ජූලි 9 වනදා කොලොම්බියාවේ ටුළුවා වැලේ ගම්මානය අසල අහසේ පියාසර කරමින් සිටි කුරුල්ලෙකු එක්වරම අහසේදීම ගල් ගැසෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබුණා. හචිසෙරෝ නම් ට්විටර් ගිණුම් හිමියකු විසිනුයි මෙම වීඩියෝ මුදාහැර තිබුණේ. එම වීඩියෝවේ දැක්වෙන්නේ තට්ටු 2ක නිවසක වහලයට ඉහළින් පියාසර කරමින් සිටි සුදු පැහැති කුරුල්ලෙකු එක්වරම තටු විහදාගෙන සිටි ආකාරයෙන්ම චලනය වීම නැවතී ගල් ගැසෙන ආකාරයයි. පාරේ ඇවිදිමින් සිටි පුද්ගලයෙකුද නැවතී ඒ දෙස බලා සිටින අයුරුද වීඩියෝවේ දැක්වෙන අතර කුරුල්ලා වෙත සමීප කර ලබා ගන්නා දර්ශන වල දැක්වෙන්නේ ඌ ඉතාම සෙමෙන් වෙවුලන ආකාරයයි.

තවත් පුද්ගලයකු විසින් එය ඉන්ස්ටග්‍රෑම් හරහාද ෂෙයාර් කර තිබූ තිබුනේ, “5G ඇන්ටෙනාවක් අසල වාතයේ ස්ථිතික පරවියෙකු සිටින අතර ඒ අසල වයර් නොමැති බව පෙනේ. ටුලුවා වලේ. ” යන වැකියත් සමගයි. ස්වයං ප්‍රකාශිත UFO විශේෂඥයකු වන ස්කොට් සී වේරින්ග්, වීඩියෝවේ ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට උත්සාහ කළ අතර ඔහු එය “නැතිවූ කාලය පිළිබඳ සංසිද්ධිය(Phenomenon of missing time) ” ලෙස හඳුන්වනවා.

වාර්තාවක වේරින්ග් පවසන්නේ “මේ ඔබ දිනපතා නොදකින දෙයක්. 5G කුළුණක් අසල සුදු පැහැති පරෙවියෙකු ගල් ගැසී තිබෙනවා. එය හරියට 5G ඇන්ටෙනාව විසින් කාල බුබුලක්(Time bubble) නිර්මාණය කර ඇති ආකාරයකුයි පෙනෙන්නේ. මෙම අහිංසක පරවියා එයට හසු වීමට තරම් අවාසනාවන්ත වි තිබෙනවා.” යනුවෙනි. “කොහොම වුනත් 5G කුළුණු කරන්නේ කුමක්දැයි අපි හරියටම දන්නේ නැහැ. විකිරණ නිකුත් වීම වැඩි වීම, ප්‍රදේශයේ ස්ථිතික විදුලිය වැඩි වීම වැනි දේවල් සිදුවෙන්න පුළුවන්. නමුත් කාලයාගේ ඇවෑමෙන් කාල බුබුලක් නිර්මාණය කිරීමට එයට පුලුවන්ද? පියවි ඇසට නොපෙනෙන නමුත් ඒ බුබුල තුල පමණක් සෑම විටම කාලයේ වේගය අඩු වීම හෝ නතර වීම සිදු වෙනවාද? ” වේරින්ග් වැඩි දුරටත් පවසා තිබුණා.

මේ අතර, වෙනත් විවිධ විචාරකයින් නව පැහැදිලි කිරීම් සෙවීමට උත්සාහ ගෙන තිබුණා. සමහරු යෝජනා කළේ ඇත්ත වශයෙන්ම වයර් හා විදුලියෙහි බලපෑමක් නිසා එය සිදු වන බව වන අතර තවත් සමහරු ගුප්ත විද්‍යාවට එය භාර කලා. ඒ අතර සමහරු සමාන්තර යථාර්ථයන් පිළිබඳ න්‍යායක් යෝජනා කරනවා. මේ කුමන සිද්ධාන්තය ඉදිරිපත් වුණත් කුරුල්ලාට ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක් දැයි තවමත් නිශ්චිත ලෙස සොයා ගැනීමට හැකි වී නැහැ.