සමහර අයට රහ සමහර අයට අප්පිරියා සමහර අයට සුවද සමහර අයට ගද පළතුරක් තියෙනවනම් ඒ තමයි දූරීයන්. අනෙක් පළතුරුවලට වඩා ගෙඩියෙන් වගේම මිලෙනුත් විශාල වෙන දූරියන් ගහක් ගෙදර තියෙනවා කියන්නේ සල්ලි ගහක් ගෙදර තියෙනවා වගේ. ඒ වගේම ගස් කිහිපයක් තියෙන සමහර ගෙවල් වල උදවිය මෙම ගස් මුරකරුවන් පවා දමා ආරක්ෂා කරන්නේ මෙහි ඇති වටිනාකම නිසාමයි. මොනවා වුනත් අද කතා කරන්න යන්නේ කවුරුත් දන්න දූරියන් ගෙන කවුරුත් නොදන්න කතා කීපයක්.

ජූනී , ජූලී, අගෝස්තූ මාස වල තමයි දූරියන් ගොඩක්ම දකින්නට තියෙන්නේ. අනෙක් කාල වල සාමාන්‍යයෙන් දූරියන් හැදෙනවා අඩුයි. කටු සහිත ලෙල්ලකින් මෙය ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම අඩියක පමණ විශාලත්වයකින් යුතු මෙය කිලෝග්‍රෑම් 30 ක් පමණ බර වෙනවා. ඉදුණු දූරියන් ග්‍රෑම් සීයක කිලෝ කැලරි 150 ක පමණ ශක්තියක් අඩංගු වෙනවා.

මෙම දූරීයන් පළතුර ගොඩක්ම පිහිටලා තියෙන්නේ ආසියා මහද්වීපය තුල. දැනට ලෝකයේ දූරියන් අපනයනය කරන ප්‍රධාන රට වෙන්නේ තායිලන්තය. දූරියන් ගෙඩියක් ගහෙන් වැටෙන තෙක් සිට ආහාරයට ගැනීමෙන් මනා පෝෂණයක් ලබාගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් වලින් තොර ආහාරයක් වන මෙම පළතුර ශරීර සෞඛ්‍යයට ඖෂධයක් ලෙස පැවසුවහොත් එම කතාවේ කිසිම වරදක් නෑ. ඉතාමත්ම ශක්තිජනක ආහාරයක් වන දූරියන් වල වැඩිපුරම ඇත්තේ කාබෝහයිඩ්‍රේට් කියන පෝෂක පදාර්ථය. ඒ වගේම අධික ප්‍රෝටීන සංචිතයකුත් දූරියන් වල තියෙනවා. ඒ වගේම් දූරියන් ජීරණයට පහසු වෙන ආකාරයට සැකසී තියෙනවා.

ඒ වගේම දූරියන් වල විටමින් B පිහිටලා තියෙනවා. විටම්න් B කියන්නේ සිරුරේ අස්ථි වල හා දත් වල ශක්තිය වැඩිකරන පෝෂකයක්. ඒක නිසා ඔස්ටියෝපොරෝටිස් වැනි රෝගවලින් ආරක්ෂා වීමට දූරියන් ආහාරයට ගැනීමෙන් ඔබට පුළුවන්. ඒ වගේම දූරියන් කෑවම සම පැහැපත් වෙනවා. ඒ වගේම නිරෝගිමත් කෙස් කලඹක් හිමි වෙනවා. ඒ වගේම ඔසප් වේදනාවන් සමනය කිරීමේ හැකියාවකුත් මේවා සතුව පවතිනවා.

ඒ වගේම දූරියන් වල තියෙන ෆෝලික් ඇසිඩ් නිසා රතු රුධිරාණු වේගයෙන් වර්ධනය කරනවා. ඒක නිසා රක්තහීනතාවයට දූරියන් කියන එක ගොඩක් හොදයි. ඒ වගේම මහත අයා දූරියන් කෑවම කෙට්ටු වෙනවා කියලා කතාවකුත් තියෙනවා. ඒ දූරියන් වල තියෙන තන්තුමය ස්වභාවය නිසා වෙන්න ඇති. මලබද්ධය පවා මෙය මගින් සමනයට පත් වෙනවා. හෘද්‍යාබාද හා අධිරුධිර පීඩනය පවා මෙමගින් අඩු කරන බව කියැවෙනවා. ඒ වගේම පිළිකා ආදී රෝග තත්ත්වයන්ටත් දූරියන් ආහාරයට ගන්න එක හොදයි කියලා කියනවා. ඒ වගේම මානසික ආතතිය හා නින්ද නොයෑම වැනි තත්ත්වයන් ඇති අයට දූරියන් කියන්නේ ඉතාම හොද පළතුරක්. ඒ වගේම දූරියන් ආහාරයට ගැනීම මගින් පිරිමි පුද්ගලයන්ගේ ශුක්‍රාණූ ඉතා හොදින් වර්ධනය වන බවද කියැවෙනවා.

කොච්චර පෝෂක පදාර්ථ වලින් යුත් ආහාරයක් වුනත් සෙම් රෝග තියෙන අයටනම් මේ ආහාරය හොදම නෑ. සමහර අය කොච්චර ආස ආහාරයක් වුනත් සමහර අයට ඒක ගද නිසා මේවා සමහර හෝටල් වලින් ඇතුලට ගැනීම පවා තහනම් කරලා තියෙන්නෙ. විශේෂයෙන්ම සිංගප්පූරූව වගේ රටවල දූරියන් බස් වල තියා ටැක්ෂි වල ගෙනියන්නත් තහනම්.