ලෝකයේ බලවත්ම රට මොකක්ද? දැනට ඇමරිකාවයි. නමුත් ඔබ දන්නවාද? ඉදිරියේදී ලෝකේ බලවත්ම රට ලංකාව වන බව අනාවැකී කීපයක්ම පවතින බව. මෙම අනාවැකි හා මතය සමාජගත වෙමින් පවතින්නේ මීට වසර කීපයකටම පෙරය. ලංකාව ලෝකයේ බලවත්ම රටක් වන බවත් ඉන් අනතුරුව ලංකාවෙන් පහල වන විශිෂ්ඨ නායකයෙකු ලෝකය පුරා බුදුදහම පතුරන බවටත් අනාවැකි වල සදහන් වී තිබුනි. එම නායකයා “ දියසෙන්” කුමාරයාය. නමුත් තවත් මතයකට අනුව “රාවණ” නැවත අවදිවීමක් ගැන සදහන් වෙයි. නමුත් විචාරකයන් පවසන්නේ මෙහිදී රාවණ යනුවෙන් හදුන්වන්නේ ලංකාව ලෝකයේ බලවත්ම රට ලෙස නැවත නැගී සිටීම බවයි.

නමුත් එකල බොහෝ දෙනා මෙයට සිනාවුනී. ඔවුන් පැවසුවේ ඇමරිකාව , එංගලන්තය වැනි බලවත් රටවල් ඉදිරියේ අප නැගිටින්නේ කෙසේද යන්නය. ඉදිකටුව පවා පිටරටින් ගෙන්නන ලංකාව බලවත් රටක් ලෙස නැගීටීම හීනයක් බව ඔවුන් පවසා සිටියහ.නමුත් සිදු වී තිබෙන්නේ කුමක්ද? සියල්ල සැකසෙමින් පවතී. කොරෝනා හමුවේ ඇමරිකාව හා එංගලන්තය යන රටවල් අන්ත අසරණ වී ඇත. ඇමරිකාව තවදුරටත් ලෝකයේ බලවත්ම රට නොවන බව පසක් කරමින් සිටියි. ඉදිකටුවත් පිටරටින් ගෙන ආ ලංකාව දැන් I.C.U ඇදන් පවා මෙරට නිෂ්පාදනය කරයි. ලංකාව අභීතව කෙමෙන් කෙමෙන් නැගිටිමින් සිටියි.

මෙහිදී දැන් අප මෙම අනාවැකි මොනවාද යනුවෙන් සවිස්තරාත්මකව විමසා බැලිය යුතුය. පළමුවෙනි අනාවැකියනම් ලංකාවෙන් පහළ වන විශිෂ්ඨ නායකයෙකු රටත් , ජාතියත් , ආගමත් බේරා ගන්නා අතර ඔහු ජගත් පාලකයෙකු වේ යන්නය. මෙහිදි ජගත් පාලක යන්නෙහි තේරුමනම් මුළු ලෝකයම පාලනය කරන බවය. නමුත් මෙහි අදහස මුලු ලෝකයේම බලවත්ම පාලකයා විය හැක.මෙය සදහන් වන්නේ කෝට්ටේ යුගයේ ලියැවුනු පැරකුම්බා සිරිතේය. එහි 116 වන කවියේ මෙය ඉතාමත්ම පැහැදිලිව දක්වා ඇත. සිරිපා වන්දනාවේ ගොස් පැමිණෙන මගියෙකු සුමන සමන් දෙවියන්ගෙන් ලද ආරංචියක් පිළිබදව බමුණෙකු හා සංවාදයේ යෙදෙන අවස්ථාවක් මෙමගින් දැක් වේ.

එමෙන්ම එසේ උපදින්නේ හයවන පැරකුම් රජුම බවත් එම අනාවැකි වල සදහන්‍ය. එමෙන්ම බොහෝ ජනකතා වලද මෙසේ රට, ජාතිය , ආගම රකින්නට එන දියසේනනම් කුමාරයෙකු පිළිබදව සදහන් වී ඇත. අනෙක් අනාවැකියනම් රාවණ නැවත නැගී සිටීමයි. සමහර ජනකතා වල සදහන් වන්නේ රාවණා රජු මිය නොගිය බවත් ඔහු සිහිසුන්ව සිටිනා බවත් ළගදීම නැවතත් නැගී සිටිනු ඇති බවය. නමුත් සමහර වියතුන් පවසන්නේ රාවණ නැගීසිටීම යනුවෙන් මෙහිදී “රා” යන්නෙනෙන් සූර්‍ය වංශිකයනුත් “වණ” යන්නෙන් නැවත නැගි සිටීමත් අදහස් කරයි. ඒ අනුව රාවණ යනු සූර්‍ය වංශයේ නැවත නැගීසිටීමයි.

තවත් මතයකට අනුව මෙය “රාවණගේ” නැවත උත්පත්තිය ලබා ඇත. ඉදිරි කාලයේදී භාවනාව මගින් තම බලය ලබා ගන්නා ඔහු නැවතත් ලංකාව ලෝකයේ බලවත්ම රට බවට පත් කිරීමට ඉදිරියට එනු ඇත. දැනට ඔහු සාමන්‍ය ලෙස අප අතර ජිවත් වේ. අනෙක් අනාවැකියනම් බලංගොඩ නාහිමියන් ප්‍රකාශ කල අනාවැකියයි. ඉදිරියට පහල වන නායකයින් පිළිබදව නිවැරදී අනාවැකි පැවසූ උන්වහන්සේ විසින් ආනාගතයේදී ලංකාවේ පහළ වන නායකයෙකු විසින් බුදුසසුන ලෝකය පුරා පතල කරන බවත් ලංකාව ලෝකයේ බලවත්ම රටක් කරන බවත් සදහන්‍ය. උන්වහන්සේ නාඩීවාක්‍ය අනුව අනාවැකි පැවසූ අතර එම අනාවැකි බොහෝමයක් සත්‍ය වී පවති.

මීට අමතරව ලංකාවෙන් හමු වූ ඉපැරණි පුස්කොල පොත්වලද මෙම අනාවැකිය සදහන් වෙයි. ලංකාවෙන් පෙර නොවූ විරූ ආකාරයේ නායකයෙක් පහළ වන බවත් ලංකාව ලෝකයේ බලවත්ම රට වන බවත් ඒවා වල සදහන්‍ය. මීට අමතරව ආතර් සී ක්ලාක් මහතාද සදහන් කොට තිබෙන්නේ වසර 2050 වන විට දැනට ලෝකයේ බලවත් රටවල් දුර්වල වන බවත් ලංකාව බලවත් රටක් වන බවත්‍ය. එමෙන්ම බුදු දහම ලෝක ආගම වනු ඇති බවද ඔහු සදහන් කර ඇත.ඇතැම් විට කොරෝනා යනු ලෝකය නැවත සකස්කිරීමට හා ලංකාව සංවර්ධිත රටක් කිරීමේ මූලික අඩිතාලමක් දමන නොපෙනන බලවේගයක් වන්නටද ඉඩ ඇත.