අප ඇසින් දකින දේ මොළයෙන් අර්ථ නිරූපණය කරන ආකාරය ඉතාම පුදුමාකාරයි. ඒ වගේම අප දැකීමට කැමති, දැකීමට තෝරා ගන්නා දේ සහ එහි තේරුම අතර සම්බන්ධතාවයක්ද තිබෙනවා. පර්යේෂණයන්ට අනුව, අපගේ ඇස්වලට පෙනෙන දේ අර්ථ නිරූපණය කිරීමට සහ අපට තොරතුරු සැපයීමට අපගේ මොළයට මිලි තත්පර 13 ක් ගත වෙනවා. පුද්ගලයන් සියල්ලෝම විවිධාකාරයෙන් එකිනෙකාගෙන් වෙනස් වන අතර අපගේ මනස සහ යටිසිත අපට පෙන්වීමට තෝරාගන්නා දේ මගින් අපගේ පෞරුෂයන් ගැන බොහෝ දේ පවසන්න පුළුවන්.මේ නිසා අප පහතින් ඔබට පින්තූරයක් ලබා දෙනවා. එයින් එක් අකුරක් තෝරාගන්න. ඔබ තෝරා ගැනීමට පෙළඹෙන දෙය මගින් ඔබවත් තවම හඳුනාගෙන නොමැති ඔබ තුළ ඇති පෞරුෂ ගති ලක්ෂණයන් ගැන පැවසීමට අපට පුළුවන්.

01. A අකුර.

ඔබ තෝරාගන්නේ A අකුර නම් ඔබ තේරුම් ගැනීමට ඉතා පහසු පුද්ගලයෙක්. එයට හේතුව බොරු වැල්වටාරම් නැති ඔබ නිතරම කෙලින් කතා කිරීමට සහ වැඩ කිරීමට කැමති වීමයි. මේ නිසාම ඔබ අවට සිටින පුද්ගලයන් ඔබව හඳුනාගන්නේ ඉතාම විශ්වාසවන්ත පුද්ගලයෙක් ලෙසයි. සෑම විටම තමාගේ හොඳම ගතිගුණයන් අන් අයට පෙන්වීමට කැමති ඔබ, ඔබ‍ට හැකි සෑම අවස්ථාවකදීම අනිත් පුද්ගලයන්ට ඔබගේ උපරිම උත්සාහයෙන් උදව් කිරීමටත් කැමතියි. ඒ වගේම වංචා කිරීම්, රැවටීම්, පාවාදීම් සහ ද්‍රෝහිවීම් වැනි දේවල් ඔබ ඉවසන්නෙත් නැහැ. ඔබට එවැනි අවැඩක් සිදු කරන ඕනෑම කෙනෙකු ජීවිතයෙන් ඉවත් කර දැමීමට ඔබ දෙවරක් සිතන්නේ නැහැ. අනාගතයේදී සුභ දේවල් සිදු වෙනකන් බලා සිටින්නේ නැති ඔබ, සියලුම දේවල් කාලයට බාර නොදී හැකි සෑම අවස්ථාවකම තමාගේ අනාගතයට ප්‍රයෝජනවත් වන දෙයක් සහ අනාගතය ගොඩ නැංවීමට උපකාරී වන දේවල් කිරීමට උත්සාහ කරනවා.

02. O අකුර.

ඔබ ඉස්සෙල්ලම දුටුවේ O අකුර නම් ඔබ ප්‍රශ්න විසඳන්නෙක්. යම් අවස්ථාවකදි ප්‍රශ්නයක් මතු වීමටත් කලින්ම එය හඳුනාගන්නා ඔබ එම ප්‍රශ්නය ඇතිවීම වළක්වා ගැනීමටත්, ප්‍රශ්නයක් ඇති වූ පසු හොඳම විසඳුම් ලබා දෙමින් ඒවා ඉක්මනින්ම විසඳා ගැනීමටත් දක්ෂයෙක්. ඔබගේ මේ ගුණාංගය ඔබ අවට සිටින පුද්ගලයන්ගේ ඇගයීමට නිතර ලක්වන නිසා එය ඔබට ආඩම්බරයක් වගේම ගෞරවයක් ලබා දෙනවා. සුබවාදී පුදුමයන් වලට ඔබ කැමැත්තක් දැක්වුවත්, ඊටත් වඩා ඔබ පෙළඹෙන්නේ ඔබ ඉදිරියෙහි පවතින දේවල් කලින්ම දැන කියා ගැනීමටයි. ඒ කියන්නේ, යම් දෙයක් පුදුමයක් ලෙස ඔබ ඉදිරියට පැමිණෙනවාට වඩා ඔබට අනාගතයේදී සිදුවන දේවල් නිශ්චිත ආකාරයකින් සිදු වීමට දැන් සිටම සැලසුම් සහගතව වැඩ කිරීමට ඔබ කැමතියි. නොසිතන වෙලාවක ලැබෙන පුදුමයන් වලට වඩා ඔබ සැලසුම් කරන දේ දේවල් ඒ ආකාරයෙන්ම ඉටු වීම වඩා හොඳ දෙයක් ලෙස ඔබ සලකන්නේ, එය වඩාත් යථාර්ථවාදී දෙයක් ලෙස ඔබ දකින නිසයි.

