මාළු ටැංකියක් ළග තබා ගැනීමෙන් ලැබෙන වාසි


0
208 shares

බල්ලන් හා පූසන්ට පසු නිවසේ තබා ගන්නා තුන්වන වඩාත්ම ජනප්‍රිය සුරතල් සතුන් වන්නේ මාළු යි. ඔයාට මාළු ටැංකියක් තිබෙනවා නම් විචිත්‍රවත් මාළු සහ පැලෑටි මෙන්ම වර්ණවත් ආලෝක බුබුලු සෙමින් චලනය වන ආකාරය බලා සිටීම කොතරම් ප්‍රියජනකදැයි ඔයා දන්නවා ඇති. එපමණක් නොව, මින්මැදුර ඔයාගේ නිවසේ අලංකරණයටද විශිෂ්ට එකතුවක්. නමුත් ඔයාට පෙනෙන්නට තිබෙන දේවල් වලට වඩා එමගින් ප්‍රතිලාභ ලැබෙනවා. මෙවැනි සිත්ගන්නා මාතෘකා විමර්ශනය කිරීම අපේ අභිලාෂයයි. ඉතින් අපගේ පාඨකයන් සඳහා වන ලිපියක් මෙන්න. “අපට නිවසේ මාළු ටැංකියක් තිබිය යුත්තේ ඇයි?” යන ප්‍රශ්නයට පිළිතුරු මෙම ලිපිය මගින් සපයනවා.

1.මානසික ආතතිය දුරු කිරීමට මාළු ටැංකිය උපකාරි වෙනවා.ඔව්, මාළු ටැංකි මගින් ඇත්ත වශයෙන්ම සොබාදහමේ සන්සුන් ප්‍රතිඵල අපගේ නිවෙස්වලට හා සේවා ස්ථානවලට ගෙන ඒමට හැකි වෙනවා. කාර්යාල හෝ රෝහල් වැනි අධි පීඩන පරිසරවල මාළු ටැංකි සමහර විට ඔයා දකිනවා ඇති. ඊට ප්‍රධාන හේතුව මෙයයි.

2. මාළු ටැංකිය හොඳින් නිදා ගැනීමට උපකාරී වෙනවා.හොඳ රාත්‍රී නින්දක් දිගු කාලීන සෞඛ්‍ය සඳහා ප්‍රධාන දෙයක්. නමුත් බොහෝ දෙනෙකුට නින්ද යාම බොහෝ සෙයින් වෙනස් වෙනවා. ඇතැම් පුද්ගලයන්ට මාළු ටැංකියක ශබ්දය මගින් සිතට සැහැල්ලුවක් ගෙන දෙන අතර ඉක්මනින් නිදා ගැනීමට උපකාර කළ හැකි සාමකාමී වාතාවරණයක් සපයනවා. එපමණක්ද නොව, ඇඳට යෑමට පෙර මාළු ටැංකිය දෙස බැලීමෙන් ඔයාගේ ශරීරය සහ මනස සන්සුන් වෙනවා. ඔයා සිවිලිම දෙස පැය ගණන් බලා සිටීමෙන් ගලවා ගත හැකි වෙනවා.

3. මාළු ටැංකියක් මගින් එහෙ මෙහෙ දුවන හිත සන්සුන් කළ හැකි වෙනවා.මෙය පුදුමයට කරුණක් විය හැකි නමුත් මාළු ටැංකියක් මගින් අපගේ හදවතට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වෙනවා. පර්යේෂක කණ්ඩායමක් සොයාගෙන ඇත්තේ මාළු ටැංකියක ක්‍රියාකාරකම් නැරඹීමෙන් ඔයාගේ හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය පවා අඩු කර ගත හැකි වන බවයි. වතුර යට ගෙවන ජීවිතය ඇත්ත වශයෙන්ම ජනතාවගේ සමස්ත සෞඛ්‍යයට සහ යහපැවැත්මට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බව ඔවුන් සොයා ගෙන තිබෙනවා.

4. සිතිමේ හැකියාව වැඩි දියුණු කිරීමට මාළු ටැංකිය ඔයාට උපකාර කරනවා.ඔයාගේ සිතට නව අදහස් එන්නේ නැත්තම් මෙන්න ඔයාට හොඳ විසදුමක්. නිවසේ හෝ කාර්යාලයේ මාළු ටැංකියක් දෙස බලන්න. මෙය ඔයාගේ සිතේ සමාධිය වැඩි දියුණු කර නිර්මාණාත්මක චින්තකයෙකු බවට පත් කළ හැකි වෙනවා. එමඟින් ඔයාගේ ඵලදායිතාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වෙනවා.
ඔයාගේ නිවසේත් මාළු ටැංකියක් තිබෙනවද? එහි ජීවත් වන්නේ කුමන වර්ගයේ මාළුද? ඔයාටත් ධනාත්මක ප්‍රතිඵල ලැබී තිබෙනවද?


Like it? Share with your friends!

0
208 shares
Site Admin

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format