බර අඩු කර ගැනීමේ අමුතු ක්‍රමයක් කියා සිතුනත්, ඇත්තෙන්ම සෞඛ්‍ය විශේෂඥයන් පවසන පරිදි දෛනික ආහාර වේලට රතු මිරිස් එකතු කර ගැනීමෙන් අමතර කැලරි ප්‍රමාණයක් දහනය කර ගැනීමට පුළුවන්. ඒ,ඒවායේ අඩංගු වන පරිවෘත්තීය හා ආහාර ජීරණය උත්තේජනය කරන සංඝටක වල ක්‍රියාකාරීත්වය නිසයි.

එම විශේෂඥයන්ට අනුව වියලා නැති වතුර උරා ගන්නා ලද රතු මිරිස් වල බර අඩු කිරීම ඇතුළු ශරීරයට ගුණදායක වන බලපෑම් තිබෙනවා. මිරිස් වතුර හෝ මිරිස් කරල් ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට බර අඩු ගැනීමට පුළුවන්. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදී මිරිස් නැතිව ආහාර ගත් පුද්ගලයන්ට වඩා මිරිස් එකතුකර ආහාර ගත් පුද්ගලයන්ගේ ආහාර ජීරණ ක්‍රියාවලිය මිනිත්තු 30ක් කලින් ආරම්භ වීමත් එය වඩාත් හොඳින් සිදු වීමත් දක්නට ලැබුනා.

බොහෝ පෝෂණවේදීන් බර අඩු කර ගැනීම හා ස්ථූලතාවය සඳහා මිරිස් යෝජනා කරනවා. ඒ මාළු මිරිස් හා මිරිස් වල අඩංගු සැර ඇතිකරන සංඝටකය වන කැප්සයිසින් නිසයි. එමගින් ආහාර ජීරණය වේගවත් කිරීමත්, ඉතා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරගත වීමත්, රුධිර මේදය දහනය කිරීමත් සිදුවෙනවා. කැප්සායිසින් විසින් සපයනු ලබන සැර/තාපය, තාපජ ක්‍රියාවලියට දායක වෙනවා. මෙම ක්‍රියාවලියේදී ඔබේ ශරීරයට මේදය තාපය බවට පරිවර්තනය කළ හැකි අතර මේදය දහනය කිරීමෙන් බර අඩු වෙනවා.

2014 දී කරන ලද අධ්‍යයනයකට අනුව, සෑම ආහාර වේලක් සමඟම රතු මිරිස් අනුභව කළ පුද්ගලයින්ට ඉක්මනින් කුස පිරුණු බවක් දැනෙන අතර ආහාර පිළිබඳව ආශාවත් අඩුය. ඔවුන්ගේ කුසගින්න මැඩපැවැත්වීමට කැප්සායිසින් හේතු වූ බව අධ්‍යයනයෙන් හෙළි වුනා. ආහාර ගැන ඇති ආශාව අඩුවීම සහ කුසගින්න මැඩ පැවැත්වීම මගින්, අඩු ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කෙරෙන නිසා අඩු කැලරි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් බර අඩු කර ගත හැකියි.

රතු මිරිස් ආහාරයට ගැනීමෙන් ඔබගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කෙරෙන නිසා ඉක්මනින්ම ආහාරපාන ශක්තිය බවට බිඳ හෙළනවා. එසේ එම ආහාරය ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සිරුරේ දැනට පවතින මේදය දහනය කිරීමත් සිදුවෙනවා. මිරිස්වල ඇති තවත් අමුද්‍රව්‍යයක් වන්නේ ඩයිහයිඩ්‍රොකැප්සියේට්ය. ඩයිහයිඩ්‍රොකැප්සියේට් කැප්සායිසින් වලට සමාන වන අතර එයත් පරිවෘත්තීය වේගය වැඩි කිරීමට උපකාරී වනවා. 2010 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මාසයක් ඩයිහයිඩ්‍රොකැප්සියේට් අතිරේකය පරිභෝජනය කළ අය ඔවුන්ගේ පරිවෘත්තීය වේගය ඉහළ නංවා ඇති බවයි.

මිරිස් ඔබේ ආහාර වේලට එකතු කළ යුතු නමුත් ඒ සීමිත ප්‍රමාණයකින්. මධ්‍යස්ථභාවය ඔබේ සෞඛ්‍යයට යතුර වන අතර පාලනයකින් යුතු ආකාරයකින් ආහාරයට ගන්නා විට ඔබේ සමස්ත සෞඛ්‍යයද වැඩිදියුණු විය හැකියි. කැප්සායිසින් තුළ ඇන්ටි ඉන්ෆ්ලැමේටරි සහ ගැස්ට්‍රොප්‍රොටෙක්ටිව් ගුණ, එනම් ආහාර ජීර්ණ පද්ධතිය ආරක්ෂා කරන ගුණ තිබෙනවා. එය ඔබේ ශරීරය නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා. එය දියවැඩියාව ආඝාතය හා අධික රුධිර පීඩනය ඇති පුද්ගලයන්ට උපකාරී වෙනවා.

නමුත් මිරිස් පරිභෝජනය කිරීම සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මෙයට ඖෂධ ලබා ගන්නා පුද්ගලයින්, විශේෂයෙන් රුධිර කැටි ගැසීම මන්දගාමී කරන ඖෂධ (ඔබ අධි රුධිර පීඩනයෙන් පෙලෙනවා නම්) සහ ගැබ්ගෙන හෝ මව්කිරි දෙන්නේ නම් ඔබ සැත්කමක් සඳහා සැලසුම් කර ඇත්නම් සහ දරුවන් මෙසේ මිරිස් පරිභෝජනයේ දී සැලකිලිමත් විය යුතුයි. මිරිස් අධික ලෙස ගැනීම උදරයේ අපහසුතා සහ බඩේ දැවිල්ල ද ඇති කළ හැකියි. කෙසේ නමුත් මේ ලිපියේ සඳහන් කිසිදු දෙයක් වෛද්‍ය උපදෙස් හෝ ඖෂධ සඳහා ආදේශකයක් නොවන බව සලකන්න.