මෙවර අපි හිතුවා හැමදාම යන තැන් වලින් ටිකක් වෙනස් වෙිලා වෙනස්ම තැනකට යන්න. එකට අපි තෝරා ගත්තේ එදා අපේ දුටු ගැමුණු රඡතුමා ඉදිකල රුවන්වැලි සෑය නිර්මානය කරන්න රිදි සපයපු හරි අපුරු විහාරයක් . ඒ තමයි කුරුණෑගල රිදිගම තියෙන රිදිවිහාරය. උඩරට රාඡධානියේ සමහර පන්සල් වලට රඡ්ඡුරුවන්ගේ අනුග්‍රහය වැඩියෙන් ලැබුනා . ඉතින් එහෙම අනුග්‍රහය ලැබුනු වෙිහෙර විහාර වලට කිවිවෙි රඡමහා විහාර කියලා අද අපි යන්න මෙි ලෑස්ති රිදිවිහාරයත් අන්න ඒ වගේ රඡමහා විහාරයක් තමයි. කුරුණෑගල ඉදන් මහනුවර මාර්ගයේ කි.මි 3ක් විතර පැමිනි පසු හමුවන මල්ලවපිටිය හන්දියෙන් වමට දිවෙන කැප්පිටිගල මාර්ගයේ කි.මි. 20 ක් පැමිනි පසු රිදිගම නගරයට ඹබට පැමිනෙන්නට පුළුවන්.

රිදිගම නගරය පසුකර තවත් මිටර් 500 ක් පමන ඉදිරියට යත්ම රිදිවිහාරය කියලා සදහන් නාම පුවරුවක් ඹබට දැක ගන්නට ලැබේවි එම මන්සන්දියෙන් දකුණට දිවෙන මාර්ගය දිගේ කි.මි.2ක් ගමන් කල පසු රමනිය කදුමුදුනක් මත සුන්දරව පිහිටා තිබෙන රිදිවිහාරය දැක බලා ගන්න පුළුවන්.අපිත් ඉතින් කුරුණෑගල ඉදන් ඹය කිවිව මාර්ගය දිගේ රිදිගමට ඇවිත් රිදිවිහාරයට යන මාර්ගයට සෙන්දු වුනා . රිදිවිහාරයට යන මාර්ගය දිගේ ටික දුරක් ගමන් කරන විටම අපේ නෙත ගැටුනේ හරි අපුරු දසුනක් දෙසයි. රිදිවිහාරයට ගමන්කරන මාර්ගය දෙපස ගල්කුට්ටි මත තැබු විශාල මල්පෝච්චි වල අලංකාර ලෙස විවිධ මල් වර්ග සිටුවා තිබිම පරිසරයට එක්කලේ පුදුම සුන්දර දසුනක් තමයි. ඒ සුන්දරත්වයත් විදගෙනම අපි තව තවත් ඉදිරියට යත්ම අපේ නෙත ගැටුනේ තවත් එවැනිම සුන්දර දසුනක්.

මෙනින් එහාට මාර්ගය වැටි තිබුනේ පුංචි වැවක බැම්ම මතිනුයි . එම මාර්යේ වම් පස වැවි තිබුණු කුබුක් ගස් වලින් එක් කල සිසිලස එක් කලේ පුදුම සනිපයක් තමයි . ඉතින් අපිත් ගමන් මහන්සිය නිවාගෙනම රිදිවිහාරයට යන අදහසින් ටිකක් මෙතන නතර වුනා. එකට ඉතින් වැව අයිනෙම විවෙික ගන්න බංකු ටිකක් දාලා ලස්සන තැනක් ඉදිකරලා තියෙනවා . වැවේ ඉන්න පාට පාට ලස්සන මාලු ටික වැව අයිනට ගියාම අපි ලගටම අවා ඹන්න. ඉතින් මාලු දිහා බලාන හිටියාම ඇතිවුනේ හිතට පුදම සැහැල්ලුවක් තමා. ගමන් මහන්සියත් නිවාගෙනම හිතත් සැහැල්ලු කරගෙන ඹන්න අපි රිදි විහාරයට පැමිනුනා.

