වර්තමාන වෙළෙඳපොළ විවිධ පිරිසිදුකාරක නිෂ්පාදන වලින් පිරිලා. නමුත් මේවායින් වැඩිහරියක් සෞඛ්‍යයට අහිතකර ඒවා. ඔබ මේ වගේ අහිතකර දේවල් භාවිතා කරන්නේ ඔබේ මුළුතැන්ගෙය තුලම ඊට වඩා ප්‍රතිඵලදායක,බහුකාර්‍ය පිරිසිදුකාරකයක් තියෙද්දීමයි. ඒ තමයි බේකින් සෝඩා.ඒ නිසා අපි අද හෙළ රහස් තුලින් බේකින් සෝඩා භාවිතා කරන්න පුලුවන් ආකාර කියලා දෙනවා.

1. බේකින් සෝඩා මෙට්ට මතට දැමීම.මුලින්ම සම්පූර්ණ මෙට්ටයම වැක්‍යුම් කරගන්න. ඊටපස්සෙ පිටි හලන පෙනේරයක් යොදාගෙන බේකින් සෝඩා පැකට් එකක් මෙට්ටය පුරාම ඉසගන්න. හොඳ සුවඳක් ලබාගන්න ඕනෙ නම් ලැවෙන්ඩර්, කුරුඳු, වගේ අත්‍යාවශ්‍ය තෙල්(essential oils) වර්ගයකින් බිංදු 10-15ක් එක් කරගන්න.

මේ විදිහට බේකින් සෝඩා මුළු මෙට්ටය පුරාම සම්පූර්ණ දවසක් තියෙන්න හැරලා ඊලඟ දවසේදී වැක්‍යුම් ක්ලීනරයකින් බේකින් සෝඩා ඉවත් කරගන්න.මේ ක්‍රමයෙන් මෙට්ටයේ තියෙන කුණු ,දාඩිය,දූවිලි,මැරුණ සෛල සහ අප්‍රසන්න ගන්දයන් ඉවත් කරගන්න පුලුවන්.

2. කාපට්(පාපිසි) සහ සෝපා (sofa) වැනි මෘදු ගෘහභාණ්ඩ මතට දැමීම.භාජනයක් අරන් ඒකට බේකින් සෝඩා මේස හැන්දක් සහ රෙදි සෝදන කුඩු මේස හැන්දක්( අවශ්‍ය නම්) දාලා මිශ්‍ර කරන්න. ඊළඟට නටන වතුර කෝප්පයක් වත්කරලා 9% විනාකිරි වලින් මේසහැදි 4-5ක් දාන්න. මේ මිශ්‍රණය ඉක්මනින් පෙන දාන නිසා තරමක් විශාල භාජනයක මේක හදන්න ගන්න.

ඊටපස්සෙ මේ මිශ්‍රණය ස්ප්‍රේ බෝතලයකට දාගන්න. මුලින්ම කාපට් සහ මෘදු ගෘහභාණ්ඩ වැක්‍යුම් කරගන්න. මීළඟට තත්පර 5-10ක් පමණ අපි හදපු මිශ්‍රණය ඒවා මතට ස්ප්‍රේ කරගන්න. පැල්ලම් ඇති තැන් අතුල්ලමින් ස්පොන්ජ් එකක් භාවිතයෙන් ඒ දියරය පිසදා හරින්න. හොඳ ප්‍රතිඵලයක් ලැබෙනකන් මේ පියවර නැවත නැවත කරන්න. නමුත් දියරය ඒවාට උරාගෙන තෙත් වෙන්න දෙන්න එපා.

වැදගත් :- ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු රෙදි වලට ඇරුණාම බේකින් සෝඩා සහ විනාකිරි මිශ්‍රණය ඕනෑම රෙදි වර්ගයක් සදහා යොදාගන්න පුලුවන්.

  • බේකින් සෝඩා භාවිතයේ වාසි :
  • මිල අඩුයි
  • වසවිස රහිතයි.
  • කුණු සහ තෙත උරාගන්නවා.
  • බොහෝ පිරිසිදුකාරක සදහා ආදේශකයක්.
  • අප්‍රසන්න ගඳවල් ඉවත් කරනවා.
  • විශබීජ නසනවා.

බේකින් සෝඩා වල තවත් ප්‍රයෝජන ඔබ දන්නවා නම් අපිත් එක්ක බෙදාහදා ගන්න