ඔබ දකින රූපය හෙළිකරන ශක්තිය හඳුනා ගන්න.


0
130 shares

ඔබේ හැසිරීමෙන් ඔබ කව්ද කියා ලෝකයට අනුමාන කරන්න පුළුවන්.ඔබේ තේරීමෙන් ඔබව තෝරන්නට පුළුවන් .ඔබේ සිත යන දර්ශනය මගින් ඔබේ සිත හඳුනා ගන්නට පුළුවන්.ඉතින් මෙම රූපයේ ඔබ පළමුවෙන්ම දකින දෙය ඇසුරෙන් ඔබේ ශක්තිය ගැන ඔබටම හඳුනා ගන්න පුළුවන් .ඔබත් කැමතිද ඒ සඳහා උත්සහ කර බලන්න.එසේ නම් මෙම සරල පරීක්ෂණය ඔබටයි. දෑස් පියාගෙන හොඳ හුස්මක් ගෙන හිත සැහැල්ලු කර ගන්න .දැන් මෙම රූපය දෙස බලන්න.ඔබ පළමුවෙන්ම දකිනා දෙය ඇසුරෙන් ඔබේ ශක්තිය කුමක්දැයි හඳුනා ගන්න.

තල්මසා ඔබ පළමුව දුටුවේ තල්මසාගේ රුව නම් ඉන් කියන්නේ ඔබේ වටිනාම ශක්තිය ඔබේ බුද්ධිය බවයි.ඔබේ බුද්ධිය ඔබගේ සිතුවිලි හා ආකල්ප වලට නිවැරදි මාර්ගය ඔබට පෙන්වන වටිනා ත්‍යාගයකි.එසේම ඔබ ගොඩක් නිර්මාණශීලි ඒ වගේම අලුත් අදහස් නව සිතුවිලි දරන පුද්ගලයෙක්.ඔබ කෙතරම් දක්ෂ වුවත් ඔබ ප්‍රිය කරන්නේ පිරිස මග හැර තනිවම වැඩ කිරීමටයි .ඔබ ජීවිතය රස විඳීමට කැමති අයෙක්.සැමවිටම ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය අරමුණු,හැඟීම් හා ක්‍රියාවන් වලට ඔබ මුල්තැන දෙයි.ඒ වෙනුවෙන් කැප වෙයි.එසේ වුවත් ඔබ ඕනෑම අවස්ථාවක අන් අයට උපකාර කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිටින පරාර්ථකාමී කරුණාවන්ත අයෙක්.ගැටළුවක් පැමිණි විට එයට සන්සුන්ව මුහුණ දීම ඔබගේ ජීවිතයේදී ප්‍රගුණ කලොත් ඔබට ජයග්‍රහණය නිසැකවම ලැබෙනු ඇත.ඔබ ලෝකයෙන් වෙන්ව සිටීමට ප්‍රිය කළත් ඔබේ හදවතට සවන් දෙන යහපත් පුද්ගලයෙකු බැවින් සැබවින්ම ඔබ ගැන ඔබ ආඩම්බර විය යුතුයි.මන්ද ඔබ ලෝකයට ඉටු කරන සේවය නිමකළ නොහැකි බැවිනි.

