අතීතය ගැන යමෙකු ඔබගෙන් ඇසුවොත් ඔබ ඔහුට පිළිතුරක් දේවි.ඔබගේ වර්තමානය අද දවස ගැන යමෙකු ඔබෙන් ඇසුවොත් එයටත් ඔබ ළඟ කුමක් හෝ පිළිතුරක් තිබේවි.නමුත් කව්රුහරි ඔබේ අනාගතය ගැන ඇසුවොත්????ඔබට පිළිතුරක් නිවැරදිවම දෙන්න පුළුවන්ද?ඔබේ අනාගතය ගැන ඔබ දන්නවාද?මෙයට නම් ඔබ ළඟ පිළිතුරක් සමහරවිටෙක නොතිබෙන්නට පුළුවන්.අපි හැමෝටම අපේ අනාගතය ගැන ආශාවන්,බලාපොරොත්තු,සිහින නම් බොහෝ තියෙනවා.නමුත් අනාගතයේ යම් දිනෙක එම සිහින බොඳ වී යා හැකියි.නැතහොත් සිතුවාටත් වඩා සාර්ථක විය හැකියි.නමුත් මතක තබාගන්න.

එය තීරණය වෙන්නේ ඔබේ කැපවීම උත්සාහය මත.නමුත් ජීවිතේ සමහර කාල තියෙනවා අපිට අවශ්‍ය මොනවද කියාවත් අපිට සිතාගැනීමට නොහැකි.එවැනි අවස්ථා වල අපි අපේ ජීවිතය ඇතුලෙම අතරමන් වෙනවා.මෙවැනි අවස්ථා වලට ඔබත් මුහුණ දී තිබෙන්නට පුළුවන්.මෙම සියලු පරීක්ෂණ ඔබව උත්තේජනය කිරීමට ඔබේ ජීවිතය ගැන ඔබට නව බලාපොරොත්තු ඇති කර ගැනීමට,ඔබගේම චරිත ලක්ෂණ ඇසුරින් ඔබව තේරුම් ගැනීමට ඔබට මාර්ගෝපදේශය පෙන්වන සරල පරීක්ෂණ වේ.මේවා මතම විශ්වාසයන් ඔබ නොතැබිය යුතුයි.මන්ද ගුරුවරයාට හැක්කේ ඔබට ඉගැන්වීමට පමණි.එය උගත යුත්තේ ඔබේ මාවත විවර කර ගත යුත්තේ ඔබයි.ඔබ වටා ඇති සියල්ලටම කල හැක්කේ ඔබේ සාර්ථකත්වය සඳහා ඔබට ශක්තියක් වීම පමණි.

ඉතින් ඔබේ අනාගතය සඳහා ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද කියා දැන ගැනීමට ඔබට අවශ්‍යද?එසේ නම් මෙම පරීක්ෂණය මගින් ඔබට එහි එක කොටසක් සොයාගත හැකිය.අනාගතය යනු අප සැවොම කුතුහලයට පත් කරන දෙයකි. ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න හරියටම පුරෝකථනය කිරීමට නොහැකි වුවද, ජීවිතය නිරන්තරයෙන් වෙනස් වන හෙයින්, අප අපේක්ෂා කළ හැකි දේ පිළිබඳව අවම වශයෙන් කුඩා අදහසක්වත් ලබා ගැනීමට අපි හැමෝම කැමතියි.ඔබට කාලයට ඉඩ දී බලා සිටීමට තරම් ඉවසිල්ලක් නොමැති නම් එනම් ඉක්මණින්ම ඔබේ නුදුරු අනාගතය ගැන යම් අදහසක් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම පරීක්ෂණය ඔබට ඒ සනදහා බොහෝ උපකාරී වෙනු ඇත.ඉතින් මෙම කාඩ්පත් 3න් කැමතිම කාඩ්පත තෝරා ගන්න.එම කාඩ්පත මගින් ඔබේ අනාගතය ගැන දැනගත යුතු දේ පවසන අතර ඉන් ඔබේ සමහර සැකයන් දුරු කරනු ඇත.

කාඩ්පත් අංක 1 ඔබ තෝරා ගත් කාඩ්පතින් පවසන්නේ ඔබ අපේක්ෂා කළ දේ දැන් සිදු නොවන බවයි.ඉදිරි දින වලදී ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවය හිමි වනුයේ,නව ප්‍රඥාවන්ත පාඩම් ඉගෙන ගැනීම සහ වඩාත් ඉවසිලිවන්ත පුද්ගලයෙකු වීමට යි.නමුත් එය සිතන තරම් පහසුවෙන් කළ හැකි කාර්යයක් නොවේ.මන්ද ඔබේ පැරණි ගතිසොබා වලින් මිදී මෙලෙස ඉවසිලිවන්ත ප්‍රඥාවන්ත අයෙකු බවට පත් වීම සිතන තරම් පහසු කාර්යයක් නොවේ.නමුත් අසීරුවෙන් වුවද ඔබ එසේ කළහොත් අවසානයේ සියල්ල යහපත් වේ.ඔබ තවමත් ඔබගේ අතීතයේ ජීවත් වේ.අතීතය අමතක නොකළ යුතුයි.නමුත් අතීතයෙන් පීඩා විඳිය යුතු නැත.අතීතයෙන් නව පාඩම් ඉගෙන වර්තමානයේ ඔබ ඉදිරියේ ඇති යහපත් දේ පිලිබඳ ඔබේ අවදානය යොමු කරන්න.සාකමිව උත්සාහවන්තව ඔබේ අරමුණ කරා ළඟා වෙන්න.

කාඩ්පත් අංක 2 නුදුරු අනාගතයේ දී ඔබේ ජීවිතයේ බලවත් හා විශේෂ මිත්‍රත්වයක් ඇති වන බව මෙම කාඩ්පත හෙළි කරයි.එය ඔබ බොහෝ කල් දන්නා අයෙකු හෝ නව මිතුරෙකු විය හැක.එය ඔබට නව දෘෂ්ටිකෝණයකින් ජීවිතය දෙස බැලීමට උපකාරී වෙනු ඇත.මේ සමඟ, ඔබට කොන්දේසි විරහිතව සහාය සහ ආදරය ලැබෙනු ඇති අතර වඩා හොඳ පුද්ගලයෙකු වීමට ඔබට අවශ්‍ය සියලුම දේ සපිරෙනු ඇත.මෙම පුද්ගලයට ස්තුති කරන්න.මන්ද ඔහු හෝ ඇය විසින් ඔබේ ජීවිතය වෙනස්ම මානයකට පරිවර්තනය කරනු ඇත.

කාඩ්පත් අංක 3 මෙම කාඩ්පත මගින් කියාපාන්නේ ඔබේ හදවතේ ප්‍රීතියයි.එනම් නුදුරු අනාගතයේ දී, ඔබට ජීවිතයේ අලුත්ම කතාවක් හෝ ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඔබ බලා සිටි සැබෑ ආදරය අත්විඳිය හැකිය.ඔබේ ප්‍රේම සම්බන්ධතාවලදී ඔබ කිසි විටෙකත් වෙනත් කෙනෙකුට සැබවින්ම ආදරය කර නැති බව ඔබට හැඟෙන්නට පුළුවනි.ඒ තරම් ඔබ ඔබේ මෙම ආදරයට ආදරය කරයි.එනිසා ජීවිතයේ නව බලාපොරොත්තු සමඟින් මෙම නව සබඳතාවය පිළිගන්න.එවිට ඔබට සතුටක් දැනේවි.