැති නිසාවෙනි.

සියලු දෙනා අකමැත්තෙන් සිටියදී රාත්‍රිය උදා විය. නිලධාරීන්ගේ මානසිකත්වය කුඩා දරුවන්ට සමාන විය. පාළු කැලයේ දොල පහර අඳෝනා නගමින් ගලා යමින් තිබිණි. විඩාබර වූ ඔවුන් රැහැයියන්ගේ නාදයෙන් පවා තැති ගත්හ. සම්බන්ධතාවය ගිලිහුණු රේඩියෝව ද චුරු චුරු හඬ නඟමින් තිබිණි. ඔවුන් සිටියේ කුමක්‌ සිදුවෙයිදෝ දෙගිඩියාවකිනි. ආහාර සකසා ගත්තද, කමල්ගේ මළ කුණෙන් වහනය වන දුර්ගන්ධය හේතුවෙන් කෑම ගන්නවා තබා ඔක්‌කාරය නොකර සිටියේ ඉතා අමාරුවෙනි. “මොනව වුණත් අපි කල්පනාවෙන් ඉමු” වික්‍රමසූරිය මහතා එසේ පැවසුයේ බෝර 12 අර්ධ ස්‌වයංක්‍රීය රිපීටර්Êතුවක්‌කුව සුරතට ගනිමිනි.

කෙමෙන් මධ්‍යම රාත්‍රිය ළං විය. ලතින් භාෂාවට සමාන ලයාන්විත ගීතය දොළ පාර දෙසින් ඇසෙන්නට විය. වික්‍රමසූරිය ඇතුළු කම්පනයට පත් නිලධාරීන් යුහුසුළු විය. ‘ක්‌ලික්‌’ හඬින් ගිනි අවියේ ආරක්‍ෂිත අගුල ඉවත් විය. විදුලි පන්දම් එළියට ධවල තරුණිය දිස්‌වූයේ දෙවඟනක්‌ මෙනි. ”දෙයියනේ සුද්දියෙක්‌” වික්‍රමසුරිය මහතාට කෑ ගැසිනි. ඇය නිරුවතින් දිය නාමින් සිටියාය. බියට පත්ව සිටි නිලධාරීහු ඇය දෙසට වෙඩි තබන ලෙස ඉල්ලා සිටි අතර වික්‍රමසූරිය මහතා අන්දුන් කුන්දුන් විය. ‘චීෆ් ඔය හොල්මනක්‌ ඉක්‌මනට වෙඩි තියන්න” මේකිට පණ තිබුණොත් මේකි තමා කමල්ව මරලා තියෙන්නෙත්. සිතීමට වේලාවක්‌ නැත. දිය නාමින් සිටි සුදු තරුණිය දෙසට එල්ලය ගත් වික්‍රමසූරිය මහතා මහා වනය දෙවනක්‌ කරමින් පිට පිට වෙඩි දෙකක්‌ ඇය දෙසට මුදා හැරියේත් තරුණිය දොළ පහරට ඇද වැටුනේත් එකම අවස්‌ථාවකය.

දෙයියනේ කෙල්ල ඇළට වැටුනා අපි ගිහින් බලමු වික්‍රමසූරිය මහතාගේ නියෝගය මත නිලධාරීන් දොළ පහළ පරීක්‍ෂා කළද මළ සිරුරක්‌ සොයා ගැනීමට නොහැකි විය. උදේට බලමු සමහර විට කෙල්ල බයට ඇළට වැටෙන්නට ඇති. මේ රෑ කන්ද බහින්න ගියොත් අපිටත් අනතුරක්‌ වෙන්න පුළුවන් ඔවුහු කුඩාරමට ගියහ. කලින්ම ඇතුළු වූ නිළදරුවා ගියාටත් වඩා වේගයෙන් වික්‍රමසූරිය වෙත දිව ආවාය. චීෆ් අරකි කුඩාරම ඇතුලෙ. මැරිලාවත් වෙඩි වැදිලාවත් නෑ. හෙලුවැල්ලෙන් ඇතුලෙ ඉඳගෙන ඉන්නවා අපි ඇතුලෙම ඕකිව ඉවරයක්‌ කරමු. කනිෂ්ඨ නිලධාරියා වික්‍රමසූරියගෙන් අවිය උදුරා ගැනීමට උත්සාහ කළද එයට ඉඩ නොදුන් වික්‍රමසූරිය කූඩාරමට ඇතුළු වූයේ සිදු වූ දෙය හරි හැටි දැන ගැනීමටය. නෙළුම් මලක්‌ සේ ඇය කුඩාරම මැද නිරුවතින් වැතිර සිටියාය.

