සාමාන්‍යයෙන් මිනිසෙක්ගේ උස කීයද? බොහෝවිට මිනිස් රූපයක් කියා හඳුනා ගන්න නම් එය අවම අඩි 4ක්‌ සහ උපරිම අඩි 6 1/2ත් අතර උසක් විය යුතුයි. ලෝකයේ උසම මිනිසා පමණක් මීට වඩා වැඩි විය හැකියි. නමුත් අපි කිව්වොත් අඩි 65ක උස මිනිසෙක් ගැන? එය කිසිසේත්ම විය නොහැකි බව ඔබ කියාවි. නමුත් මිනිසෙක්ද නැද්ද තාම හරියටම කිව නොහැකි වුණත්,අවම වශයෙන් මිනිස් රූපයක් ලෙසවත් පෙනෙන, උස අඩි 65ක් පමණ වන රුවක් පසුගියදා සාක්ෂි සහිතව ප්‍රසිද්ධියට පත් වුනා.

ලෝක ප්‍රසිද්ධ නවීන පුරාවිද්‍යාඥයකු වන ස්කොට් වැරින්ග් තමයි ඇන්ටාක්ටිකාවේ දී දක්නට ලැබුණු මෙම රුව පළමු වරට සොයා ගත්තේ. විශාල ගුහාවක් ආසන්නයේ දක්නට ලැබුණු මෙම රුව චන්ද්‍රිකාවක් මගින් හසුකරගෙන ගූගල් අර්ත් සිතියමක දර්ශනය වුණා.
එම ඡායාරූපය පිළිබඳ තවමත් සම්පූර්ණයෙන් අධ්‍යයනය කර නොමැති වුනත් දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම මිනිස් රුව අවම වශයෙන් අඩි 65ක් වත් උස වෙනවා. එම රුව දක්නට ලැබුණු තැන ආසන්නයෙන් පිහිටියා යැයි කියූ ගල් ගුහාවේ විවරය අඩි 75 ක් පමණ උස එකක්. මේ නිසා මෙම මිනිස් රුව කිසියම් අද්භූතජනක ජීවියෙක් නම්, ඔහුට පහසුවෙන් ජීවත් වීමට එම ගුහාව ප්‍රමාණවත් බවයි පැවසෙන්නේ.

චන්ද්‍රිකාව මඟින් හසු කරගත් මෙම ඡායාරූපය සහ සුප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයාගේ මතය අන්තර්ජාලයේ පළ කෙරුණා. ඒත් සමගම එය විශාල ලෙස ප්‍රසිද්ධියට පත් උනා. මේ පිළිබඳව විවිධ මිනිසුන් විවිධ මත දැරුවත් ඒ කිසිවක් තවමත් හරිහැටි තහවුරු වී නැහැ. මෙය විවිධ මිථ්‍යා කථාවන් වල එන චරිතයක් ලෙස සැලකීමට උත්සාහ කරන මිනිසුන් අතර එවන් දේවල් නොපිළිගන්නා පිරිසක් පැවසුවේ මෙය කිසියම් විශාල අයිස් කුට්ටියක් හෝ හෙවනැල්ලක් විය හැකි බවයි.

නමුත් පුරාවිද්‍යාඥයන් විසින් එවන් හිම ප්‍රදේශ වල මිනිස් රුවක් සහිත නමුත් අතිශයින්ම දැවැන්ත ඇටසැකිලි කීප වතාවක්ම සොයාගෙන තිබුණා. ඉතින් මේ එවන් ඇටසැකිල්ලක ජීවමාන සාක්ෂියක් ද? විද්‍යාඥයන් ඔවුන් සොයාගත් සියලුම දේවල් හෙළි කරන්නෙ නැද්ද? මේ සියල්ලම තවමත් ලොවට ගැටලුවක් ලෙස ඉතිරි වී තිබෙනවා.