ඔයාගේ ඇස් පිහාටුවල වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා විවිධ ක්‍රම තිබෙනවා: ඔයා ඒ සදහා කැමති තෙල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ ඇස් පිහාටු සම්බාහනය කරන්න පුළුවන්. ඔයාගේ මේක් අප් වලට විවේකයක් ලබා දෙන්න. නමුත් ඒවා වැඩි දියුණු කිරීමට ඇති පහසුම ක්‍රමය නම් එදිනෙදා ඔයා ගන්නා ආහාර විවිධාංගීකරණය කිරීමයි. ඔයා කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න හා රසවත් ආහාර අනුභව කිරීම පමණයි. එය ඔයාගේ ඇස් පිහිටු පමණක් නොව මුළු ශරීරයටම ප්‍රයෝජනවත් වෙනවා.දිගු හා සෞඛ්‍ය සම්පන්න ඇස් පිහාටු ලබා ගැනීම සඳහා අවශ්‍ය විටමින් ශරීරයට ලබා දෙන්නේ කුමන ආහාරද? හා පහසුවෙන් ලබා ගත හැකි නිෂ්පාදන මොනවාදැයි දැන ගැනීමට අපි අන්තර්ජාලය පුරා සොයා බැලුවා.

1. බිත්තර
එය වැදගත් වන්නේ ඇයි: බිත්තරවල ප්‍රෝටීන් ඉහළයි.
එමගින් සිදුවන දේවල්: හිසකෙස් සහ ඇස්පිහාටු කෙරටින් වලින් සමන්විත වෙනවා. ප්‍රෝටීන් බහුල ආහාර මගින් ඔයාගේ ශරීරයට නිවැරදි ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් ලබා ගැනීමට උපකාර කරනවා. එමඟින් ඇස් පිහාටු ශක්තිමත් හා දිගු වෙනවා.

2. සැමන්
එය වැදගත් වන්නේ ඇයි: සැමන්වල ඔමේගා -3 මේද අම්ල, විටමින් D සහ විටමින් B අඩංගු වෙනවා.
එමගින් සිදුවන්නේ කුමක්ද?: ඔමේගා -3 මේද අම්ල මගින් ඇස් පිහාටු කැඩී යෑම වළක්වමින් එය ආරක්ෂා කරනවා. විටමින් D සහ විටමින් B මගින් ඇස් පිහාටුවල වර්ධනය වැඩි කරනවා.

3. ඇට වර්ග
එය වැදගත් වන්නේ ඇයි: ඇට වර්ග මගින් ශරීරයට අවශ්‍ය ඔමේගා -3 අම්ල සහ විටමින් E ලබා දෙනවා.
එමගින් සිදුවන දේවල්: මේද අම්ල හා විටමින් E එකට එකතු වෙමින් කුඩා කුහර මගින් රුධිරය හා ඔක්සිජන් ගෙන යනවා. එමගින් රුධිර ප්‍රවාහය වැඩි කරන අතර කෙස් ශක්තිමත් කරනවා. එය ඔයාගේ ඇස් පිහාටු වැඩි කාලයක් තබා ගැනීමට උපකාර කරන අතර ඒවා ඉක්මණින් වර්ධනය වීමටද දිරිගන්වනවා.

4. පලතුරු සහ එළවළු
එය වැදගත් වන්නේ ඇයි: පලතුරු සහ එළවළු වල විටමින් A සහ ​​C අඩංගු වෙනවා.
එමගින් සිදුවන දේවල්: මෙම විටමින් ඇස් පිහාටු වර්ධනයට සහ කොලජන් නිෂ්පාදනයට ප්‍රයෝජනවත් වෙනවා. පලතුරු සහ එළවළු පොතුවල සිලිකා අඩංගු වන අතර එය ඔයාගේ ඇස් පිහිටු දිගු හා සෞඛ්‍ය සම්පන්න වීමට උපකාරී කරනවා.

5. හතු
එය වැදගත් වන්නේ ඇයි: හතුවල විටමින් B 3 නැමති වටිනා ප්‍රභවයක් අඩංගු වෙනවා.
එමගින් සිදුවන දේවල්: එමගින් ඔයාගේ රුධිර සංසරණය වැඩි දියුණු වන අතර කෙරටින් නිපදවීමට උපකාර කරනවා. විටමින් B 3 ඇහිබැම වර්ධනය උත්තේජනය කරන අතර වියළි හා අස්ථාවර ඇස් පිහාටු ඉවත් කරනවා. එය සෛල උත්පාදනය කිරීමට උපකාරී වන අතර ඔයාගේ ඇස් පිහාටු පිටතට වැටීම වළක්වනවා.

6. බෝංචි
එය වැදගත් වන්නේ ඇයි: බෝංචි වල විටමින් H සහ ෆෝලික් අම්ලය අඩංගු වෙනවා.
එමගින් සිදුවන දේවල්: විටමින් H හිසකෙස් වල රුධිර ප්‍රවාහ වැඩි කරනවා. ඔයාගේ ඇස් පිහාටු ඝනව වැඩීමට උදව් කරන අතර ඒවා වියළී යෑම හා පිටතට වැටීම වළක්වනවා. නිරෝගී ඇස් පිහාටු සඳහා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ මේද අවශෝෂණය කර ගැනීමට එය ඔයාගෙ ශරීරයට උපකාරී කරනවා. ෆෝලික් අම්ලය මගින් ඇස් පිහාටු අස්ථාවර වීම වළක්වනවා.

7. ධාන්‍ය වර්ග
එය වැදගත් වන්නේ ඇයි: ධාන්‍ය වර්ග විටමින් B 6 සහ යකඩ වලින් පොහොසත් ය.
එමගින් සිදුවන දේවල්: විටමින් B 6 මෙලනින් නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඇස් පිහාටුවලට වර්ණක ලබා දෙනවා. යකඩ මගින් කෙස් දුර්වල වීම හා පිටතට වැටීම වළක්වනවා.ඔයාගේ ඇස් පිහාටු දිගු හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට ඔයා කරන්නේ කුමක්ද? කැමතිද අපත් සමග ඔයාගේ අදහස් බෙදා ගන්න.