රනිල කුලයට අයත් බෝංචි පවුලේ එළවළු අතර කැල්සියම් හා පිෂ්ට ධාතුව වැඩියෙන්ම අඩංගු එළවළුවයි. අස්ථි ජනනයේදී හා අස්ථි නිසි ලෙස පවත්වා ගෙන යාම සඳහා උදව් කරයි. එසේම ලෙඩ රෝග හා ශාරීරික දුර්වලතා අඩු කිරීමටත් සමස්ත ශාරීරික පැවැත්මටත් උදව් කරයි.

ප්‍රෝටීන් බහුල එළවළු අතරින් ඉතා පහසුවෙන් වගා කළ හැකි භෝගයක් වන දඹල ශාකයේ මල්, කොළ, කරල්, බීජ, අල යන සියල්ල ආහාරයට ගත හැකි අතර මෙම සියලු කොටස්වල ප්‍රෝටීන් ඉහළ අගයක් ගනී. තවද කාබෝහයිඩ්රේට්, මේදය, විටමින් A ,B සහ C අඩංගු වේ.

මාංශජනක පෝෂ්‍ය පදාර්ථ වැඩි වශයෙන් අඩංගුය. ආහාරයට ගැනීමෙන් ශරීරයට ඉහළ පෝෂණ ගුණයක් ලැබේ. පෙ‍්‍රා්ටීන් වැඩි ප‍්‍රතිශතයක් අන්තර්ගතව තිබෙනවා. කෙඳී සහිත තන්තුමය එළවළුවක් නිසා ආහාර දිරවීමේ ශක්තිය සහිතව මළබද්ධය දුරු කරනවා. ආමාශයට ඉතා හිතකර වුනත් බඩේ අමාරු අජීර්ණ වැනි රෝගවල දී කෑමට සුදුසු නොවේ.

අද දේශීය වෙළෙඳපොළේ දඹල කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කි. නමුත් ගෘහස්ථ පරිභෝජනය සඳහා යොදා ගැනෙනුයේ වේලකට දඹල ග්‍රෑම් 250 ක් පමණි. ඒ සඳහා පාරිභෝගිකයා වැය කරන මුදල රුපියල් 30 කි. ගෙවත්තෙන් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් ආකරයක් වූ දඹල සඳහා අපි මුදලක් වැය කිරීම අනුවණකමකි.

දඹල ශක්තිමත් කඳක් හිමි වැල් වර්ගයකි. දහවල් කාලය වැඩි (දිගු දිවා) විට හොඳ අස්වැන්නක් ලබා දෙයි. පැරැණි ප්‍රභේද මෙම තත්ත්වය මැනවින් නිරූපණය කරන අතර නව ප්‍රභේද මෙම ගුණය ඉවත් කර ඇත. මේ නිසා වසර පුරා සාර්ථක අස්වනු ලබා දෙයි.

ප්‍රෝටීන් බහුල එළවළු අතරින් ඉතා පහසුවෙන් වගා කළ හැකි භෝගයක් වන දඹල ශාකයේ මල්, කොළ, කරල්, බීජ, අල යන සියල්ල ආහාරයට ගත හැකි අතර මෙම සියලු කොටස්වල ප්‍රෝටීන් ඉහළ අගයක් ගනී. තවද කාබෝහයිඩ්රේට්, මේදය, විටමින් A ,B සහ C අඩංගු වේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගා කළ හැකි බෝගයකි. පාරම්පරිකව වගා කරන ලද දඹල ප්‍රභේදවලින් අස්වනු ලබාගත හැකි වූයේ මහ කන්නයේ දී පමණකි. එයට හේතුව එම ප්‍රභේදවල මල් පිපීම සඳහා කෙටි දිවා කාල තිබිය යුතු වූ නිසා ය.

නමුත් වර්තමානයේ දී වසර පුරාම වගා කර අස්වනු ලබාගත හැකි නව ප්‍රභේද බිහිකර තිබේ. වියළි කාලයේදී ජලය ලබා දීමෙන් වැඩි ඵලදාවන්ට හිමිකම් කිව හැකිය. දඹල වගාව වානිජ වශයෙන් දැන් වැඩි නැඹුරුවක් දක්වන නමුත් ගෙවතු වගාවක් ලෙස බහුලව දැකිය හැකිය.

