සෝමාවතිය පිළිබඳ පැරණිතම කතාව නම් එය ක්‍රි.පූ දෙවන සියවසේදී ඉදිකරන ලද්දකි. සමහරු පවසන්නේ මෙය තම සහෝදරිය වන සෝමාවතී කුමරිය වෙනුවෙන් කවන්තිස්සා රජු විසින් ඉදිකරන ලද්දක් බවයි. වෙනත් ගිණුම් වල එය ඉදිකර ඇත්තේ ඔහුගේ මස්සිනා වන කුමරියගේ ස්වාමිපුරුෂයා වන අභය රජු විසිනි. ශාක්‍යමුනි බුදුන්ගේ දකුණු ධාතුන් වහන්සේ කොටුව සවි කිරීම සඳහා මෙම ස්ථූපය විශ්වාස කෙරේ . එහි පෞරාණික මහිමයට යථා තත්ත්වයට පත් කරන ලද, ස්ථූපයේ අනාවරණය නොවූ තීරුවක් ඇත. ක්‍රි.පූ. දෙවන සියවසේ මුල් ගඩොල් වැඩ මෙන්ම පසුකාලීන අලුත්වැඩියාවන් ද දැක ගත හැකිය.බොහෝ ප්‍රාතිහාර්යයන් මෙම ස්ථූපයට හේතු වේ. 1940 ගණන් වලදී, ප්‍රදේශයේ අලුතින් පදිංචිව සිටි කණ්ඩායමක් බුදු රජාණන් වහන්සේගෙන් නිකුත් වන කිරණ මෙන් විශාල පස් කන්දකින් දිදුලයි. ඔවුන් බලධාරීන් දැනුවත් කර තිබුණි.

පරීක්ෂා කිරීමෙන් පසු පුරාවිද්‍යා ologists යින් එය 1947 දී සෝමාවතියා චෛත්‍යය ලෙස හඳුනා ගත් අතර එය වසර 800 කට ආසන්න කාලයක් තිස්සේ අහිමි වී ඇතැයි සැලකේ. වසර ගණනාවක් පුරා, බොහෝ බැතිමතුන් කිරණ දුටු බව කියා සිටිති. තවත් කුතුහලය දනවන කතාවක් වන්නේ මිනිසුන් කණ්ඩායමක් දළදා ධාතූන් වහන්සේ ලබා ගැනීමට උත්සාහ කළ ආකාරයයි. එහි අභිප්‍රාය වූයේ ධාතූන් වහන්සේ රැගෙන මහනුවර පන්සලේ තැබීමයි. මී මැස්සන් රංචුවක් එම කාර්යය කළ නොහැකි වූ අතර කණ්ඩායම එම අදහස අතහැර දැමීය.සෝමාවතියා චෛත්‍යයට සංචාරය කිරීම යනු බොහෝ ජනප්‍රවාද හා අද්භූත කථා වල ගිලී සිටීමයි. පුරාණ පොලොන්නරුවේ රාජධානිය පසුකර ඔබ දුර බැහැර ගම්මානයක් වන සුන්ගවිලට ඇතුළු වේ. මහා ස්ථූපයට යන මාර්ගය අභයභූමිය හරහා දිවෙන අතර තෙත්බිම් වල වල් අලි ඇතුන් හරිතයන් පෝෂණය කරයි.

දේශීය කථා වලට අනුව, අසල්වැසි දේශයේ සැරිසරන වල් අලි බොහෝ විට ස්ථූපයට නමස්කාර කරන අයුරු දැක තිබේ. සෝමාවතියා චෛත්‍යය නැරඹීමෙන් ඔබ නිහතමානී වනු ඇත. අමුතු හාස්කම් රාශියකට සත්කාරකත්වය සපයන මහා පාළුකරයක් මැද පිහිටි ස්තූපයක සුදු බුබුල යමෙකු අත්විඳිය යුතු දසුනකිඓතිහාසික සෝමාවතී රජමහා විහාරය පොලොන්නරුව අතීත කතා පුවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ කල්හි උන්වහන්සේගේ අදිටනට අනුව ලළාට ධාතුවය, අකු ධාතු දෙනමය, සතර දළදා යන මෙම මහා ධාතු සත කොටස්‌වලට වෙන් නොවී, නොබිඳී, නොවිසිරී එළෙසින් ම ඉතිරි විය. ශ්‍රී ශරීරයේ ඉතිරි අස්‌ථි සියල්ලම මුං පියලි කඩ සහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට බිඳී වෙන් වී ගොස්‌ ඇත.මෙහි දළදා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ‘රදනක’ (Canine) නම් වූ දත් විශේෂයයි. එයට පාලි භාෂාවෙන් ‘දාඨා’ යනුවෙන් කියනු ලැබේ.

