වර්තමානය වන විට එක්සත් ජනපදයේ පමණක් සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක් පසුගිය සියවසේදී ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වඩා කැලරි 20% ක් පමණ පරිභෝජනය කරනවා. මිනිසුන් ඔවුන්ගේ ආහාර ගැන වැඩි අවබෝධයක් ලබා සිටියද සෞඛ්‍ය සම්පන්න ආහාර නිවැරදිව ලබා ගැනීම සැමවිටම පහසු නැත. නිදසුනක් වශයෙන්, නියමිත වේලාවට ඇපල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා වෙනුවට බඩවැල් ගැටළු ඇති වෙන්න පුළුවන් බව ඔයා දන්නවාද? සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු පිළිබඳව ඇති මිථ්‍යාවන් ඉවත් කරමින් ඔයාගේ ප්‍රියතම ආහාරය ගත යුතු වේලාව පිළිබද ඔයාට දළ අදහසක් ලබා දීමට හා ඒවායේ උපරිම ප්‍රයෝජන ලබා දෙන්නයි අපි සූදානම් වන්නේ.

1.කෙසෙල් උදෑසන ආහාරයට ගැනීම ගොඩාක් සුදුසුයි කියලා හිතුවත් ඇත්තටම ඒවා හිස් බඩෙන් ආහාරයට ගැනිමෙන් ඔයාගේ ශක්ති මට්ටම අඩු කළ හැකි බව දන්නවාද?. මුලින්ම එහි අඩංගු සීනි මට්ටමෙන් ශක්තිය ලැබෙන බව සත්‍යය නමුත් පැය කිහිපයකට පසු ඔයාට නැවත වෙහෙස හා කුසගින්න දැනෙනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් බඩවැල්වල සින්ඩ්‍රෝම් තත්වයෙන් පීඩා විඳින අයට පාචනය ඇති කරනවා.ඔයාට උදේ ආහාරයට කෙසෙල් ගැනිම නැවැත්විය නොහැකි නම් වෙනත් ආහාර සමග එය මිශ්‍ර කරන්න. වඩාත් සුදුසු වන්නේ රටකජු බටර් වැනි සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු ආහාර සමඟ මිශ්‍ර කිරීමයි.

2. කෝපි-බොහෝ දෙනෙකුට උදෑසන අවදි වූ වහාම කෝපි කෝප්පයක් පානය කිරීම වඩාත් ස්වාභාවික දෙයක් ලෙස හැගෙනවා. නමුත් එය ඇත්තෙන්ම නිෂ්ඵලයි. පර්යේෂණ වලින් හෙළි වී ඇති පරිදි ආහාර වේලකට පෙර කෝපි පානය කිරීමෙන් කැෆේන් වලින් අපගේ ඉවසීම වැඩි වන බවයි. අවදි වීමෙන් පසු පළමු පැයේදී ශරීරය කෝටිසෝල් නිපදවන අතර මෙම ක්‍රියාවලියට අපගේ ස්වාභාවික පුරුදු බාධා නොකිරීම ඉතා වැදගත් වෙනවා.ඒ නිසා උදෑසන අවධි වී ටික වෙලාවකින් පසු ඔයාගේ කෝපි කෝප්පයේ රස විදින්න. නමුත් නින්ද නොයාම වැළැක්වීම සඳහා නිර්දේශිත දෛනික කැෆේන් ප්‍රමාණයට ඇලී සිටීම සහ සවස් වරුවේ කෝපි පානය නොකිරීම වඩා හොඳ බව මතක තබා ගන්න.

3. බත්-අපේ රටවල වැඩිපුරම මිනිසුන් කන්නට පුරුදු වෙලා තියෙන්නේ බත්.ඇත්තටම බත් ජීර්ණය වීමට බොහෝ වේලාවක් ගතවන අතර එහි කාබෝහයිඩ්‍රේට් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. නමුත් එය ඇත්තටම හොඳ දෙයක්. ඇයි දන්නවද? එය අපව දිගු වේලාවක් ජවසම්පන්නව තබා ගන්නවා. නමුත් බත්වල කැලරි අධික බැවින් රාත්‍රියේදී එය අනුභව කළහොත් බර වැඩිවෙන්න පුළුවන්.
ඔයාගේ ආහාර වේලට බත් ඇතුළත් කිරීම වඩා හොඳ වන්නේ දිවා ආහාරයටයි. මෙම පැය තුළ පරිවෘත්තීය වේගයෙන් ක්‍රියාත්මක වන අතර බත් ජීර්ණය වීමට ශරීරයට පහසු වෙනවා. ඊට අමතරව, ඵලදායී දිනයක් ගත කිරීමට ශක්තියක් අවශ්‍ය වන අතර කාබෝහයිඩ්‍රේට ඒ සඳහා උපකාරී වෙනවා.

