රෙදි සොදනකොට කරන වැරදි 15ක්


0
80 shares

ඔබේ ඇදුම් අලුත් විදිහට ලස්සනට තියාගන්න ඕනෙ නම් කරන්න ඕනෙ පළමු දේ තමා ඒවා නිවැරදි ක්‍රමයට සේදීම. ඒ නිසා ඔබේ ඇඳුම් වල අලුත් පෙනුම නැති කරලා ඒවාට හානි කරන වැරදි පුරුදු කිහිපයක් ගැන ගැන අපි අද ඔබට කියා දෙනවා.

1. වැරදි ලෙස රෙදි වෙන් කිරීම-සුදු ඇඳුම් ,පාට ඇඳුම් ලෙස වර්ණය විතරක් සලකලා රෙදි වෙන් කිරීම ප්‍රමාණවත් නැහැ. රෙදි වර්ගය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට ජැකට්,ස්වෙටර් වගේ උණුසුම් ඇඳුම් වලට ගන්නා පෝලාර් ෆ්ලීස් (polar fleece) රෙද්දෙන් නිමවූ ඇඳුම් නිතරම වෙනම සෝදන්න ඕනෑ. ඒ වගේම සින්තටික් කෙඳි සහිත රෙදි වලින් නිමවූ ඇඳුම් සමග තුවා (towels) එකට දමා සෝදන්න හොඳ නැහැ.

2. වැරදි ලෙස පැල්ලම් ඉවත් කිරීම.-තදින් පැල්ලම් ඉවත් කරන්න ගිහින් බොහෝ දෙනාට වෙන්නෙ කලින් නොතිබූ සිදුරුත් ඇඳුමේ ඇති වෙන එක.ඒ නිසා ඇඳුමක පැල්ලම් ඉවත් කිරීම එතරම් තදින් අතුල්ලමින් කරන්න හොඳ නැහැ.ඒ නිසා ඇඳුම් ඉරීම සිදුරු වීම වළක්වන හොඳම ක්‍රමය තමයි පැල්ලම උඩින් සුදු රෙදි කැබැල්ලක් දමා එය පෙඟෙන්නට තැබීම.

3. රෙදි සෝදන කුඩු අධිකව යොදා ගැනීම-රෙදි සෝදන කුඩු අධිකව යොදා ගැනීම නිසා බොහෝ පෙන හටගන්නවා. එතකොට ඇඳුම් කොලර් වගේ තැන් වල කුණු එකතු වෙන්න පුළුවන්. ඇඳුම් තිබුනටත් වඩා අපිරිසිදු වෙන්න පුළුවන්.ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට විතරක් රෙදි සෝදන කුඩු යොදාගන්න සැලකිලිමත් වෙන්න.

4. ඇඳුම් වල සිපර්(zipper) ඇති ස්ථාන ගැන අවධානයක් යොමු නොකිරීම-සිපර් සහිත ඇඳුම් සේදීමේදී මතක ඇතුව සිපර් වහලා සෝදන්න.එහෙම නැත්නම් සිපර් එකේ දැති වගේ කොටස් වලින් අනිත් ඇඳුම් වලට හානි වෙන්න පුලුවන්.

5. ඇඳුම් වල බොත්තම් දැමීම-රෙදි සෝදන විට කමිස ආදියේ තියෙන සියලුම බොත්තම් ගලවන්න අමතක කරන්න එපා. බොත්තම් දාලා තියෙද්දිම සෝදන විට බොත්තම් කැඩීයන්න පුලුවන් වගේම හරියට පිරිසිදු නොවන්නත් පුලුවන්.

6. බ්ලීචින් අධිකව යොදා ගැනීම-බ්ලීචින් ඇඳුම් වල කල්පවතින ගතිය අඩු කරන නිසා ඇඳුම් ඉක්මනින් ඉරී යන්න හේතුවක් වෙනවා. මේ නිසයි ඇඳුම් තැම්බීම මේකට හොඳ විසඳුමක් වෙන්නේ. ලොකු භාජනයකට වතුර පුරවලා හොදට රත් කරන්න. ඒකට දෙහි බිංදු කිහිපයක් එක් කරලා රෙදි පෙඟෙන්න දාන්න.

7. නාන ඇඳුම් (swimming suits) ආදිය රෙදි සෝදන යන්ත්‍රයට දමා සේදීම-ස්පැන්ඩෙක්ස් වලින් හෝ ඉලාස්ටීන් වලින් නිමවන ලද ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයට දමා සේදීම ඒවාට හානි කරනවා. ඒ නිසා කල යුත්තේ ඒ වගේ ඇඳුම් අතේ සේදීමයි.

