කෝපි වලින් කරන්න පුළුවන් දේවල්


0
110 shares

කෝපි කියන්නේ වෙනසක් නැතුව ලෝකයේ ඕනෑම රටක මිනිසුන් ආදරය කරන පානයක්. ලංකාව කියන්නෙත් කෝපි වවන රටක් වීම ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. විවිධ වර්ගවල කෝපි විවිධ මිලට අලෙවි වෙනවා. කොහොම වුනත් කෝපි කියන්නේ පානයට ගන්න පුළුවන් දෙයක් විතරක්ම නෙවෙයි. අපි මුදල් වියදම් කරලා කරන වෙනත් කාර්යයන් කිහිපයකටම ආදේශකයක් විදිහට අපිට කෝපි භාවිතා කරන්න පුළුවන්. ඒ මොනවාද කියලා දැනගන්න මේ ලිපිය කියවලම බලන්නකෝ.

01. ආහාර පිසීමට.කෝපි කියන්නේ ඕනෑම ආහාරයකට තවත් ප්‍රනීත ගැඹුරු රසයක් එකතු කරන්න පුළුවන් දෙයක්. මස් වර්ග, සෝස් වර්ග, පලතුරු පානයන් සඳහා, අතුරුපස ආදී බොහෝ දේවල් වලට කෝපි එකතු කරගැනීමෙන් හොඳ රසයක් සහ විවිධත්වයක් එකතු වෙනවා. උදෑසන පානය කරලා ඉතුරු වුන කෝපි කෙලින්ම මේ සඳහා යොදාගන්න ඔබට පුලුවන්. එහෙමත් නැත්නම් අයිස් කැට දමන ට්‍රේ එකට මේ කෝපි වත්කරලා අයිස්කැට විදිහට හදාගෙන පසුව ඕනෑම ආහාරයකට මේවා එකතු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කේක්, බිස්කට් සහ බ්‍රවුනීස් වැනි කෑම හදද්දී ඒ මිශ්‍රණයට කෝපි මේස හැන්දක් පමණ එකතු කරගැනීමෙන් හැමදාම කන පුරුදු රසය වෙනුවට විශේෂ රසයක් ඔබ‍ට දැනේවි. මොකද චොක්ලට් සහ කෝපි කියන්නේ ඉතාම හොඳින් ගැලපෙන සංයෝගයක්. මේ නිසා චොක්ලට් යොදාගන්නා ඕනෑම අතුරුපසකට කෝපි එකතු කරගැනීමේ වරදක් නැහැ.

02. කොම්පෝස්ට් සඳහා.ඔබ නිවසේ කොම්පෝස්ට් පොහොර හදාගන්න කෙනෙක් නම් කෝපි කියන්නේ අදින් පසු ඔබට කොම්පෝස්ට් වළට එකතු කරගන්න පුළුවන් දෙයක්. මොකද කෝපි නයිට්‍රජන් වලින් අනුන සංයෝගයක්. කොම්පෝස්ට් සැදීමේදී වරින්වර කෝපි එකතු කර ගැනීමෙන්, ඒවා අවසානයේ වියෝජනය වී පොහොර ලෙස යොදා ගැනීමේදී ඔබට ඉතාමත් හොඳ ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

03. ස්ක්‍රබ් එකක් ලෙස.මුහුණ ඇතුළු මුළු ඇඟේම මැරුණු සෛල ඉවත් කරමින්, සම නිරෝගී කරගැනීමට ඔබට scrub එකක් ලෙස යොදා ගන්න පුලුවන් දෙයක් තමයි කෝපි කියන්නේ. ඔබ කරන්න ඕනේ කෝපි කුඩු වලට ඔලිව් තෙල් ටිකක් එකතු කර ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයක ගල්වා හොඳින් ස්ක්‍රබ් කර සෝදා හැරීමයි. මීට අමතරව වඩා හොඳ අවසානයක් සහ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබ භාවිතා කරන සාමාන්‍ය ස්ක්‍රබ් එකට හෝ කොණ්ඩෙට යොදාගන්නා කන්ඩිෂනර් එකට කෝපි කුඩු ටිකක් එකතු කරගන්න.

04. හිසකෙස් සඳහා.හිසකෙස් වලට ඉක්මනින්ම දීප්තියක් එකතු කරගැනීමට ෂැම්පු කර අවසාන වූ තෙත හිසකෙස් මතට කෝපි කුඩු ටිකක් එකතු කර හොඳින් අතුල්ලා සෝදා හරින්න. එහෙමත් නැත්නම් ෂැම්පු කර අවසන් වී කන්ඩිෂනර් කිරීමට පෙර ඒ කන්ඩිෂනර් වලට කෝපි ටිකක් එකතු කර ගැනීමෙන් හිසකෙස් වලට මනා දිස්නයක් ලබා දෙනවා. ඒ වගේම කෝපි මගින් ලා පැහැති හිසකෙස් තද පැහැ කරනවා.