4. සීනි-ඔයා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනිමට උත්සාහ කරන්නේ නම් සැකසූ සීනි වලින් ඈත්ව සිටීම වඩා හොඳයි. නමුත් අපි දන්නෙම නැතුව පැණිරස වලට හසුවන අවස්ථා බොහෝමයක් අපේ ජීවිතයේ තිබෙනවා. මේ ආකාරයේ වැරදි නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යන අතර ඉක්මනින් සීනි වැඩිවීම නිසා වෙහෙසට හා නොසන්සුන්තාවයට පත්වෙනවා.
ඔයාට පැණිරස කෑම අත්හරින්න අමාරුයි නම් ප්‍රධාන ආහාර වේලෙන් පසු අතුරුපසක් සමඟ ආහාරයට ගන්න. මේ ආකාරයෙන් ආහාරයට ගැනිමෙන් රුධිරයේ සීනි මට්ටම එතරම් ඉහළ යන්නේ නැත.

5. කිරි-සමහර අය කුඩා කල සිටම කිරි වීදුරුවකින් තම දවස ආරම්භ කිරීමට පුරුදු වී සිටියත් මෙම පුරුද්ද වැඩිහිටියන්ට හොඳින් ක්‍රියාත්මක වන්නේ නැත. කිරි දිරවීමට අපහසු බැවින් උදෑසන එය පානය කිරීම සහ වෙනත් ආහාර සමඟ මිශ්‍ර කිරීම අජීර්ණය හා බඩේ කැක්කුම ඇති කරනවා.උණුසුම් කිරි වීදුරුවක් ගැනීමට හොඳම කාලය සන්ධ්‍යාවයි. එය ශරීරය සන්සුන් කිරීමට උපකාරී වන අතර හොඳ රාත්‍රී නින්දක් ද ලබා ගැනිමට හැකි වෙනවා.

6. මස් යනු ප්‍රෝටීන් සහ බී විටමින් විශාල වශයෙන් අඩංගු ආහාරයක්. නමුත් එය ආහාර ජීර්ණ පද්ධතියට අධික බරක් පැටවිය හැක. නින්දට යාමට පෙර මස් කෑමෙන් වැළකී සිටීම වඩා හොඳ වන්නේ එබැවින්ය. සිහින් මස් ආහාරයට ගන්නේ නම් අවම වශයෙන් නින්දට යෑමට පැය 3 කට පෙර ආහාරයට ගැනීම ඇත්තෙන්ම හොඳ විකල්පයක් වෙනවා. එය තෘප්තිමත් බවක් ලබා දෙන අතර බර වැඩිවීමට හේතු විය හැකි අධික කැලරි ප්‍රමාණයක් ද අඩංගු වන්නේ නැත.ප්‍රමාණවත් ප්‍රෝටීන් ලබා ගැනීමට දවස පුරා මස් අනුභව කළ හැක. නමුත් උදේ ආහාරයට ගැනීමෙන් ප්‍රවේශම් වන්න. මන්ද මේ වගේ අධික ආහාර වේලක් ගැනීමෙන් ශරීරයට ජීර්ණය විමට අපහසු විය හැක.

7. Nuts-ඇට වර්ග සෞඛ්‍ය සම්පන්න මේද හා කැලරි ලබා ගැනිම සඳහා හොඳ ප්‍රභවයක්. නමුත් ඒවා රාත්‍රී ආහාර වේලක් ලෙස ලබා ගැනීම හොඳ විකල්පය නොවේ. ඇතැම් ඇට වර්ග ආහාරයට ගැනීම ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්න නමුත් ඕනෑවට වඩා ඒවා තිබෙනවා නම් නින්දට යාමේ ගැටළු ඇති කිරීමට වගේම ජීර්ණය වීමටත් බොහෝ කාලයක් ගතවෙනවා.සියලු ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා උදේ ආහාරය සඳහා හෝ ඔයාගේ ආහාර වේල් අතර සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස ගත හැක. හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍යකරණය කිරීම සහ බර අඩු කර ගැනීමට වගේම සමේ සහ හිසකෙස්වල සුන්දරත්වයට ද දායක වෙනවා.

8. අධික ලෙස මේදය අඩංගු චීස්නින්දට පෙර චීස් ආහාරයට ගැනිමෙන් ඈත්ව සිටීම වඩා හොඳයි. අධික ලෙස මේදය අඩංගු චීස් ජීර්ණය විමට අපහසු විය හැක. එයින් අදහස් කරන්නේ ඔයා සවස් වරුවේ හෝ නින්දට ආසන්නව ආහාරයට ගන්නේ නම් එය අසහනය සහ නින්දට බාධාවක් විය හැකි බවයි.අනෙක් අතට, උදේට චීස් ටිකක් ආහාරයට ගැනීම මගින් ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබා ගත හැකි අතර එය මාංශ පේශි වර්ධනයට හා අස්ථි සෞඛ්‍යය ද ප්‍රවර්ධනය කරනවා.

