කොහේ හරි නතර වී සිටියොත් ඇරෙන්න අපි හැමෝම අපේ ජීවිතේ ගත කරන්නේ අපේම කියල ගෙදරක.ගෙදර කිව්වට මේ නිවස ටිකක් සුවිශේෂියි.මොකද අපි නිවසක් මිලට ගැනීමට ගියත් එහෙම නැත්නම් නිවසක් අලුතින්ම හැදුවත් අපි නිවස හදන්නේ අපේම විදිහකට.නිවසේ ජනෙල් දොරවල් ,විසිතුරු හැඩවැඩ මේ ඔක්කොම කරන්නේ අපේ සිතේ තියෙන කැමැත්තට අනුව.අපිට යමකට කැමැත්තක් ඇති වෙන්නේ අපි තේරීම් කරන්නේ අපේ සිතේ ඇති යම් යම් තීරක සාධක පදනම් කරගෙන.මේවට පදනම් වෙන්නේ අපේ සිතේ පවතින සිතුම් පැතුම් ,අපේ ගතිගුණ වගේ ඒවා.මේ සියල්ලේම එකමුතුවක් විදිහට තමයි අපි යම් තේරීමක් කරන්නේ.ඉතින් අද මෙම රූප අතරෙන් ඔබ කැමතිම නිවස තෝරාගන්න.ඒ ඇසුරින් ඔබේ චරිත ලක්ෂණ ගැන යමක් පවසන්න අපි සුදානම්.

1. ක්‍රමවත් හා සංවිධානාත්මක
ඔබේ වැදගත්ම චරිත ලක්ෂණය වන්නේ මෙයයි.එනම් ඔබ ඕනෑම දෙයක් කිරීමට පෙර හැකි උපරිමයෙන්ම එය සැලසුම් කරයි.හදිසියේ ගන්නා තීරණ වලට ඔබ කැමති නැත.සැමවිටම යමකින් උපරිම හොඳ ප්‍රතිපලය ලබා ගත හැක්කේ සැලසුම්සහගත ක්‍රමානුකුල ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් බව සිතන ඔබ ඔබේ සැලසුම් වලට ගරු කරන අතරම ඒ කෙරෙහි තම උපරිමයෙන් දායකත්වය ලබා දෙයි.

2. උද්යෝගිමත් හා වික්‍රමාන්විත බව
ඔබ විනෝදජනක පුද්ගලයෙකි.ත්‍රාසජනක ක්‍රියාකාරකම් වලට කැමති ඔබ විහිලුතහලුවෙන් කාලය ගත කිරීමට කැමතියි.ඔබේ ජීවිතය උපරිම ලෙස භුක්ති විඳීමට ඔබට අවශ්‍ය වන අතර මේ හේතුව නිසාම ඔබ සැමවිටම ඔබගේ ජීවිතය උත්තේජනය කරන සහ ආලෝකවත් කරන විනෝද ගමන්,සංචාර,ක්‍රීඩා ආදී ක්‍රියාකාරකම් සොයමින් ඒවයේ නිරත වේ.

3. සාර්ථක හා ක්‍රියාශීලී බව
ඔබ සැමවිටම සාර්ථකත්වය පසුපස හඹා යන්නෙකි.ඔබට අවශ්‍ය දේ ගැන ඔබ හොඳින්ම දන්නා අතර ඔබේ අරමුණ සාක්ෂාත් කරගන්න තෙක් ඔබ ඒ වෙනුවෙන් තම උපරිම වෙහෙස මහන්සිය කැප කරයි.කාර්යක්ෂමව ඔබ කටයුතු කරයි.ඔබට සැමගේම ඉල්ලුම පවතින්න හේතුව වන්නේ ඔබේ මෙම ගුණාත්මක භාවයයි.

4. නිශ්ශබ්දව හා ඉවසිලිවන්ත බව
ඔබ සාමකාමී ගෞරවනීය පුද්ගලයෙකි.අවංක පුද්ගලයෙකු වෙන ඔබ ජීවිතය ගැන ගැඹුරු අවබෝධයකින් යුතු අයෙකි.ඔබගේ ඉවසීමේ ශක්තිය ඉතා ඉහලය.ගැටුම් හමුවේ ඔබ නිහඬව ඈත්වෙයි.ගැටුම් වළකාලන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන ඔබ සැමවිටම තම ජීවිතය සාමකාමී නිදහස් දිවියක් බවට පත් කර ගැනීමට උත්සහ කරයි.

5. චිත්තවේගීය හා හැඟීම්බර බව
ඔබ හැඟීම්බර අයෙකි.සංවේදියි.අනුන්ගේ ප්‍රශ්නද ඔබේ කරගෙන ඒවා විසඳීමට කැපවෙන ඔබ ලෝකය තේරුම් ගන්නේ නුවණින් නොව හදවතිනි.තීරණ ගන්නේ මොලයෙන් නොව හදවතෙනි.ඉතින් මේ නිසාම ඔබට අනවශ්‍ය පීඩාවන්ද ඇති වෙන අතරම සමහර අවස්ථා වල ඔබ කලකිරීමට පත් වී හුදෙකලාව ප්‍රිය කරන අවස්ථාද දැකිය හැක.

6. විශ්ලේෂණාත්මක හා තාර්කික බව
ඔබ විධිමත් නීතිගරුක පුදගලයෙකු ලෙස දැකිය හැක.දැනුමට ඇලුම් කරන ඔබ ලෝකයේ සැම යාන්ත්‍රණයක් පිළිබඳවම තමන්ට හැකි අයුරින් උපරිමයෙන් දැන ඉගෙන ගැනීමට ඇල්මක් ,කුතුහලයක් දක්වයි.එසේම ඔබ සමඟ සංවාදය සිත්ගන්නා සුළුය.ඔබේ තාර්කික ඥානය ඉතා ඉහලය.