අපි ඉන්නේ 2020 වර්ෂයේ.මේ වෙනකොටත් අවුරුද්දෙන් බාගයක්ම වගේ ගෙවිලා ගිහින් අපි නොදැනුවත්වම.ඉතින් 2020 වර්ෂය ආරම්භ වනවිට ඔබ මෙම වර්ෂය ගත කරන ආකාරය ගැන දහසකුත් බලාපොරොත්තු තබාගෙන සිටින්නට ඇති.පාරිසරික සාධක,භෞතික සාධක ආදී නොයෙකුත් බාධා අපි කරා මෙම වර්ෂයේදී ළඟා වුණා.එයයි ස්වභාවධර්මයේ නියමය.නොවෙනස්වන කිසිම දෙයක් මේ ලෝකයේ නෑ.ඔබ මෙම ලිපිය කියවන විටත් ලෝකයේ තැනින් තැන බොහෝ දේවල් ඔබ නොදැනුවත්වම වෙනස් වෙමින් පවතිනවා.නමුත් ජීවිතයේ අභියෝගය වන්නේ සාධක කෙසේ නිර්මාණය වුවත් කෙසේ හෝ අපේ අරමුණු සාර්ථක කර ගැනීමට අපි දක්ෂ වීමයි.

කුමන තත්වයක් හමුවේ වුවද නොසැලී අපේ ඉලක්ක ජය ගැනීමට අපිට ශක්තිය,ධෛර්යය තිබේ නම් ලෝකය කෙතරම් වෙනස් වුවත් අපිට අපේ අනාගතය ගැන බිය වීමට හේතුවක් නැත.කෙසේ නමුත් වර්ෂ ආරම්භයේ ඔබ මෙම වසර ඔබ ගත කරන ආකාරය ගැන නොයෙක් සිතුම් පැතුම් දරන්නට ඇති.වසරෙන් අඩක්ම මේ වනවිට ගෙවී හමාරය.තව ඇත්තේ වර්ෂ අවසානය පමණි.ඉතින් ඔබ මේ වනවිට ඔබේ අපේක්ෂාවන් කොතෙක් දුරට සඵල කර ගත්තාද කියා ඔබ ඔබගෙන්ම ප්‍රශ්නයක් ඇසීමට සුදුසුම කාලය වන්නේ මෙයයි.

මන්ද එවිට වසරෙන් අඩක්ම තව ඇති බැවින් ඔබට ඔබේ අපේක්ෂාවන් කරා ළඟා වීමට එයින් පිටුවහලක් ලැබෙන නිසාය.ඉතින් මෙම වසර අවසානය වන විට ඔබට අපේක්ෂා කල හැක්කේ කුමක්ද?මෙම සරල පරීක්ෂණය සිදුකර එය සොයාගන්න.ඔබට කිරීමට ඇත්තේ මින් එක් කාඩ්පතක් තෝරා ගැනීම පමණි.

කාඩ්පත අංක 1 රැකියා හා මූල්‍යමය කටයුතු :ඔබේ වෘත්තිය හෝ අධ්‍යයන කටයුතුවලදී අලුත් හා යහපත් ආරම්භයක් ඔබ අපේක්ෂා කරයි.ඔබගේ රැකියා/සේවා ස්ථානය වඩාත් සාර්ථක හා ලාභදායි එකක් බවට පත් කිරීමට අදාල වන ඔබටද වැඩ කළහැකි ව්‍යාපෘතියකට අඩිතාලම දමනු ඇත.එසේම කාලයත් සමඟම ඔබට අතිරේක ආදායමක් ඉපයීමට හැකි නව ආදායම් මාර්ගයක්ද ඔබ වෙත විවර වෙනු ඇත.ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සිහින දැක්කා නම් එය ආරම්භ කිරීමට සුදුසුම කාලය වේ.ඔබ යම් සමාගමක් යටතේ වැඩ කළා නම් ඔබගේ දියුණුවට ආයතන ප්‍රදානින්ගේද සහය ලැබෙනු ඇත.