රළ මත සැරිසරන මිනිසා ඔබ දුටු පමණින්ම නෙත ගියේ රූපයේ සිටින මෙම රල මත ගමන් කරන මිනිසා නම් ඔබේ ශක්තිය වන්නේ ලෝකයේ මිනිසෙක්ට තිබිය හැකි වටිනාම ශක්තියයි.එනම් නිදහසයි.ඔබ නිදහසට ප්‍රිය කරනා සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන කෙනෙක්.නමුත් විටෙක ඔබේ යම් යම් පුරුදු නිසා ඔබේ මෙම නිදහස සීමා වුවත් ඔබ කෙසේ හෝ ඔබේ නිදහස සොයා ගැනීමට තරම් දක්ෂයි.යම් යම් අවස්ථා වල ඔබ නිදහස නිසාම අමාරුවේ වැටෙන වේලාවන්ද නැතුවම නොවේ.ඒ මොනවා වුනත් ලෝකෙම කණපිට පෙරලුනත් ඔබ කැමති දෙය කරමින් නිදහස් අයෙක් ලෙස ජීවත් වීමට ඔබට හැකියාව ඇත.එසේම නව දේවල්,ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට ආදියට ප්‍රිය කරන ඔබ සැම දෙයකින්ම ඕනෑම නරක දෙයකින් යහපතක් හොඳක් සොයා ගැනීමට තරම් දක්ෂ අයෙකි.ඔබේ සැහැල්ලු නිදහස් ජීවිතය ඔබේ ජීවිතයේ සැම සතුටක්ම ලඟා කර ගැනීමට ඔබට පිටුවහලක් වනු ඇත.කල යුත්තේ ඔබේ නිදහස අයුතු ලෙස භාවිත නොකර තමන් ගැනම විශ්වාසය ඇති කරගෙන සැම කටයුත්තක්ම හොඳින් කැපවීමෙන් කිරීම පමණි.

සුර්යයා ඔබ ප්‍රථමයෙන් දුටුවේ සූර්යයා නම් ඔබේ ශක්තිය හිරු සේමය.ලෝකයම බබලවන හිරු සේ යන යන තැන එලිය කරන නිහතමානී,කරුනාවන්ත හදවතක් ඔබට ඇත.ඕනෑම අයෙකුගේ මුහුණකට සිනහව ගෙන ඒමට හැකි ඔබ පායන හිරු මෙන් විශ්වසනීයයි.තේජාන්විතයි.ඔබේ මුවින් සැමවිටම වගේ පිටවෙන්නේ ධනාත්මක සුබවාදී වදනකි.ඔබ නිහතමානී ලෙස සැමට එක ලෙස සැලකුවත් යමෙකුගේ වෙනසක් එහෙම නැත්නම් හොඳ නරක ඉතා හොඳින් වෙන්කර හඳුනා ගැනීමට ඔබට හැකියි.විහිළුවෙන් කාලය ගත කරන සැමට එක ලෙස සලකන ඔබ කරුණාවන්ත පුද්ගලයෙකු වුවත් ඔබ ඉතාම බුද්ධිමත්.එනිසා කිසිවෙකුට පහසුවෙන් රැවටිය නොහැක.සැමටම පිහිට වෙමින් ඕනෑම කෙනෙකුගේ හිත දිනාගනිමින් දීප්තිමත් ලෙස ජීවත් වෙන ඔබ ලෝකයටම හිරු මෙන්ම වටිනා සම්පතකි.යහපත් පුද්ගලයෙකි.ඉතින් ඔබගේ වටිනාකම හඳුනාගෙන දිවි ගෙවන්න.ජීවිත කාලයේදී ඔබට හැකි පමණින් පායන හිරු මෙන් අන් අයගේ ජීවිතයට ආලෝකයක් වෙන්න.සිනහවක් ගෙන එන්න කැප වෙන්න.මන්ද ඒ සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නිසාය.ඔබේ ශක්තියෙන් ලෝකයම බබළවන්නට අධිෂ්ඨාන කරගන්න.

මේ ආකාරයට ඔබ පළමුවෙන්ම දුටු රූපය ඇසුරෙන් ඔබේ ශක්තිය හඳුනා ගන්නට ඔබට හැකිවෙන්නට ඇති.හඳුනා ගත් ඔබේ ශක්තියෙන් ඔබේ ජීවිතය සවිමත් කරගන්නවා සේම තව කෙනෙකුට හෝ පිහිටක් වී ඔබේ අධ්‍යාත්මය සුවපත් කර ගැනීමට මනුෂ්‍යයෙකු ලෙස සැමවිටම සිතට ගන්න.


Like it? Share with your friends!

0
130 shares
Site Admin

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format