හදුනා නොගත් අභ්‍යාවකාශ වස්තූන් පිලිබදව වගේම පිටසක්වල ජීවීන් ගැන පර්‍යේශණ දියත් වන්නේ ඉතා ඈත අතීතයක සිටයි. අගහරු ලෝකයේ වාසය කරන බවට සැලකෙන මෙම ජීවින් සත්‍ය වශයෙන්ම පවතීද නැතිද යන්න පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මේ වන තුරුත් හැකියාවක් ලැබී නැහැ.නමුත් ලෝකය පුරා වරින් වර වාර්තා වන සමහරක් සිදුවීම් නිසා පිටසක්වල ජීවින් පිලිබද බොහෝ මති මතාන්තර මේ වන විටත් නිර්මාණය වී අවසන්. මේ වීඩීයෝවෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ පිටසක්වල ජීවින් විසින් සිදු කරනු ලැබූ පැහැර ගැනීම් බව සැලකෙන සිද්ධීන් 3  ක් පිලිබදවයි. ඔයත් හදුනා නොගත් අභ්‍යාවකාශ වස්තූන් ගැන එහෙමත් නැතිනම් පිටසක්වල ජීවින් ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ ලිපිය අවසානය වන තුරු කියවන්න අමතක කරන්නට එපා.

හිලරී පෝටර්ගේ සිද්ධිය.

හිලරි පෝටර් තමන්ගේ ජීවිත කාලය පුරා වරින් වර පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීම් වලට ලක් වූ බව කිහිපවරක්ම ප්‍රකාශ කර තිබෙනවා.ඇය පවසන්නේ තමාට වයස පහක් තරම් වූ කුඩා කාලයේදී තමා ගෙවත්තේ සෙල්ලම් කර සිටියදී උරගයෙකුගේ ස්වාභාවයක් සහිත පුද්ගලයෙක් තමා අසලට පැමිණි බවයි.එම සත්වයාගේ දෑස් සහ මුඛය වෙනුවට කලු කුහර පිහිටා තිබූ බවත් ඇය සදහන් කර තිබුණා.එම සත්වයා ශක්තිමත් සිරුරකින් යුතු වූ බවත් අඩි පහක පමණ උසකින් යුතු බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඉන්පසුව එම ජීවියා තමා අල්ලාගෙන තැටියක හැඩයකින් යුතු යානයක දමාගත් බවත්  ඉන්පසුව ඇය අවදි වුනේ එම ජීවින්ට අයත් යහනකදී බවත් ඇය සදහන් කලා.

ඉන් වසර ගණනකට පසු හිලරි සහ ඇයගේ සැමියා වාහනයක් පදවමින් යන අතරතුරේදී ඔවුන් එකවරම ගරාජයක් තුලට ඇතුල් වීට් තිබෙනවා. එය සිදු වූයේ කෙසේද යන්න පිලිබදව වැටහීමක් ඔවුන්ට තිබී නැහැ. එදින සවස ඇයගේ උදරයේ ත්‍රිකෝණාකාර හැඩයෙන් යුත් සලකුණක් තිබූ බවද ඇය සදහන් කර තිබුණා. මේ ආකාරයට කිහිප වතාවක්ම පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමට ලක් වූ ඇය ඒ නිසා මිග්‍රේන්, කාංසාව වැනි රෝග වලින් පීඩා විදි බව පවසා තිබුණා. එසේම ඇය රාත්‍රියේ අවදි වන විට තමන්ගේ ඇදුම් වල ලේ පැල්ලම් සහ ශරීරයේ විවිධ ස්තාන වල තැලීම් සහිත තුවාල දක්නට ලැබුණු බවත් සදහන් කර තිබුණා.

හිලරී පෝටර්ගේ සිද්ධිය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කල හිලරි තමා දුටු පිටසක්වල ජීවීන්ගේ රූප නැවත ප්‍රතිනිර්මාණය කිරීම සදහා සහය ලබා දී තිබුණා.එසේම ඔවුන් සමග තමාට ටෙලිපති භාවිතා කර සන්නිවේදනය කල හැකි බවද ඇය වරක පවසා තිබුණා.ඇය පවසන්නේ තමා වරින් වර පැහැර ගෙන යාම ඔවුන් සිදු කලේ මනුෂ්‍ය ජාන ලබා ගැනීම සදහා බවයි.

බෙටී සහ බාර්නි හිල් ගේ සිද්ධිය.

