වර්තමානයේ මී ගසක් දැක ගැනීම දුර්ලභ දසුනක්. අතීතයේ විශාල මී ගස් ගහණයක් දැක ගත හැකි විය රජ සමයේදී මී ගස් කපා දමන්නන්ට හිමිවූයේ මරණ දඬුවමයි. එක මී ගසක් මඟින් කුඹුරු අක්කරයකට අවශ්‍ය පොහොර ලබාදෙන අතර ,එය යූරියා පොහොර වලට වඩා ගුනාත්මක බව කියවේ…..

මේ මහා පොහොර ගසේ බලය දැනගත් සුද්දා මේ ගස කපා වැව් අමුණු වල පාලම් බෝක්කු වලට යොදා ගැනීමට නියෝග කළේය . 1833 ඉදිරිපත් කෙරුනු කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පසු මී ගස කපා දැමීම ආරම්භ විය.
එතැන් පටන් අපේ ගොවිතැන නිසරු වීම නිසා කුඹුරු නිසරු වන්නට විය..

මී ගෙඩි මද ව්‍යංජනය කිරි මව් වරුන්ට පෝෂදායි ආහාරයකි. රත් පිත් දෝෂ සමනය කිරීමේ ගුණයක්ද ඇත.ශරීරය පෘෂ්ඨිමත් කිරීමේ හැකියාවද ඇත.වේදනා නාශක ගුණයක් සහ විෂබීජ නාශක ගුණයක් ද සහිත වේ. සමේ ඇතිවන අසාත්මිකතා වලදී මී පොතු තලා අඹරා එම ස්ථාන වල ආලේප කිරීමෙන් සුවය ලැබේ. හෙළ වෙදකමේදී අදටත් මී ඇට සහ මී මල් ලබා ගනී

හෙළ රජදරුවන් ආරක්ෂා කළ මීගස ගොවිතැනේදී කෘමීන් පළවා හැරීමටත් ,පක්ෂීන් ආකර්ෂණය කර ගැනීමටත් ,කෙත සරුකරන පොහොරක් ලෙසටත් උපකාරී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත් අතර මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරු වලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර ( නයිට්‍රජන් )ලැබීමද සිදු වේ..එමෙන්ම ගොයමට හානිකර වූ මැස්සන් ආදී කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාරය වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය අවම වේ….

වවුලන්ගේ වසුරු වල යූරියා වල ඇති සංඝටක ඇතත් ඒවා ස්වාභාවිකව දිරාපත් වේ.රසායනික පොහොර වල අඩංගු වන බැර ලෝහ නොමැති නිසා රෝගාබාධයන් ද අවම වේ…( බැර ලෝහ මඟින් වකුගඩු වලට හානීවීමත් ,පිලිකා සෑදීමටත් හේතු වේ..)

මී මල් වලට ආකර්ෂණය වන මී මැස්සන්ගේ නාදය නිසා ද කෘමි හානිය අවම වේ..තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම සිදු කළහ. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවම කර ගැනීමයි..

හෘදරෝග වලටද මී ඇට ගුණ දායාද බව කියවේ..පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති අතර සර්ප විෂද සමනය කරයි….