බැලූ බැල්මට ඔබට මෙය තවත් එක රූපයක් පමණක් ලෙස පෙනුනද මෙය තුල තවත් බොහෝ රූප සැඟවී ඇත.නමුත් ඒ සියල්ල එකවර ඔබේ නෙත ගැටෙන්නේ නැත.එකවරම දුටු සැනින් ඔබේ නෙත ගැටෙන රූපය අනුව ඔබ ගැන බොහෝ තොරතුරු හෙළි වේ.ඉතින් කරන්න.ඔබේ කාර්යබහුල මනසට මද විවේකයක් දෙන්න.මොහොතක් ඔබේ දෑස් පියාගෙන නැවත විවර කරන්න.හොඳ හුස්මක් අරගෙන සැහැල්ලු වූ මනසකින් යුතුව මෙම පින්තූරය දෙස බලන්න.ඔබ පළමුවෙන්ම දකින දෙය මතක තබාගෙන ඒ අනුව දී ඇති විස්තරයෙන් ඔබේ ශ්‍රේෂ්ඨම ගුණාංගය කුමක්ද කියා හඳුනා ගන්න උත්සහ කරන්න.මෙම සරල පරීක්ෂණයෙහි යෙදී විනෝද වෙන්න.

1.කාන්තාව ඔබ පළමුවෙන්ම දැක්කේ කාන්තාවගේ රුව නම් ඔබ ජීවිතයේ ඕනෑම දුෂ්කර බාධාවක් ජයගැනීමේ හැකියාව ඇති අයෙක්.ඔබේ ශ්‍රේෂ්ඨම ගුණාංගය වෙන්නේ අන් අය බියෙන් පලා යන අසීරු අභියෝග හමුවේ වුවද නොසැලී ජයග්‍රහණය කරා යාමට ඔබට ඇති හැකියාවයි.මේ නිසාම අන් අයගේ ගෞරවය ප්‍රසාදය ඔබට හිමි වෙන අතර ඔබට පීඩනයන්ට ඔරොත්තු දීමේ මානසික ශක්තිය ඇත.මේ නිසා කිසිම විටෙක ඔබ අභියෝග බාධක දුෂ්කරතා වලට හිස නමන්නේ නැත.ඔබ සන්සුන් වගේම සුබවාදී අදහස් දරන පුද්ගලයෙක් නිසා සැමවිටම ජීවිතයේ සාර්ථකත්වය කරා පිය නගයි.

2.ගස් ඔබ දුටුවේ ගස් නම්,ඔබේ ශ්‍රේෂ්ඨම ගුණාංගය වෙන්නේ බුද්ධිමත් බවයි.ඔබට ඇත්තේ පුළුල් බුද්ධියකි.ගසක මුල් පොළොව තුල පුළුල්ව විහිද ඇත්තේ යම් සේද ඔබේ බුද්ධියද එසේමය.ඔබේ නුවණ ඇත්තේ එක අංශයක් කෙරෙහි පමණක් නොවීම විශේෂත්වයකි.විවිධාකාර විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ ඔබගේ දැනුම විහිදී ඇත.ඔබට ඕනෑම දෙයක් ඉක්මනින් අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත.ඒ ඔබේ නුවණැති මනස නිසාය.නමුත් බුද්ධිය යනු පොත පතේ දැනුම පමණක් නොවන බව මතක තබා ගන්න.එසේම කටපාඩම් කරන දෙයම පමණක් නොවේ.ඒ කෙසේ වුවත් ඔබේ ජයග්‍රහණය වෙන්නේද ඔබේම බුද්ධියයි.එනිසා ඔබේ බුද්ධිය ඔබේ ජයග්‍රහණය කරා මෙහෙයවන්න උත්සහ කරන්න.

3.හිස් තුනක් ඔබ පළමුවෙන් දුටුවේ මෙය නම් ඔබේ ශ්‍රේෂ්ඨතම ගුණාංගය වෙන්නේ ඔබේ විශිෂ්ට සහජ බුද්ධිය හා උපදේශන හැකියාවයි.ඔබ ඉතාම සංවේදී පුද්ගලයෙක්.ඒ වගේම සන්සුන් මනසකින්ද යුතුයි.විශේෂ නායකත්ව ගුණාංග වලින් යුතු ඔබට ඕනෑම කෙනෙක්ගේ ප්‍රශ්නයකට පහසුවෙන් පිළිතුරක් සොයාගත හැකිය.එය ඔබේ දක්ෂතාවයකි.යමෙක් ඔබට යම් ගැටළුවක් ඉදිරිපත් කලත් එසේත් නැතිනම් යම් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලත් ඒ සෑම අවස්ථාවකදීම එම ගැටලුව නිරාකරණය කරන්නට වගේම එම පුද්ගලයාගේ සිත සනසවාලීමටද ඔබට හැකියාව ඇත.එම පුද්ගලයට යහපත් නිවැරදි උපදේශනයක් ලබා දීමටද ඔබට හැකියාව ඇත.එනිසාම ඕනෑම වේලාවකදී සැම කෙනෙකුම උපකාර පතා සොයා එන්නේ ඔබවයි.ඒ සැම කෙනෙක්ටම තම සහය ලබා දීමට සැදී පැහැදී සිටින ඔබ කරුණාවන්ත හදවතක් ඇති අයෙකි.

4. කඳ හා පත්‍ර අතර ඇති හිස බැලූ බැල්මට මෙය හෝ හිස් තුනකට වැඩියෙන් ඔබට දැකිය හැකි නම් සුබපැතුම්!ඔබට ඇති උසස්ම ගුණාංගය වන්නේ ඔබේ නිර්මාණශීලි හැකියාවයි.චින්තනයයි.මෙහි හිස් තුනකට වඩා ඇත. නමුත් එය දැකිය හැක්කේ ඉතාමත් නිර්මාණශීලි මනසක් ඇති නිර්මාණශීලි සිතුම් පැතුම් ඇති කලාත්මක ඇසක් ඇති පුද්ගලයෙක්ට පමණයි.එසේම ඔබේ ඇති සියුම් අවධානය මින් ඉස්මතු වෙයි.එහි වැදගත්ම කාරණය වෙන්නේ ඔබට ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජය ගැනීමට නිර්මාණශීලි විසඳුමක් සොයා ගැනීමට හැකියාව ඇත.අසීරු අවස්ථාවක වුවද ඔබේ අවධානය සියුම්ව පවත්වා ගැනීමට ඔබට හැකිය.ඔබේ මෙම කුසලතාවයන් හැකියාවන් ඔබේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ආයෝජනය කරන්න.නව අදහස් වලින් නව නිපැයුම් කලාත්මක නිර්මාණ සිදු කරන්න.මන්ද ඔබ සෑම විටම පිරිස අතර කැපී පෙනෙන්නාක් සේම ඔබේ නිමවූම්ද පහසුවෙන්ම ප්‍රසිද්ධියට පත් වෙන නිසාය.

ඉතින් ඔබේ ශ්‍රේෂ්ඨම ගුණාංගය කුමක්ද කියා සොයා ගැනීමට ඔබට හැකි වුවාද?එසේ නම් ඔබේ ගුණාංගයන් ඔබේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සහ කරන්න.ඔබට මෙතෙක් කල් සොයා ගැනීමට නොහැකිව තිබු ඔබේ ගුණාංගයන් තව තවත් සොයා ගැනීමට ඔබවම හඳුනා ගැනීමට උත්සාහ කරන්න.මෙවැනි සරල පරීක්ෂණයන් තව තවත් සිදු කර විනෝද වෙන්න.සැහැල්ලුවෙන් ජීවිතය