සීසීටීවී කැමරාවල දර්ශණය වූ අද්භූත සිදුවීම් 10ක්.

හොල්මන්,අවතාර අද්භූත සිදුවීම් කියන්නේ ලංකාවේ ජීවත් වෙන අපිට නුපුරුදු දෙයක් නෙමෙයි.අපි ඔනෑතරම් ඒ වගේ අද්භූත දේවල් පිලිබදව කතා අහල තියෙනවා.නූතන විද්‍යාව මගින් මේ අද්භූත දේවල් සහ හොල්මන් සියයට සියයක් පිලිගෙන හෝ බැහැර කරල නැති නිසා දිගින් දිගටම මේ සම්බන්ධ පර්‍යේශණ මේ මොහොතේත් සිදු වෙමින් තියෙනවා.හොල්මන් හා ඒ සම්බන්ධ අවතාර පිලිබදව දිගින් දිගටම පර්‍යේශණ සිදු කරපු බටහිර අති දක්ෂ මනෝ විද්‍යාඥයෙක් විදියට එඩ් වොරන් හදුන්වන්න පුලුවන්. ඔහු විසින් දියත් කරපු අද්භූත ඇනබල් බෝනික්කාගේ පරීක්ෂණය වගේම ඇමිට්විල් අභිරහස් නිවසේ පරීක්ෂණය අද වනතුරු ඉතිහාසයේ අතිශයින් බිහිසුණු පරීක්ෂණ දෙකක් වෙනවා.ඉතින් මේ තරම් දියුණු මේ ලෝකයේ සමහරක් වෙලාවල් වලට අපිට හිතාගන්න බැරි අද්භූත සිදුවීම් කොතෙකුත් සිදු වෙන්න පුලුවන්. සීසීටීවී කැමරා වලට අසු උන එවැනි අද්භූත සිදුවීම් 10 ක් මේ වීඩීයෝවේ අන්තර්ගත වෙනවා. ඔයත් අද්භූත,ත්‍රාසජනක දේවල් ගවේෂණය කරන්න කැමති කෙනෙක් නම් මේ වීඩීයෝව අවසානය වන තුරු නරබන්නට අමතක කරන්න එපා.

අංක එක හෝටල් පරිශ්‍රයක සිදු වූ අද්භූත සිදුවීම.

මේ සිදුවීම සිදු වන්නේ 2013 වසරේ දෙසැම්බර් 8 වනදායි. වෙනදා වගේම රාත්‍රිය සුපුරුදු විදියට ගත වෙමින් පැවතුනා.නමුත් සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ අලුයම 1.30 වන විටයි. හෝටලයේ ප්‍රධාන දොර ඉදිරියේ සීසීටීවී කැමරාවක් ස්තානගත කර තිබුණා.මේ ඒ සීසීටීවී කැමරාවේ පටිගත වූ දර්ශණයයි.අලුයම 1.30 ට පමණ ප්‍රමාණයෙන් කුඩා ජීවියෙක් කැමරාව ඇති ස්තානය වෙත ක්‍රමයෙන් ඇදී එන ආකාරය එහි සටහන් වී තිබුණා.නමුත් එකවරම…. එම ජීවියා එම ස්තානයෙන් අතුරුදහන් වී ගියා.කැමරාවේ පටිගත වූ ආකාරයට එම ජීවියා සාමාන්‍ය මිනිසෙකුට වඩා ප්‍රමාණයෙන් ඉතා කුඩා බව අපිට දකින්නට පුලුවන්. කිසිලෙසකින්වත් කුඩා දරුවෙක් මෙවැනි වෙලාවක පිටත පරිසරයේ ගත නොකරන නිසා මේ සිදුවීම මේ වනතුරුත් පැහැදිලි කරගැනීමට හැකියාවක් ලැබී නැහැ.එසේම ඉන්පසුව මේ ජීවියා අතුරුදහන් වූයේ කුමන ස්තානයකටද යන්නත් කිසිවෙකුත් නොදන්නා කාරණයක්.

අංක දෙක නිවසේ සිදු වූ අද්භූත සිදුවීම.

