කළූට බඩගිනිලූ කළු අලකොළ ළිපේලූ” යි කියමින් අම්මා මා නැළවූවා දැයි මතකයක් මට නැතත් ඈ මා කැටුව අලකොළ හෙවත් අල ගොබ නෙළන්නට ගිය අතීතය තවම මට මතකය. අඹේගොඩ ගම මැද්දෑවෙන් ගලා ගිය ඔය දෙපැත්තේත් කිතුල්දෝවේ අපේ පිහිල්ලෙන් ගලා ගිය කුඩා දොළ පහර දෙපසත් අලකොළ සරුවට වැඩී තිබුණි. අම්මලා, ආතලා, ඇතුළුව අපේ ගමේ කොයි කවුරුත් ඒවා වර්ග වශයෙන් භින්න කොට තිබුණි. ඒ සුදු අලකොළ හා කළු අලකොළ වශයෙනි. අලකොළ නෙලන්නට ගිය හැම විඩේකම අම්මා කිව්වේ “පුතා කළු අලකොළ කඩාපං” කියාය. ඒ ඒවා ව්‍යංජනය වඩාත් රසවත් බව ඈ විශ්වාස කළ බැවිනි.

එහෙත් සමහරු කන්නට ආස කළේ සුදු අලකොළ ව්‍යංජනයයි. අලකොළ කන්නට ගන්නේ ගොබයක් ලෙස ගුලි වී ඇති පත්‍ර හෝ ගොබය ලෙහුණු විගස පත්‍රය. ඒ ළපටි දණ්ඩද සමගය. අපේ ජලජ ශාඛ ආහාර වට්ටෝරුවේ තිබුණේ අලකොළ පමණක් නොවේ. කංකුන් කැරන් කොකු, මියන දලු, බැරකොකු, කෙකටිය, දියබෙරලිය, ඕලු, නෙළුම්, මහනෙල් පමණක් නොව බලංගොඩදී අසල්වාසියෙක් මට ජපන්ජබරද උයා දුන්නේය. ගලා යන ඉතා පිරිසිදු දිය දහරවල පමණක් වැවෙන දිය පලා හපුතලේදී බහුලව හමු වේ. ඉතා රසවත් මැල්ලුමක් හෝ බැදුමක් පිළියෙල කර ගත හැකි ඒවා ඉවිල්ල ඉතා පහසුය. ළපටි දණ්ඩ හා පත්‍ර ඇතුළත්ව සම්පූර්ණ ශාඛයම අතින් කඩා ලුණු කුඩු ස්වල්පයක් පමණක් මුසු කොට බඳුනෙක ලා වසා මැලවෙන්නට හරින දිය පලා විනාඩි කිහිපයකට පසුව වැඩි දිය බේරා ලොකු ලූනු, අමු හෝ වියළි මිරිස් සමග තෙම්පරාදු කර ගැනීම පහසුවෙන් කළ හැකිය.

අල කොළ වෑංජනය පෑහෙන්නේ කැකුළු බතට පමණක් නොවේ. කුරහන් තලප පත ගුලියක් ගිලින්නට කදිම ආනමක් අල කොළ වලින් උයාගත හැකිය. ඒ තනිවම හෝ තවත් ඇටබැට ජාති ද දමා ය. විජයානන්ද ජයවීර මහත්තයා යුනෙස්කෝවේ වැඩ කරන කාලයේ ඌව ගුවන්විදුලියේ ශ්‍රාවක සමාජ වැඩසටහනකට ඔහු හා තිලක් ජයරත්න මහත්තයාද කැටුව සියඹලාණ්ඩුව ගල්ගෙඩියාව ගමට ගිය ගමනක මතකය මා සතුය. එදා දවල් බත දුන්නේ දිසාලගේ ගෙදරිනි. ඇතිමලේ කුඹුරුවල වැවූ වීයෙන් ගත් රතු කැකුළු හාලේ බතට අමතරව ඔවුන්ගේම කුරක්කනින් තලප ගුලි අඹා තිබුණි. ඒවා කන්නට හැදූ ආනම පදමට සියඹලා දැමූ අල කොළ ය. එදා කදිම ලී මෑ ඇට මැල්ලුමක්ද උයා තිබුණි. ඒවා කද්දී දිසා කණට මුව ළං කර රහසින් කිව්වේ “මේව්වා මරු වාජීකරණ අවුසදයක් තමයි” කියා ය.