දීඝ නිකායේ ලක්‌ඛණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුරදුන්ට දත් සතළිහක්‌ විය. මෙම සියලු දත් සමාන්තරව මුතු ඇට පෙළක්‌ මෙන් විය. දළදා සතර අන් දත්වලට වඩා ඉතාමත් සුදු පැහැයෙන් යුක්‌ත විය. සතර දළදාවහන්සේගෙන් දීප්තිමත් ආලෝකධාරා විහිදේ. ඒවාට ‘දාඨා ප්‍රභා’ යයි කියනු ලැබේ.බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නා රජු මහත් වූ දුකට පත්ව “අවසාන වතාවටත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා මාන කරන්නෙමි” යෑයි සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමිණ නමස්‌කාර කර ධාතු බෙදන කල්හි එම ස්‌ථානයට විත් එකත්පසෙකින් සිටියේය. ධාතු බෙදීමේදී එහි පැමිණ සිටි ද්‍රෝණ නම් බමුණා සර්වඥ දකුණු දළදා වහන්සේ බිම දමා පයින් වසාගෙන ඇත.

උඩු වම් දළදා වහන්සේ වස්‌ත්‍ර අතරේ සඟවාගෙන ඇත. එහි වැඩමව සිටි ඛේම මහරහතන් වහන්සේ විසින් චිතකයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් සර්වඥ යටි වම් දළදා වහන්සේ ගෙන කාලිංග දේශයට වැඩම කර එහි රජුට පිරිනමා ඇත.සර්වඥයන් වහන්සේගේ එක්‌ දකුණු දළදාවක්‌ බිම දමා පයින් වසා ගෙන සිටින බැව් දුටු ජයසේන නාරජු ඔහුට නොදැනෙන සේ ධාතුන් වහන්සේ සෘද්ධියෙන් ගෙන නා ලොවට වැඩම කර නාග පුරය මැද මැණික්‌ සෑයක්‌ තනා දකුණු දළදා වහන්සේ එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පවත්වනු ලැබීය.යටි වම් දළදාව සක්‌දෙව් රජු තව්තිසා දෙව්ලොවට ගෙන ගොස්‌ සිළුමිණ මහා සෑයේ තැන්පත් කළේය. පසු කලෙක හේමමාලා කුමරිය හා දන්ත කුමරු මෙම දළදා වහන්සේ ලක්‌දිවට වැඩම කරවූහ. මේ අනුව අවබෝධ විය යුත්තේ අද මහනුවර ශ්‍රී දළදා මැඳුරේ වැඩ සිටින්නේ මෙම යටි වම් දළදා වහන්සේ බවයි.

සෝමාවතියට වස්‌තු වන්නේ ද්‍රෝණ බමුණා විසින් පයින් වසාගෙන සිටියදී ජයසේන නා රජු විසින් ලබාගෙන නාග ලොවට ගොස්‌ මැණික්‌ සෑයේ තැන්පත්ව පූජෝපහාර දැක්‌වූ ඒ සර්වඥ දකුණු දළදා වහන්සේ ය.කාවන්තිස්‌ස රජු සමයේ මහා දේව මහතෙරුන්ගේ සිසුවෙකු වූ මහින්ද නාහිමි තෙරණුවෝ සර්වඥ දකුණු දළදාව ගෙන ලක්‌දිවට වැඩම කළහ. ගිරි අභය රජතුමා විසින් එම දකුණු දළදාව නිදන්කර ස්‌ථූපයක්‌ තැනවූයේය. එය සෝමාවතී මහා සෑය නම් වෙයි. මෙය ක්‍රි. පූ. 2 වැනි සියවසේදී සෑදුවක්‌ වේ.සෝමාවතී මහා සෑයේ වැඩ සිටින දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහාර්යයන් සිදු කරන ධාතුන් වහන්සේනමක්‌ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

අවස්‌ථාවන් කිහිපයකදීම මේ ධාතු ස්‌ථූපයෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදී ඇත. ධාතු ගර්භයෙන් හේවිසි හඬ හා මධුර මනෝහර සංගීත හඬ නිකුත් වී ඇත. මෑත භාගයේදී මෙවැනි ප්‍රතිහාර්ය දුටු බොහෝ අය වෙති. සෝමාවතී පුද බිම නොයෙක්‌ අසිරිමත් හා ආශ්චර්යයන්ගෙන් ගහණ පුණ්‍ය භූමියක්‌ ලෙසත්, බෞද්ධ අබෞද්ධකාගේත් ගෞරවයට හා පූජනීයත්වයට පත්ව තිබේ.මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N බණ්ඩාර මහතාගේ කැමරාවෙන් . මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම ෆොටෝ එක පෙන්නුවාසෝමාවතී පන්සලේ හාමුදුරුවෝ ඒක මවුබිම පත්තරේට දුන්න නිසා තමා මේක ටිකක් ප්‍රසිද්ධ වෙන්න ගත්තේ.