1961 වසරේ සැප්තැම්බර් මස 19 වන දා ඇමරිකානු ජාතික යුවලක් වුනු බෙටී සහ බාර්නි පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමකට ලක් වූ බව වාර්තා කර තිබුණා.එදින රාත්‍රියේ නයගරා ඇල්ලේ සිට නිව් හැම්ෂයර් වෙත ගමන් කරමින් සිටි මෙම යුවල තමන්ගේ වාහනයට ඉහලින් දිස් වෙන ආලෝකයක් නිරීක්ෂණය කර තිබෙනවා.මුලදී එය තරුවක් වීය හැකි බව සිතුවත් වරින් වර එහි දිශාව වෙනස් වීම මේ යුවලගේ සැකයට බදුන් වී තිබෙනවා.හොදින් නිරීක්ෂණය කර විට එය තැටි හැඩැති, ජනෙල් සහිත යානයක් බව ඔවුන් දැක තිබෙනවා. එකවරම එම යානය ඔවුන්ගේ මෝටර් රතයට පාත් වෙන්නට පටන් ගත් නිසා බාර්නි මෝටර් රතයෙන් බැස සිදු වන්නේ කුමක්ද යන්න නිරීක්ෂණය කර තිබෙනවා. බාර්නි පවසන්නේ අභිරහස් ජිවින් හයක් හෝ හතක් තමන්ට දකින්නට ලැබුණු බවයි. ඔවුන් තමාට සිටින ස්තානයේම සිටින ලෙස පැවසූ බවත් බාර්නි සදහන් කර තිබෙනවා. බියට පත් වූ මෙම යුවල වහාම එම ස්තානයෙන් ඉවත් වීමට තීරණය කර වාහනය ධවනය කල බවත් ඒ සමගම බීප් ශබ්දයක් සම්ග වාහනය කම්පනය වන ආකාරයක් තමන් අත් විදි බවත් ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනාට දැක ගන්නට ලැබුනේ මෝටර් රතය මිනිත්තු කීපයක් ඇතුලට කිලෝමීටර 56 ක් ගමන් කර ඇති බවයි.

බෙටී සහ බාර්නි හිල් ගේ සිද්ධිය.

තමන් නිවසට ගමන් කල පසුව එදින සිදු වූ සමහරක් සිදුවීම් ක්‍රමයෙන් අමතක වීමට පටන් ගත් බවද බාර්නි පවසා සහ බෙටී පවසා තිබුණා. ඔවුන්ගේ නිවසේ ඔරලෝසු සියල්ල ක්‍රියා විරහිත වි තිබුණු අතර ඔවුන්ගේ මෝටර් රතයේත් අස්වාභාවික සලකුණු කිහිපයක් සොයා ගැනීමට ඔවුන් සමත් වුනා.එසේම බෙටී ගේ ඇදුම් වල රෝස පැහැති කුඩු වර්ගයක් තැවරී තිබී සොයා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වුනා.කෙසේ වෙතත් මෙම ඇදුම් සියල්ල පරීක්ෂණාගාර පහකදී පරීක්ෂණයට ලක් කෙරුණා.

සැප්තැම්බර් 21 වනදා ඔවුන් තමන් අත් විදි සිදුවීම පිලිබදව අදාල අංශ දැනුවත් කරනු ලැබූ අතර පෝල් ඩබ්ලිව් හෙන්ඩර්සන් ඔවුන් අත් විදි අත්දැකීම පිලිබදව වාර්තාවක් සකස් කරනු ලැබුවා.මේ වාර්තාව වරින් වර වෙනස් කරනු ලැබූ අතර නිශ්චිතවම සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම සදහා තමන් සතුව දත්ත නොමැති බව පරීක්ෂකයින් ප්‍රකාශ කර තිබුණා.

එදින සිදුවූ සිදුවීම නැවත ආවර්ජනය කිරීම සදහා මෙම යුවල මෝහන නිද්‍රාවකට පත් කරවීමට පරීක්ශකයින් තීරණය කලේ ඉන්පසුවයි. මනෝචිකිත්සක ඩොක්ටර් ස්ටීවන්සන් විසින් මෙම නිද්‍රාව මෙහෙයවනු ලැබූ අතර බාර්නි පවසනු ලැබූ තොරතුරු වලින් අසාමාන්‍ය ජීවින් තුන් දෙනෙකු පිලිබද දත්ත ලබා ගැනීමට හැකි උනා.ඔවුන් සතුව බිය ජනක විශාල ඇස් තිබූ බවත් තමන්ගේ ලින්ගේන්ද්‍රියෙන් උපකරණ හරහා ශුක්‍රාණු ලබා ගත් බවත් ඔහු පවසා තිබුණා.එසේම දිගු සිලින්ඩරාකාර උපකරණයක් මගින් ඔවුන් තමන්ගේ ගුද මාර්ගය සහ සම පරීක්ශා කල බවද බාර්නි පවසා තිබුනා.

එසේම මෙම අසාමාන්‍ය ජීවින් තම අදහස් හුවමාරු කරගෙන තිබෙන්නේ ටෙලිපති ක්‍රමය හරහායි. එසේම සමහරක් වෙලාවන් වලදී ඔවුන් කතා කල භාෂව තමා කිසිදා අසා නොමැති එකක් බවත් බාර්නි පවසා තිබුණා.

