මිනිසුන් කියන්නේ සෑම විටම කුතුහලයෙන් පිරුණු කොට්ඨාශයක්. මේ නිසා තමන් ගැන අලුත් දෙයක් ඉගෙන ගැනීමට සෑම විටම ඔවුන් කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම මනෝ විද්‍යාව කියන්නේ ඉතාම සිත් ඇදගන්නාසුලු විෂයක් නිසා, මිනිසුන් තමන් පිළිබඳ සහ සමාජයේ තමන් ආශ්‍රය කරන අනෙකුත් මිනිසුන් පිළිබඳව මනෝවිද්යාත්මක කරුණු කිහිපයක් දැන ගැනීමට ඇත්නම් එය ඔබට ඉතා ප්‍රයෝජනවත් වනවා පමණක් නොව ඔබ පුදුමයෙන් පුදුමයට පත් කිරීමට සමත් වනවා නොඅනුමානයි. අප කියන්නේ බොරුද කියලා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

01. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුගේ වයස අවුරුදු 16 – 28ත් අතර කාලයේදී ඇති වන මිතුරුකමක්‌ ජීවිත කාලයම හෝ ඉතා දිගු කාලයක් පැවතීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. කුඩා කාලයේ දී ඇති වී කෙටි කලකින් නැති වී යන මිතුරන් මෙන් නොව මේ වයසේදී ඇතිවන මිතුරුකම් එකිනෙකා හඳුනාගෙන අවබෝධයෙන් ඇතිවන ඉතා ශක්තිමත් මිතුදම් බවටත් පත් වෙනවා.

02. කාන්තාවන් බොහෝවිට ගැඹුරු ගොරහැඬි කටහඬක් ඇති පිරිමින් වෙත ආකර්ෂණය වෙනවා. ඔවුන් එවන් කටහඬක් ඇති පුද්ගලයන් දකින්නේ ආත්ම විශ්වාසයක්‌ සහිත ආක්‍රමණශීලී නොවන යහපත් පුද්ගලයන් ලෙසයි.

03. පුද්ගලයෙකුගේ බුද්ධිමත් භාවය වැඩිවන විට ඔහු සිතන වේගයත් වැඩි වෙනවා. සිතීමේ වේගය වැඩි වන තරමට ඔහුගේ අත් අකුරු අවලස්සන වෙනවා. අප මෙයින් කියන්නේ නැහැ ලස්සන අත් අකුරු ඇති අය බුද්ධිමත් නොවන වග හෝ ලස්සන අත් අකුරු නැති සෑම කෙනෙක්ම බුද්ධිමත් බව. නමුත් බොහෝ විට කෙනෙකුගේ අකුරු කැත වීමට ඔහුගේ මනස ක්‍රියා කරන වේගය එනම් බුද්ධිමත් බව බලපානවා.

04. බොහෝ දෙනෙක් හිතන්නේ අපගේ මනෝභාවය, එහෙමත් නැත්නම් අපි සෑම දෙනාම දන්නා පරිදි “මූඩ්” එක, අප එකිනෙකා හා සන්නිවේදනය කරන ආකාරයට බලපාන බවයි. නමුත් එය අසත්‍යක්. ඇත්තවශයෙන්ම සත්‍ය නම් එහි සම්පූර්ණයෙන්ම අනිත් පැත්තයි. එනම් අපි අනිත් පුද්ගලයන් හා සන්නිවේදනය කරන ආකාරයයි අපගේ මනෝ භාවය කෙරෙහි බලපාන්නේ.

05. බොහෝ විට තවත් කෙනෙකු වෙනුවෙන් හොඳම සහ වටිනාම උපදෙස් ලබා දෙන්නේ නිතරම ගැටළු බොහොමයකින් පීඩාවිඳින පුද්ගලයන්.

06. පුද්ගලයෙකු අවන්හලක සේවකයන්ට සලකන ආකාරයෙන් එම පුද්ගලයාගේ පෞරුෂය චරිතය හා ගතිගුණ ගැන බොහෝ දේවල් හෙළි වෙනවා.

07. යම් කිසි දෙයක් පිළිබඳව නිරන්තරයෙන් වරදකාරී හැඟීමකින් පෙළෙන පුද්ගලයන්ට, බොහෝවිට තවත් කෙනකුගේ ගැටලු, සිතුවිලි හා හැඟීම් හොඳින් අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙනවා.

08. කතාවක් තිබෙනවා කාන්තාවන්ට වඩා පුරුෂයන් විහිලුකාරී බව. නමුත් මේ සත්‍යයක් නොවේ. සත්‍ය නම් ඔවුන් අනිත් පුද්ගලයන් තමන්ගේ හාස්‍යයට කැමතිද අකමැතිද නොතකා කාන්තාවක් කරනවාට වඩා වැඩි විහිළු ප්‍රමාණයක් කරන බවයි. ඒ හැරුණුකොට පුරුෂයෙකුට කාන්තාවකට වඩා හාස්‍ය පිළිබඳව වැඩි හැකියාවක් නැහැ.

09. ලැජ්ජාශීලී පුද්ගලයන් වෙනත් පුද්ගලයකු ඉදිරියේ තමන් ගැන කතා කරන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් ඒ කරන අවස්ථාවේදී ඔවුන් තමන් පිළිබඳව තමන් ඉතාම හොඳින් දන්නා බව අනිත් පුද්ගලයන්ට ඇඟවීමට සමත් වෙනවා.

10. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට වඩා දෙගුණයක් වේදනා ප්‍රතිග්‍රාහක කාන්තාවක් සතු වෙනවා. ඒ නිසයි කාන්තාවන්ට ඉතා සුළු දෙයක් පවා වේදනාකාරී වන්නේ. නමුත් ඔවුන්ට පිරිමින්ට වඩා වේදනාව දරා ගැනීමේ හැකියාවත් බොහෝ වැඩියි.

11. ඉතා ඉහළ සංඛ්‍යාතයකින් යුතු සංගීතයට සවන්දීම ඔබව සන්සුන් විවේකී හා සතුටට පත්කිරීමට සමත් වෙනවා.

12. ඔබ‍ට යම් යම් දේවල් එක දිගට කල්පනා වීම හා සිතීම නිසා රාත්‍රියේදී නිදා ගැනීමට නොහැකි නම්, නැගිට ගොස් ඒ සිතෙන සෑම දෙයක්ම කොලයක ලියන්න. එවිට ඔබගේ මනස සැහැල්ලු වී ඔබට ඉක්මනින්ම නිදා ගැනීමට හැකි වෙනවා.

13. ගුඩ් මෝර්නින්, ගුඩ් නයිට් ආදී ලෙස උදෑසන හා රාත්‍රී කාලයේදී සුබපැතුම් ලැබීම කෙනෙකුගෙන් මොළයේ සතුටට හේතු වන කොටස අවදි කිරීමට සමත් වෙනවා. මේ නිසා ඔබට එවන් පණිවිඩ එවීමට කෙනෙකු සිටිනවා නම් ඔබ වාසනාවන්තයි.

14. ඔබව බියට පත් කරන දේවල් සිදුකිරීම ඇත්තෙන්ම ඔබව අවසානයේදී බොහෝ සතුටට පත් කරවනවා.

15. සාමාන්‍යයෙන් කාන්තාවකට රහසක් රැකගෙන සිටිය හැකි උපරිම කාලය පැය 47යි මිනිත්තු 15 කි.

16. බොහෝ විටම වඩාත්ම තනිකමින් පෙළෙන පුද්ගලයන් සෑම විටම තමා අවට සිටින සෑම කෙනෙකුම සතුටු කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ය.

17. ඔබ සතුටින් සිටින ප්‍රමාණය වැඩි වන තරමට ඔබට නින්ද අවශ්‍ය වන ප්‍රමාණය අඩුවෙනවා.

18. ඔබ ආදරය කරන පුද්ගලයෙකුගේ අත අල්ලාගෙන සිටින විට ඔබගේ කායික හා මානසික වේදනාවන් ඉතාම අවම වශයෙන් දැනෙන අතර සිතේ ඇති කරදරකාරී ස්වභාවයන්ද පහවී යනවා.

19. කෙනකුගේ බුද්ධිමත් බව වැඩි වන තරමට ඔහුට මිතුරන් සිටින ප්‍රමාණය අඩුවෙනවා. එයට හේතුව කෙනෙකු බුද්ධිමත් බවින් වැඩි වන විට ඔහු මිනිසුන් ආශ්‍රය කිරීමේදී බොහෝ දේවල් පිළිබඳ සැලකිලිමත් වන, බොහෝ තෝරන පුද්ගලයෙක් බවට පත් වීමයි.

20. ඔබගේ හොදම මිතුරා විවාහ කරගැනීම දික්කසාද වීමට ඇති අවධානම 70% කින් අඩු කරන අතර එම විවාහය ජීවිත කාලයම පවතින එකක් වීමට ඇති ඉඩකඩත් වැඩිය.

21. පිරිමි මිතුරන් බොහෝ සිටින කාන්තාවක් සෑම විටම සතුටින් සැහැල්ලුවෙන් හා හොඳ මනෝභාවයකින් පසු වෙනවා.

22. භාෂා දෙකක් කතා කිරීමට හැකි පුද්ගලයන්, එක් භාෂාවකින් අනිත් භාෂාවට මාරු වන විට එම පුද්ගලයාගේ පෞරුෂ ලක්ෂණත් වෙනස් වෙනවා. එනම් එක් භාෂාවක් කතා කරන විට ඔහු හැසිරෙන ආකාරය, අනිත් භාෂාව කතා කරන විට ඔහු හැසිරෙන ආකාරයෙන් වෙනස් වෙනවා.

23. දිගු කාලයක් තනිවී සිටීම, දිනකට සිගරට් 15ක්‌ පානය කිරීම තරම්ම ඔබගේ සෞඛ්‍යයට අහිතකර දෙයක්.

24. සංචාරය කිරීම ඔබගේ මොළයේ සෞඛ්‍යයට යහපත් ආකාරයෙන් බලපාන අතර විෂාදය හා හදවත් රෝග වැළඳීමේ අවදානමත් අඩු කරනවා.

25. ඕනෑම කෙනෙක් තමන් වඩාත්ම කැමති දේවල් පිළිබඳ කතා කරන විට වඩාත් ආකර්ෂණීය ලෙස අනිත් පුද්ගලයන්ට දිස්වෙනවා.

26. පුද්ගලයන් දෙදෙනකු කතා කරමින් සිටින විට එක් අයෙකු තමාගේ පාදය විලුඹ ප්‍රදේශයෙන් නිතර ඉවතට හරවනවා නම් එය ඔහු අනෙක් පුද්ගලයා කියන දේට එකඟ නොවන බවත්, එතනින් ඉවත් වී යාමට දැඩි අවශ්‍යතාවයකින් පෙළෙන බවත් හඟවන සලකුණක්.