අල කොළ උයන්නට කලිං තව් මරන්නට වුවමනාම නැත. අවැසි නම් කොස් ඇට වාගේ ජාතියක් මුහු කෙරුවාටද කමක් නැත. මුලින්ම කරන්නේ අල කොළ දණ්ඩේ නූල් හැර දඬු හා කොළ කැබලි කරගෙන සෝදා ගැනීමයි. ඒ අතර ඇතිලියකට දිය දමා මිරිස්, ගම්මිරිස්, කහ, තුනපහ, ලුණු, ලූනු, කුරුඳු, තක්කාලි, සියඹලා ගොරකා හෝ ඇඹුල් දොඩම් වැනි ඇඹුලක්ද දමා හොද්දක් රත් වෙන්නට හරියි. හොද්ද පැහෙන්නට ආසන්නයේ අල කොළ දමා ඇතිලිය වසා ඒවා දිය වෙමින් තැම්බෙන්නට හරියි. අන්තිමට කළ යුත්තේ අබ, සුදු ලූනු සමග තෙම්පරාදු කර ගැනීමයි.

අල කොළ පවුලේ ගොඩ බෝගද රැසක් ජනප්‍රිය ආහාර වට්ටෝරු අතර තිබේ. තෙල් අල කොළවල කන්නේ පත්‍රය. ඒවා ලියා ගෝවා කොළ මැල්ලුම හදා ගන්නා ආකාරයට පොල් රහිතව මලවා ගත හැකිය. තෙම්පරාදුවට මිරිස් කරලක් දෙකක්, ලූනු ස්වල්පයක් දැමූ විට හරිම රහය. තෙල් අල කොළ බෙරි වන්නේ නැත. දෙහි අල හෝ ඩේසි අල ලෙස හඳුන්වන නැතිනම් කිරි අල නමැති බෝගයද මේ පවුලේ ඉතා වැදගත් සාමාජිකයෙකි. ඒවායේ විවිධ ප්‍රභේද පවතී. අල කන මේ බෝග වල පත්‍ර කන්නේ නැතත් දඬු කොස් උයද්දි ඩේසි අල දලු ලියා මුහු කරන කෝකි කතුන් අපේ ගමේ තවමත් ඉවුම් පිහුම් වල නිරත වෙන බව කිව යුතුය.

දිනක් අම්මා, කමත් වැඩ කරන කාලෙට කෑ බව සඳහන් කරමින් රසවත් අල බෝගයක් උයා දුන්නාය. තඩොල් යනුවෙන් හඳුන්වා දුන් එහි පෙනුම අල කොළ ශාඛය හා සමය. අතින් අල්ලා උදුරාගත් විට දිග ඇඟිලි වාගේ අල ගැලවී එයි. මේවා ලෙලි ඉවත් කොට සෝදා කැබලි කපාගෙන මිරිස් යම්තමින්, කහ, තුනපහ වැනි අඩුම කුඩුම එක්ක දිය, මිටි කිරි දමා තැම්බෙන්නට හරියි. තැම්බුණු පසුව අබ, සුදු ලූනු එක්ක තෙම්පරාදු කර ගත් විට කදිමය.

