ටික් ටොක් කියන්නේ යූ ටියුබ්,ෆේස්බුක් වගේම මේ වෙනකොට පරිශීලකයින් කෝටි ගණනක් සමාජිකත්වය ගන්නා විශාල සමාජ මාධ්‍ය ජාලයක්. ඉතින් ලෝකය පුරා ඔනෑම කෙනෙකුට තමන්ගේ වීඩීයෝවක් නිර්මාණය කිරීමේ හැකියාව මේ ඇප් එක හරහා ලැබෙනවා. මේ වගේ වීඩීයෝ නිර්මාණය කරන කොට අනපේක්ෂිත දේවල් ඔනෑ තරම් සිදු වෙන්නට පුලුවන්. මේ වීඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒවගේ අද්භූත   සිදුවීම්  සහිත ටික් ටොක් වීඩීයෝ 5 ක එකතුවක්. අද්භූත සිදුවීම් සොයන්න බලන්න කැමති අය ඉන්නවනම් මේ වීඩීයෝව අවසන් වන තුරු නරඹන්න අමතක කරන්න එපා.

අංක එක

ටික් ටොක් සාමාජිකයෙක් උන  5UP3R5WA66N3AL යන නමින් පෙනී සිටින කාන්තාව තමන්ගේ සුරතල් සුනඛයන් තිදෙනා සමග ටික් ටොක් වීඩීයෝවක් නිර්මාණය කරමින් සිටින අතර සිදුවූ අද්භූත සිදුවීමක් නිසා බොහෝ දෙනෙක් විමතියට පත් වුනා.ඇය තම සුරතල් සතුන් තිදෙනා යහලුවන්ට පෙන්වීමේ අරමුණින් මේ වීඩීයෝව නිර්මාණය කල බව ඔනෑම කෙනෙකුට තේරුම් යන කාරණයක්. ඇයගේ සුරතලුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම සන්සුන්ව වැතිරී සිටින ආකාරය ඔබට පෙනෙනවා ඇති. නමුත් එක් සුරතලෙක් වහාම නැගී සිටින්නේ යම් සැක සහිත දෙයක් දුටු විට සුනඛයෙක් විපරම් කරන ආකාරයටයි. ඒ වන තුරුත් වීඩීයෝවේ කිසිදු අස්වාභාවික දෙයක් සදහන් වූයේ නැහැ. නමුත් තත්පර කිහිපයක් ගත වන විට වීඩීයෝව පටිගත කරන කාන්තාවට යම් අස්වාභාවික යමක් දැක ගැනීමට හැකි උනා. ඇයගේ නිවසේ කාමරයකට ඇතුල් වන ස්තානයේ යන්තම් දකින්නට ලැබෙන ජායාවක් නිසා ඇය දැඩි ලෙස භීතියට පත් වුනා. කාන්තාව පවසා සිටියේ ඇයට දකින්නට ලැබුණු ජායාව තරමක් උස මිනිසෙකුගේ ස්වාභාවයක් ගත් බවයි. කෙසේ වෙතත් එම ජායාවේ හිස කොටස පමණක් වීඩීයෝවේ පටිගත වී තිබුණා. කෙසේ වෙතත් මේ සිදුවීම කැමරාවේ පටිගත වී තිබුණේ තත්පර කිහිපයක් පමණයි.

අංක දෙක.

ටික්ටොක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ පරිශීලකයින් සීඝ්‍රයෙන් වැඩිවෙමින් තියෙන නිසා බොහෝ දෙනෙක් මේ වන විට තමන් සතුව තිබෙන දැනුම බෙදා ගන්නත් මේ මාධ්‍ය ජාලය භාවිතා කරන්නට හුරු වෙලා තියෙනවා. ඉතින් ටික් ටොක් පරිශීලිකාවක් උන කැලින් ඇයගේ ගිණුමට නම් කරල තියෙන්නෙ @ALLEXHUFF යන නමින්. මේ වීඩීයෝවේ ඇය හිදගෙන සිටින්නේ ඇයගේ කැමරාව ඉදිරිපිටයි. ඉන්පසුව ඇය සූදානම් වෙන්නේ ඇයගේ ආලේපනය ගලවන ආකාරය පැහැදිලි කිරීමටයි.නමුත් එකවරම ඇය භීතියට පත් වූ ස්වරූපයක් වීඩීයෝවේ සදහන් වෙනවා. ඒ සමගම ඇයගේ දෙනෙත් පුදුමයෙන් විවර වෙන ආකරයත් ඔබට පෙනෙනවා ඇති. එයට හේතුව වන්නේ ඇයට ඉදිරියෙන් තිබෙන කැමරාවෙන් ඇයගේ අල්මාරිය සෙමෙන් විවර වන ආකාරය ඇය දැකීමයි. කෙසේ වෙතත් වීඩීයෝව මදකට නවත්වා ඇය අල්මාරිය වෙත යන්නේ සිදු වන්නේ කුමක්ද යන්න පරීක්ශා කිරීමටයි.ඇය අල්මාරිය අසලට යනවිටම කාමරයේ විදුලි බල්බය නිවී යනවා. කෙසේ වෙතත් සිදු වන්නේ කුමක්ද යන්න වටහා ගත යුතු නිසා ඇය නැවතත් අල්මාරිය විවර කිරීමට අත තබනාවත් සමග අල්මාරිය තුල තිබෙන විදුලි බල්බයද නිවී යනවා. සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමක්ද යන්න ඉන්පසුව සදහන් වන්නේ නැහැ.

