රිදී කියන්නේ නිවෙස්වල අලංකාරයට තබන විවිධ බඩු භාණ්ඩ, ආහාර පිසින උපකරණ සහ ආභරණ ආදිය නිර්මාණය කරන බහුල ලෝහයක්. නමුත් රිදී භාණ්ඩ වල කාලයක් ගතවන විට දුර්වර්ණ වීම හෝ දිස්නය නැතිවී යාම සිදුවෙනවා. ඉතින් අපි මේ ලිපියෙන් ඔබට කියා දෙන්නේ නිවසේ ඇති සාමාන්‍ය දේවල් කිහිපයක් මගින් රිදී භාණ්ඩ ඔප දමා ගන්නා පහසු ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

01. ඇලුමිනියම් ෆොයිල්.වතුර ලීටරයකට බේකින් සෝඩා මේස හැන්දක් සහ ඇලුමිනියම් ෆොයිල් කොළ කැබැල්ලක් එකතු කර නටන තුරු රත් කරන්න. ඉන්පසු ඔබට ඔප දමා ගැනීමට අවශ්‍ය රිදී භාණ්ඩ එම වතුර භාජනයේ බස්වා තප්පර දහයක් පමණ තිබෙන්නට හරින්න. වඩාත් දුර්වර්ණ වූ භාණ්ඩ නම් ඊට වඩා වැඩි වේලාවක් තැබුවාට ගැටළුවක් නැහැ. ඉන්පසු ප්‍රවේශමෙන් එළියට ගත් විට ඒවා නැවතත් දිස්නය දෙන අයුරු ඔබටම බලා ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් බේකින් සෝඩා කෝප්ප කාලකට වතුර මේස හැදි දෙකක් එකතු කර තරමක් උකු පේස්ට් එකක් සාදාගන්න. ඉන්පසු තෙත ස්පොන්ජ් එකක් ආධාරයෙන් එම මිශ්‍රණය දුර්වර්ණ වූ රිදී භාණ්ඩ වල ආලේප කර මැදගන්න. පසුව හොඳින් සෝදා වියළා ගන්න.

02. රෙදි සෝදන කුඩු.තරමක් විශාල භාජනයක පතුලේ ෆොයිල් කොළ කැබැල්ලක් අතුරා එයට උණු වතුර සහ රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු මේස හැන්දක් එකතු කරන්න. ඔප දමා ගැනීමට අවශ්‍ය රිදී භාණ්ඩ මෙම මිශ්‍රණයේ ගිල්වා මිනිත්තුවක් පමණ තිබෙන්නට හරින්න. ඉන් පසු පිටතට ගෙන පිරිසිදු වතුරෙන් සෝදා වාතයේ වියළා ගන්න.

03. කෙචප්.කෙචප් තියෙන්නේ ආහාරයට ගැනීමට පමණක්ම නොවේ. ඔබගේ දුර්වර්ණ වූ රිදී භාණ්ඩ ඔප දමා ගැනීම සඳහා භාවිතයට ගන්න පුළුවන්. ඔබ කළ යුත්තේ කඩදාසි තුවායකට කෙචප් ටිකක් දමා රිදී භාණ්ඩ වල දුර්වර්ණ වූ තැන් හොඳින් පිරිමැදීමයි. වඩාත් දුර්වර්ණ වූ තැන් සඳහා කෙචප් ටිකක් දමා මිනිත්තු 15ක් තිබෙන්නට හරින්න. පසුව මෘදු රෙදි කැබැල්ලකින් පිසදා සෝදාගන්න. කැටයම් සහිත රිදී භාණ්ඩ බුරුසුවක් ආධාරයෙන් මැද ගන්න.

04. කෝන් පිටි.කෝන් පිටි සහ ජලය මිශ්‍රණයකට ඔබගේ දුර්වර්ණ වූ රිදී භාණ්ඩ වලට නැවතත් දිස්නය ලබා දීමට පුළුවන්. මෙසේ එම මිශ්‍රණය සාදා ගෙන තෙත රෙදි කැබැල්ලක් ආධාරයෙන් දුර්වර්ණ වූ භාණ්ඩවල ආලේප කරගන්න. ඉන්පසුව වියළෙන්නට තබා තරමක් රළු තුවායක් මගින් පිසදා හරින්න.

05. සැනිටයිසර්.අත් වල විෂබීජ ඉවත් කිරීම සඳහා යොදා ගන්නා හෑන්ඩ් සැනිටයිසර් වල තවත් ප්‍රයෝජනයක් තිබෙනවා. ඒ තමයි රිදී භාණ්ඩ ඔප දමා ගැනීම. මෘදු රෙදි කැබැල්ලකට සැනිටයිසර් ටිකක් ගෙන ඔප දමා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හොඳින් මැදගන්න.

06. ලෙමන් ලයිම් සෝඩා.පානය කර ඉතුරු වූ ලෙමන් ලයිම් සෝඩා ටිකක් භාජනයකට දමා දුර්වර්න වූ රිදී භාණ්ඩ එහි පැයක් පමණ පෙඟෙන්නට හරින්න. ඉන්පසු හොඳින් සෝදා ගෙන වියළා ගන්න.

