රූපයේ ඔබ මුලින්ම දුටු දෝෂය කුමක්ද?


0
187 shares

මෙය ඉතා සරල පරීක්ෂණයකි.මෙම රූප දෙක බැලු බැල්මට එක සමාන සේ පෙනුණද ඒවායේ වෙනස්කම් කිහිපයක් ඇත.පොඩි කාලේ අපි පත්තර වල තියෙන මෙවැනි වෙනස්කම් සොයන තරඟ දැක තිබෙනවා.අපි ඉතින් වෙනස්කම් හමුවෙනකන්ම රූප දෙක බල බල ඒවායේ වෙනස්කම් සොයනවා.නමුත් ඒවා තරමක් අමාරුයි.මොකද එහිදී තරඟයක් ඇති නිසා පහසුවෙන් හඳුනාගත නොහැකි ලෙස වෙනස්කම් සැඟවිලා තියෙන්නේ.නමුත් මෙය එතරම් අපහසු නෑ.බැලු බැල්මට පහසුවෙන් ඔබේ නෙතට හමුවෙන වෙනස්කම් කිහිපයක්ම මෙහි තියෙනවා.ඔබට කරන්නට තියෙන්නේ මේ වෙනස්කම් එහෙම නැත්නම් දෝෂ වලින් ඔබ පළමුවෙන්ම දුටු වෙනස්කම අනුව ඔබ ගැන දී ඇති තතු සොයාගැනීමටයි.ඉතින් උත්සහ කරන්න.මෙම සරල පෞරුෂත්ව පරීක්ෂණය සිදු කර ඔබ ගැන යමක් දැනගන්න.
ඔබ පළමුව දුටුවේ,

1.මල් -ඔබ පළමුව දුටුවේ මෙහි ඇති මල් වල වෙනස නම්,ඔබට ජීවිතය පිළිබඳ විශේෂ දැක්මක් ඇත.ඔබ සරලම දෙයට වටිනාකමක් වැදගත්කමක් ලබා දෙයි.ඔබට ඉතා පහසුවෙන් කෙනෙකුගේ ජීවිතය එලිය කල හැක.එක වදනකින් දෙකකින් ඔබට තවත් ජීවිතයකට ආලෝකය ගෙන ආ හැකිය.එසේම ඔබේ සතුට පිණිසද ඔබ ජීවිතයේ ලොකු දේවල් බලාපොරොත්තු නොවෙයි.ඔබට පොඩි දෙයකින් වුවත් සතුටු විය හැකියි.එසේම යමෙකුගේ ඇස් දෙස බැලීමෙන් එම පුද්ගලයාව තේරුම් ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඔබ සතුව ඇත.ඉතින් යමෙකුව ඔබේ ඇසුරට තෝරා ගැනීමේදී ඔබ මෙලෙස ඇස් දෙස බලා එම පුද්ගලයාව අධ්‍යයනය කිරීම ප්‍රථමයෙන් සිදුකරයි.එසේම ඔබ නිර්මාණාත්මකයි .උත්සාහයෙන් කැපවීමෙන් ජීවිතය දිනන්නට උත්සහ කරන ඔබ නොසැලෙන ධෛර්යයෙන් යුතු අයෙකි.

2.හිරු -ඔබ ප්‍රථමයෙන් දුටුවේ හිරුගේ දෝෂය නම්,වෙනස්කම නම් ඔබ ඉතාමත් සන්සුන් අයෙක්.ඒ වගේම ඉවසිලිවන්තයි.ඔබ ජීවිතය වේගයෙන් ගත කිරීමට උත්සහ කරයි.එනම් ඉක්මනින් ලොකු වෙන්න,ඉක්මනින් දියුණු වෙන්න ඔබට අවශ්‍යයි.නමුත් ජීවිතයට එහි රිද්මයට අනුව ගලා යාමට ඉඩ දී බලා සිටියොත් ඔබට ජීවිතයේ මීට වඩා සතුටක් භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත.එසේම ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට පුද්ගල ඇසුරේදී මෙන්ම තීන්දු තීරණ ගැනීමේදී ඔබගේ බුද්ධිය භාවිත කරන්න.ඔබේ අවංකකම,පාරිශුද්ධ බව ,සන්සුන් බව ඔබගේ ජීවිතය ආලෝකමත් කරයි.

3.පක්ෂීන් -ඔබ පළමුව දුටු දෝෂය මෙය නම් ඔබ සත්‍ය වශයෙන්ම නිදහස් ආත්මයකින් යුතු අයෙකි.ඔබ ඉතා සැහැල්ලුවෙන් ජීවත් වෙන නිදහස් පුද්ගලයෙක්.ජීවිතයට එයට අවශ්‍ය පරිදි නිදහසේ ගලාගෙන යාමට ඉඩ දී සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන ඔබ සන්සුන් අව්‍යාජ පුද්ගලයෙක්.ඔබ අවට ඇති පුද්ගලයින් ඔබේ මෙම අව්‍යජත්වයට ගරුකරයි.ඔවුන් ඔබේ මෙම සැහැල්ලු දිවිපෙවෙත අගය කරන අතර ඒ පිලිබඳ වඩාත් උනන්දු වෙන්නේ ඔවුන්ද එවැනි ජීවිතයකට ආස කරන නිසාය.එනිසා ඔවුන් ඔබ ගැන උනන්දුයි වගේම ඔබව ආදර්ශයට ගැනීමට උත්සහ කරයි.ඔබ ඔබ අවට ඇති පිරිසේ සතුට ,ප්‍රීතිය රකින අතර මෙනිසාම සමහරුන් ඔවුන්ව හරියාකාරව තේරුම් නොගෙන වුවද ඔබව අනුගමනය කිරීමට උත්සහ කරයි.එයයි ඔබගේ සුවිශේෂිත්වය.ඉතින් ඔබගේ මෙන්ම ඔබේ හැකියාවන්ගෙන් අනුන්ගේ ජීවිතයද ආලෝකමත් කරන්නට උත්සහ කරන්න.

රූපයේ දුටු වෙනස්කම්,දෝෂයන් ඇසුරින් ඔබට ඔබ ගැන යම් ඉඟියක්,තොරතුරක් ලැබෙන්නට ඇති.ඒ වගේම මෙම සරල පරීක්ෂණය ඇසුරින් ඔබ යම් විනෝදාස්වාදයක් ලබන්නට ඇති.සතුටින් ඔබේ ජීවිතය ඉදිරියට ගොඩ නගා ගැනීමට ඔබ උත්සහ කරන්න.මෙවන් සරල පරීක්ෂණ වලින් ඔබ විනෝද වනවා සේම ඔබේ ජීවිතයට ගත යුත්ත එකතු කරගන්න.උත්සාහයෙන් කැපවීමෙන් ක්‍රියා කර ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.මෙවන් පරීක්ෂණ ඔබ හමුවට රැගෙන ඒමෙන් ඔබගේ ජීවිතය ආලෝකමත් කරන්නට සුළු හෝ අඩිතාලමක් වන්නට අපිට හැකියාවක් ලැබුණා නම් එයයි අපගේත් එකම සතුට.බලාපොරොත්තුව.


Like it? Share with your friends!

0
187 shares
Site Admin

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format