අංක තුන.

ටික් ටොක් ඇප් එක හරහා ලබා දී තිබෙන ජනප්‍රියම සේවාවක් වන්නේ තමන්ගේ වීඩීයෝවකට ඔනෑම සංගීතයක් එකතු කිරීමේ සේවාවයි. මේ නිසා ඔනෑම කෙනෙකුට තමන්ගේම වීඩීයෝවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මේ වීඩියෝ බොහොමයක් සාමාන්‍යෙන් විනෝදාස්වාදය සදහා නිර්මාණය කරන ඒවා වූවත් ඒවායේ පටිගත වන සමහරක් දේ බොහෝ අස්වාභාවික වෙන්නට පුලුවන්. @BILLYGOLF යන නමින් සමාජ ජාලය පරිහරනය කරන යුවතියක් උත්සාහ කරන්නේ යම් සංගීතයක් වෙනුවෙන් නර්තනයක් ඉදිරිපත් කිරීමටයි.ඇය මේසයක් මතට නැග තමන්ගේ නර්තනය ඉදිරිපත් කිරීමට උත්සාහ කරන ආකාරය දැක ගන්නට පුලුවන්. ඒ සමගම ඒ අසල තිබෙන පටු සීමාවේ යම් ජායාවක් හුවමාරු වන ආකාරය එම වීඩීයෝවේ පටිගත වී තිබුණා. තත්පර දෙකක් වැනි සුලු කාලයකදී ජායාව අතුරුදහන් වී ගියා. නර්තනයේ යෙදෙන යුවතිය මේ ඩ සිදුවීම ගැන නොදන්නා නිසා ඇය සාමාන්‍ය පරිදි තමන්ගේ නර්තනයේ යෙදන ආකාරය දැක ගන්නට ලැබෙනවා.

අංක හතර.

@TIENGERINES නම නමින් ටික් ටොක් සමාජ ජාලය පරිහරණය කරන එක්තරා යුවතියක් මුහුණ දුන් බිහිසුණු අත්දැකීමක් මේ වීඩියෝවට පාදක වී තිබෙනවා. ඇය මේ වීඩීයෝව පටිගත කරන්නේ සාමාන්‍ය අන්දමින් ටික් ටොක් වීඩීයෝවක් පටිගත කරන ආකාරයටයි.ඇය “Groceries” නම් ගීතයට සරල නර්තනයක යෙදෙන ආකාරය ඔබට දැක ගන්නට පුලුවන්. ඇය නර්තනයේ යෙදෙන අතරතුර ඇයගේ නිවසේ යම් කොටසක් අපිට දැක ගන්නට පුලුවන්. ඇය හොදින් ආලෝකමත් වූ ස්තානයක තමන්ගේ වීඩීයෝව පටිගත කරන බව පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍ය පරිදි පටිගත වන වීඩීයෝව අසාමාන්‍ය වන්නේ ඉන්පසුවයි. දැරිය නර්තනයේ යෙදෙන විට යම් සෙවනැල්ලක් වැනි ජායාවක් නිවසේ පිවිසුම් මාර්ගය හරහා මාරු වන ආකාරය කැමරාවේ පටිගත වී තිබුනා. මේ සිදුවීම පටිගත වී තිබුණේ තත්පර කිහිපයකට උනත් ඒ ජායාව මනුෂ්‍යයෙකුගේ පෙනුමට සමාන වටහා ගැනීමට ඒ සුලු කාලය ප්‍ර්මානවත් වෙනවා. මේ යුවතිය ඉන්පසුව සමාජ මාධ්‍ය වෙත මේ විඩීයෝව මුදා හරින අතර එහිදී මිලියන ගණනක නැරඹුම් වාර මේ විඩීයෝවට ලැබෙනවා. කෙසේ වෙතත් මේ වන විට සමජ මාධ්‍ය වල දෙපිරිසක් බිහි වී තිබෙනවා. ඉන් එක් කොටසක් මේ සිදුවීම් සත්‍යයක් බව පවසද්දී තවත් කොටසක් මේ සිදුවීම සමාජ ජාලා වල අවධානය ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද්දක් බවද පවසා සිටිනවා.කෙසේ වෙතත් මේ සිදුවීමේ සත්‍යය මේ වන තුරු හෙලි වී නැහැ.

අංක පහ.

