අපි සමඟ අදහස් දැක් වූ මේ සූපවේදින් පිසීමේ සියලු උපක්‍රම දන්නා අතර ඒවා අප සමඟ බෙදාගැනීමෙන් සතුටක් ලබයි. ඉතිං මේ සූපශාස්ත්‍ර රහස් දැනගෙන ඔබත් සූපවේදයේ දක්ෂයෙක් බවට පත් වෙන්න.

යෝගට් බිංදු
යෝගට් බින්දු රසවත් ය. වඩා වැදගත් කරුණ වන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වන යෝගට් බිංදු විශේෂයෙන් ළමයින් අතර ප්‍රිය වේ. ඒවා සෑදීම පහසුය: යෝගට් ප්ලාස්ටික් බෑගයකට හෝ රසකැවිලි සිරින්ජයකට දමන්න, බිංදු කුකී ෂීට් එකකට මිරිකා පැය 1 ක් ශීතකරණය තුළ තබන්න.

අඬන්නේ නැතිව ළූණු පෙති කපන්න
ළුෑණු කපන්නට ගොස් ඔබට නැවත කඳුළු සලන්නට නොවන ක්‍රමයක් මෙන්න. ඔබ ආහාර පිසීමට විනාඩි 15 කට පෙර ළුෑණු ශීතකරණය තුළ තබන්න.

බිත්තර වල කටුව පහසුවෙන් ගලවන්නේ කෙසේද
බිත්තර පිසීමේදී ඔබ ලෙමන් පෙත්තක් වතුර භාජනයට දැමුවහොත් තම්බා ගත් බිත්තරවල කටු ඉවත් කිරීම පහසු වනු ඇත. එසේ නැතිනම් ලෙමන් වෙනුවට බේකිං සෝඩා තේ හැන්දක 1/2 ක් වතුර භාජනයට එකතු කිරීම තුළින්ද ලේසියෙන් බිත්තර කටු ගලවන්න පුළුවන්.

බිත්තර නොමැතිව පුළුස්සන්නේ කෙසේද
ඔබ ස්කොන් (කැවිලි වර්ගයක්) හෝ පේස්ට්‍රි පුළුස්සන්නට යන විට හදිසියේම බිත්තර ඉවර වී ඇති බව ඔබට වැටහෙනවා නම්, ඔබට බිත්තර වෙනුවට කෙසෙල් ගෙඩි භාවිතා කළ හැකිය: බිත්තර 1 ක් = ½ කෙසෙල්. කෙසෙල් යොදා පේස්ට්‍රි සෑදීමෙන් ලැබෙන රසය ද නිසැකවම බිත්තර ගෙන දෙන රසයට සමානය.

පරිපූර්ණ කෝපි
මෙම උපක්‍රමය සියලු කෝපි රසිකයන්ට සහ නැවුම් ලෙස පෙරන ලද කළු කෝපි කෝප්පයක් නොමැතිව උදේ අවදි විය නොහැකි අයට සැබවින්ම වටිනවා. පෙරීමට පෙර දියර කෝපි වලට ලුණු හා කුරුඳු ටිකක් එක් කරන්න. බදින ලද කෝපි වල තිත්තකම ඉවත් කිරීමට ලුණු උපකාරී වන අතර කුරුඳු පුදුමාකාර රසයක් එක් කරයි.

පිහියකින් කපන්නෙ නැතිව ඇපල් ගෙඩියක් අඩක් වෙන සේ බෙදන්නේ කෙසේදඔබට ඇත්තේ එක් ඇපල් ගෙඩියක් සහ කෑමට ඉන්නෙ දෙදෙනෙකු පමණක් නම්, ඇපල් ගෙඩිය සමානව දෙකට බෙදීමට පහසු ක්‍රමයක් මෙන්න:

නැට්ට ඇති පැත්ත ඔබ දෙසට හරවන්න ඔබේ අතේ ඇති ඇපල් ගෙඩිය රැගෙන ඇඟිලි වලට පහසු තැනක් ලැබෙන තෙක් හරවා බලන්න.
පහසු බවක් දැනුන විට එය ඔබේ දෑතින් ඔබන්න, නටුව දෙසිනි පසෙකට තල්ලු කරන්න. එය පහසුවෙන් සමාන කොටස් 2 කට වෙන් කරයි.

සුදුළූණු වල පොතු ගලවන වේගවත් ක්‍රමයක්
සුදුළූණු වල පොතු ගලවන්නට යන කාලය ඉතිරි කර ගැනීම සඳහා සුදුළුෑණු තත්පර 15 ක් මයික්‍රෝවේව්වේ අවන් එකේ තබන්න. පසුව ගෙන බලන්න. එහි පොත්ත ඉවත් කිරීම පහසු කරයි.

වඩාත්ම රසවත් බෙල් පෙපර්
බෙල් පෙපර් මිලදී ගැනීමේදී, එය පෙරළා පතුල දෙස බලන්න. ඔබ කොටස් 3 කට බෙදී ඇති බව දුටුවහොත් එය “පිරිමි” බෙල් පෙපර් ය; පතුල කොටස් 4කට බෙදී ඇති නම් එයින් අදහස් කරන්නේ එය “ගැහැණු” බෙල් පෙපර් බවයි. “ගැහැණු” බෙල් පෙපර් පැණිරසයි. ඒවා නැවුම් ලෙස භාවිතා කිරීම වඩා හොඳය.

පිහියක් භාවිතා නොකර රෝල්ස් සමාන කොටස් වලට කපන්න
කේක් හෝ රෝල්ස් සමාන කොටස් වලට ඉක්මනින් කපා ගැනීමට ඔබට නූලක් භාවිතා කළ හැකිය.

ෆ්‍රයිස් වලට වඩා හොඳයි ප්‍රංශ ෆ්‍රයිස් වලට වඩා හොඳ දෙයක් නැතැයි ඔබ සිතන්නේ නම්, මෙය පිසීමට උත්සාහ කරන්න:
අර්තාපල් තුනීවට කපා ගන්න ඔලිව් තෙල් සමග තුනීවට කැපූ අර්තාපල් වලට බටර් දමා රසයට ලුණු හා ගම්මිරිස් එක් කරන්න.
මිනිත්තු 40 ක් 220 ° C ට රත් කළ උඳුනක තබන්න. මේ ආකාරයෙන් පිසින ලද අර්තාපල් ඔබේ ප්‍රියතම ආහාරය බවට පත් වේවි.

වේගවත්ව අර්තාපල්වල පොතු ගැලවීම
ඔබ අර්තාපල් වල පොතු ගලවන්න අකමැති නම්, මෙම උපක්‍රමය ඔබ සඳහාමය: අර්තාපල් කුඩාවට කපා ගන්න. පෑන් එකකට උණු වතුර වත් කර අර්තාපල් ටික දමා ලිප මත තබා එය උතුරන තෙක් සිටින්න. පසුව උතුරන වතුර වලින් ඉවත් කර භාජනයකට සීතල වතුර දමා අල ටික දමන්න. අර්තාපල් එකක් ගෙන පොත්ත ගලවන්න. අර්තාපල් වල පොත්ත මේ ආකාරයෙන් පහසුවෙන් ඉවත් කළ හැකිය.