8. රෙදි සෝදන යන්ත්‍රයට විවේක කාලයක් ලබා දීම-ඇතැම් අය රෙදි සෝදන වට කිහිපයකින් පසු යන්ත්‍රයට විවේකයක් ලබා දෙනවා.එක දිගට යන්ත්‍රය භාවිතා කිරීමෙන් එය කැඩී යාවි යැයි ඔවුන් සිතනවා. නමුත් ඇත්තෙන්ම එය වැරදි මතයක්. එක දිගට සෝදා අවසන් කිරීම නිසා විදුලිය භාවිතය අවම වෙනවා වගේම , යන්ත්‍රයේ washer එක කලින් වටයේ යොදාගත් උණුසුමෙන් ඉතිරි ටික මේ වටයටත් යොදාගන්නවා. යන්ත්‍රය නිවෙන්නට හැරීමෙන් මෙය සිදුවෙන්නේ නැහැ.

9. කොට්ට සහ ඇඳ ඇතිරිලි සදහා එක වටයක් පමණක් යොදාගැනීම-ඔබ පිහාටු සහිත කොට්‍ට යොදාගන්නවා නම් ඒවා සහ ඇඳ ඇතිරිලි එක වටයක් සෝදලා මදි.පිහාටු මගින් පෙන රඳවාගන්නවා. ඒ නිසා එක දිගට වට දෙකක් පිහාටු කොට්ට සහ ඇඳ ඇතිරිලි සෝදන්න.

10. වෙන් නොකර රෙදි සේදීම-රෙදි සෝදලා ඉවට වුනාට පස්සෙ තියෙන අමාරුම වැඩේ තමයි සොක්ස්/මේස් (socks) වල එක කකුලක් තියෙද්දි අනිත් කකුල හොයන එක. ඒ නිසා අනිත් රෙදි දාන්න කලින් ඔක්කොම සොක්ස් එකට සේදීම තමා හොඳම දේ.

11. රෙදි මෘදුකාරක තුවා සඳහා යොදාගැනීම-මෘදුකාරක මගින් රෙදි වල තියෙන තෙත උරා ගැනීමේ ගුණය අඩු කරනවා.මේ නිසා ඔබ ඇඟ පිස දැමීමට යොදාගන්න තුවා සදහා රෙදිමෘදුකාරක යොදා නොගැනීම සුදුසුයි.

12. රෙදි විශාල ප්‍රමාණයක් එකවර සේදීම-රෙදි සෝදන යන්ත්‍රයේ වරකට අනුමත ප්‍රමාණයට වඩා රෙදි පැටවීමෙන් යන්ත්‍රය කැඩී යා හැකියි.

13. සුළං කඩන සහ ජලය කාන්දු නොවන ඇඳුම් (වැහිකබා ආදිය) වැරදියට සේදීම.
ඒවායේ හැඩය වෙනස් නොවී සේදීමට යන්ත්‍රයේ Washer එකට ටෙනිස් බෝල 3ක් දමන්න. ඒවා මගින් වැඩිපුර පෙනත් අවශෝෂණය කරගනීවි.

14. මිල අධික රෙදි සෝදන කුඩු සහ දියර යොදාගැනීම-අපි යොදාගන්න බොහෝ ඩිටර්ජන්ට් වර්ග වෙනුවට අපිට ලේසියෙන් හොයාගන්න පුලුවන් ලාභදායී ආදේශක තියෙනවා. ලුණු මගින් රෙදි දීප්තිමත් කරනවා.හුණු මගින් පැල්ලම් ඉවත් කරනවා. දෙහි වලින් රෙදි පිරිසිදු වෙනවා පමණක් නොවෙයි හොඳ සුවඳක් ලබා දෙමින් රෙදි මෘදු කරනවා. මිල අධික නිෂ්පාදන වලට වඩා මේ දේවල් සමට වගේම රෙදි වලටත් හිතකරයි.

15. යන්ත්‍රයේ වොෂරය (washer) වෙත අවධානය යොමු නොකිරීම-රෙදි සෝදන යන්ත්‍රය හොදින්‍ රැකබලා ගැනීම වැදගත්. ඒ නිසා වසරකට වරක්වත් ජලය සහ විනාකිරි යොදාගෙන සේදීමේ වටයක් සිදුකරන්න. එය යන්ත්‍රයේ කල්පැවැත්මට හේතු වෙනවා.


Like it? Share with your friends!

0
80 shares
Site Admin

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format