අප සතුව පවතින ශක්තීන් මොනවාද?දුර්වලතා මොනවාද කියා අපි දන්නේ නම් වැරදි නිවැරදි කරගෙන අඩුපාඩු හදාගෙන දක්ෂතා,හැකියාවන්,කුසලතා,ශක්තීන් වැඩි දියුණු කරගෙන ජීවිතය තවත් සාර්ථක කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා.ඉතින් අන්න ඒ නිසයි අපි අද ඔබට මෙම පරීක්ෂණය ඉදිරිපත් කරන්නේ.ඔබට කරන්නට ඇත්තේ රූපයේ ඔබ පළමුවෙන්ම දකින්නේ කුමක්ද කියා මතකයේ තබාගෙන ඒ අනුව ගොස් අපි සපයා ඇති විස්තරය ඇසුරින් ඔබේ ශක්තීන් හා දුර්වලතා මොනවද කියා හඳුනා ගැනීමටයි.

ඔබ පළමුව දුටුවේ,මිනිසෙකුගේ මුහුණ නම්,-ඔබේ ප්‍රබලම ශක්තිය වන්නේ ඕනෑම දුෂ්කර අවස්ථාවක වුවද සමබරතාවය පවත්වා ගැනීමට ඔබට ඇති හැකියාව හා ඔබේ දුර්වලතාවය වන්නේ ගැටුම් වලදී මගහැරීමයි.එනම් ප්‍රශ්න වලින් පැන යාමට ඔබ උත්සහ කරයි.යම් ගැටලුවකදී අභියෝගයකදී ගත යුතු නිවැරදි තීරණය ගැනීමට අවශ්‍ය මානසික පාලනය වගේම බුද්ධිය ඔබ සතු අතර එය ඔබ මෙන්ම ඔබ වටා ඇති පිරිසද දනියි.මේ සඳහා ඔබේ ඇති ප්‍රවීණත්වයට ඔවුන්ද ඔබට ප්‍රශංසා කරයි.එසේ වුවද ඔබ ප්‍රශ්න මගහැරීමට උත්සහ දැරීම ඔබේ දුර්වලතාවයකි.ප්‍රශ්න වලට මැදිහත් නොවී පාඩුවේ සිටීම හිතට සැනසීමක් වුවද ඔබ ප්‍රදාන චරිතය වෙන ගැටුම් වලදී ඔබ පලා යාමට උත්සහ කලොත් ඉන් සිදුවන්නේ එම ගැටලුව තවත් දුර යාමයි.එනිසා අවශ්‍ය වන්නේ එවන් අවස්ථා වලදීත් ඔබේ තීන්දු ගැනීමේ ඥානය භාවිත කර ඒවාට හොඳින් මුහුණ දී ගැටළු නිරාකරණය කිරීමයි.

මේසය -ඔබේ වටිනාම ගුණාංගය හැකියාව ශක්තිය වන්නේ අන් අයට ඇහුම්කන් දීමට හා ඔවුන්ව තේරුම් ගැනීමට ඔබට ඇති සහජ හැකියාවයි.මේ නිසාම ලැජ්ජාශීලී වගේම ඉතාම ගුප්ත බැරෑරුම් චරිතයකින් හෙබි පුද්ගලයින් සමඟ වුවද ඔබට පහසුවෙන් මිතුරු වීමට හැකිය.එනිසාම ඔවුන්ගේ හිතට යම් සැනසීමක් ළඟා කර දීමට ඔබට හැකියාව ලැබේ.මන්ද එවන් පුදගලයින් පහසුවෙන් කවූරුන්වත් සමඟ කතාබහ නොකරන නිසාය.ඔබට ඔවුන් සමඟ මිතුරු වීමට හැකියාව ලැබී ඇත්තේ ඔබේ කරුණාවන්ත හදවත හා අවබෝධාත්මක පෞරුෂය නිසාවෙනි.නමුත් ඔබේ දුර්වලතාවය වන්නේ ඔබ මෙසේ පහසුවෙන් පුද්ගලයින්ට සමීප වීමට යාමේදී ඔබ ඕනවට වඩා කරුණාවන්ත වීමයි.මේ හේතුවෙන් ඔබේ ජීවිතය අනාරක්ෂිත ස්වභාවයක් උසුලයි.මන්ද මිනිසුන් විෂමයි.ඔබ යහපත් වුවත් සැවොම ඔබ මෙන් යහපත් නොවන නිසාවෙනි.මෙය ඇතැම් විට ඔබේ ඉදිරි ගමනට බාධාවක් විය හැකි බැවින් තරමක් ප්‍රවේසම්ව තමන්ගේ ආරක්ෂාව ගැන ප්‍රථමයෙන් සලකා පසුව අන් අයට යහපතක් කිරීමට ඔවුන්ට ඇහුම්කන් දීමට උත්සහ කරන්න.

කාන්තාව-ඔබට ඇති ප්‍රබලම ශක්තිය වන්නේ ඔබේ බුද්ධිය හා ජීවිතය ගැඹුරින් තේරුම් ගැනීමට ඔබට ඇති හැකියාවයි.මේ නිසාම ඔබට අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද මගේ ජීවිතය මොන වගේ එකක්ද ආදී වශයෙන් වෙන් වෙන් වශයෙන් ඔබට ජීවිතය ගැන තේරුම් ගැනීමට හැකියාව ලැබී ඇත.ඔබට අවශ්‍ය දිනෙන් දින අලුතින් යමක් ජීවිතයට එකතු කරගෙන අලුතින් ඉගෙනගෙන ඊයේට වඩා අද පරිණත වීමටයි.එය ඔබේ අරමුණු සිහින යථාර්තයක් බවට පත් කර ගැනීමට ඔබට පිටුවහලක් වේ.නමුත් ඔබේ දුර්වලතාවය වන්නේ පරිපුර්ණ භාවයට යම් විටෙක ළඟා නොවුවහොත් ඒ ගැන පසුතැවීමයි.ඔබ එනිසා මෙය තේරුම් ගත යුතුය.එනම් ජීවිතය 99%කම අපේ උත්සාහය කැපවීම මත පරිපුර්ණ කර ගත හැකි නමුත් 1%ක් පමන එසේ නොවේ.එනම් සියල්ල අපට ඕනේ ආකාරයෙන් සිදු නොවේ.එනිසා අවබෝධයෙන් ජීවිතය තේරුම් ගැනීමට උත්සහ කරන අතරම ජීවිතයේ යථාර්තයද අවබෝධ කරගැනීමට උත්සහ කරන්න.අලස නොවී දිරිමත්ව වැඩ කරන්න.වගකීමෙන් යුතුව ජීවත් වෙන්න.