රිදිවිහාරයට ආවට පස්සේ තමයි අපට දැන ගන්න ලැබුනේ අප පැමිනි විහාර මාර්ගය පැමිනෙන බැතිමතුන්ගේ නෙත් සිත් සනසන ආකාරයට ලස්සනට නිර්මානය කිරිම සදහා රදිවිහාරයේ නායක ස්වාමින් වහන්සේ වන පූඡ්‍ය තිබිබටුවාවෙි ශ්‍රි සිද්ධාර්ත බුද්ධරක්ඛිත නායක ස්වාමින් වහන්සේගේ අනුසාශනා මත රිදිවිහාර තරුණ බෞද්ධ සංගමයේ පරිසර හිතකාමි වැඩක් බව.පන්සලකට ගියාම ඉතින් නායක හාමුදුරුවෝ බැහැදැකලම යන එක හොදයි කියලා නායන ස්වාමින් වහන්සෙත් බැහැදැකලා අවසර අරගෙනම අපි මුලින්ම ගියේ රිදිවිහාරයේ තියෙන ප්‍රධාන විහාරය වැදපුදා ගන්න. රිදිවිහාරයේ ප්‍රධාන විහාරය පිහිටලා තියෙන්නේ විශාල ලෙනක් තුලයි . විහාරයට ඇතුල්වෙන ප්‍රධන දොරටුවට ඉහලින් ඇති විශාල ගල් බිත්තියේ සිතුවම් අදටත් දැක ගන්න පුළුවන්.

එම සිතුවමුත් බලාගෙනම අපි ප්‍රධාන විහාරයට ඇතුල් වේලා බුදුන් වැදලාම විහාරය නිරික්ෂනය කරන්න පටන් ගත්තා. ඇත්තටම මේ ප්‍රධාන විහාරය සම්පූර්නයෙන්ම පිහිටලා තියෙන්නේ විශාල ලෙනක් තුලයි . 18 රියන් සැතපෙන බුදුපිළිමය හොදින් නිරික්ෂනය කරන කෙනෙකුට දැක ගන්න පුළුවන් දෙයක් තමයි සිවුරක් සෑබෑවට ඇදගෙන සිටින විට රෑලි වැටෙන ආකාරයට නොව යම් රටාවකට රැලි දමා ඇති බව.විහාරය මැද විදුරු අල්මාරියක තැන්පත් කර ඇති රන් පිළිම වහන්සේ තමයි රිදි විහාරයේ ඇති වටිනාම පිළිම වහන්සේ. මේ රන් පිළිම වහන්සේ මෙතනට වැඩිය ආකාරය ගැන හරි අපුරු කතාවක් තමයි තියෙන්නේ.

එදා දුටුගැමුණු රඡතුමාගේ කාලේ මෙි රිදිවිහාරය කිටිටුවෙන් මලය රටට පාරක් තිබිලා තියෙනවා. මෙි හරහා නිතර ගැල් වලින් වේළදාමේ ගිහින් තියෙනවා .දවසක් වෙළදාමේ ආපු ගැල්කරුවො ගමන් මහන්සිය නිවාගන්නත් එක්ක රිදිවිහාරය ආසන්නයේ විවේක අරන් තියෙනවා. විවේක අරන් ආපහු යන්න ලෑස්ති වෙිලා බලන කොට ගොන්නු කිහිප දෙනෙක් ඉදලා නැහැලු. එ ගමන කිහිප දෙනෙක් හරක් හොයන්න කැලේට වැදිලා තියෙනවා . මේ අය පරක් වෙන කොට වෙළෙන්දත් කැලෙට ගිහින් තියෙනවා මෙයාලා හොයන්න.ඒ යන අතරේ තමයි වෙළෙන්දට පැණි වරකා ගෙඩ්යක් හමුවෙලා තියෙන්නේ. ඉස්සර ඉතින් මොනවා කෑවත් ඉස්සර වේලාම හාමුදුරුවන්ට දිලා කන පුරුද්දක් තිබුනනේ . වෙළෙන්දත් ඉතින් මේ පැණි වරකා ගෙඩ්යෙන් කොටසක් හාමුදුරු නමකට පුඡා කරන්න තිබුනනම් හොදයි කියලා හිතලා. ඹහොම හිතන කොටම රහතන් වහන්සේලා හතර නමක් වැඩලා තියෙනවා .

