මෙම මනෝවිද්‍යා පරීක්ෂණය ඇසුරින් ඔබට ඔබගේ පෞරුෂයේ වැදගත් ගුණාංග මෙන්ම ඔබ සිතන පතන ආකාරය ගැනද යම් යම් කරුණු හෙළි කරගත හැකිය.සමහරවිට මෙය කිසිම වැඩකට නැති දෙයක්,රූපයක් බලලා කොහොමද අපි ගැන කව්රුවත් කියන්නේ කියන හැඟීම ඔබේ සිතට නැගෙන්නට පුළුවන්.නමුත් මෙවැනි පරීක්ෂණ මනෝවිද්‍යාත්මකව පෞරුෂ ගුණාංග ගැන හෙළි කරන ඉතාමත් වැදගත් වගේම ප්‍රචලිත ක්‍රමවේදයක්.රූප ඇසුරින් කෙනෙක්ට තව කෙනෙක් ගැන යමක් කිව හැකියි.එය අත බලා සාස්තර කියනවා වැනි දෙයකි.අත් නැති මිනිස්සුත් ලෝකය ජය අරන් තියෙනවනේ කියා ඔබ තර්ක කරාවි.

ඔව්.එය උත්සාහය,උනන්දුව ,අධිෂ්ඨාන ශක්තිය මත පදනම් වූ දෙයක්.නමුත් අපි දන්නා පරිදි අපි සැවොම යම් යම් ප්‍රමාණ වලින් අලසයි.සියයට අනුවක්ම දෙනා අලසයි.එය මිනිස් ස්වභාවය.නමුත් ඒ අතරින් අපි නිදියන වෙලාවෙත් අවදියෙන් තම අනාගතය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන දිනෙක ලෝකය දිනන මිනිසුන් රාශියක් ඇත.මිනිසා වෙනස් කියා කියන්නේ එනිසයි.ඔබ කුමන තර්ක දැරුවත් මෙම පරීක්ෂණය කරන්නට ඔබට සිතෙනවා කියන්නේ ඔබත් ඔබේ ඇතුලාන්තය ගැන,පෞරුෂය ගැන නොදන්නා දෙයක් හඳුනා ගැනීමේ කුතුහලයක් සහිත අයෙක්.මෙම පරීක්ෂණයේ ප්‍රථිපල 100%කම සාර්ථක නොවන්නට පුළුවන්.නමුත් ඔබ සොයන දෙය මින් ඔබට ලැබීමට බොහෝ දුරට ඉඩ ඇත.මන්ද 90%කම දෙනාට මෙය සත්‍ය වන අතර අනිත් 10% සමඟ පරීක්ෂණ ප්‍රථිපල එකඟ නොවන්නට පුළුවන් නිසාය.එසේ නම් ඔබ ඔබේ අවස්ථාව උරඟා බලන්න.මෙම සරල පරීක්ෂණය සිදු කර ඔබේ පෞරුෂය ගැන දැනගැනීමට උත්සහ කරන්න.ඔබ කැමතිම රූපය ඇසුරින් ඔබේ ගුණාංගයන් හඳුනා ගන්න.

අලියා 1.ඔබ සාමකාමී වගේම අධ්‍යාත්මික ජීවිතයකට ප්‍රිය කරන කෙනෙක්.ගැටුම් වලට ඔබ අකමැතියි.ඔබ සිටින තැනක ගැටුමක්,ප්‍රශ්නයක් ඇති වුවහොත් ඔබ එම ගැටුම මග හරිනවා පමණක් නොව ඊට සම්බන්ධ පුද්ගලයින්ගෙන්ද ඈත් වෙන්නට උත්සහ කරයි.සාමකාමී බව හොඳ ගුණාංගයක් වෙනුවට ගැටුම් හමුවේ පලා නොයා ගැටුම් නිරාකරණයට ඔබ ඉගෙනගත යුතුය.නමුත් ඔබ කරදරයට පත් විය යුතු නැත.මිනිසුන්ව විශ්වාස කිරීමටද ඔබ උගත යුතු නමුත් ප්‍රවේසම් වෙන්නට වග බලා ගන්න.