03. R අකුර.

ඔබ මුලින්ම දුටුවේ R අකුර නම් ඔබ සියලුම දේ සර්වසම්පූර්ණ ලෙස තිබිය යුතු යැයි සලකන ඉතාම සුපරික්ෂාකාරී පුද්ගලයෙක්. යමක් සර්ව සම්පූර්ණ වීමට ඉතාම කුඩා දෙය පවා බලපාන බව ඔබ විශ්වාස කරන නිසා ඕනෑම දෙයක ඉතාම සුළු දේවල් ගැන පවා ඔබ සැලකිලිමත් වෙනවා. ඕනම දෙයක් වෙනුවෙන් තමන්ගෙ නින්ද වුවත් කැප කරමින් උපරිම උත්සාහය යෙදීමට ඔබ නිතරම සූදානමින් සිටිනවා. ඔබේ ජීවිතයේ ඕනෑම දෙයක් සංවිධානාත්මක සහ සැලසුම් සහගත ලෙස කිරීමට ඔබ වඩා කැමැත්තක් දක්වනවා.

04. S අකුර.

ඔබ මුලින්ම දුටුවේ S අකුර නම් ඔබ ඉතාම සාමකාමී පුද්ගලයෙක්. රණ්ඩු සරුවල් හෝ උණුසුම් වාද විවාද සඳහා ඔබ කැමැත්තක් දක්වන්නේ නැහැ. එවන් අවස්ථාවක් උදා වුවහොත් එයට මුහුණ දෙනවාට වඩා ඔබ වැඩියෙන් පෙළඹෙන්නේ එතනින් ඉවත් වී යාමටයි. බැලූ බැල්මට එය ඔබගේ දුර්වලතාවක් ලෙස පෙනුනත් එවන් අවස්ථාවකදී වුවත් සාමකාමී ලෙස සිටීමට හැකි වන්නේ ඔබ තුල ඇති ශක්තිය නිසයි. කිසිදු පුද්ගලයකුට ඔබගේ අභ්‍යන්තර සාමකාමී බවට බාධා කිරීමට ඉඩ ලබා නොදෙන ඔබ ඉතාම බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස නිතරම අන් අයගේ ගරු බුහුමනට ලක් වෙනවා. තමාගේ හැඟීම් පිටතට නොපෙන්වා ඔබ වෙත එන සියලුම බාධක සහ ප්‍රශ්න තනිවම විසදාගැනීමට උත්සාහ කරන ඔබ විශ්වාස කරන්නේ බාධක පැමිණෙන්නේ තනියම විසඳා ගැනීමට මිස බෙදාහදා ගැනීමට නොවන බවයි.

05. T අකුර.

ඔබ මුලින්ම දුටුවේ T අකුර නම් ඔබ උපතින්ම නායකත්ව ලක්ෂණ ඇති පුද්ගලයෙක්. නිතරම ස්වයං පාලනයකින් යුක්ත වන නිසා ඔබ මනා සංයමයකින් යුතු අයෙක්. නිතරම ධනාත්මක ලෙස සිතන පතන ඔබ මිතුරන් අතර බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස සැලකෙනවා. ඔබ අවට සිටින පුද්ගලයන්ද ධනාත්මක ලෙස සිටිනවාට ඔබ කැමැත්තක් දක්වනවා. ඔබ නිරන්තරයෙන් අලුත් අදහස් වලින් පිරුණු පුද්ගලයෙක්. සංවිධානාත්මකව ජීවත්වීමට කැමති නිසා ඔබ ඔබේ ජීවිතයේ සෑම පැතිකඩක්ම පාලනය කිරීමට උත්සාහ කරන අතර මේ නිසා ඔබ ඉදිරියට පැමිණෙන බාධක හමුවේ ඔබ තරමක් පැකිලෙන ස්වභාවයක් පෙන්වනවා.

06. E අකුර.

ඔබ මුලින්ම දුටුවේ E අකුර නම් ඔබ ඉතාම කලාකාමී පුද්ගලයෙක්. මේ නිසාම ඔබට ඉතාම ඉහළ පරිකල්පන හැකියාවක් තිබෙනවා. ඔබ නිතරම හැඟීම් වලට ඉඩ ලබා දෙන අතර සතුට දුක ආදී ඕනෑම හැඟීමක් උපරිම ලෙස අත්විඳීමට ඔබ කැමතියි. ජීවිතය විඳීමට ඇති හොඳම මාර්ගය වන්නේ සතුට උපරිමයෙන් විඳීම බවයි ඔබ විස්වාස කරන්නේ. ඔබ කලාව අතිශයින් අගය කිරීමට හේතුවක් වන්නේ ඔබේ හැඟීම් අන් අයට ප්‍රකාශ කිරීම සඳහා ඔබ නිතරම කලාත්මක ක්‍රමවේදයන් යොදා ගන්නා නිසයි. ඔබගේ හැඟීම් ඉතාම හොඳින් අන් අයට දැනවීමේ හැකියාවක් ඔබට තිබුණත් ඇතැම් අවස්ථාවලදී එය ඔබට සෘණාත්මක ලෙස බලපානවා. කෙසේ නමුත් මිනිසුන් ඔබ අවට සිටීමට කැමැත්තක් දක්වන්නේ ඔබ ඉතා අවංක වීමත්, ඔබ අසල සිටිනා විට ඔවුන්ට පහසුවක්‌ දැනීමත් නිසයි.