07. දන්තාලේප.සියුම් කැටයම් සහිත රිදී භාණ්ඩ ඔප දමා ගැනීමට ඇති හොඳම ද්‍රව්‍යයක් තමයි දන්තාලේප කියන්නේ. පැරණි දත් බුරුසුවකට හෝ රෙදි කැබැල්ලකට දන්තාලේප ටිකක් ගෙන දුර්වර්ණ වූ ස්ථාන හොඳින් පිරිමදින්න. ඉන්පසුව සෝදාගන්න. ඔබේ රිදී භාණ්ඩ නැවතත් දිස්නය දෙන අයුරු දැන් ඔබම බලාගන්න.

08. ජනෙල් පිරිසිදු කාරක.ජනෙල් පිරිසුදුකාරක දියර වලින් ඔබට ජනේල වීදුරු පමණක් නොවෙයි රිදී භාණ්ඩත් ඔප දමා ගැනීමට පුළුවන්. රෙදි කැබැල්ලකට හෝ බුරුසුවකට මෙම රසායනික දියරය ගෙන දුර්වර්ණ වූ භාණ්ඩ හොඳින් මැදගන්න.

09. හෙයාර් කන්ඩිෂනර්.ස්නානය කිරීමේදී ෂැම්පු වලින් පසු හිසකෙස් වලට දිස්නය ලබා දීමට භාවිතා කරන කන්ඩිෂනර් වලින් ඔබගේ දුර්වර්ණ වූ රිදී භාණ්ඩ වලටත් දිස්නය ලබා දීමට පුළුවන්. රෙදි කැබැල්ලකට කන්ඩිෂනර් ටිකක් ගෙන එම භාණ්ඩ හොඳින්ම මැදගන්න. මේ සඳහා එම රිදී භාණ්ඩ දුහුවිලි කුණු නොමැති වන සේ හොඳින් පිරිසුදු කරගෙන තිබිය යුතුයි. හෙයාර් කන්ඩිෂනර් වඩාත් සුදුසු වන්නේ දුර්වර්ණ වූ භාණ්ඩ වලටත් වඩා භාණ්ඩ දුර්වර්ණ වීම වළක්වා ගැනීමටයි. මේ නිසා දුර්වර්ණ වී නොමැති අලුත් පිරිසුදු රිදී භාණ්ඩ වල කන්ඩිෂනර් තැවරීමෙන් ඒවායේ දිස්නය නැති වී යාම වළක්වා ගැනීමට පුළුවන්.

10. හුණු කූරු.රිදී භාණ්ඩ දුර්වර්ණ වීම වලක්වා ගැනීම සඳහා තවත් උපක්‍රමයක් තිබෙනවා. ඒ තමයි කළු ලෑලි වල ලිවීමට යොදාගන්නා චෝක් නොහොත් හුණු කූරු. ඔබගේ රිදී හැඳි ගෑරප්පු හෝ ආභරණ ආදිය ගබඩා කර තබන ලාච්චුවේ හෝ පෙට්ටියේ හුණු කූරු කිහිපයක් දමා තබන්න. ඒවා මගින් තෙතමනය උරා ගන්නා නිසා රිදී භාණ්ඩ දුර්වර්ණ වීම වැළකී යනවා.

11. ඇමෝනියා.උනු වතුර කෝප්ප 1කට ඇමෝනියා කෝප්ප භාගයක් මිශ්‍රකර එම මිශ්‍රණයේ දුර්වර්ණ වූ භාණ්ඩ ගිල්වා මිනිත්තු දහයක් තිබෙන්නට හරින්න. පසුව පිසදාගෙන හොඳින් වියළා ගන්න.

12. විනාකිරි.විනාකිරි කියන්නේ රිදී භාණ්ඩ පමණක් නොවේ වෙනත් බොහෝ දේවල් පිරිසුදු කරගැනීම සදහා ඇති හොඳ ආදේශකයක්. බේකින් සෝඩා මේස හැඳි දෙකක් සමග විනාකිරි කෝප්ප භාගයක් මිශ්‍ර කර ඔබගේ රිදී භාණ්ඩ සහ ආභරණ එම මිශ්‍රණයේ ගිල්වා පැය දෙක තුනක් තිබෙන්නට හරින්න. ඉන්පසු සීතල වතුරෙන් සෝදා හොඳින් වියළා ගන්න.

13. දෙහි.වතුර කෝප්ප 1 1/2ක් කිරි කෝප්ප 1/2ක් සහ දෙහි යුෂ මේස හැන්දක් ඇති මිශ්‍රණයක ඔබගේ රිදී භාණ්ඩ මුළු රාත්‍රිය පුරා ගිල්වා තිබෙන්නට හැරීමෙන් එම දුර්වර්ණ වූ භාණ්ඩවලට නැවතත් දිස්නය ලබා ගැනීමට පුළුවන්.