නාථ දෙවියන් මේ අවස්ථාවේ දළදා මාලිගාවේ වැඩ වසන ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ ආරක්ෂා කරලීමේ කටයුත්තේ මූලිකවද, නිවන් පිණිස මනස දියුණු කරගැනීමේ කටයුතු වලද නියැලී සිටියි.සමහර තැනෙක මෛත්‍රී බෝධිසත්වයන් නමින් නාථ දෙවියන් හැඳින්වෙයි. එය වැරදිය. මෛත්‍රී බෝධිසත්වයන් ඊලගට බුදු වන්නට සිටින උත්තමයාණන්වහන්සේය. තව්තිසා දෙව්ලොවේ ප්‍රධානත්වය දරයි. මෛත්‍රී බෝධිසත්වයන් සහ නාථ දෙවියන් යන දෙදෙනාම බැලූ බැල්මට එක සමාන රූපකායකින් යුක්ත වෙති. භාවනා කරන සමහර අයද දැක ඇත්තේ සහ ජනතාව අතරට දෙදෙනාම එක් අයෙක් යන මතය පැමිණ ඇත්තේ එබැවින් විය යුතුය. කෙසේ වුවද නිසි කුසල ශක්තියකින් සහ සීලයකින් යුතුව, අධිෂ්ඨානයෙන් භාවනා කර දෙවිවරුන්ගේ සැබෑ විස්තර දැන ගැනීමට හැකියාව ඇත.

මෛත්‍රී බෝධිසත්වයන්ගේ දෙව් ලොව නම “අජිත දෙවියන්ය“.නාථ දෙවියන් සහ මෛත්‍රී බෝධිසත්වයන් වෙන්කර හඳුනාගත හැක්කේ, මෛත්‍රී බෝධිසත්වයන් අත තිබෙන නෙළුම රතු නෙළුමක් වන නිසාත්, නාථ දෙවියන් අත තිබෙන්නේ සුදු නෙළුමක් වන නිසාත්ය. ඒ හැර ඇඳුම, රූපකාය බොහෝදුරට එකසමානය. මෛත්‍රී බෝධිසත්වයන් බුදු වූ පසු, ඊලගට බුද්ධත්වයට පත් වීමට අධිෂ්ඨාන බල සපුරා ඇත්තේ නාථ දෙවියන්ය.නාථ දෙවියන්ට වන්දනය පිණිස විශේෂයෙන් “ වරා මල“ භාවිත වෙයි. නියමිත දිශාවක් නැතත් බොහෝවිට දෙවිවරුන්ට පොදු දිශාව වන ඊසාන දිශාව යොදා ගැනේ.

සමහර තැනෙක, දේශපාලකයන්ට උදව් කරන බවක්ද නාථ දෙවියන්ගේ නාමය සදහන් කර කියවෙනු දකින්නට ඇත. නාථ දෙවියන් පමණක් නොව කිසිදු දෙවි කෙනෙක් එවන් කටයුතු සිදු කරන්නේ නැත. පූජා වට්ටියට, මුදලට රැවටෙන්නේද, කැමැත්ත ඇත්තේද බුද්ධිය මිනිසුන්ටද වඩා අඩු පහත් අසුර, ප්‍රේත, භූත වැනි ආත්ම භාවයන්ය. දෙවිවරු වැනි උසස් කුසල ශක්තියක් ඇති, උසස් මනසක් ඇති අය එවන් දේට යොමුවන්නේ නැත. දෙවිවරු ආශිර්වාද කරන්නේද පින් ඇති – සීලවන්තටය. එයද අදාල කෙනාගේ කර්ම ශක්තිය මත වෙනස් වෙයි. අදාල අවස්ථාවේ කර්ම ශක්තිය යහපත් නම් පමණක් ආශිර්වාදය ලැබේ. නැත්නම් ඉෂ්ට දෙවි කෙනෙකුගේ වුවද ආශිර්වාදය නොලැබෙයි.

නාථ දෙවියන් මහායානයේ එන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් බවටද මතයක් පවති. කෝට්ටේ යුගය – මහනුවර යුගය යන කාලයන්හිදී නාථ දෙවියන් ගැන විශේෂයෙන් කියවෙන කරුණු තිබේ. සෙංකඩගල ලෙස මහනුවර රාජධානිය ඇතිවීමටද එහි පිහිටි ශ්‍රී නාථ දේවාලය හේතු වන බව කියැවේ.

නාථ දෙවියන් විශේෂයෙන් ජනතාවගේ කරදර දුරු කරන්නට උදව් කරන බව කියැවේ. එසේ කීවිට ධනය දෙන බව නොසිතන්න. බුදු බව පතන උතුමෙකු නිසා කුසලයෙන් ඉහලය. එනිසාම ආශිර්වාදය බොහෝ වටින දෙයකි. නිසි පින්කම් කර නාථ දෙවියන්ටද අනුමෝදන් කරන්න. වෙනම ගාථා සජ්ජායනය හෝ යාඥා කරමින් උදව් ඉල්ලීම අවශ්‍ය නැත. ඔබ සිල්වන්ත – කුසලවන්තයෙක් නම්, කර්ම ශක්තිය නිසි නම් ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

නාථ දෙවියන් වන්දනා කිරීම

නාථ ශ්රීව සර්ව මංගල්යශම්-යථා දේවේන සංයුතං සුගන්ධ දීප ධූතේන-නාථස්‌වාමි නමෝ වරං

ආරාධනා කිරීමෙන් පසු හැකිතාක්‌ වාර ගණනක්‌ නාථ දෙවියන්ගේ ගුණ කියෑවෙන මෙම ගාථා ගායනා කරන්න.

