ආචාර්ය හොප්කින් ගේ ප්‍රෙහෙලිකාව.කළු කුහර හා ආකාශ වස්තු පිලිබද ජේශ්ඨ මහාචාර්ය Stephon Hopkins මහතා වරක් ප්‍රකාශ කලේ මේ ග්‍රහලෝකයෙන් පිට,මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට,මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා දියුණු ජීවීන් සිටින බවට තමා පිලිගන්නා බවයි. නමුත් ඔවුන් අපව ආක්‍රමණය නොකරන්නේ මන්දැයි ඔහුටත් හිතාගත නොහැකි බවයි.කෙසේ වෙතත් මේ සියල්ල පිටුපස ඇමෙරිකා එක්සත් ජනපදය ලොවෙන් වසන් කරන ඔබේ කෙස් කෙලින් සිටු විය හැකි රහසක්ද වේ..

Area -51..ඔබ අසා ඇතුවාට කිසිම සැකයක් නැත. ඇමරිකාව තුල පිහිටි අභිරහස් යුධ කලාපයක් වශයෙන් මෙන්ම විශ්ව ගණුදෙනු කලාපයක් ලෙසද මෙම කදවුර නම්දරා තිබීම ප්‍රසිද්ධ රහසකි.මා මෙසේ පවසන්නේ කලින් කී කෙස් කෙලින් සිටුවන රහස ඔවුන් කොතෙක් ලොවෙන් වසන් කරන්නට හැදුවත් සියලු ආරක්ෂන පද්දතීන් යටින් රිංගා ලොවට කාන්දු වී තිබීම නිසාවෙන්‍ ය.මෙම රහස් කදවුර තුල පිටසක්වල අතිශය දියුණු -බුද්ධිමත් ජීවි වර්ග හා අමෙරිකානු රාජ්‍ය නිලධාරින් මුනගැහෙන බවට සැබෑවකි.මෙවැනි හමුවීම් තුලදී හෙලිවූ විශ්වීය රහස් දස දහස් ගනන අතරින් මා කලින් කී වැදගතම විශ්වීය රහස මෙයයි.

පිටසක්වල ජීවිහු අතර, දුර බැහැර ග්‍රහලෝක වල ඉපිද ජීවන චක්‍රය හා ඉන් මිදීම පිලිබද මාර්ගෝපදේශකත්වය දුන් මහා පඩිරුවණක් සරණ ගිය කොට්ඨාසයක් වෙති.ඔවුන් අසම සම මානසික ශක්තීන්ගෙන් යුක්ත අතිශය බල සම්පන්න ජීවීහු වෙති.සිය දේශක නායකයාට ඔවුහු ත-තාගඃ හා නී-ධෝක් යන නාමයන්ගෙන් අමතති.මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි වෙසෙන බුදුන් සරණ ගිය විශ්වීය බෞද්ධ ප්‍රජාවක් ගැනම නොවේද???????වෙනත් කිසිවකුගේ දර්ශනයක් ඔවුන් හදුනතැයි ඔවුන් කිසිවිට පවසා නැත.බුදුන් වහන්සේ දෙවියන් උදෙසා,බබුන් උදෙසා සහ සියලූම විශ්වීය ප්‍රජාව උදෙසා දේශනා කල සූත්‍ර දේශනාවන්හි තමන් වහන්සේ හදුන්වා ඇත්තේ තථාගත යන නාමයෙනි.

“තථාගතං දේව මනුස්ස පූජිතං”-තවද උන්වහන්සේ විශ්ව ප්‍රචලිත බවට එක් නිදසුනක් වනුයේ විවිධ සූත්‍ර දේශනා වලට අනුව සක් දෙව්‍ රජු,ප්‍රති මහ බබු,වෙසමුණි යම රජු,සතර වරම් දේවතාවෝ ඇතුලු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවීහු උන්වහන්සේ ඇමතීමට තථාගත යන නාමය යොදාගෙන තිබීමයි.එසේ නම් තථාගත යන නාමය මේ චක්‍රාවාටයෙන් බැහැර වෙසෙන ජීවිහු තම ගුරුවරයා හැදින්වීමට යොදාගන්නා ලද ත-තාගඃ නාමයමය නොවේද ?..

.අප බුද්ධ ලෙසින් හදුන්වන මේ මහා දාර්ශනිකයානන්ගේ පිටසක්වල සිසුහු උන්වහන්සේ හදුන්වන්නේ මෙපරිද්දෙන් විය හැකිය.නි-ධෝක් යන නාමය ගත් කලද එසේමය. වෛශවන නම් බලසම්පන්න පිටසක්වල ජීවි නායකයා බුදුන් වහන්සේ අමතා ඇත්තේ ඒ නාමයෙන් බව සූත්‍ර දේශනා ගනනාවක් කරණ කොට පෙන්වා දිය හැක.බෞද්ධ ආකාශ වස්තු විද්‍යාව අනුව මෙම දිව්‍ය තලයන්ගේ ආයු කාලය පෘථිවි ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි.

කාලය නම් මානයට අනුව විශ්වයේ සෑම භෞතිකයක් වටාම ක්‍රියාත්මක වන ඔරලෝසුවක් ඇත. එනම් විශ්ව කාලය හා මිනිස් ලොව කාලය එක පොදු ගුණා කාරයකට ගත් කල වෛශවන දිව්‍යරාජයා රජකරන චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ ආයුකාලය මනුෂ්‍ය ලෝකයේ ආයු කාලය මෙන් වර්ශ මිලියන 9 කට ආසන්න වේ.බුදුන් වහන්සේ පිරිණිවන් පා වදාලා මිනිස් කාලයෙන් තවම ගතවී ඇත්තේ වර්ශ 2562ක් පමන කාලයක් පමනි.එය විශ්ව ඔරලෝසුවට අනුවනම් ඉතා සුළු කාලයකි.චාතුර්මහාරාජික ඔරලෝසුවට අනුවනම් තත්පර ගනනකි.

මේ අනුව අපට නිගමනය කල හැක්කේ එදා බුදු පියාණන් පාමුල ආටානාථිය විමසූ දිව්‍ය,යක්ෂ,කුම්බාණඩ ආදි වූ විවිද පර සක්වල ජීව්හුට තවමත් බණ අසා වැඩි වේලාවක් නොගොස් ඇති බවයි.එසේනම් එදා බුදුන් සරණ ගිය ඒලියන් උපාසක/උපාසිකාවන්,ආර්‍ය සත්‍ය අවබෝධ කරගෙන සෝතාගාමි,රහත් මග ඵල ලැබූ සක්වල ජීවිහු මේ මොහොත වනවිටත් හබල් දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට”නමෝ බුද්ධාය!!!” යනුවෙන් කියනවා විය යුතුය.

ආචර්‍ය හෝප්කින් ගේ ප්‍රෙහෙලිකවට ලබා දියයුතු පිලිතුර ඉතා සරල එකක්මය. මිනිස් ලොවෙනුත් ඉන් පිටටත් දන්නා එකම දහම බුදු දහමයි.ඔවුන් අපට වඩා කොපමන බල සම්පන්න ජීවීන් වුවත් අපව ආක්‍රමණය නොකරන්නේ බුද්ධෝප්පාදක ග්‍රහලෝකය ඔවුන් පූජනීයත්වයෙන් ම සළකන නිසා බව මා තරයේ ඔහුට පසක් කර දෙමි.