වරකා පිළිගන්වලා යන්න අවසර ඉල්ලුවාම ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ මෙන්න මේ පාරෙන් යන්න කියලා රිදි විහාරය අසලින් පාරක් පෙන්නලා. වෙළෙන්දා ඒ පාර දිගේ යන කොට තමයි දැකලා තියෙන්නේ ගල්ලෙනක් ඇතුලේ රිදි ඉල්ලමක් මතුවෙිලා තියෙනවා. දුටුගැමුනු රඡතුමත් රවන්වැලි සෑය හදන්න වස්තු නෑයි කියා කනස්සල්ලෙන් ඉන්න එකේ මේ වස්තු ලැබුනොත් සතුටු වෙයි කියලා රඡතුමාට මේ බව දන්වලා. එ ගමන සෙනෙවිවරු එවලා රිදි අරගෙන ගියාලු . ඉතින් මේ රිදි ලැබුනු සන්තෝසේටයි දුටුගැමුණු රඡතුමා මේ රිදිවිහාරය කරලා තියෙන්නේ . විහාරයේ වැඩ ඉවර වේලා ඉන්දියවෙන් හදවපු රන් පිළිම වහන්සේ නමක් අනුරාධපුරයේ ඉදන් පෙරහරින් රිදිවිහාරෙට වඩම්මලා තියෙනවා .

අතර මගදි පිළිමෙි වඩම්මපු ගැල ගල් තලාවක් මතින් ගන්න බැරිව නතර වෙිලා තියෙනවා. ඒ වෙිලාවේ රඡතුමා බොහෝ කනගාටුවෙලා පිළිම වහන්සේ මෙතනින් ගෙනියන්න බැරි වුනොත් මම මැරුනත් මෙනින් යන්නේ නැහැ කියලා බිම දිගාවෙිලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ බව දැකපු ඉන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේ අධ්ෂ්ඨාන කරලා තියෙනවා පිළිම වහන්සේ විහාර මන්දිරයට වඩින ලෙස . ඒ ගමනරන් පිළිම වහන්සේ අහසින් අද වැඩ ඉන්න තැනට වැඩියා කියලා තමයි කියන්නේ.රිදි විහාරය කියන්නේ මහා රහතන් වහන්සේලා 500 ක් භාවනා යෝගිව වැඩ උන්න තැනක් රිදි විහාරය වැදපුදා ගන්න ආවොත් ඹබ හොදට නිරික්ෂනය කලොත් මහා විහාරය ඇතුලත තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ රුව සහිත පිගන් ගඩොල් කැට ව වගේම ඇත්දළ උළු වස්ස උඩ විහාරේ තියෙන ලංකාවේ ප්‍රසිද්දම මකර තොරන වගේම වරකා වැලදු විහාරයත් එක් කරන්නේ රිදි විහාරයට අමුතුම සුන්දරත්වයක් තමා.

වරකා වැලදු විහාරය බැලු බැල්මට කෙනෙකුට සිතෙන්නේ මෙය හින්දු කෝවිලක ස්වරූපයයි . කැටයම් කරන ලද විශාල ගල් කණු අටක් මත ඉදිකල වරකා වැලදු විහාරය රිදි විහාරයේ අන්‍යතාවය විදහා පාන සන්කේතයක් ලෙසයි මටනම් පෙනි ගියේ.රිදි විහාරය කියන්නේ සොභාසෞන්දර්ය විද ගන්නත් කියාපු තැනක් . සැරසුමි ගල මුදුනේ ඇති චෛත්‍ය වෙත ගමන් කරන්නකුට අවට පරිසරයේ සුන්දරත්වය විද ගන්න පුවවන් තැනක් තමයි. ඇටිපොල කන්ද , නැවිගල කන්ද,දොළු කන්ද,ඇතා ගල. වගේම අහස පැහැදිලි දවසට නකලස් කදුවැටියේ කරගහ තැන්න වගේම රිවස්ටන් කදු මුදුනත් දැක ගන්න පුළුවන්. එ වගේම තමා රිදි විහාරයත් වැදලා මේ පැත්තේ දවසක් දෙකක් ඇව්දලා යන්න තැන්නම් ඕන තරම් තියෙනවා . එකට ඉතින් නතර වෙන්න තැනකුත් එපැයි එ සදහා රිදි විහාරයේ විශ්‍රාම ශාලා දෙකක් තියෙනවා එකක් කාමර එක්ක තියෙන ව්ශ්‍රාම ගාලාවක් ඉතින් මේ පහසුකම් ඔබට දෙන්න නායක හාමුදුරුවෝ කිසිදු මුදලක් අය කරන්නේ නැති බව විශේෂයෙන් කියන්න ඕන.