SECURITY1275 යන නාමයෙන් ටික් ටොක් සමාජ ජාලයේ පෙනී සිටින පුද්ගලයා ජෝර්ජියා ප්‍රාන්තයේ සොහොන් පිටියක ආරක්ෂක නිළධාරියා වශයෙන් සේවය කර තිබෙනවා. එක්තරා දිනයක රාත්‍රියේ ඔහුට යම් අසාමාන්‍ය හඩක් ඇසුණු නිසා ඔහු ඒ පිලිබදව විපරම් කරන වීඩීයෝ කිහිපයක්ම ඔහු වීසින් අන්තර්ජාලයට මුදා හැර තිබුණා.නමුත් ඉන් ටික දවසකට පසු සියලුම වීඩීයෝ මකා දැමූ ඔහු ගිණුම අක්‍රීය තත්වයේ තබා තිබෙනවා.මේ හේතුව නිසාම බොහොමයක් පරිශීලකයින් එදින රැයේ සිදු වූයේ කුමක්ද යන කාරණය පිලිබදව බෙහෙවින් උනන්දු වී තිබෙනවා.

මෙම වීඩීයෝ මාලාවේ පලමු වීඩීයෝවේ සදහන් වන්නේ ආරක්ෂකයාට යම් කිසි අස්වාභාවික ශබ්දයක් ඇසුණු පසු ඒ පිලිබද විමසිලිමත් වන ආකාරයයි එම ශබ්දය යම් විශාල කෑ ගැසීමක් වූ බව ඔහු වීඩීයෝවේ සදහන් ක්ර තිබෙනවා. එම වීඩීයෝව පටිගත වන අතරතුරේදී ඒ අසල තිබෙන බිය උපදවන යම් ආකෘතියක් ඒ අසල තිබෙන බව ඔබට පෙනෙනවා ඇති.එසේම ගොඩනැගිල්ලේ දකුණු පස යම් අස්වාභාවික ස්වාභායක් ගන්නා පුද්ගලයෙක් සිටින බව ඔබට දැක ගන්නට පුලුවන්.නමුත් ආරක්ෂකයා ඒ අස්වාභාවික පුද්ගලයා දුටු බවක් දකින්නට ලැබෙන්නේ නැහැ.ඉන් තත්පර කිහිපයකට පසු ආරක්ෂකයා ගොඩ නැගිල්ල නිරීක්ෂණය කිරීමට පටන් ගන්නා අතර ඔහුට යම් කිසි අද්භූත ශබ්දයක් ඇසෙන්නේ ඉන් පසුවයි. ඒ ශබ්දය කුඩා දරුවෙකුගේ කෙදිරිල්ලකට සමාන වෙනවා. ඉන් පසුව ඇසෙන ශබ්ද පැහැදිලිව පටිගත වී නැහැ.

කෙසේ වෙතත් ඔහුට පිලිතුරු වශයෙන් ලැබෙන කටහඩ කුමන ස්තානයකින් ලැබෙන එකක්ද යන්න ඔහුට අදහසක් නැහැ. ඉන්පසුව ඔහු අන්තර්ජාලයට මුදා හරින්නේ ඔහුගේ දෙවන වීඩීයෝවයි. මේ අවස්තාවේ ඔහු ප්‍රකාශ කරන්නේ ඔහු මුලින් පරීක්ෂා කල ගොඩනැගිල්ල ඉදිරිපස යම් පුද්ගලයෙක් සිටගෙන සිටින බවයි. කෙසේ වෙතත් නැවතත් නිර්භීතව ඇතුලට යාමට තීරණය කරන ඔහු, ගොඩ නැගිල්ල පරීක්ශා කිරිමට පට්න් ගන්නවා.  නමුත් එකවරම විදුලිය ගැස්සීමකට ලක් වන අතර ඔහුට යම් ගීතයක් ගායනා කරන කටහඩක් ඇසෙන්නට පටන් ගන්නවා. වහාම එම ස්තානයෙන් පිට වෙන ඔහු එම වීඩීයෝව එතැනින් අවසන් කරනු ලබනවා.

කෙසේ වෙතත් ඉන් පසුව මෙම සොහොන් භූමියේ ගොඩනැගිල්ල තුල කිසිවක් නොමැති බව තහවුරු කර ගැනීම සදහා ඔහු දහවල් කාලයේත් එම ස්තානයට ගමන් කරනවා.එහිදී ඔහු අසන සමහරක් ප්‍රශ්ණ වලට පිලිතුරු ලැබෙන අතර නමුත් ඒ පිලිතුරු ලැබෙන්නේ කාගෙන්ද යන්න වටහා ගැනීම අපහසු වෙනවා. එම වීඩීයෝවෙන් පසු මෙම ආරක්ෂකයාගේ ගිණුමේ වීඩීයෝ සියල්ල ඉවත් වන අතර දැනටත් එම ගිණුම අක්‍රීයව පව්තිනවා.කෙසේ වෙතත් ඉන්පසු ආරක්ෂකයාට සිදු වූයේ කුමක්ද යන්න කිසිවෙකුත් නොදන්නා කාරණයක්.