අද වර්තමානයේ බොහොමයක් දෙනෙකු කතා කරනවා ,හෙනරාජය තෛලය ,රාජතරංගනි තෛලය ,සරස්වති තෛලය ,ඉරුදැපනය තෛලය ,සත්දිවිරාජ ,මෙ අාදි ඉපැරැණි තෙල් වට්ටෝරු සම්බන්ධයෙන් ,නමුත් මෙ තෙල් වට්ටෝරු සම්බන්ධ කතා කරාට වට්ටෝරු තිබුනට සකස් කරන්න යෙදුණු පිරිස බොහොමයක් දුරට අඩුයි , විටක මට එක් අංගම්පොර මෙන්ම පාරම්පරිකව හෙළ වෙදකම කරන වෙද මහත්තයෙක් හම්බ වෙනවා එතුමා බොහොම දක්ෂ කෙනෙක් එතුමා විසින් එම අවස්තාවේ සදහන් කරෙ ඉස්සර මුතුන්මිත්තන් වගේම අද මෙ තෙල් හදන්න අමාරුයි හෙතුව අැහුවා ප්‍රදාන කාරනාවක් තමයි අපේ හාමුදුරුවනේ පිරිසිදු බාවය කිවා තවත් දෙයක් මෙයට කැප කිරිම් බොහොමයක් කරන්න ඔනි කිවා

නමුත් මන් අද තවත් වට්ටෝරුවක් ලබාදීම කරනවා මෙහි ඇති සුවිශේෂී කාරනා කිහිපයක් ඇති එයින් ප්‍රදාන කාරනාවක් තමයි මෙ සරස්වති තෛලය බාවිතා කරන්නේ දරුවන්ගේ මතකය වර්දනය සදහා ප්‍රදානම කාරනාවයි …අහල තිබුණි බොහොමයක් දෙනෙකු හාමුදුරුවනේ සරස්වති වට්ටෝරු ලබාදීම කරන්න කියලා නමුත් යමක් කියන්න ඔනි මෙ වට්ටෝරු තිබුණි පමනකින් මෙ තෙල් සකස් කරන්න බැරි බවත් .මෙහි පැවත එන රහස් ගුරුමුස්ටි බොහොමයක් ඇති .ගුරුමුස්ටි පැහැදිලි කරන්න ගියොත් වෙලාව මදි නමුත් මෙය සකස් කරන්නේ නම් අවම මාසයකට පෙර සිට පස් පවින් වැලකී සිටිම ඉතාම යහපතක් ,තවත් දෙයක් කිලි කුනු හසු නොවෙන්න වග බලා ගන්න ඔනි එත් මාසයකට පෙර ඉදන් , තවද මෙය සකස් කිරිමෙදි ස්ත්‍රී සම්බන්ධ කර ගන්න එපා කිසිදු අවස්ථාවක.මෙ ප්‍රදානම කාරනා කිහිපයක් පමනයි , ඔබෙ දැනුම වෙනුවෙන්

සකස් කරන ස්තාන සම්බන්ධ පැහැදිලි කරොත් අලුතින් හදන පංසලක් නම් වඩාත් හොදයි ,එහෙම නැති නම් කැලයක් අසල විශාල බෝ ගසක් ,නුග ගසක් යැට , වඩාත් හොදයි , අලුතින් හදන දේවාලයක් අසල හොදයි , මෙ සියලු ස්තානද ඉතාම පිරිසිදු ඉස්තාන නිසා තොරා ගන්නා බවත් සැලකිය යුතුයි ..මෙ සදහන් කර ස්තානවල, නිතර පුසන්,බල්ලන් ,සතුන් ගැවසෙන්නේ නම් ඒ භුමිය තොරාගන්න එපා ….තවත් කාරනාවක් මෙ සදහා සුදුසු පුද්ගලයන් උපසම්පදා හො,සාමණේර,භික්ෂූන් වහන්සේ12 නමක් ,ගිහි පිරිමි පුද්ගලයන් කිහිප දෙනෙක් ,අට සිල් හො,පංසිල් ආරක්ෂා කරන,මෙ අය හැරුණු කොට කිසිදු කෙනෙකුට සම්බන්ධ වෙන්න තහනම් ,තවත් මෙ අය සීමා කරාම ඒ අයට පමණයි යන්න පුළුවන් එයද සිහියට ගන්නා ,මෙ පිරිස තෙල හදන්න මාසයකට පෙර ඉදන් පිරිසිදුව කටයුතු කරන්න ඔනි ..