පන්සලත් එක්ක බොහෝ විහාර වල තියෙන දෙයක් තමයි දේවාලය කියන්නේ. ඉතින් මෙි රිදි විහාරයෙත් එදා ඉදන් තිබුණු දෙයක් තමයි මේ කුමාරබන්ඩාර දේවාලය කියන්නේ. රිදි කන්දට අරක් ගත් කුමාර බන්ඩාර දෙවියන් රිදි විහාරය ආරක්ෂා කරන බවයි පැවසෙන්නේ . දෙවියන් වෙනුවෙන් රිදි විහාරය මගින් පවත්වන ඇසල පෙරහැර රිදිගමට එක් කරන්නේ පුදුම සුන්දරත්වයක් බවයි පැවසෙන්නේ. දළදා පෙරහැර බලන්න බැරිවුන කෙනෙකුට ඹන්න අවස්ථාව තියෙනවා අගොස්තු 18 වැනි දින රිදිගම නගරය පුරා විදි සංචාරය කරන රිදි විහාරයේ ඇසල පෙරහැර නරබන්න. එහෙනම් ඹබට ආරාධනා කරනවා රිදි විහාරයත් වැද පුදා ගෙන ඇසල පෙරහැරත් දැක බලා ගෙනම යන්න එන්න කියල ඇත්තටම අපේ මේ සංචාරය සාර්ථක කරගන්න විශේෂයෙන් උදවි කල දේතිලිඅංගේ ගුණානන්ද හිමියන් සිහිපත් කල යුතුයි.

එදා රිදී විහාරය-මීට වසර දෙදහස් තුන්සීයකට පමණ පෙර රිදී විහාරයේ ගල් ලෙන්වල හාමුදුරුවරු වැඩ සිට භාවනා කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙසේ වැඩ සිටි එක් මහ තෙර නමක් වූ ධම්මරක්ඛිත හිමිගේ ලෙනේ කටාරමට යටින් පැරණි අකුරු කොටා තිබෙනු අදටත් දැකගත හැකියි. එම අකුරු බ්‍රාහ්මී අක්ෂර ලෙසිනුයි හඳුන්වන්නේ. ඉතිහාසඥයින්ගේ මතය වන්නේ මේ අකුරු මුලින්ම ලංකාවට ගෙන එන ලද්දේ දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී බවයි.

මෙයින් පැහැදිලි වන්නේ රිදී විහාරය අනුරාධපුර යුගයේ සිටම ශ්‍රී ලංකා ඉතිහාසයට සම්බන්ධ වටිනා ස්ථානයක් බවයි.රිදී විහාරය පිළිබඳව මුලින්ම අහන්න ලැබෙන්නේ මිහිඳු හිමියන් ලක්දිවට වැඩමවීමෙන් ටික කාලයකට පසුවයි. එකල මහරහතන් වහන්සේලා පන්සීයක් පමණ මෙහි වැඩ හිඳිමින් බණ භාවනා කළ බව සඳහන්. උන්වහන්සේලා වැඩ සිටි ලෙන්වල නෙළා ඇති බ්‍රාහ්මී ලිපි මීට සාක්ෂි ලෙස දැක්විය හැකියි. මේ ආකාරයේ බ්‍රාහ්මී ලිපි ලියා ඇති ගල් ලෙන් 25ක් පමණ රිදී විහාර කන්දේ හා රම්බඩගල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.

මහා විහාරය-රිදී විහාර භූමියෙහි පිහිටි ප්‍රධානම විහාරය ‘මහා විහාරය’ නැතිනම් ‘පාත විහාරය’ යි. එය පිහිටා තිබෙන්නේ විශාල උස ගල් ලෙනක් යටයි. ඊට ඇතුළුවන ප්‍රධාන දොරටුවට ඉහළින් තිබෙන ගලේ යටි පැත්තේ අලංකාර සිතුවම් කිහිපයක් අද වුවත් දැකගත හැකියි. මේ සිතුවම් අතරින් එකක් සිංහල බෞද්ධ සිතුවම් කලාව හදාරන ශිල්පීන්ට ඉතා වටිනා සිතුවමක්. එහි දැක්වෙන්නේ බුදුන් වහන්සේ වැඩ හිඳින විලාසයක්.

මෙම මහාවිහාරය තුළ පිළිම වහන්සේලා රාශියක් දැකගන්නට හැකියි. ඉන් එකක් තැන්පත් කර තිබෙන්නේ වීදුරු අල්මාරියක් තුළයි. මෙහි තිබෙන වටිනාම පිළිම වහන්සේ ලෙස සැලකෙන්නේ මේ පිළිමයයි. එම පිළිමය තනි රත්තරනින් කළ එකක් බවත් එය රිදී විහාරයට වැඩම කොට ඇත්තේ අහසින් බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඊට අමතරව සැතපෙන ඉරියව්වෙන් නෙළන ලද බුදුපිළිම වහන්සේ නමක් ද, බුදුන්වහන්සේගේ හිටි පිළිම 5ක් ද, දේවරූප කිහිපයක්ද දක්නට ලැබෙනවා.