කරුණාකරලා ඔය ළමයා ඔතනින් නැගිටිනවාද. ඔයගොල්ල මට මොකද කරදර කරන්නෙ. අපි කාටවත් කරදර කරන්නෑ අපි කරන්නෙ රාජකාරිය. රාජකාරිය කියලා මට වෙඩි තියන එක හරිද. වෙඩි තියන්න සිද්ධ වුණා කට්‌ටිය ඔක්‌කොම කලබල වෙලා. ඔයා මොකද කැලේ කරන්නෙ. කොච්චර කල් වෙනවද මෙහෙට ඇවිත්. මම ගොඩක්‌ කල් ඉඳන් මෙහෙ ඉන්නවා. ඔයා තනියමද ඉන්නෙ. ඔව් මම දැන් තනියම ඉන්නෙ. ළඟක්‌ වෙනකම්ම මගෙ මහත්තයත් හිටියා. හැබැයි හිටි හැටියෙම එයා නැතිව ගියා. අහසට ඇදිලා ගිහින් එකපාරට නොපෙනී ගියා. ඔයාගෙ මහත්තයා කව්ද. මගේ මහත්තයා තමයි මාර්ටින් එයාර් ප්ලේන් එකේ පයිලට්‌. එතකොට ඔයා. මම මාර්ටින් එයාර් සමාගමේ ගුවන් සේවිකාවක්‌. විවාහ වෙලා හිටියේ ඩී. සී 08 යානයේ ප්‍රධාන නියමු ස්‌මිත් එක්‌ක. එතකොට කමල්ට මොකද වුණේ. එයා පිස්‌සුවෙන් වගේ මගේ පස්‌සෙන් ආවා. සර්පයෝ කාලයි මැරුනෙ. ඒකට මගෙ සම්බන්ධයක්‌ නෑ. ඇය සියලු විස්‌තර හෙළි කළේ ඔවුන් විමතියට පත් කරමිනි.

එදා ලංකාවෙ ගුවන් තොටුපලෙන් හරියට සිග්නල් දුන්නනම් අපිට මෙහෙම වෙන් නෑ. ඒ ගොල්ල වැරදියට සිග්නල් දීලා අපේ යානය මේ කන්දෙ හැප්පෙන්න සැලැස්‌සුවා. අන්තිමට මගෙ මහත්තයාගේ වැරැද්ද කියලා පත්තරවල දැම්මා. ඒ ඔක්‌කොම බොරු. වැරැද්ද ලංකාවේ කන්ට්‍රොaල් රූම් එකේ. ඒ ගොල්ල හරියට වැඩ කරානම් අදත් අපි ජීවතුන් අතර. අපිට මෙහෙම කරේ ඔය ගොල්ල. ඉතින් මං මොකටද ඔයාලට බය වෙන්නෙ. ඊට අමතරව වසර ගණනකට පෙරදී යානය අනතුරට පත් අවස්‌ථාවේ මිය ගිය ඔටාන්යාගේ සිරුර අනතුරෙන් ගල් දෙබොක්‌කාවක්‌ අතරට විසි වූ බවත් කිසිවෙකු එය සොයා නොගත් බවත් තුවාල සිදු වී කුස ගින්නේ ඉතා කනගාටුදායක ලෙස මිය ගිය බවත් හැකිනම් මළ සිරුර තිබූ ස්‌ථානයට ගොස්‌ ඇට කැබලිති මිහිදන් කර දමන ලෙසත් ඉල්ලා සිටියාය.