05. කොණ්ඩය ඩයි කර ගැනීමට.කොන්ඩය සුදු වී තියෙන හදිසි අවස්ථාවක ඉක්මනින් කොණ්ඩය ඩයි කරගන්න ඕනේ නම් ඔබට කෝපි යොදාගන්න පුළුවන්. ෂැම්පු කර අවසාන වූ පසු හිසකෙස් කෙලින්ම කෝපි භාජනයක ගිල්වන්න. ඉන්පසු කෝප්පයක් ආධාරයෙන් හිසකෙස් වල සෑම තැනක්ම ඒකාකාර වන ලෙස කෝපි වලින් නහවන්න. ඉන්පසු පැය බාගයක් පමණ ආවරණය කරගෙන තබා පසුව සෝදා හරින්න. වඩා තද පැහැයක් සඳහා ක්ෂණික කෝපි වලින් හෝ උණු වතුර එකතු කරගත් සිහින්ව කුඩු කරගත් කෝපි වලින් උකු පේස්ට් එකක් සාදාගෙන ඩයි කරන ආකාරයට බුරුසුවකින් ආලේප කරන්න. ඉන්පසු ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කරගෙන පැය භාගයක් පමණ ඉඳ පසුව සෝදාහරින්න.

06. රෙදි වර්ණ ගන්වා ගැනීමට.රෙදි වලට පැරණි පෙනුමක් ලබාගැනීමට හෝ පිරිසිදු සුදු ඇඳුමකට අඳුරු පැහැයක්( Off white) ලබා ගැනීමට කෝපි දියරයක ඇඳුම බස්වා තබන්න. ඇඳුම කෝපිවල බහා තබන වේලාව වැඩිවන තරමට ඉන් ඇඳුමට ලැබෙන අඳුරු පැහැයත් වැඩිවේවි. නමුත් කෝපි වලින් කිසිම වෙලාවක තද දුඹුරු පාටක් ලැබෙන්නේ නැති බව මතක තබාගන්න. ඉන් ලැබෙන්නේ ලා දුඹුරු, අඳුරු පාටක් පමණයි.

07. ලිපෙන් අළු ඉවත් කිරීමේදී.දර ලිපෙන් දර අළු ඉවත් කිරීමේදී හැමතැනම අළු දුම විසිරී යාම වැළැක්වීමට, ඒවා එකතු කිරීමට පෙර ඒ මතට ඉතිරි වූ තෙත් කෝපි මන්ඩි ටිකක්‌ එකතු කරන්න. මේ ක්‍රමයෙන් දර අළු සෑම තැනම විසිරී තැන් තැන් වල තැන්පත් වීම වළක්වමින් ඉතා පහසුවෙන් එකට එකතු කරගන්න පුළුවන්.

08. වාතය නැවුම් කිරීමට.අල්මාරි, ලාච්චු, ශීතකරණ, මෝටර් රථ හා මයික්‍රෝවේව් උඳුන් ඇතුලත එන අපිරිසිදු සහ පුස් ගඳවල් ඉවත් කර ගැනීමට කුඩා භාජනයකට කෝපි කුඩු ටිකක් එකතු කර එහි මුඩියේ සිදුරු කිහිපයක් විද ඒ ඒ ස්ථානවල එම භාජනය තබන්න. එමගින් වාතයේ ඇති ආහාර පිළුණු වූ ගඳවල් හා පුස් ගඳ ඉවත් කර වාතය නැවුම් කෙරෙනවා.

09. තද පැහැ ලී භාණ්ඩ වලින් සීරීම් වැසීමට.තද පැහැයක් ගන්නා ලී ගෘහභාණ්ඩ වල ඇති කුඩා සීරීම් වැසීම සඳහා කොට්න් බඩ් එකක්( Cotton bud/swab) කෝපි වල පොඟවා ඒ ස්ථානවල හොඳින් කීප වතාවක් ආලේප කරන්න. තරමක් විශාල සීරීමක් වැසීම සඳහා උණු වතුර ස්වල්පයක් එකතු කරගත් උකු ක්ෂණික කෝපි-පේස්ට් එකක් සාදා ඒවා මගින් සීරුණු ස්ථාන හොඳින් වසා, වියලීමට තබා පසුව වැඩිපුර ටික සූරා ඉවත් කරන්න.

10. භාජන පිරිසිදු කිරීමට.ආහාර පිසූ භාජන වලින් සහ පිඟන් කෝප්ප වැනි සෙරමික් භාජනවලින් තද පැල්ලම් ඉවත් කර ගැනීමට භාවිතා කළ කෝපි කුඩු යොදා හොඳින් මදින්න.

 


Like it? Share with your friends!

0
110 shares
Site Admin

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format