බ්ලේක් ස්මිත් නිවසේ තනිවම ජීවත් වූ තරුණයෙක්.ඔහු නිවසේ උඩු මහලේ නිදාගෙන සිටියදී එකවරම ඇසුණු විලාප ශබ්දයක් නිසා බෙහෙවින් බියට පත් වී තිබෙනවා.එම ශබ්දය ඇසී තිබුණේ ඔහු ජීවත්වන නිවසේ පහත මාලයෙන්.මේ සිදුවීම දින කිහිපයක්ම සිදු වූ නිසා එක් රාත්‍රියක පහත මාලයට ගොස් මේ අභිරහස විසදා ගැනීමට ස්මිත් තීරණය කලා. පහල මාලය නිරීක්ශණය කරන අතරේ තම ජංගම දුරකතනයෙන් සියල්ල පටිගත කිරීමට ඔහු අමතක කලේ නැහැ.දොරවල් වල සහ ජනෙල් වල ඇති සියුම් සීරුම් සලකුණු හැරෙන්නට වෙනත් කිසිවක් සොයා ගැනීමට ඔහු සමත් වුනේ නැහැ. අවසානයේ ස්මිත් පොලීසිය කැදවා විසදුමක් ලබා ගැනීමට උත්සාහ කලත් පොලීසියට සොයා ගැනීමට හැකි වුනේ තෙත් වූ අඩි සලකුණු කිහිපයක් පමණයි.ඔහුගේ නිවසේ පහත මාලයෙන් මේ ආකර්‍යට ඇසෙන අද්භූත හඩ කුමක්ද? ඔබේ අදහස කමෙන්ට් එකකින් පල කරන්නට අමතක කරන්න එපා.

අංක තුන අදුරු මාර්ගයේ අභිරහස.

රාත්‍රී කාලයේ පාලු පාරක තනිවම වාහනයක් පදවන්නට කිසිදු පුද්ගලයෙක් කැමැත්තක් දක්වන්නේ නැහැ.නමුත් අපේ කතා නායකයාට වෙනත් කල හැකි යමක් තිබුනේ නැහැ.2017 වසරේ අගෝස්තු 8 වන දින ඔහු තනිවම තම මෝටර් රතය පදවමින් සිටියේ රාත්‍රී 11.15 ට පමණයි. එකවරම ඔහු දුටු දෙයින් අතිශයින් කම්පනයට පත් වුණා. සුදු පැහැගත් ලේ වැකුණු කමිසයකින් සැරසුණු කාන්තාවක් ඔහුගේ වාහනය ඉදිරියේ සිටගෙන සිටින ආකාරය ඔහුට දකින්නට ලැබුණා.අතිශයින් බියට පත් වුණු ඔහු සිදු කලේ හැකි තරම් වේගයෙන් වාහනය පසු පසට ධාවනය කිරීමයි.මේ වීඩීයෝව සම්බන්ධව බොහෝ දෙනා විවිධාකාරයේ මත පල කලත් එය සත්‍ය හෝ අසත්‍ය බව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

අංක හතර සිංගප්පූරුවේ රාත්‍රී සමාජ ශාලාවේ අභිරහස.

වෙනදා මෙන්ම සිංගප්පූරුවේ ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වූ මේ සමාජ ශාලාව බෙහෙවින් කාර්‍යබහුලව පැවතුණා.පුද්ගලයන් මත්පැන් පානය කරමින් නටමින් සතුටින් කාලය ගත කර්මින් සිටියා.නමුත් අතිශයින් සාමන්‍යව පැවතුණු තත්වය වෙනස් වූයේ ත්‍රාසජනක සිදුවීමක් සමගයි. සමාජ ශාලාව තුල තිබූ පුටුවක් හේතුවක් නැතිවම පැද්දෙමින් තිබෙන ආකාරය ඔබට පෙනෙනවා ඇති. ඒ අවට සිටි අයට ඒ පිලිබද අවධානය යොමු වුනේ හේතුවක් නොමැතිවම එය බිමට පතිත වූ විටයි.සියලුම දෙනා බිමට වැටුණු ස්ටූලය ගැන අවධානය යොමු කරන විට පිටුපසින් එක්තරා වස්තුවක් හෝ ජීවියෙක් අද්භූත ලෙස ගමන් කරන ආකාරය කැමරාවේ සටහන් වී තිබුණා.උදෑසන 3 ට පමණ රාත්‍රී සමාජ ශාලාවක කුඩා දරුවෙක් ගමන් කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බැවින් මේ කුඩා ජීවියා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරනය වී නැහැ.

අංක පහ අට්ටාලයේ අභිරහස.