වික්‍රමසූරිය ඇතුළු නිලධාරීන් මෙම සිද්ධියෙන් බොහෝ කම්පනයට පත්ව සිටියහ. එහෙත් කමල්ගේ මරණය හා ඇති වූ අනෙකුත් සිද්ධීන් හේතු කර ගෙන ඇගේ සිරුර තිබූ ස්‌ථානය ඔවුන්ට සොයා ගැනීමට නොහැකි වී ඇත. නමුත් පළපුරුදු නිලධාරියෙකු වූ වික්‍රමසූරිය මහතා මැනවින් එම ස්‌ථානය සිතියම් ගත කර තිබිණි. ඔහු මිය යන විට පුතු වූ මා මිතුරාගෙන් කළ අවසාන ඉල්ලීම වූයේ මිතුරන් සමග එම ස්‌ථානය සොයා ගොස්‌ ගුවන් සේවිකාවගේ අස්‌ථි කොටස්‌ සොයා ආගමික වතාවත් ඉටු කර මිහිඳන් කරන ලෙසය. මා මිතුරා මා එහි ගෙන්වා ගැනීමට මෙතරම් උනන්දු වන්නේ සප්තකන්‍යා කඳු වැටිය වෙත යැමට ඔහු විසින් සියල්ල සූදානම් කර තිබූ බැවිනි. මස්‌කෙළිය ප්‍රදේශයේ මා මිතුරාගේ නිවසට යන විට රෑ බෝ වී තිබුණි. ඔවුන් ඉතා සෙනෙහසින් මා වැළඳ ගත් අතර පසුදා උදෑසන කන්‍යාවන්ගේ කඳු වැටිය බලා පිටත්වීමේ අදහසින් රාත්‍රී නිදි දෙව්දුව වැළඳ ගතිමි.

එදින වැසි බර දිනයක්‌ විය. වැස්‌සට පැරදීමට අපේ සූදානමක්‌ නැත. පියාගේ අවසාන ඉල්ලීම ඉටු කිරීමට මිතුරාත් ඔබ වෙත සත්‍ය කතා ලබා දීමේ අරමුණින් මාත් මෙහි සත්‍ය දැන ගැනීමට හිතවත් ස්‌වාමීන් වහන්සේ නමකුත් භූත ශාස්‌ත්‍රය පිළිබඳ නිපුන තරුණයෙකුත් ප්‍රදේශයේ දඩයමින් ජීවත් වන දක්‍ෂ වෙඩික්‌කරුවෙකුත් නිවාඩුවට ගමේ පැමිණි ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ බළකායේ කපිතාන් වරයෙකුත් අප කණ්‌ඩායමේ සාමාජිකයෝ වූහ. වෙඩික්‌කරුවාගේ ගිනි අවියට අමතරව මා කොළඹ සිට රහසිගතව ගෙන එන ලද බලපත්‍ර සහිත පොයින්ට්‌ දෙකේ ස්‌වයක්‍රීය පිස්‌තෝලයකුත් අප සතු විය. මිතුරාට අයත් පැරණි මිට්‌ෂුබිසි ජීප් රථයෙන් කන්‍යාවන්ගේ කැලයට හැකිතාක්‌ දුර ගොස්‌ ඉන් පසු පයින් යාම අප අරමුණ විය. ගමන ආරම්භ කෙරිණි. සීතල වැහි බිඳුවලින් අප තෙමා දැමුවේ මෙම ගමනට ආසිරි පතන්නාක්‌ මෙනි.

දුර්ග මාර්ගය අවසානයේ අප කණ්‌ඩායම කැලයට ඇතුළු විය. වැස්‌සෙන් ශක්‌තිමත්ව සිටි කූඩැල්ලන්ගෙන් අපට මහත් කරදර විඳීමට සිදු විය. වර්ෂාවෙන් බොහෝ ස්‌ථාන ජලයෙන් යට වී තිබුණද එම බාධක ජය ගැනීමට තීරණය කළෙමු. දින දෙකක දුෂ්කර ගමනකින් පසු ආසන්න වශයෙන් මීට වසර දාහතකට පෙර මා මිතුරාගේ පියා කඳවුරු ගසාගෙන සිටි ස්‌ථානය වෙත ළඟා වන විට හවස්‌ වී තිබිණි. අප ගෙන ගිය ද්‍රව්‍ය උපයෝගී කර ගෙන රාත්‍රිය ගත කිරීම සඳහා කූඩාරමක්‌ තනා ගතිමු. ස්‌වාමින් වහන්සේට කූඩාරම තුළ සැතපීමට සලස්‌වා අප ආසන්නයේ එළියේ ගිමන් හරිමින් සිටියෙමු. කෙමෙන් රාත්‍රිය උදා විය. මධ්‍යම රාත්‍රිය ආසන්න වෙත්ම තරුණියකගේ සිහින් ගීත රාවයක්‌ අපටද ඇසෙන්නට විය. අප සූදානම් වුණෙමු. වෙඩික්‌කරුද මා ද ගිනි අවි සූදානම් කර ගත් අතර කපු මහතා ද ලහි ලහියේ සූදානම් විය.