නාථ දෙවි සුරින්දා – බුදු බව පතා එන්දා

ඔබගෙ ගූණ කන්දා – මෙන්න මම ඔබෙ දෙපා වැන්දා

නාථ දෙවියනි පෙර – භූත යක්‌සෙන් දුරු කර

පාත කැලණියෙ සරණා – නාථ දෙවියනි දෙන්න අවසර

සලා සළු යහනේ – හෙළා පියවි යහනේ

වලා ගැබ මැදිනේ – බලාගෙන මල්යහන වඩිමිනේ

කුංග මිණි ඔටුණු -ලංක දිව එසිරි විඳිනු

භංග කර හරිනු සඟ මඬලට දිස්‌ටි ලා එනු

ගී තෙද පුවතට – පාන කැලණියෙ වැඩ සිට

දොත මුදුනත් කොට – නාථ සුරපති වඳිමි මුල්කොට

ගන්ට මට අවසර – එන්ට යක්‌සෙන් දුරුකොට

එන්ට දිව පුරයට – දෙන්ට දළු මුර නාථ සුරිඳුට

තුසිත පුර භවනෙලා – වැඩලා දෙවිඳු සැණෙකින්

දුන්නු පුද පිළිගනිමින් – දෙනු මැනවි සෙත නාථ සුරිඳුන්

මෙම ගාථාව කියා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න

පාත තොටගමුව වෙහෙරේ වැඩ ඉන්න

දොත නගාලා දෙවිඳුට පිං දෙන්න

මෑත කපට මතු බුදුබව ලැබ ගන්න

නාථ සුරිඳු පිං අනුමෝදන් වෙන්න

පූජාව සිදු කළ දිනට සවස්‌ කාලයේ විහාරස්‌ථානයට ගොස්‌ බෝධි පූජා පවත්වා පවුලේ සියලුදෙනා වෙත පැමිණ ඇති දුක්‌ කරදර පීඩා දුරුකර දෙනමෙන් ඉල්ලා පහත දැක්‌වෙන කන්නලව්ව දෙවියන් වෙත ඉදිරිපත් කර පොල්ගෙඩිය බිඳ සෙත ප්රාදර්ථනා කරගන්න. හැකි සෑම බ්ර‌හස්‌පතින්දා දිනකම මෙම නාථ දේව පූජාව සිදු කිරීමෙන් ඔබ සැමට නිශ්චිත සුබදායී ප්රඩතිඵල ලබාගත හැකි වනු ඇත.

කන්නලව්ව-කකුසඳ, කෝණාගම, කාශ්ය ප, ගෞතම සතර බුදුවරුන්ගේ ආඥවට ආනුභාවයට මතු මෛත්රීූ බුදු පදවියට පෙරුම් පුරාගෙන දස බෝධි සම්භාරයකින් පළමුවැන්නා වූ දස පාරමිතා ධර්මය පුරන්නා වූ උතුම් වූ බුද්ධාලම්පුර නාථ දිව්යව රාජෝත්තමයාණන් වහන්ස ශාසනශ්රීපයෙන් දස දිග ඒකාලෝක කරමින් ත්රි්ලෝක තලය සත්ත්වයන්ගේ දුක්‌ඛ කම්කටොලු දිව්යවමය නෙතින් බලා ගනිමින් මෛත්රීග කරුණාවෙන් විසන්දනය කරවා අනේදවිධ විලාසයෙන් තුසිත පුර ඒකාලෝක කරමින් වැඩ සිටින නාථ දිව්යල රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට පළමුව අප අමා මෑණි බුදු පියාණන් නමැද ඒ පින්පෙත් ඔබ වහන්සේට මෛත්රිර බුද්ධත්වය ප්රාවර්ථනා කොට පින් අනුමෝදන් කරමින් ඔබ දිව්යප රාජෝත්තමයාණන් වහන්සේට මේ පහන්, මල්, කපුරු, සුවඳ දුම් ආදී සමස්‌ත පූජාවන් ඔප්පු කොට ඉල්ලා සිටින ඔබ දෙවියන් වහන්සේගේ ඇල්මෙන් බැල්මෙන් මට, අපට පැමිණ තිබෙන්නා වූ කරදර (කරදරය නාමිකව සඳහන් කරන්න) අනවින බාධා දුරු කොට අප සැමදෙනාට සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට සුදුසු යහපත් වාතාවරණය උදාකරන දෙන සේක්‌වා.”