ඔබ තෝරා ගත් රාත්‍රියේ සිතුවම කුමක්ද


0
61 shares

පෞරුෂ්‍යත්ව පරීක්ෂාවන්ට අපගේ මුළු අභ්‍යන්තර ලෝකයම නිශ්චිත රුපයක් තුලින් පෙන්වීමේ හැකියාව ඇත.එනම් අපගේ අවදානය මුලින්ම යොමු වෙන දේ අනුව අපේ රුචි දැක්ම මත පදනම්ව අපි තෝරාගන්නා දේ අනුව අපේ පෞරුෂ්‍යත්ව ලක්ෂණ බොහොමයක් බාහිරයට ඉස්මතු වේ.ඒ අනුව මෙම සඳ හා මුහුද අන්තර්ගත සිතුවම් අතුරෙන් ඔබේ කැමැත්ත මත පදනම්ව තෝරාගන්නා රූපය එහෙම නැත්නම් සිතුවම ඇසුරින් ඔබ ගැනද යම් යම් පෞරුෂ්‍යත්ව ගුණාංග ඉස්මතු වේ. ඒ මොනවද කියා දැනගන්න නම් ඔබ කැමතිම සිතුවම තෝරාගෙන ඒ ඇසුරින් ඔබ වෙත ලබා දී ඇති විස්තරය වෙත යොමු වෙන්න.

අංක 1 සිතුවම සඳ දකුණු පසින් ඇති අතර මුහුද සන්සුන් ය.එය ඔබ කව්ද කියා සැබවින්ම පැහැදිලි කරයි.එනම් ඔබේ පරිකල්පන ශක්තිය අනන්ත අප්‍රමානයි.ඔබේ සිහින ,ආශාවන්,බලාපොරොත්තු අපරිමිතයි.ඔබේ අනාගත සැලසුම් වෙන මෙම බලාපොරොත්තු සපුරා ගන්න තෙක් ඔබ වෙහෙස නොබලා ඒ වෙනුවෙන් කැප වී වැඩ කරයි.ඔබ විවේක ගන්නෙම නැති තරම්ය.එය ඔබට විශාල සතුටක් ගෙන දෙන අතර .දවසින් දවස ඔබේ සිතට නව සිහිනයක් බලාපොරොත්තුවක් එකතු වේ.ඔබ පරිකල්පනීය වුවත්, සත්‍යය නම් ඔබ සැබෑ ලෝකය හා බැඳී ඇති සෑම දෙයක් ගැනම ඉතා අවධානයෙන් සිටින බවය.එසේ වුවත් ආදරය,මිත්‍රත්වය සම්බන්ධයෙන් නම් ඔබ වෙනස්වීම් වලට කැමති නැත.ආදරයෙදී ඔබේ සහකරු හෝ සහකාරිය වේවා මිත්රත්වයෙදී යහළුවා හෝ යෙහෙළිය සමඟ ඔබ ඇති කරගන්න බැඳීම ජීවිත කාලය පුරාවටම පවත්වාගෙන යාමට ඔබට අවශ්‍ය වේ.එය අතරමඟදී කෙටි කලකින් බිඳ වැටෙනවට ඔබ කැමති නැත.ඔබේ අනාගතය සඳහා ඔබේ සිත තුල ඇති විශාල බලාපොරොත්තු ,සැලසුම් සපල කර ගැනීම ඔබේ ජීවිතයේ අරමුණ වේ.

අංක 2 සිතුවම ඔබ ශක්තිමත් පෞරුෂයකින් යුතු අයෙකි.යම් තීරණයක් ගැනීමට පෙර ඔබ එය හදවතට එකඟද කියා කිරා මැන බලයි.අවංක ,කාරුණික ,ත්‍යාගශීලි පුදගලයින්ගේ ඇසුරට කැමති ඔබ එවැනි පුද්ගලයින්ව හමුවීමට බලාපොරොත්තු වේ.එයින් සතුටට පත් වේ.ඔබ ජීවිතයේ වෙනස්කම් භාරගන්නේ එයින් ඔබට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නම් පමණි.ඔබගේ ගතිගුණ,පුරුදු වසර ගණනාවක් තිස්සේ එක හා සමානය. එකම මිතුරන් සමඟ නැවතී සිටීම, එකම අවන්හල්වල රාත්‍රී ආහාරය ගැනීම සහ සති අන්තයේ ආච්චිලා සීයලා බැලීමට යාම ආදී විනෝදකාමී ක්‍රියා වලට කැමති ඔබ ජීවිතයේ වටිනාම අංගය වන්නේ සන්තෝෂය කියා විශ්වාස කරයි.එසේම ඕනෑම කෙනෙකුගේ මුවෙහි සිනහවක් දැකීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ඔබ ඔබේ කතාවෙන් ඕනෑම අයෙක් ඔබ වෙත ආකර්ෂණය කර ගැනීමටද දක්ෂය.

අංක 3 සිතුවම ඔබ ඉතාම බුද්ධිමත් අයෙක්.සැමවිටම බුද්ධිය සාමාන්‍යයට වඩා ඉහලින් පවතින බව විශ්වාස කරන ඔබ විද්‍යාත්මක ලිපි ලිවීමෙන්, ශ්‍රේෂ්ඨ කතුවරුන්ගේ සාහිත්‍ය කෘතිවලින් සහ තාර්කික ගැටලු විසඳීමෙන් පවා එය වැඩි කිරීමට ඔබ පෙළඹේ. ඔබේ තියුණු මනසින් කිසිවක් මග හැරෙන්නේ නැති අතර ඔබේ දැවැන්ත බුද්ධිය දැනටමත් බොහෝ ගැටලු වලින් ඔබව ඉවත් කර ඇත. සමාජයීය වශයෙන් ගත් කල ඔබට මිතුරන් බොහෝ සෙයින් ඇත.නමුත් කෙතරම් මිතුරන් සිටියත් යම් කාර්යයක් කිරීමේදී තනිවම කිරීමට කැමති ඔබ සිතන්නේ තනිවම කරන විට එම කාර්යයයේ ප්‍රතිඵලය ඉහල බවයි.සමහරවෙලාවට ඔබට අනුන්ගේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යාවක් දැනෙන අතර ඔවුන් ඔබට වඩා හොඳ යහපත් දෙයක් කිරීමට හැකි වුවහොත් ඔබ ඒ ගැන කෝපයටද පත් වේ.නමුත් තව දුරටත් සිතන විට එම අම්ට්ටමට ලඟා වීමට ඔබද මහන්සි විය යුතු බව හැඟෙයි.එසේම ඔබට හමුවන ඕනෑම අයෙකුව ඔබේ කතාවෙන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඔබට ඇත.

අංක 4 සිතුවම ඔබ සන්සුන් අයෙකි.සන්සුන් බව හා ඉවසීම ඔබේ දෛනික ජීවිතයේ වැදගත් අංග දෙකකි.ඔබ ඕනෑම තීරණයක් ගන්නේ සන්සුන්ව සිතා බලා ඉවසීමෙන් යුතුවය.එසේම සැම දෙයක් ගැනම ඔබ කුතුහලයෙන් පසු වෙයි.ඔබට ඔබ අවට ඇති සැම දෙයකම ඇතුලාන්තය දැනගැනීමට අවශ්‍යය.ඔබට විශාල ශක්තියක් ඇති ඇත.එය වැය කරන්න ක්‍රියාකාරකම් වල යෙදෙන්න.මිතුරන් ,ඔබේ ආදරණියයන් සමඟ විනෝද වෙන්න අමතක නොකරන්න.


Like it? Share with your friends!

0
61 shares
Site Admin

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format