අප ඇය සිටින ස්‌ථානයට වේගයෙන් දිව ගියෙමු. කපු මහතාගේ මැතිරීමෙන් යම් වෙනසක්‌ සිදු වෙමින් පැවතිනි. ස්‌වාමීන් වහන්සේ කෙලින්ම ඇගෙන් ප්‍රශ්න අසන්නට විය. මීට වසර දාහතකට පමණ පෙර වික්‍රමසූරිය මහතා පැමිණි ආකාරයත් ඔහු මිය යන අවස්‌ථාවේ අවසාන ඉල්ලීම ලෙස අනතුරෙන් මිය ගිය ගුවන් සේවිකාවගේ ඇට සැකිල්ල සොයා මිහිදන් කරන ලෙස පැවසූ ආකාරයත් ඇයට දැන්වීය. එබැවින් ඇය මිය ගිය ස්‌ථානය පෙන්වන ලෙසත් අප ධවල තරුණ අවතාරයෙන් ඉල්ලා සිටියෙමු. ධවල තරුණිය ඒ සියල්ල අප හට පෙන්වීමට එකඟ විය. ඇය ලබා දුන් තොරතුරු මත ගල් දෙබොක්‌කාවක්‌ තුළ තිබී ඇගේ අස්‌ථි කොටස්‌ හා ගුවන් සමාගම වෙතින් ඇය වෙත ලබා දුන් රාජකාරී හැදුනුම්පතද අපට සොයා ගත හැකි විය. බෞද්ධ ආගමානුකූලව ඇගේ අස්‌ථි කොටස්‌ මිහිදන් කිරීමට අප තීරණය කළේය. ඒ සඳහා එම ස්‌ථානය සුදුසු යෑයි තීරණය වුවද ඇගේ ඉල්ලීම වූයේ ඊට පහලින් ඇති දොල පහර අසල ගුවන් නියමු සැමියා වළදැමූ ස්‌ථානයේ ඇයද වළ දමන ලෙසයි. අපි ඊට එකඟ වූයෙමු.

සියල්ල සූදානම්ය. ස්‌වාමීන් වහන්සේ පිරිත් සඡ්ජායනා කරන්නට විය. සුදු රෙදි කඩක එතූ මාර්ටින් එයාර් ධවල සුරූපිනියගේ ඇට කැබලිති අප විසින් වළ තුළ තැන්පත් කර සෙමෙන් පස්‌ වලින් වැසුවෙමු. කපු මහතාද ඔහුගේ කටයුතු මනා සේ ඉටු කළේය. එදින සවස්‌ යාමය වන විට අප හිටපු වනජීවී නිලධාරී වික්‍රමසූරිය මහතාගේ හා පෘතුගාල ජාතික ගුවන් සේවිකාවගේ ඉල්ලීම වූ ඇගේ අවසාන කටයුතු ඉටු කිරීම හමාර කළෙමු. එදින නැවත රෑ බෝ වූ බැවින් වනය තුළ අප කූඩාරමේ නැවතීමට තීරණය කළේ සියලු දෙනාගේම එකඟතාවයෙන් අනතුරුවයි. හරියටම හෝරා යන්ත්‍රයෙහි රාත්‍රී 12 න් සටහන් විය. සුපුරුදු පරිදි දොල පහර ගලා බසී. අප ඒ දෙස නෙත් අයා සිටියාය. නමුත් එදින රෑ නිරුවත් ධවල සුරූපිනිය එහි නොවූවාය. වසර ගණනකට පසුව ඇය භූතාත්මයෙන් මිදී වෙනත් උපතක්‌ කරා යන්නට ඇතැයි ස්‌වාමීන් වහන්සේ පැවසූහ.

සාගර සම්පත් ජයසිංහ