බුදුගෙයක ක්‍රිස්තුස් වහන්සේ?-සාමාන්‍යයෙන් බෞද්ධ විහාරයක දක්නට නොලැබෙන දර්ශනයකුත් රිදී විහාරයේදී දක්නට හැකියි. එනම් ක්‍රිස්තියානි ආගම ලෝකයාට උරුම කොට දුන් ක්‍රිස්තුස් වහන්සේගේ රූප සමූහයක් මහා විහාරයේ ඔත් පිළිම වහන්සේ ඉදිරියෙහි තිබෙන මල් ආසනයේ දක්නට ලැබීමයි. මේ මල් ආසන උඩ පිඟන් ගඩොල් කැට සීයක් පමණ ඔබ්බවා තිබෙන අතර මෙම පිඟන් ගඩොල් රිදී විහාරයට ලැබී ඇත්තේ ඕලන්ද ආණ්ඩුකාරවරයකුගෙන් බවයි සඳහන් වන්නේ.

වටිනාම ඇත් දළ උළුවස්ස-මහා විහාරයේ සිට උඩ විහාරයට යාමට ඇත්තේ ඇත් දළින් කරවන ලද උළුවස්සක් පසුකරමිනුයි. මේ උළුවස්ස වර්තමානයේ වීදුරුවකින් වසා ආරක්ෂා කොට තිබෙනවා. ලක්දිව වෙහෙර විහාරවල ඇති උළුවහු අතර, ඇත්දළින් අලංකාර කරන ලද උළුවහු හමුවෙන්නේ කලාතුරකින්. විවිධ කැටයම් නිර්මාණවලින් මෙම උළුවස්ස හැඩවී ඇති මේ ඇත්දළ උළුවස්සට ලැබෙන්නේ ඉතා වටිනා ස්ථානයක්.

උඩ විහාරය-මහා විහාරයට ඉහළින් තිබෙන්නේ උඩ විහාරයයි. උඩ විහාරයේ තිබෙන ප්‍රධාන පිළිමය බුදුන් වහන්සේගේ ඉඳිපිළිමයයි. එහි උස ප්‍රමාණය දොළොස් රියන් පමණ වෙනවා. මේ පිළිමයට පිටුපසින් වෙනස් ආකාරයකින් යුත් මකර තොරණක් ද අඹා තිබෙනවා. කලා විචාරකයන්ට අනුව මෙය ලංකාවේ තිබෙන ප්‍රසිද්ධම මකර තොරණයි. උඩ විහාරයේ සෑම බිත්තියක්ම සිතුවම්වලින් අලංකාර වී තිබෙනවා. උඩරට බිතු සිතුවම් සම්ප්‍රදායේ මූලික ලක්ෂණ හඳුනාගැනීමට මේ සිතුවම්ද ඉවහල් වන බවයි පැවසෙන්නේ. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ එකදු ජාතක කතාවක්වත් හෝ චිත්‍රණය වී නොතිබීමයි.

සිතුවම් ඇඳීම-රිදී විහාරයේ සිතුවම් ඇඳීමේ ගෞරවය සිත්තර පරම්පරා කිහිපයකටම හිමිවෙනවා. මුල්ම සිතුවම් ඇඳීමේ ගෞරවය ලැබෙන්නේ මහනුවර දෙගල්දොරුව දෙවරගම්පල සිල්වත්තැන නමැති සිත්තරාටයි. ඉන්පසු මෙම කාර්යය පැවරුණේ නිලගම පරම්පරාවේ සිත්තරුන්ට බවයි පැවසෙන්නේ.