පෘතුගාලයේ ජීවත් වන යුවලකට තමන්ගේ නිවසේ ඉදි කර තිබූ සුන් බුන් බහා තිබුණු අට්ටාලයකින් යම් යම් ශබ්ද රාශියක් ඇසෙන්නට පටන් ගත්තා. මේ නිසාම ඔවුන් දෙදෙනා එය පරීක්ශා කර බැලීමට තීරණය කලා.ඔවුන් පරීක්ෂා කිරීමට ආරම්භ කල මොහොතේත් යම් යම් ශබ්ද ඇසෙන්නට පටන් ගත් නිසා කාන්තාව එය පරීක්ෂා නොකරන ලෙස ඇයගේ සැමියාගෙන් ඉල්ලා සිටියත් ඔහු අට්ටාලයට නැග සියල්ල පරීක්ෂා කලා. ත්‍රාසජනක සිදුවීම සිදු වූයේ ඔහු අට්ටාලයෙන් බිමට බැසගත් අවස්තාවේයී.ඔහු බිමට බසින අවස්තාවේ ඔහු දෙස බලාගෙන සිටින විශාල දෙනෙතක් සහිත අද්භූත ජීවියෙක් ඔහුගේ කැමරාවේ සටහන් වී තිබුණා.කෙසේ වෙතත් මේ සිදුවීම සත්‍ය එකක්ද හෝ නැද්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

අංක හය අලුතෙන් මිලදී ගත් නිවසේ අභිරහස.

කාන්තාවක් විසින් තමන්ගේ පෞව්ලේ අයට ජීවත් වීම සදහා නව නිවසක් මිලදී ගැණීමට තීරණය කලා.නමුත් මාසයක් පමණ ගත වන විට ඇයට අත් දකින්නට වූ සමහරක් දේවල් අසාමාන්‍ය නිසා යම් පියවරක් ගැනීමට ඇය තීරණය කලා.රුසියානු ජාතිකයෙක් සහ ජනප්‍රිය යූ ටියුබ් චැනලයක හිමි කරුවෙක් වෙන ghost buster යන නමින් හදුන්වන මෙම පුද්ගලයා අත් හැර දමා තිබෙන ගොඩනැගිලි සහ අසාමාන්‍ය දේවල් සිදුවන නිවාස වල තම පර්‍යේෂණ මෙහෙයවනු ලබනවා.ඔහු මෙම නිවස තුල තමන්ගේ කැමරා ආම්පන්න අටවා දින කිහිපයක් නිරීක්ශණය කලත් කිසිදු දෙයක් සොයා ගැනීමට ඔහු සමත් උනේ නැහැ.අවසානයේ ඔහු තමන්ගේ කැමරා වලින් ලබා ගත් වීඩීයෝ තම චැනලය ඔස්සේ අප්ලෝඩ් කර් තිබුණා.ඔහු පවා දැක නොතිබූ අතිශයින් අසාමාන්‍ය සිදුවීමක් දැක ගැනීමට ප්‍රේක්ශකයින්ට අවස්තාවක් ලැබුනේ ඉන් පසුවයි.ඔහු ඉහල මාලයට නගින අවස්තාවේ නිළ ඇදුමක් වැනි ඇදුම්කින් සැරසී පුද්ගලයෙක් ඔහු පසුපස එන ආකාරය ඔහුගෙ නරබන්නන් නිරීක්ශණය කර තිබුණා.කැමරාවෙ සටහන් වූ පුද්ගලයා කවුරුන්ද යන්න අදටත් අභිරහසක් ලෙස ඉතිරි වී තිබෙනවා.

අංක හත වනාන්තරයේ අභිරහස.

ඉන්දියාවේ ජීවත් වන බැටලුවන් පාලනය කරන පුද්ගලයෙක් රාත්‍රී කාලයේ නිවසින් පිටවී ගියේ තමන්ගේ නැති වූ බැටලුවෙක් සොය ගැනීමේ අරමුණෙන්.ඔහු අවට පරිසරය නිරික්සමින් තම නැතිවූ බැටලුවා සොයමින් පැයක් පමණ ගත කලා.මෙසේ සෝදිසි කරන අවස්තාවක වන ලැහැඹක් වෙත ඔහුගේ දෙනෙත් යොමු කල අතර දුටු දසුනින් ඔහු අතිශයින් බියට පත් වුනා.ඔහු දුටුවේ තමා වෙත දෙනෙත් දල්වාගෙන සිටින මින් පෙර නොදුටු ආකාරයේ ජීවියෙක්.දුටු වහාම ඔහු එම ස්තානයෙන් ඉවත් වූවත් ඔහුගේ ජංගම දුරකතන කැමරාවේ සියල්ල සටහන් වී තිබුණා.

අංක අට ගොවිපලේ අභිරහස.