අලියා 2.ඔබ පරිපුර්ණ වීමට කැමති අයෙක්.එසේම බුද්ධිමත්.එනමුත් තරමක් දැඩි ප්‍රතිපත්ති සහිත අයෙකි.ඔබට ඔබේම කියා සාරධර්ම,ප්‍රතිපත්ති ,විශ්වාසයන් හා පරමාදර්ශ ඇත.ඔබට අවශ්‍ය ඒවාට අනුව ලෝකය එනම් ඔබගේ මතයට අනුව ලෝකය පාලනය කිරීමට ඔබ අවට සිටින අයව පාලනය කිරීමටය. ඔබ අන් අයගේ අදහස් පිලි ගැනීමටද තරමක් මැලිකමක් දක්වයි.මන්ද ඔබේ තීරණ ,මත වෙනස් කිරීමට ඔබ අකමැති නිසාය.එනිසා හොඳම දේ වන්නේ තරමක් නම්‍යශීලි වීමට ඔබ ඉගෙන ගැනීමයි.

අලියා 3.ඔබ සංවේදී අයෙක්.එසේම දුරදක්නා නුවණකින් යුතුව ප්‍රවේශමින් වැඩ කරන අයෙකි.ජීවිතේ සැම අංශයකින්ම ස්ථාවරත්වයකට කැමති ඔබ සැලසුම් සහගතව ජීවිතය ගෙවයි.ඔබේ සැලසුම් වලින් පිට දෙයක් කිරීමට ඔබ බිය වේ.අසාර්ථක වේ යන සිතුවිල්ල ඔබව බියපත් කරයි.එනිසා මනස මීට වඩා ජයග්‍රහණයට යථාර්තයට මුහුණ දීමට අභියෝග වලට මුහුණ දීමට පුහුණු කරවන්න.සිහින අලුතෙන් දකින්නට තරම් ධෛර්යමත් වෙන්න.

අලියා 4.ඔබ නිතරම සතුටින් කාලය ගත කරන ක්‍රියාශීලි අයෙක්.නමුත් ඔබ තරමක් ආවේගශීලියි.ජීවිතය ඊට අවැසි පරිදි නිදහසේ ගලා යාමට ඉඩ දී ඔබ බලාසිටියි.ඒ ඔබ නිදහස් සැහැල්ලු ජීවිතයක් භුක්ති විඳීමට කැමති නිසයි.ඔබ සරල අත්දැකීම් වලට කැමති අතර ඒවායින් නව යමක් ඉගෙන ගැනීමට සැමවිටම උත්සහ කරයි.

අලියා 5.ඔබ හැඟීම්බරයි.එසේම ඔබද සංවේදියි.බුද්ධියට වඩා ඔබේ ජීවිතය පාලනය කරන්නේ ඔබේ හැඟීම්ය.ඔබ අව්‍යාජ පුද්ගලයෙකි.ජීවිතයේ යහපත අයහපත හොඳින්ම හඳුනන් ඔබ ඊට ගරු කරයි.ඒ අනුව ජීවත් වෙයි.සමහර අවස්ථා වලදී මිනිසුන්ට ඔබව,ඔබගේ ගති ස්වභාව හරියටම නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වුනත් ඔබ අද්විතීය පුද්ගලයෙකි.

  1. අලියා 6.කොන්දේසි විරහිතව ලෝකයට ආදරය,කරුණාව,දයාව පතුරන දයානුකම්පිත හදවතක් ඔබට ඇත.ඔබට ඕනෑම කෙනෙකුගේ හොඳම යහළුවෙකු විය හැකිය.තරාතිරමක් නොබලා අවස්ථාව නොසලකා ඔබ ඕනෑම වෙලාවක උදව් අවැසි පුද්ගලයින්ට උදව් උපකාර කරයි.මානුෂිය ගතිගුණ වලින් යුතු ඔබට කිසි විටෙක රාජද්‍රෝහී විය නොහැක .එනම් ඔබ අවංක අයෙකි.