සත්සති සිතුවමක අමුතු මුද්‍රාවක් -සත් සතිය දක්වන සිතුවම් අතර බුදුන් වහන්සේ දෙවන සතිය ගත කළ අනිමිස ලෝචන පූජාවේ බුදුන් වහන්සේගේ දෑත් නිරූපණය කර තිබෙන්නේ අමුතු ඉරියව්වකින්. පපුවට තියා ගත් ‍වම් අත උඩින් දකුණු අත තිබෙන ආකාරයටයි. බුදුරදුන්ගේ දෑත් මෙලෙස ඇඳ හෝ අඹා තිබෙන්නේ කලාතුරකින් බවයි වාර්තා වෙන්නේ. පොළොන්නරු ගල් විහාරයේ නෙළා ඇති පිළිමයක දෑත් නෙළා තිබෙන්නෙත් මේ ආකාරයටමයි. මෙහි දෑත්වලින් නිරූපණය වන්නේ කුමන මුද්‍රාව දැයි නිශ්චිතව සඳහන් වන්නේ නැහැ. මහාචාර්ය පරණවිතානයන්, එය පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙසත්, ආචාර්ය ගුණපාල සේනාධීරයන් එය ස්වස්තික මුද්‍රාව ලෙසත් සඳහන් කරනවා.

සත්ව රූප සිතුවම් -උඩ විහාරයේ අපූරු සත්ව රූප කිහිපයක් දැකගත හැකියි. ඒවා ඇඳ තිබෙන්නේ ඉදිපිළිමය තැන්පත් වී තිබෙන ආසනයේ පැත්තක නිසා යටට රිංගීමෙන් එම සිතුවම් බැලිය හැකියි. එහි වම් පැත්තේ සිංහ රූප 2ක් ඇත. එකක සිටින්නේ ඉදිරි වම් පය ඔසවා ගත් සිංහයෙක්. අනෙක් රූපයේ සිංහයෝ තුන්දෙනෙක්. මේ රූපය හැඳින්වෙන්නේ ‘ත්‍රිසිංහ’ රූපය ලෙසින්.

මේ ආසනයේ අනෙක් පස තවත් අපූරු රූපයක් දක්නට ලැබෙනවා. එය හැඳින්වෙන්නේ ‘වෘෂභ කුංජරේ’ ලෙසින්. වෘෂභ කියන්නේ ගොනාටය. කුංජර කියන්නේ ඇතාට ය. මෙම සිත්තමද කලාතුරකින් දක්නට ලැබෙන සිත්තමක් ලෙසයි හැඳින්වෙන්නේ.

වන්දාමි චේතියං සබ්බං රිදී විහාරයේ දාගැබ් 2ක් දක්නට ලැබෙනවා. එකක් තිබෙන්නේ විහාරයට පිටුපසින්. අනෙක සැරසුම්ගල තිබෙන කන්ද මුදුනේ පිහිටා තිබෙනවා. මෙය සැරසුම් ගල චෛත්‍යය ලෙසින් හඳුන්වනවා. රිදී විහාරයේ මුල්ම පන්සල පිහිටා තිබුණේද මේ චෛත්‍ය අවට ප්‍රදේශයේ බවයි පැවසෙන්නේ.

වරකා වැළඳු විහාරය-රිදී විහාර භූමියෙහි තිබෙන ගොඩනැඟිලි අතරින් එකක් අනෙක් සියල්ලටම වඩා වෙනස්. ඊට හේතුව එය බෞද්ධ විහාරයකට වඩා හින්දු දේවාලයක හැඩරුවින් යුක්තවීමයි. මේ ගොඩනැඟිල්ල හැඳින්වෙන්නේ වරකා වැළඳූ විහාරය යන නමින්. මෙයට ඒ නම ලැබුණේ අනුරාධපුර යුගයේ මෙහි වැඩ විසූ ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ ස්ථානයේ සිට වරකා වැළඳූ නිසා බවයි ජනප්‍රවාදවල සඳහන් වන්නේ.

රිදී විහාරයේ හාමුදුරුවරු-අද මෙහි වැඩවසන සංඝ පරපුර රාජසිංහ රජු දවස සිට පැවත එනවා. එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ තිබ්බටුවාවේ සඟ පරපුරයි. රිදී විහාරයේ නායක පදවිය අද හොබවනු ලබන්නේ මේ පරම්පරාවේ හත්වෙනි නායක හාමුදුරුවෝ. උන්වහන්සේ අද මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි. වර්තමානයේ රිදී විහාරයේ අධිපති පදවිය දරන්නේ තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේය.

කුමාර බණ්ඩාර දෙවියෝ-රිදී විහාර කන්දට අරක් ගත් දෙවියන් ලෙස මේ පළාතේ ගැමියන්ගේ වැඳුම් පිදුම්වලට පාත්‍රවන්නේ කුමාර බණ්ඩාර නම් දෙවියන්. මේ දෙවියන් උදෙසා කැපකරන ලද දේවාල දෙකක් රිදී විහාරයේ පිහිටා තිබෙනවා.