සදුදා -ඔයාගේ ඇස් හරිම ලස්සනයි. අන් අයව ආකර්ෂනය කර ගැනීමේ පුදුම හැකියාවක් ඔයාට තියෙනවා. කතාවත් ඒ වගේ. කතාවෙන් ඕන කෙනෙක්ව පටස් ගාලා අල්ල ගන්න පුළුවන්. විශේෂයෙන්ම දේෂපාලනය , සේල්ස් රෙප් වැනි රැකියා ඔයාට මනාව ගැලපෙනවා. ඒ වුනාට අනෙක් අයගෙ හිත රිද්දන්න අකමැතියි. අනෙක් අයගෙ හිතරිදෙයි කියලා සමහර දේවල් ඔයා කරන්නෙ නෑ. ඒ වගේම සමහර ඒවා කියන්නේ නෑ. ඒත් අන්න ඒ හොද දෙයින් සමහර අය ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සහ කරන්න පුළුවන්. ඔයා ඉතාමත්ම බුද්ධිමත්.

අගහරුවාදා -සාමාන්යෙන් අහහරුවාදා උපදින අය හරිම සැරයි. නිකන් කොච්චි කරලක් වගේ සැරයි. කෙටියෙන්ම කියනවානම් වලියට බරයිට. ඒක නිසාම හමුදාව, පොලිසිය, විධායක නිළදාරි වැනි රැකියා ඔයාට හොදට ගැලපෙනවා.

බදාදා -මේ අයනම් සාමාන්‍යයි. ඒ වගේම ඉතාම කරුණාවන්තයි. ලියන කියන වැඩ වලට දක්ෂයි. ඒ නිසා රැකියාව ඒ පැත්තෙන් යන එකක් වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි. ඒ වගේම ගුප්ත විද්‍යා පැත්තට බර වැඩියි. ඒත් ජෝන් තමයි ඩොන් වෙන්නෙ කියන කතාව අහලා තියෙනවද? අන්න ඒ අවගේ මේ අය නරක් වුනොත් එහෙම කරන්න තියෙන ජල්තර වැඩ ඕන දෙයක් කරන්න පුළුවන්.

බ්‍රහස්පතින්දා -මේ දවසෙ උපදින අය සාමාන්‍යයෙන් ගොඩක් ලස්සනයි. ඒ වගේම මේ අය ධාර්මිකයි. හතුරෙකුටවත් කරදරයක් වෙනවට කැමති නෑ. ඒ වුනාට සෙම් රෝග බහුලව හැදෙන්න පුළුවන්. ඒ වුනාට ඔයාගේ තියෙන හොද ගතිගුණ වලින් සමහර අය අයුතු ප්‍රයෝජන ගන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයා වැඩකරද්දි පරිස්සමෙන් වැඩ කරන්න. අනෙක් අයව විශ්වාස කරලා වැඩ කරන්න කොට විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ.

සිකුරාදා -මේ දවස් වල ඉපදුන අය ඉන්නේ පට්ට හැපි එකේ. ඒ වගේම මාර ලස්සනකුත් මේ අය ගාව තියෙනවා. හැම වෙලාවෙම ජොලියෙන් ඉන්න තමයි මේ අය බලන්නේ. සංගීතෙට බර වැඩියි. සිංදු ලස්සනට ගායනා කිරීමේ මාරම හැකියාවක් ඔයාට පිහිටලා තියෙනවා. ඒක නිසා සුපර් ස්ටාර් වගේ ගායන තරග වලට යන්න හිතන් ඉන්නවානම් දෙපාරක් හිතන්නෙ නැතිව යන්න. මේ දවසේ ඉපදුන ගොඩක් ගායකයෝ ඉන්නවා. ඒ වගේම මේ අයගේ කොණ්ඩය හරි ඉක්මනින් පටස් ගාලා වැවෙනවා. ඒක නිසා එක අතකින් ඒ අය හරිම වාසනාවන්තයි.

සෙනසුරාදා -ඔයා සෙනසුරාදා ඉපදුන කෙනෙක්නම් මොනවා නැතත් ඔයාට ලස්සනට රගපාන්න පුළුවන්. සෙනසුරාදා ඉපදුන ගොඩක් නළුවන් ඉන්නවා. ඒ වගේම ඔයා ගොඩක් කෙට්ටු වීමේ සම්භාවිතාව වැඩියි. කොන්ඩෙත් ඉතා වේගයෙන් වැවෙනවා. ඒ වගේම ඔයාගේ තියෙන දුර්වලතාවයක් තමයි සමහර වෙලාවට ඔයා වැඩ කරන්නේ ඕනෑවට එපාවට. ඒක නිසා සමහර වැඩ ඔයා නහුතෙටම අනාගන්නවා. එක නිසා මොකක් හරි වැඩක් කරදිදි පොඩ්ඩක් සැලකිල්ලෙන් ඒ වැඩ ටික කරන්න.

ඉරිදා -ගොඩක් වෙලාවට කෙලින් තීරණ ගන්නවා. කරනවා කිව්වොත් කරනවාම තමයි ඒ වගේම නෑ කිව්වොත් නෑම තමයි. ඒ වුනාට ගොඩක් කරුණාවන්තයි. ආයතනයක ප්‍රධානියෙක් වෙන්න ඉතාම සුදුසුයි.බලන්න ඔයා ඉපදුන දවස අනුව ඔයාට තියෙන අනාවැකිය හරිද කියලා. සමහර විට එක එක්කෙනාගේ ලග්නය හා දශාව අනුව ඉහත චරිත ලක්ෂණ තරමක් වෙනස් වෙන්න පුළුවන්.