9 වන පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනගේ නම යෝජනා වී තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවයි.

කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩි දුරටත් පැවසුවා.

මේ අතර චමල් රාජපක්ෂ මහතාගේ නම ද කතානායක ධුරයට යෝජනා වී තිබු අතර ඒ සඳහා ඔහු අකමැත්ත දක්වා තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ද කතානායක ධුරය බලාපොරොත්තුවෙන් සිටිනවා.

එළඹෙන 20 වැනිදා නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහි දී නව කතානායකවරයා පත් කිරීම පළමුව සිදු කෙරෙනවා.