ඉරුවාරදය කියන්නේ අනපේක්ෂිත ලෙස අපේ ජීවිතයට ඇතුළුවී නොදැනුවත්වම බාධා බොහෝමයක් ඇති කරන්නේ එයින් මිදීමට අපහසු වන ලෙසයි. ඔයා නිතරම හිසරදයෙන් පීඩා විදින කෙනෙක් නම් එය කොතරම් දුෂ්කරදැයි අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔයා එම වේදනාවෙන් මිදීමට නම් පෙති හෝ ව්‍යායාම් කළ හැකි බව විශ්වාස කරනවා වෙන්න පුළුවන්. නමුත් මෙම ප්‍රතිකාර තාවකාලිකයි. එයින් අදහස් වන්නේ ඔයාගේ හිසරදය සැමවිටම නැවත පැමිණිය හැකි බවයි.

මෙන්න ඔයාට කළ හැකි තවත් දෙයක් තිබෙනවා. ඔයාගේ ආහාර වේල වෙනස් කරන්න. ඉරුවාරදය අවුස්සන සමහර ආහාර තිබියදීත් ඒවාට එරෙහිව ඔයාගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ කිසිදු උත්සාහයකින් තොරව ඉරුවාරදය වැළැක්වීමට උදව් කළ හැකි තවත් සමහරක් දේවල් තිබෙනවා. හිසරදය වළක්වා ගැනීම සඳහා ඔයා දිනපතා ආහාරයට ගත යුතු ආහාර ද්‍රව්‍ය 8 ක් අපි ඔයාට කියලා දෙන්නයි සූදානම් වන්නේ.

1. අලිගැට පේර මෙම පුදුමාකාර පළතුරට ආදරය කිරීමට ඔයාට තවත් හේතු අවශ්‍ය නම් අලිගැට පේර ඉරුවාරදය සමඟ සටන් කරනවා. ලුටීන් සහ සීඇක්සැන්ටින් වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අලිගැට පේර මගින් ඔයාගේ දැඩි හිසරදය දුරු කිරීමට හැකි වෙනවා.

2. අත්තික්කා අත්තික්කා අපගේ ශරීරයට ඇත්ත වශයෙන්ම හොඳයි. ඉරුවාරදය සමඟ කටයුතු කිරීමේදී ඒවාද ප්‍රයෝජනවත් වෙනවා. විශේෂඥයන් පවසන පරිදි මෙහි පොටෑසියම් අඩංගු වන නිසා එමගින් දැවිල්ල අඩු කිරීමට සහ හිසරදය වළක්වා ගැනීමට හැකි වෙනවා.

3. සැමන් ඔමේගා -3 මේද අම්ල හා විටමින් B -2 පිරී ඇති සැමන් අනුභව කිරීමෙන් පට්ටිකා කැටි ගැසීම වළක්වයි. මෙය නිතර නිතර හිසරදයට හේතු වෙනවා. එය දැවිල්ල අඩු කරන අතර සමස්තයක් වශයෙන් ඉරුවාරදය සමඟ සටන් කිරීමට ඔයාට උපකාර කරනවා.

4. බතල රසවත් පමණක් නොව ඉරුවාරදය සමඟ සටන් කිරීමටද උපකාරී කරනවා. විටමින් C, විටමින් B 1 සහ පොටෑසියම් බහුල වීම නිසා හිසරදයකින් පෙළෙන විට බතල ආහාරයට ගැනීමෙන් වේදනාව අඩු වන අතර ඔයාට සහනයක්ද ලැබෙනවා.

5. කොමඩු සහ කැරට්ඔයා ඉරුවාරදයෙන් පෙළෙන විට ජලය පානය කිරීමට එය උපකාරී වන හෙයින් කොමඩු, කැරට්, පිපිඤ්ඤා සහ සැල්දිරි වැනි ආහාර අනුභව කිරීමෙන්ද වාසිදායක ලෙස ක්‍රියා කළ හැකි වෙනවා. විජලනය හිසරදයට ප්‍රධානතම හේතුවක් වන අතර ජල මට්ටම පාලනය කර ගැනීමට වග බලා ගන්න.

6. Quinoa සහ ගෝවා ඒවායේ අනෙකුත් සෞඛ්‍ය ප්‍රතිලාභ වලට අමතරව ක්විනෝවා සහ ගෝවාද ඉරුවාරදය වැළැක්වීමට උපකාරී වෙනවා. රයිබොප්ලෙවින්, මැග්නීසියම් සහ යකඩ අඩංගු ක්විනෝවා ඉරුවාරදයෙන් ඈත් කර තබන අතර ගෝවාවල ඔමේගා -3 සහ තන්තු ඇති නිසා එය ඉරුවාරදය වැළැක්වීමට ඇති හොඳම ආරක්ෂාවයි.

7. යෝගට් අධ්‍යයනවලට අනුව විටමින් B හි කොටසක් වන රයිබොප්ලෙවින් ඉරුවාරදයට එරෙහිව වඩාත් ඵලදායී ලෙස සටන් කරන අතර යෝගට්වල ඒවා බහුල ලෙස අඩංගු වෙනවා. ඔයාට නිතර ඉරුවාරදය ඇතිවන්නේ නම් දිනපතා ආහාර වේලට යෝගට් එකතු කර ප්‍රතිඵල බලන්න.

8. ලෙමන් යුෂ විටමින් C අධික ප්‍රමාණයක් අඩංගු වන ලෙමන් යුෂවල සෞඛ්‍යමය වාසි සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ඉරුවාරදය සමඟ සටන් කිරීමද ඉන් එකක් වෙනවා. ඔයා දැඩි හිසරදයකින් පෙළෙන සෑම අවස්ථාවකදීම ලෙමන් යුෂ ස්වල්පයක් වතුර වීදුරුවකට මිශ්‍ර කර ලුණු තේ හැඳි 2 ක් එකතු කර මෙම මැජික් පානය ගෙන බලන්න. එය වේදනාව අඩු කරන අතර ඔනෑම වේලාවක සුවයක් දැනෙනවා.

බෝනස් කොටස – කුරුඳු පේස්ට් කුරුඳු පොතු ටිකක් ගෙන අඹරා ගන්න. ඉන්පසු එයට වතුර ස්වල්පයක් එක් කර ඝන පේස්ට් එකක් බවට පත් කරගන්න. ඔයාට ඉරුවාරදය ඇති වූ විට මෙම පේස්ට් එක ඔයාගේ නළල කෙළවර සහ නළල මත ආලේප කරන්න. මෙම ස්වාභාවික නිවෙස් පිළියම ඉරුවාරදය සමඟ සටන් කරන අතර වේදනාව සමනය කරයි. මිනිත්තු 25-30 කට පසු පේස්ට් එක සෝදා හරින්න.ඉරුවාරදය ඇති වූ විට පිළියමක් යෙදීමට ඔයා කරන්නේ කුමක්ද? අදහස් දැක්වීමේදී ඔයාගේ සෞඛ්‍ය රහස් අපත් සමග බෙදා ගන්න!