ඕනම මනුස්සයෙක්ට ඔවුන්ටම වෙන් වුන පුරුදු තියෙනවා.සමහර පුරුදු තියෙනවා එයාලත් අකමැති පුරුදු, සමහර මිනිසුන් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනකොට කල්පනා කරනවා එතකොට එයාලවත් දන්නේ නැතිව එයාලම එයාලගේ අත් වල නියපොතු කනවා,තවත් අය පරක්කු වෙනවා,මේ හැම දේකින්ම, අපේ ශරිර භාෂාවෙන් උනත් කියන්නේ අපේ පෞර්ෂය ගැනයි.

මිනිසුන් පුද්ගලයෙක් ඉදිරියේ කතා බහා කරනකොට මුහුණ දෙන විදිය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්, එහෙම නේද, ඒක තීරනය වෙන්නෙත් අපේ හිතේ එයාට තියෙන තැන අනුව මොකද දන්නවද ඒ, අපි කෙනෙක්ට වංචාවක් වැරදි දෙයක් කරලා තියෙනව නම් අපිට ටිකක් ඒ කෙනාට මුණ දීලා කතා කරන්න බැහැ,එක ටිකක් අමාරුයි නේ ද, ඒ වගේම තමයි අපි කාටවත් වරදක් කරලා නැත්තම් අපි අපිට අවංකයි නම් ඕනම කෙනෙක් එක්ක බය නැතිව කතා කරන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මිනිස්සු අපිත් එක්ක හරියට කතා නොකරන්නත් කරන්නත් හේතුව දැන ගන්න විදිය, ඒකත් ඉතින් පෞරෂයේ ප්‍රශ්නයක්ම තමයි.මේ වගේ වෙලාවට ඒ කෙනාගේ වචන පිටවන ආකාරයෙන් එයාගේ මූනේ හැගිම් වලින් නම් පුලුවන් අපිට කෙනෙක්ව මැන ගන්න නේද,එහෙනම් අපි පටන් ගමු.

01.ඉදිරිපසට දර්ශනය වෙන මුහුණ ( මුණට මූණ බලාගෙන)

ඒ කියන්නේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන පුද්ගලයෙක්. එයා තමන් ගැන විශ්වාසයෙන් ඉන්න, මිනිසුන් සමග විවෘතව කතා බහා කරන සමාජශිලි කම්මැලි නැති කෙනෙක්.

ඔයා හැම තැනම ඇවිදින්න යන්න කැමති, පුද්ගලයින් අදුර ගන්න කැමති එක පාරටම වෙන දේවල් වලින් තමන්ගේ ජිවිතේ වෙනස් (සාර්ථක) වෙනවට කැමති. සමහර දේවල් වලදි ඔයාව, ලගම අය සහා මිතුරන් වෙනස් කරයි කියලා ඔයා හිතනවා.

නිදහස් ජිවිතයක් ගත කරන්න කැමති ඔයාගෙම මතයන් තියෙන කෙනෙක්. ඔයාට අලුත් විදියට දැනෙන අලුත් දේවල් කරන්න කැමති අලුත් අත්දැකිම් වලට කැමති ධනාත්මක සිතුවිලි තියෙන හැම දෙයක්ම හොද විදියට හිතන කෙනෙක්.

02.පැත්තකට දර්ෂණයවෙන මුහුණ

ඔයා එක් කොටුවකට වෙලා හැම දෙයක්ම පාලනයෙන් කරගෙන ඉන්න කැමති කෙනෙක්,ඔයා අවට ඉන්න හැමෝම ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි,තෝරා ගත්ත යහලුවො ටික දෙනෙක් එක්ක විතරක් ඉන්න කෙනෙක්,මිනිසුන්ගේ සිතුවිලි ඔයා ඇස් දෙකෙන් දකින්න උත්සහා කරනවා.

ඔයාගේ ආදරණියන් වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන පුද්ගලයෙක්.ඔයාට හරිම ලෙසියෙන් අනිත් අයගේ හිත් රිදවන්න පුලුවන් අමුතු චරිතයක් හරියට හිතක් පපුවක් නැති කෙනෙක් වගේ,හැබැයි ඕනම අපහාසයක් විදගෙන ජීවිතය ජය ගන්න කැමති ඔයා ඔයාවම තේරුම් ගන්න උත්සහා කරන ගැඹුරු අදහස් වලට කැමති ඒ තුල ජීවත් වෙන, වටපිටාවෙ මිනිසුන් එක්ක සතුටින් ඉන්න කැමති පුද්ගලයෙක්

ගොඩක් වෙලාවට සමහර පුද්ගලයින්ට මෙයිටත් වඩා විස්තර දැනෙනවා ඒ, ඒ අයගේ හැසිරීම නිසා, ඒකනේ සමහරු කියන්නේ ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්න කියලා නේ ද,මං හිතනවා තව දේවල් මෙතනට එකතු වෙන්න ඕන ඇති කියලා, ඇත්තටම මේ ටිකක් විතරයි.මෙයිට වැඩිය දේවල් ඔයාට අනිවාර්යෙන්ම දැනිලා ඇති, ඉතින්, ඒ දේවල් අපිත් එක්ක අනිත් අයත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.