ඉන්පසුව බෙටී මෝහන ප්‍රතිකාර වලට යොමු කෙරුණු අතර ඇය පැවසූ තොරතුරු සහ බාර්නි පැවසූ තොරතුරු විශාල වශයෙන් සමානකමක් දැක්වූවා.මෝහන නිද්‍රාවේදී සමහරක් වෙලාවන් වල ඇය විශාල ලෙස බිය වී තිබෙනවා.එසේම් තමන් පැහර ගෙන යන අතරතුර ඇය දුටු බව සැලකෙන තරු සිතියමක් පිලිබදවද ඇය අදහස් පල කර තිබෙනවා. ඩොක්ටර් සයිමන් විසින් ඇයගේ තොරතුරු අනුව එම සිතියම ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා.මෙම සිතියම එකල අතිශයින් ජනප්‍රිය පුවතක් බවට පත් වී තිබුණා. එකල එම සිතියම සහ අභ්‍යාවකාශය අතර කිසිදු ගැලපීමක් නොතිබුනත් ඉන් වසර නවයකට පසු එයට සම්පූර්ණයෙන්ම සමාන තරු සිතියමක් සොයා ගැනීමට පර්‍යේෂකයින් සමත් උනා.

ඉන් වසර කිහිපයකට පසු මෙම පරීක්ශණය මෙහෙයවනු ලැබූ වෛද්‍යවරුන් විසින් “ The Interrupted Journey” මැයෙන් කෘතියක් රචනා කොට එලිදක්වනු ලැබුවා.එම කෘතිය එම වසරේ අති සාර්තකම කෘතිය බවටද පත් වුනා.ඉන්පසුව නිර්මාණය කරනු ලැබූ වාර්තා වැඩසටහන්, රූපවාහිණී වැඩසටහන් සහ චිත්‍රපට බොහොමයක් සදහාත් බෙටී සහ බාර්නි ගේ කතාව පාදක කොට ගෙන තිබුණා.

ට්‍රැවිස් වොල්ටන් ගේ සිද්ධිය.

1975 වසරේ නොවැම්බර් මාසයේ ගස් කැපීම වෘත්තීය කරගත් ට්‍රැවිස් වෝල්ටන් අභිරහස් ලෙස අතුරුදහන් වුනා. ඇරිසෝනා ප්‍රාන්තයේ සේවය කල වෝල්ටන් ගේ සගයන් දෙදෙනෙක්  පවසා සිටියේ වෝල්ටන් එකවරම අහසට එසවුණු බවයි. ඉන්පසුව තැටියක් හැඩැති යානයකට ඔහු ඇතුල් වූ බවත් ඔවුන් ප්‍ර්කාශ කර තිබුණා. ඔවුන් දෙදෙනා පොලීසියට මේ පිලිබදව සැල කර සිටියත් පොලීසිය විශ්වාස කලේ ඔවුන් දෙදෙනා වෝල්ටන් මරා දේහය සගවා ඇති බවයි.නමුත් ඉන් දින කිහිපයකට පසු වෝල්ටන් සොයා ගැනීමට හැකි වූ අතර ඔහු ප්‍රකාශ කලේ තමන් පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමකට ලක් වූ බවයි.

තමා එකවරම අවදි වන විට තැඹිලි පැහැගත් ඇදුම් වලින් සැරසුනු පිටසක්වල ජීවීන් රැසක් දැක ගන්නට හැකිවූ බව ඔහු පවසා තිබුණා. ඔහුගේ හිසකෙස් සම්පූර්ණ්‍යෙන්ම හිසකෙස් වලින් තොර ඒවා වූ බවත් සම සුදු පැහැයට මිශ්‍ර පාටකින් සමන්විත වූ බවත් ඔහු පවසා තිබුණා.එම ජීවීන්ගේ දෑස් දිලිසෙන ස්වාභාවයකින් යුක්ත වූ බවත් ඒවා දුඹූරු පැහැයට හුරු වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

ඉන්පසුව ඔහුට එම යානය තුලදී මිනිසුන් කිහිප දෙනෙකුද හමු වී තිබෙනවා.එම මිනිසුන් සම්පූර්ණයෙන්ම නිල් පැහැති ඇදුම් ආයිත්තම් වලින් සැරසී සිටි බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.ඒ සමගම යම් කෙනෙක් තමන්ගේ මුහුණට වායුවක් ඇල්ලූ බවත් ඉන්පසු තමා මහා මාර්ගයක් අයිනේ වැටී සිටි බවත් ඔහු පවසා තිබුණා.

පිටසක්වල ජීව්න් සත්‍ය වශයෙන්ම සිටීද හෝ නැතිද යන්න පිලිබදව තවමත් සත්‍ය තොරතුරු වාර්තා වී නැහැ. නමුත් වරින් වර ලෝකය පුරා වාර්තා වන සිද්ධීන් අනුව එය අසත්‍යයක් ලෙස බැහැර කිරීමේ හැකියාවක් අපිට නැහැ. මේ ලිපියෙන්  අපි ඔබ වෙත ගෙන ආවේ පිටසක්වල ජීවින් විසින් පැහැර ගෙන ගිය බවට සැලකෙන ලොකය පුරා ප්‍රසිද්ධ වූ සිද්ධීන් තුනක් පිලිබදවයි. නැවතත් මෙවැනිම කුතුහලය පිරි ලිපියෙන්  සමග ඔබ හමුවන තුරු සියලු දෙනාටම සුබ දවසක්!