අල දළු ඇබුල -හෙලයන්ගේ ආහාර අතර ඇබුල ඉතා රසවත් දෙයක්

  • අල දළු ඇඹුල
  • බර කොකු ඇඹුල
  • මියනදළු ඇබුල
  • පොලොස් ඇඹුල
  • මඩු දළු ඇඹුල

ආදීලෙස බොහෝයි මේ ඇඹුලේ විශේෂත්වය වන්නේ ගොරකා යහමින් බාවිතා කරන නිසා සිරුරේ අනවශ්‍යය මේදය ඉවත් වීමයි එමනිසා පැරැන්නන් (හෙළයන් ) ඒබැවු දැන මේ ඇබුල නිසිලෙස කළමණාකරනය කරගනිමින් බාවිතයට ගත්තා ලොව කිසිදු රටක හෙළ ආහාර මෙන් දියුනු ආහාර රටාවක් නොමැතිබව ඔප්පුවී හමාරයිආහාර සංස්කෘතියක් ඇති එකම පිරිස හෙළයන් බවත් නොරහසක් ඇත්තෙන්ම අප ආහාර කියා ගත්තේ බඩ පිරෙන්න මොනවාහෝ ගිලදැමීමක් නොවෙ ඇත්තෙන්ම ඒවා ඔසු එකිනෙකට එකිනෙක බැදුනු ආහාරයි අපට තිබුනේ
උදා ~ එක් එක් සහලට වෙන්වූ වෑන්ජන පිනි සහ ඒ ඒ එලවළුවේ දොස් ඌශ්ණය නැසීමට ඒවාටම බැදුනු තවත් බීම සහ එලවළු ආකාරයෙන්

මේ අල දළු එකල ගොවිබිමේ ඇලවල් ආශ්‍රිතව ඉතාමත් සුළබයි ඇල දෙපස ස්වභාවිකව වැඩුනු අතර ඒවාට අයිතිකරුවන්ද නැත ඕනෑ අයෙක් ඉදහිට නිවසට යන අතරවාරයේ කඩාගෙන යනවා මේ අලදළු මොලේවර්ධනයට අවැසි පෝෂනය සපයනවා මෙය මදක් ඌශ්ණ ආහාරයක් නමුත් මේ සමග නිවිති හොද්දක්, ජලය වැඩිපුර පානය,මෑ කරල් හොද්දක්,මුං ඇට වැනිදේ පිගානට එක්කරගැනීමෙන් හා රනවරා බෙලිමල් පානයක් ගැනීමෙන් එම ඌශ්ණ බව මගහැරේ

සාදන ආකාරය =අල දළු ටික ගෙන නූල් හැර ඉරිසිදුකොට පසුව පොල්කිරි මිරිකා (මිටිකිරි) එයට කුළුබඩු කොච්චි කුරුදු ගොරකා කැබලි දෙකක් දමා ලිප තබා පැසෙනවිට මේ දළු රවුම් කොට ගැටයක් ගසා හොද්දට දමන්න නැතිනම් කොටස් දෙකකට කඩා දල්ල හොද්දට දමන්න පසුව හොදින් තැම්බී බෙරිවනතෙක් වසා තබන්න

තවද පෙර පරිදිම ගත් දළු ගොරකා සහ කුළු බඩු කොච්චි සමග ජලයෙන් තම්බා තැම්බුනු පසු තෙම්පරාදු කල හැකඅද වනවිට මේ ආහාර අප අතරින් ඈත්ව ඇත පිසීමේ ක්‍රම නොදැනීම හා මේවා දුර්ලබ වීමත් නිසා වසවිසක් නැතුව වැවෙන මේ වටිනා අහාර බොහෝ සම්පතක්

තුන්වේලට පරිප්පු කෑමෙන් අදවනවිට මතක ශක්තිය හීනවු ශක්තිය හීනවූ ජාතික් බවට පත්ව ඇත විවිද පෙතිගසා පුරුශ ශක්තිය වඩවන්නට ඇතමුන් පෙලබෙන්නේ මේ ආහාර ඈත්වීමෙනුයි ඇතමුන් විශාල මුදලක් වැයකොට අනවශ්‍යය තෙල් ඉවත් කිරීමට ව්‍යයාම මද්‍යස්තානවල කාලය ගෙවනව දැක්කාම සිනහත් යනවා