වානිජ වශයෙන් වගා කළ විට පන්දලම් හෝ මැස්සක් හෝ සැපයිය යුතුය. ගෙවතු වගාවකදී එක වැලක් හෝ දෙකක් හෝ ගසකට, පන්දලමකට, වැටකට ආදී වශයෙන් වුවද පුහුණු කිරීමෙන් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය.

හොඳින් ජලය බැස යන වැලි සහිත ලෝම පස වඩාත් සුදුසු වන අතර සෙන්ටිමීටර් 75 X සෙන්ටිමීටර 60 පරතරයක් තිබිය යුතුය. එක් වළකට බීජ 2 � 3 පමණක් සිටුවන්න. බීජ සිටුවා ගැනීමට පෙර වලට කාබනික පොහොර යොදා ගැනීමෙන් හොඳ වර්ධනයක් පෙන්නුම් කරයි.

බීජ සිටුවීමට පෙර මූලික පොහොර ලෙස N. P. K.- 20 : 100 : 40 අනුපාතයට යෙදිය යුතුයි. යූරියා කිලෝග්‍රෑම් 45 යි. ට්‍රිපල් සුපර් පොස්පේට් කිලෝග්‍රෑම් 215 යි.

මියුරියේට් ඔෆ් පොස්පේට් කිලෝග්‍රෑම් 65 යි. මෙය වානිජ වගාවක් සඳහා හෙක්ටයාරයකට නිර්දේශ කර ඇති පොහොර ප්‍රමාණයයි. දඹල සිටුවා සති 04 කදීත්, සති 10 කදීත් හෙක්ටයාරයකට යූරියා කිලෝග්‍රෑම් 20 ක් යෙදීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ලැබෙයි.

නිර්දේශිත ප්‍රභේද ලෙස,

  • S. L. S. 44 – මෙහි කරල් කොළ පැහැ ගනියි. බීජ සුදු පැහැ වෙයි.
  • S. L. S. 40 – කොළ පැහැ කරල් සහ දුඹුරු පාට බීජ
  • U. P. S. 122 – දම්පාට කරල් සහ තද දුඹුරු පැහැ බීජ

ක්‍රිස්නා – දම්පාට කරල් සහ තද දුඹුරු පාට බීජ

S. L. S. 44, S. L. S. 40 සහ U. P. S. 122 ප්‍රභේදයන් සිටුවා දින 90  110 අතර අස්වනු ලබා දෙයි. එතැන් සිට දින 3  4 වරක් ළපටි කරල් අස්වනු ලෙස නෙළා පොඩි නොවන පරිදි අසුරා වෙළඳපොළට ඉදිරිපත් කළ යුතුයි. කරල් පොඩි වූ විට දුඹුරු වර්ණයක් හට ගනී. එවිට වෙළෙඳ අගය පහත වැටේ. හොඳ වගාවකින් හෙක්ටයාරයකට ටොන් 15  20 ක අස්වැන්නක් ලබා ගත හැකිය.

ක්‍රිස්නා නම් නව දඹළ ප්‍රභේදය විශාල වැල්වලට හිමිකම් නොකියයි. කුඩා පන්දලමක හෝ තනි කණුවක් හෝ වුවද ප්‍රමාණවත් වෙයි. මෙය කෙටි කාලීන වගාවකි. දින 50  55 අතර අස්වැන්න ලබා දෙයි. මෙහි ආයු කාලය දින 125 කි. මුල් කාලයේ වල්පැළෑටි පාලනය කළ යුතු අතර වැල් වර්ධනයත් සමඟ වල් පැළෑටි පාලනය කිරීමක් අවශ්‍ය නොවේ.

කෘමි හානිය ඉතා අඩු මට්ටමක පවතියි. හානිකර රෝගයක් ලෙස බහුලව දැකිය හැක්කේ බැක්ටීරියා හිටුමැරීමේ තත්ත්වයයි. මේ නිසා බෝග සනීපාරක්‍ෂාව ඉතා වැදගත් වේ. බැක්ටීරියා හිටුමැරීමේ තත්ත්වයක දී බෝග මාරුව සුදුසුය.