පෞද්ගලික ජීවිතය:ඔබ දැනටමත් ආදර සබඳතාවයක නොසිටින්නේ නම් මෙම වසර අවසන් වීමට පෙර ඔබට විශ්වාසදායි යහපත් සහකරුවෙකු හෝ සහකාරියක හමු වීමට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ඇත.යහපත් අන්තර් පුද්ගල සබඳතාවයක් ඔබ දෙපල අතර පවත්වා ගතහොත් ඔබලාගේ සබඳතාවය විවාහය දක්වාම ගෙන යාමට ඔබට හැකි වෙනු ඇත.

කාඩ්පත අංක 2 රැකියා හා මුල්‍යමය කටයුතු:ඔබගේ සියලු පැතුම් ඉටු වෙනු ඇත.මන්ද ඔබ යම් අරමුණක් ඇතුව දිගු කාලීන ආයෝජනයක් 2020 වසරේදී සිදු කර ඇත.ඒ වෙනුවෙන් මහන්සි වී වෙහෙසී ඇත.ඉතින් අනිවාර්යයෙන්ම ඔබගේ මහන්සියේ ප්‍රතිපල ඔබට ලැබෙනු ඇත.එසේම ඔබගේ ආර්ථික මට්ටමේ යම් ප්‍රගතියක් දැකීමට හැක.දුර පළාතක ඥාතියෙකුගෙන් යමක් උරුම වීම නැතහොත් රැකියාවෙන් උසස්වීමක් ලැබීම එසේත් නැතිනම් දැනට ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක් හිමි වෙන නව රැකියාවක් ලැබීම ආදී වශයෙන් හෝ කුමන හෝ ආකාරයකින් වසර අවසානයේ ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් වෙනු ඇත.

පෞද්ගලික ජීවිතය:ඔබටද ආදරය සම්බන්ධයෙන් යහපත් කාලයකි.ඔබට ආදර සබඳතාවයක් තිබුනත් නැතත් මේ වසරේදී නව ප්‍රේම සබඳතාවයක් ඔබ වෙනුවෙන් බලා සිටී.ඔබට ඔබේ දෛවයට තවත් අවස්ථාවක් ලබා දීමට ඔබේ ඉරණම මෙය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන අතර තීරණය ඇත්තේ ඔබ සතුවය.

කාඩ්පත අංක 3 රැකියා හා මුල්‍යමය කටයුතු ඔබට 2020 අවසානය කියා විශේෂයෙන් යමක් බලාපොරොත්තු විය නොහැක.සමහරවිට කලින් රැකියාවෙන් ඉවත් වී ටික කලකට නව රැකියාවක් සොයා ගැනීමට පවා අවශ්‍ය විය හැකිය.එනිසා මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.විශාල මිල දී ගැනීම් නොකරන්න.නමුත් කණගාටු නොවන්න.ඔබ යලි ඔබ කටයුතු කළ ආකාරය ගැන සිතා බලන්න.සිදු වූ වැරදි හදාගෙන නව සැලසුමක් යලි ගොඩනගන්න.ඒ අනුව ඔබේ දියුණුව වෙත කැපවීමෙන් ළඟා වෙන්න.ඔබට ගැලපෙන ඔබ කැමති ක්ෂේත්‍රයෙන් රැකියාවක් තෝරාගන්න.

පෞද්ගලික ජීවිතය:ඔබගේ ආර්ථික මට්ටම සේම පෞද්ගලික ජීවිතයද ඔබේ ආදර සම්බන්දතා ගැනද යලි යලි ඔබ සිතා බැලිය යුතු වේ.ආදරය වෙනුවට තෘෂ්ණාව වැනි හැඟීම් අරමුණු කරගත් සබඳතාවලට ඔබ මුල්තැන දී ඇත.අවසානයේදී හුදෙකලාව ඔබ කරා ළං වීමටද ඉඩ ඇත.එනිසා නැවත වරක් ජීවිතයට අවස්ථාවක් දෙන්න.යහපත් සබඳතාවයක් වෙනුවෙන් ඔබේ කාලය වැය කරන්න.