තාම්න්ගේ නිවස ආසන්නයේ ඇති ගොවිපලෙන් අද්භූත ශබ්දයක් ඇසෙන්නට වූ නිසා ඔහු එය නිරීක්ෂණය කරන්නට තීරණය කලා. ඒ සති අන්තය වූ නිසා ඔහු තම නිවසේ එදින ජීවත් වූයේ තනිවමයි. ගොවිපලට ඇතුල් වූ ඔහුට තමන්ගේ ආයුධ සහ ආම්පන්න විසීරී තිබෙන බව දැක ගන්නට හැකි උනා.ගොවිපලේ බිම නිරීක්ශනය කලත් කිසිවක් සොයා ගැනීමට ඔහුට හැකි උනේ නැහැ.ඒ නිසාම ඔහු ගොවිපලේ වහලය වෙත දෙනෙත් යොමු කලා.දුටු දසුනින් ඔහු ත්‍රාසයට පත් වුනා.වහලය මත දිස් උනේ යම් අභිරහස් ජීවියෙක් ඔහු දෙස දෙනෙත් යොමාගෙන සිටින ආකාරයයි.කෙසේ හෝ මේ සිදුවීම පිලිබදව බොහෝ දෙනෙක් තමන්ගේ මත පල කර තිබුණා. එයින් සමහරක් මේ සිදුවීම සිදු විය නොහැක්කක් බව පවසද්දී තවත් කිහීපදෙනෙක් එය සිදු විය හැක්කක් බ්වටද තම මතය ප්‍රකාශ කර තිබුණා.

අංක නවය සිරගෙදර සිදු වූ අභිරහස.

ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා කුඩා නගරයක් තුල “කේජ්” නමින් හදුන්වන සිර කදවුරක් පිහිටා තිබුණා.මෙම සිරගෙදර කාන්තාවන් රදවා තබා ගැනීමට සහ එල්ලා මරා දැමීමට යොදාගෙන තිබූ බව සදහන්.මෙම සිරගෙදර තුල නිරන්තරයෙන් අද්භූත දේවල් සිදුවන නිසා ඒ පිලිබද පර්‍යේශණයක් පැවැත්වීමට බ්‍රයන් මැක් සහ ඔහුගේ පිරිස තීරණය කලා.එම පරීක්ෂණය තුලදී එකවරම විදුලි බල්බ වල ස්විච ක්‍රියාත්මක වීම සහ ක්‍රියාවිරහිත වීම ඔවුන් නිරීක්ෂණය කර තිබුණා.එසේම සිරකදවුර තුල ඇසෙන යම් යම් මුණු මුණු ශබ්ද රාශියක්ද අත් දකින්නට ඔවුන්ට හැකි උනා.එම පරීක්ෂණය සිදු කරන අතරතුරේදී එක් සාමාජිකයෙක් සපා කෑමකට ලක් වීම නිසා සහ එක් සාමාජිකාවකට සිදුවූ අසාමාන්‍ය සිදුවීම් පෙළක් නිසා පරීක්ෂණය නවත්වා දැමීමට ඔවුන් තීරනය කලා. එම සාමාජිකාවගේ මුහුණ විකෘති වීමක් සිදු වූ අතරම ශරීරයේ යම් සීරීම් කැළැල් ද දකින්නට ලැබුණු බව සදහන්.

අංක දහය උමගේ අභිරහස.

තමන්ගේ නිවස ආසන්නයේ තිබෙන උමග අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට සිතූ එක්තරා පුද්ගලයෙක් උමග තුලින් ගමන් කරමින් එය වීඩීයෝ කරන්නට තීරනය කලා.උමග බාහිරින් පෙනෙනවාට වඩා අතිශයින් විශාල බව ටික වෙලාවකින් ඔහුට අවබෝධ උනා.උමග තුල කුඩා කුටි සහ මාරග් විශාල ප්‍රමාණයක් තිබෙන බව ඔහු තේරුම් ගත්තා.තවත් අභ්‍යන්තරය නිරීක්ශණය කිරීමට තිබූ ආශාව නිසා ඔහු දිගින් දිගටම ගමන් කලා. උමග අවසානයේ තිබූ කාමරයට ලගා වූ ඔහු ඒ අවට නිරීක්ශනය කලා. දුටු දෙයින් ඔහු අතිශයින් භීතියට පත් වුනා. ඔහු එකවරම දුටුවේ යම් අභිරහස් ජීවියෙක් මාර්ගය තුල අසාමාන්‍ය ආකාරයට චලනය වෙමින් සිටින බවයි.වහාම උමගින් පිටතට ගමන් කිරීමට ඔහු තීරනය කලේ ඉන් පෞසුවයි.

ඉහතදී සදහන් කල ආකාරයටම අද්භූත සිදුවීම් සහ හොල්මන් සත්‍ය ඒවාද හෝ නැද්ද යන්න මේ වන තුරුත් තහවුරු වී නැහැ.මේ වීඩීයෝවේ සදහන් සිදු වීම් ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඒ ගැන කමෙන්ට් තීරුවෙ ඔබගේ අදහස පල කරන්නට අමතක කරන්න එපා.