දෙහි කියන්නේ නැවුම් ආහාර රසකාරකයක් වීමට අමතරව තවත් බොහොමයක් ප්‍රයෝජන ඇති පලතුරක් බව අප සියලු දෙනාම දන්නවානේ. උදාහරණයක් ලෙස පිරිසිදු කාරකයක්, රූපලාවණ්‍ය ද්‍රව්‍යයක්, විරංජකයක් ලෙස වගේම දත් සුදු කිරීමටත් දෙහි යොදා ගැනෙනවා. නමුත් ඔබ දැන සිටියාද කැපූ දෙහි බෑයක් නිදා ගැනීමේදී ඇඳ අසල තබා ගැනීමෙන් විශාල වාසියක් ඔබට තිබෙන බව?

කැපූ දෙහි බෑයක සුවඳ බැලීමෙන් පමණක් වුණත් ඔබට බොහෝ හෝමියෝපතික ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒවා අතර විෂාදය, ආතතිය හා රුධිර පීඩන මට්ටම් පහත හෙලීම, විවිධ හේතු නිසා ආසාත්මිකතාවයන් ඇති වීම වැළැක්වීම, සම්පූර්ණ සිරුරටම සන්සුන් බවක් සහ ප්‍රබෝධමත් ගතියක් ලබාදීම ආදිය හඳුන්වන්න පුළුවන්.

ඉතින් අප මාතෘකාවේ කියූ පරිදි වර්තමානයේ බොහෝ දෙනෙක් කතා වන, නිදාගැනීමේදී ඇඳ අසල කැපූ දෙහි බෑයක් තබාගැනීමට හේතුව වන්නේත් ඒවායේ සුවඳම තමයි. එනම් එයින් ඇරෝමාතෙරපි වලට සමාන ක්‍රියාවක් සිදුවන වෙනවා. ඇඳ අසල දෙහි පළුවක් තබාගැනීමෙන් එයින් නිකුත්වන සියුම් පැඟිරි සුවඳ රාත්‍රිය පුරාවට අපට ආශ්වාස වීම නිසා ආතති මට්ටම් පහත හෙලමින් ශ්වසන පද්ධතියට මෘදු, සහනය සලසන ආකාරයේ බලපෑමක් ඇතිවෙනවා. මොකද අතීතයේ සිටම දෙහි කියන්නේ ඇරෝමා තෙරපි සඳහා යොදා ගන්නා සගන්ධ තෙල් (Essential oils) නිෂ්පාදනයට බහුලවම යොදා ගත් ද්‍රව්‍යයක්.

රාත්‍රියේ දී ඇඳ අසල දෙහි බෑයක් තබා ගැනීමේ බලාපොරොත්තුව මූලික වශයෙන්ම ඔබගේ සෞඛ්‍යයට සම්බන්ධ වුණත්, එහි වෙනත් ප්‍රතිලාභද තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔබගේ කාමරයට හෝ ඇඳට කූඹි ඇතුළු වෙනත් කුඩා කෘමීන් පැමිණීම වළක්වා ගැනීමටත් ඔබට පුළුවන්. කැපූ දෙහි බෑය ඔබගේ ඇඳ වටා විවිධ ස්ථානවල පිරිමදින්න.

විශේෂයෙන්ම කුඹින් ගමන් කරන මාර්ග තිබෙනවා නම් ඒවායේ තවරන්න. ඉන්පසු එය ඔබේ හිසට ආසන්න ප්‍රදේශයක තබා නින්දට යන්න. දෙහිවල ඇති ප්‍රබල සුවඳ මගින් කූඹි ඇතුළු කෘමීන් ගමන් කරන මාර්ගයන්ට බාධා වීම නිසා ඔවුන් එම ප්‍රදේශය මඟහැර යනවා.
ඇරෝමා තෙරපි ක්‍රියාකාරීත්වය සහ කෘමීන්ට එරෙහිව ක්‍රියා කිරීම හැරුණුකොට ඇඳ අසල තබාගන්නා දෙහි බෑය, ස්වාභාවික වායු නැවුම්කාරකයක් (Air freshner) ලෙසද ක්‍රියා කරනවා.