.ඖෂධ සොයාගැන්ම ,මුලින්ම ඖෂධ කඩන්න හොද සුදුසු නැකතක් බලා ගන්න ප්‍රදාන ලෙසට කෝණ මාසයෙන් තොරව මාසයක් ගන්න මාර්තු මාසය වාගේ සුදුසුයි , නැකැත් මුලින්ම සකස් කර ගන්න ,ඉට පසුව ඖෂධ කඩන්න නැකැත් අනිද්දා නම් ඉට දවස් තුනකට කලින් ගොස් ඖෂධ ඇති තැන් සොයාගන්න ඒ අවට පිරිසිදු කර ගන්න ,එමෙන්ම ඖෂධ ගන්න විට මෙ ස්තාන තුලින් ගන්න එපා ,සොහොන ,සොහොන අසල, පාලු තැන,අපිරිසිදු තැන, කැසි කසල ඇති තැන, නිතර සතුන් සිටින තැන, මෙ තැන් නැතිව පිරිසිදු තැනකින් ඖෂධ කඩා ගන්න සුදුසු නැකතට ,සුදුසු දිසාවට, ඒ කරුණු කිහිපයක් පමණයි …තවද ස්තානය තුල පොඩි පිරිත් මන්ඩපයක් සකස් කර ගත යුතුයි ,මෙයට ගන්නා සියලු අමුද්‍රව්‍ය අලුතින්ම ගත යුතුයි ,එයද සකස් කල යුතුයි ක්‍රමයක් ඇති එකක් නම් සුදුසු නැකතට ප්‍රදාන කනුව සිටුවීම කල යුතුයි .තවත් එකක් නම් උඩුවියන් බැද ,ගොම ගැම අනිවාර්යයෙන් කල යුතුයි එයටද පිලිවෙත් ඇති ,මදක් පමණයි

.ඉට පසුව ඖෂධ ඇභරිම එයද අලුතින් භාජන ගත යුතුයි එමෙන්ම එවාද අර මුලින්ම මසකට පෙර පිරිසිදු උන අය පමණයි කල යුත්තේ කිසිදු විටක වෙනත් කිසිවෙක් සම්බන්ධ වෙන්න බැරි .ඉලගට තෙල ලිප තැඹිම, මුලින්ම මෙයට ගන්න වෙනම දර වර්ගයක් ඇති ඒවාද දැන ගත යුතුයි .ඉට පසුව මහා සංඝ රත්නය 12 නමක් පිරිත් කියන විට ලිප මොලවා තෙල නැකතට ලිප තිබිම කල යුතුයි එය කල යුත්තේ ගුරුතුමා හො ස්වාමීන් වහන්සේ නමක් විසින් .පසුව මෙය මද ගින්නේ පැයක් පමන එක දවසකට රත් කල යුතුයි .එලෙසට දවස් හතක් , එ දවස් හතෙහිම ලිප මොලවන විට පිරිත් කිරිම අනිවාර්යයෙන් කල යුතුයි .එක ගුරුමුස්ටියක් කියලා දෙන්නම් කිසිදු විටක මෙ දවස් දහය තුල තෙල ලිපෙන් බැවොත් තෙලෙහි ගුනය අඩු වෙන බව සදහන් එය මතක තබා ගත යුතුයි

7 වෙනි දවසෙහි අර ⁣කුඩා දරුවා විසින් අඹරපු කල්කය තෙලට දමනු ,එදින විශේසයෙන් ජයමංගල ගාතා කීම අනිවාර්යයෙන් කල යුතුයි එය නිවැරැදි ලෙසටම උච්චාරණය කල යුතුයි .මෙ සරලව පැහැදිලි කරෙ මෙහි ඔබෙ දැනුම සදහා මෙන්ම අපේ සැගවී යන ඉතිහාසයෙහි මිනිස්සු කරපු වැඩ ගැන සදහන් වෙන්න .අද ගොඩක් අයට අපේ දෙවල් අගයක් නැති .මෙය නිවැරැදි ලෙසට ඔය කියපු කරුණු සහ සියලු කරුණු මනාව කරොත් ප්‍රතිඵල තියනවා .පිට දෙන්න අපහසු බොහොමයක් කරනු ඇති නමුත් වට්ටෝරුව ඉතාම නිවැරැදි ලෙසට සහදන් කර ඇති කිසිදු විටක පොතෙහි සකස් කරන අයුරු සදහන් නැති මාද මෙය දැක පුරුද්ද තුලින් ලබා ගත් බවට සදහන් කරමි .මෙය සකස් කරන විට සාමාන්‍ය 7 වෙනි දවස පසු වෙන විට තද වැහි වහින්න පුළුවන් ,එමෙන්ම පොලොන්ගු තෙලෙහි සුවදට එන්න පුළුවන් .මෙය මා දුටු කාරනා කිහිපයක් .මෙ තෙල් වාෂ්ප වෙන ප්‍රමාණය වැඩි.තෙල පදමට ආවහම බොහොම පොඩ්ඩක් තෙල් එන්නේ සාමාන්‍ය අවුන්ස කුප්පි දෙකක් වාගේ …මෙය සකස් කරන්න සාමාන්‍ය මුදලක් යන බවත් කැප කිරිම උපරිමයෙන් කල යුතු බවත් මතකයට ගන්න …