ඔයාගේම අතින් අධික ලෙස ආහාර ගැනිම වළක්වා ගැනීමටත් කොපමණ ප්‍රමාණයක් ආහාරයට ගත යුතු දැයි මැන ගැනීමටත් හැක
සූක්ෂම ලෙස කැලරි එකතු කර ගැනීම පිළිබදව අන්තර්ජාලය තුළ ආහාර සැලසුම් කිරීමේ ක්‍රම පිළිබදව විවිධ දැනුවත් කිරීමේ ලිපි සහ විඩියෝ තිබුණත් ඒ කිසිවකින් ප්‍රයෝජනවත් නැත. අපි ආහාරයට ගත යුතු දේවල් පිළිබඳ සියලු තොරතුරු රැස් කර ඒවා ක්‍රියාත්මක කිරීමට කාලය හා ශක්තිය වැය වෙනවා. හැබැයි ඔයා නොදන්න දෙයක් තිබෙනවා. ඔයා ළගම ඔයාට අවශ්‍ය හොදම සහයකයෙක් සිටිනවා. කවුද දන්නවද? ඔයාගේම දෑත් මේ සදහා උපකාරි වන බව ඔයා දැන සිටියාද? විශේෂයෙන් ඔයාට අවශ්‍ය ප්‍රමාණය මැනීමට ඒවා උදව් කළ හැක.

මෙම උපක්‍රමය ඔයාට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට උපකාරි වුවද බර වැඩිවීමටද උපකාරී වෙන්නේ නැත.
මිනිස් සිරුර කෙතරම් පුදුම සහගත විය හැකිද යන්න ගැන අපි ඇත්තටම මවිතයට පත් වන අතරම මෙම ප්‍රයෝජනවත් ක්‍රම පිළිබදව ඔයාවත් දැනුවත් කිරීමට අපිට අවශ්‍ය වුණා.පුරුෂයන් සදහා අවශ්‍ය ආහාර ප්‍රමාණය ඔවුන්ගේ අල්ලෙන් 2 ට වඩා වැඩි නොවීමටත් කාන්තාවන් සඳහා අවශ්‍ය වන ආහාර ප්‍රමාණය ඔවුන්ගේ එක් අල්ලකට වඩා වැඩි නොවීමට නිර්දේශ කරනු ලැබෙනවා.

ප්‍රෝටීන් – අල්ලෙන් එකක්
ඔයාට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය කොතරම් විශාල විය යුතුද යන්න ඔයාගේම අතෙන් පැවසිය හැක. චිකන් බ්රෙස්ට්, මාළු, බිත්තර, චීස්, යෝගට් වැනි ප්‍රෝටීන් බහුල නිෂ්පාදන සෞඛ්‍ය සම්පන්න වුවත් ඒවා අධික ලෙස පරිභෝජනය නොකළ යුතුයි. එමනිසා අල්ලෙන් ප්‍රමාණය මැන ගැනීම වඩාත් හොදයි.

කාබෝහයිඩ්රේට් – අත් මිටක්
ඔයාගේ ශරීරයට කොපමණ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අවශ්‍යදැයි ඔයාගේම අතෙන් මැන ගන්න පුළුවන්. පාන්, ධාන්‍ය වර්ග, සහල්, අර්තාපල් වල ඇති කාබන් ගණන ඔයාගේ අත් මිටේ තරමට සීමා විය යුතුයි. මේ ආකාරයෙන් ඔයාගේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට හැකි වූවත් බර වැඩි කිරීමට හැකි වන්නේ නැහැ.

පුරුෂයන් සඳහා ආහාරයට ගත යුතු නියම පැස්ටා ප්‍රමාණය දැන ගැනීමට අත් 2 ක එකට එක්කර ප්‍රමාණය දැන ගැනීමට උපකාරී වෙනවා. කාන්තාවන් සඳහා එක් අතක ප්‍රමාණයක් පමණක් ප්‍රමාණවත් වෙනවා.

චීස් – ඇඟිලි 2 යි
චීස් ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් රසවත් ආහාරයක්. හැබැයි චීස් විශාල ප්‍රමාණයක් අනුභව කිරීම ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් නෙවෙයි. එමනිසා ඔයාගේ ඇඟිලි 2 කට සමාන කොටසක් ආහාරයට ගත හැකි අතර එමගින් ඔයාගේ සෞඛ්‍යයට හෝ රූපයට හානියක් සිදු නොවේ.

මේද – ඇඟිල්ලේ අග
අපි දිනකට වැඩි මේද ප්‍රමාණයක් ආහාරයට ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එමනිසා ඔයාගේ ඇඟිල්ලෙන් එක් පුරුකක් ප්‍රමාණයට ගැනීම හොදටම ප්‍රමාණවත් බවයි පෙන්වා දෙන්නේ.

පලතුරු සහ එළවළු – සම්පූර්ණ අත් 2 යි
නැවුම්, ශීත කළ හෝ කුඩා කෑළි වලට කපන ලද පලතුරු සහ එළවළු අත් දෙක එකතු කර ඉන් සම්පූර්ණ එකක් ගැනිම හොදටම ප්‍රමාණවත්. පිරිමින් සඳහා එලෙස 2 ක් සහ කාන්තාවන් සඳහා එක් අතක් ප්‍රමාණවත් වෙනවා. ඔයාට ගැලපෙන ප්‍රමාණය ගෙන ඒවායේ යුෂ වලින් දිනකට මිලි ලීටර් 150 ක් පානය කිරීමටත් නිර්දේශ කරනවා. මොකද දන්නවද? මෙලෙස පානය කිරීමේදී ඒවායේ අමුද්‍රව්‍ය