9. පැඟිරි පලතුරු-නැවුම් මිරිකන ලද පැඟිරි යුෂ වීදුරුවක් සමඟ ඔයාගේ දවස ආරම්භ කිරීම සෞඛ්‍ය සම්පන්න බවක් පෙනෙන්නට තිබුණත් එය එසේ නොවේ. පැඟිරි ගෙඩි ඉතා ආම්ලික වන අතර ඒවා ප්‍රධාන ආහාර වේලෙන් පසුව ආහාරයට ගැනීමෙන් ඇසිඩ් සෑදීම වැඩි වන අතර එමඟින් අජීර්ණය, ආමාශයේ බර දැනීම සහ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය අඩු වීම වැනි අප්‍රසන්න ආහාර ජීර්ණ ගැටළු ඇති විය හැක. පලතුරු යුෂවල රස විඳීමට ආහාර වේලෙන් පසු ටික වේලාවක් රැඳී සිටින්න.

10. බෝංචි වල තන්තු වැඩි බැවින් රාත්‍රියේදී ඒවා ආහාරයට ගැනීමෙන් ඉදිමීම ඇති විය හැකි අතර සමහර අයට නින්දේ ගුණාත්මක භාවයද අඩු වෙනවා. මෙම නිෂ්පාදනය සමඟ ප්‍රවේශම් වීම වඩා හොඳයි. බෝංචි යනු දිවා ආහාරය සඳහා හෝ කලින් රාත්‍රී ආහාරය ගන්නා විට කදිම ආහාරයකි. මේ ආකාරයෙන් ගැනීමෙන් සියලු ප්‍රයෝජනවත් අමුද්‍රව්‍ය ජීර්ණය වනු ඇත. නමුත් ඔයාට බඩ පිරුණු ගතියක් දැනෙනු ඇත.

11. ඇපල් වල තන්තු බහුල වන අතර ආහාර දිරවීම සහ මහා බඩවැලේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන ස්වභාවික අම්ල අඩංගු වෙනවා. නමුත් ඔයා සවස් වරුවේ ඇපල් අනුභව කරන්නේ නම් එමගින් ලැබෙන අම්ලය ආමාශය තුළ යම් අපහසුතාවයක් ඇති කරනවා. රාත්‍රියේදී ඇපල් ආහාරයට ගැනීමෙන් අධික ලෙස වායුව සෑදීම හා බඩවැල්වල ගැටලු ඇති විය හැක. එය සිදු වන්නේ රාත්‍රියේදී ආහාර ජීර්ණය සෙමින් සිදුවන බැවින් ඕනෑම ආහාරයක් ජීර්ණය වීමට වැඩි කාලයක් ගත වන බැවින්ය.ඇපල් ආහාරයට ගත හැකි හොඳම කාලය උදෑසනයි. මේ ආකාරයෙන් ආහාරයට ගැනිමෙන් දිගු නින්දකින් පසු බඩවැල්වල චලනය උත්තේජනය කළ හැකි වෙනවා. ඔයා ප්‍රමාද වී රාත්‍රී ආහාර ගත් විට හෝ අධික ලෙස සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර අනුභව කළහොත් එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා.

12. යෝගට් හිස් බඩෙන් හෝ ඕනෑම ආහාර වේලකට පෙර යෝගට් ආහාරයට ගැනීමෙන් වළකින්න. යෝගට් වල ලැක්ටික් අම්ලය අඩංගු වන අතර එමගින් ආමාශයේ ආම්ලිකතාවය අඩු කරනවා. ප්‍රධාන ආහාරය ගන්නා අතරතුර එය ගැනිමෙන් ආහාර දිරවීම සෙමින් සිදු කරයි.
ඔයාගේ ආහාර ජීර්ණය සඳහා ලැක්ටික් අම්ලයේ සියලුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ප්‍රධාන ආහාර වේලෙන් පැය 1-2 ක් පමණ ගත වීමෙන් පසු යෝගට් පානය කරන්න. නින්දට යාමට පෙර යෝගට් කුඩා ප්‍රමාණයක් ගැනිම හොඳ විකල්පයක් වෙනවා. මන්ද එය ඔයාගේ ශරීරය ප්‍රෝටීන් වලින් පුරවන අතර මාංශ පේශි වර්ධනයට ද දායක වෙනවා.